IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජනපතිගේ ක‍්‍රියාවට විරුද්ධ පුද්ගලයන් මර්දනය කිරීමේ වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක වෙනවා

(නිමල කොඩිතුවක්කු)

ඔක්තෝම්බර්  26 වැනිදා  සිදුවූ ක‍්‍රියාවලියට විරුද්ධව කටයුතු කරන  පුද්ගලයන් මර්දනය කිරීමේ ප‍්‍රයත්නයක් ක‍්‍රියාත්මක වන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා කොළඹදී අද (12) පැවසීය.

ජනාධිපතිවරයාගේ අනීතික ක‍්‍රියාවලියට විරුද්ධව නගන හඬ මර්ධනයෙන්  පාලනය කිරීමට කටයුතු කරන්නේ නම් එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්පූර්ණයෙන්ම නැති කිරීමට දරන කුමන්ත‍්‍රණයක් යැයිද විජේසූරිය මහතා සඳහන් කළේය.

රාජගිරිය පිහිටි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කාර්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය සරත් විජේසූරිය මහතා මෙසේද කීවේය.

         ‘‘ ජනාධිපතිවරයා ඔක්තෝම්බර් 26 වැනිදා  කරපු ව්‍යවස්ථා විරෝධී කි‍්‍රයාවලිය නිසා මේ රට තුළ කැළඹීමක් ඇතිවුණා. ඔහු ඒ සිදුකරපු වරද නැවැරදි  කරගැනීමට කටයුතු කළේ නැහැ. ඒ වරද සාධාරනය කිරීමට  තවත් විවිධ වැරදි කරන්න පටන් ගත්තා.

මේ නිසා  ඒ පිලිබඳ සමාජයේ විවිධ ක‍්‍රියාධරයන් තමන්ගේ අදහස්  දැක්වීමට පටන් ගත්තා. ඒක ප‍්‍රජාතන්ත‍්‍රවාදි  රාමුව තුළ පුරවැසියන්ට තියෙන අයිතියක් වෙනවා.

රාජපක්ෂ පාලන සමය තුළත් මිනිස්සුන්ට අදහස් ප‍්‍රකාශ කිරිමේ අයිතිය නැති කරලා තිබුණා.  එහෙම පසුබිමක සිවිල් ක‍්‍රියාධරයන්, වෘත්තිය සමිති නායකයෝ ඒ පාලන තන්ත‍්‍රය විවේචනය කරමින් ජනතාව දැනුවත් කළා.

කාලයක් තිස්සේ සමාජය තුළ ගොඩනැගුනු බලවේගයේ ප‍්‍රතිඵලයක් ලෙස තමයි මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස  කරලියට ඇවිත් ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කළේ. ඔහු ඔක්තෝම්බර් 26  වැනිදා තමන්ට ලැබුණු ජනවරම පාවා දීම නිසා හැටදෙලක්ෂයක  ජනතාව හා සම්බන්ධතා පවත්වපු සියලු පුද්ගලයන් අසීරුතාවයකට ලක්වෙනවා.

ජනාධිපතිවරයා සිදුකරපු ව්‍යවස්ථා විරෝධි ක‍්‍රියාවලිය පිළිබඳ හඬක් නගන්න ඒ අයට  සදාචාරාත්මක වගකීමක් පැවරෙනවා. රට අස්ථාවර කිරීම සම්බන්ධව ව්‍යවස්ථාව උල්ලංඝණය  කිරීම පිලිබඳ විවිධ ක‍්‍රියාමාර්ග ඒ අය ගනිමින් සිටිනවා.

මේ සමාජ ක‍්‍රියාධරයන්ගේ අදහස් සමාජ  ගතවීම ජනාධිපතිවරයාගේ  පාර්ශ්වයෙන් වාරණයකට ලක්කළා. ඒ අය ඒක කළේ මාධ්‍ය සංස්කෘතිය යම් ආකාරයකට අවභාවිතයකට ලක්කරමිනුයි.

අපි පැහැදිළි වශයෙන්ම ප‍්‍රකාශ කළේ මේ කුමන්ත‍්‍රණයට වගකිව යුත්තේ ජනාධිපතිවරයා බවයි. විවිධ පුද්ගලයන් අදහස් පල කිරීමේදී  විවිධ ආකාරයට තමන්ගේ විරෝධතාවයන් පළ කළා. ඒක පුරවැසියන්ගේ අයිතියක්.

සමන් රත්නප‍්‍රිය මහතා  දීර්ඝ කාලයක් තිස්සේ  වෘත්තිය සමිති වලට නායකත්වය දුන් පුද්ගලයෙක් හැටියට ඔහු පැහැදිලිව  සෘජුව විරෝධතා දක්වනවා. මේ විරෝධතා  දැක්වීමේදී ඔනෑම පුද්ගලයෙක් කරුණු පැහැදිලි කිරීම  සඳහා විවිධ උපහරන දක්වනවා. ඒ දේවල් වලින්  සමහර අයට රිදෙනවා. සමහර අය ඒ දේවල් වලින් කෝපයට පත්වෙනවා.  ඒකේ අවසානය තමයි පලිගැනීමට  තීරණය කිරීම.

ඔක්තෝම්බර්  26 වැනිදා  සිද්ධ වුණ කුමන්ත‍්‍රණයේ අද වනවිට අපිට පේන්නේ  පලිගැනීම කියන එක කරලියට එමින් තිබෙන බවයි. ඒ ක‍්‍රියාවලියට විරුද්ධ අදහස්  දක්වපු පුද්ගලයන් මර්දනය  කරන්න නිහඬ කරන්න ඉතාම දීන ප‍්‍රයත්නයක් දරනවා.

අනීතික දෙයක් කරලා ඉන් රට තුළ  විවිධ ව්‍යාකූලතාවයන් ඇති කරලා ඒවා නිරාකරනය  කිරීමට උත්සාහයක් නොදරන තැන විවෘතව අදහස් දක්වන පුද්ගලයන් මර්ධනය කිරීමට පටන් ගන්න එපා කියලා අපි කියනවා.

මර්ධනය  කියන එකට විරුද්ධව තමයි මේ රටේ නීති ගරුක පුරවැසියෝ  ජනවාරි 08 වැනිදා  ඒ පාලන ක‍්‍රමය වෙනස් කළේ. නැවතත් ඒ පාලන ක‍්‍රමය කැඳවනවා කියන්නේ මේ රටේ ප‍්‍රචන්ඩත්වය ඇති කරමින් මූලික මිනිස් අයිතිවාසිකම් අහිමි කිරීමක් වෙනවා. මෛත‍්‍රීපාල සිරිසේන  මහතාට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැහැ මොන ආකාරයකින් අදහස්  දක්වන පුද්ගලයෙකුට වුවත් මර්ධනකාරි පිලිවතක් ක‍්‍රියා කරන්න.

ඒ අදහස්  වලට එකඟ වෙන්නට බැරිනම් ඔහු ඒවට ප‍්‍රතිචාර දක්වන්න  ඕන. ඔහු කිසිදු  අවස්ථාවක ජනවාරි 08 වැනිදා ඔහුව බලයට පත්කිරීමට කැපවූ  වෘත්තීය සමිති නායකයන්, සිවිල් ක‍්‍රියාධරයන් එක දවසක්වත් කැඳවලා තමන් කරපු කටයුත්ත ගැන කතා කළේ නැහැ.

ජනාධිපතිවරයා  කියන දේ  පිලිගෙන නිහඬව මුනිවත රැකගෙන  ඉන්නද ඔහු කියන්නේ කියලා අපි අහනවා. ඒක ප‍්‍රජාතන්ත‍්‍රවාදයට  සම්පූර්ණයෙන්ම පටහැනියි.

ඒ නිසා ජනාධිපතිවරයාගේ අනීතික  ක‍්‍රියාවලියට විරුද්ධව අපි අපේ අදහස්  පල කිරීම දිගටම කරගෙන යනවා. ඒවා මර්ධනයෙන්  පාලනය කිරීමට පුලූවන් කියලා හිතනවනම් අපි ඒක  දකින්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්පූර්ණයෙන්ම නැති කිරීමට දරන කුමන්ත‍්‍රණයක් ලෙසයි’’ යැයිද ඔහු එහිදී පැවැසීය.

පුරවැසි බලයේ සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ, නීතීඥ කේ. ඩබ් ජනරංජන, ප‍්‍රවීණ කලාවේදී ලූෂන් බුලත්සිංහල යන මහත්වරුන් ඇතුලූ පිරිසක් මේ සඳහා එක්වූහ.

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

 



අදහස් (14)

ජනපතිගේ ක‍්‍රියාවට විරුද්ධ පුද්ගලයන් මර්දනය කිරීමේ වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක වෙනවා

dias Wednesday, 12 December 2018 11:48 AM

අපේ සිරිසේන මල්ලියා... වන්දනාවේ ගිහිල්ලා...

:       49       125

indra Wednesday, 12 December 2018 11:58 AM

අප සිතා සිටියේ ඔබතුමා පෙනී සිටින්නේ සත්‍ය වෙනුවෙන් කියා, ඔබතුමාගේ වචන මාලාවන් ජනතාව තුළ දන්වන්නේ ඉතාමත් පැහැදීමක්.., නමුත් මෑතක සිට අසන්නට ලැබෙන පුවත්වලින් දැනගන්නට ලැබෙන්නේ ඔබතුමත් රජයේ ත්‍යාග ලාභියෙක් බව... ඔබතුමන්ලා එසේ නම් අනිත් අය ගැන කවර කතාද? ජනතාව අසරණයි..

:       549       1018

ගල්කටස් Wednesday, 12 December 2018 12:16 PM

අනේ යන්න මහත්මයා යන්න ඔයා කෑගහන ඔය ප්‍රජාතන්ත්‍රවාදයක් හින්දා නෙමෙ⁣යි රාජපක්ෂ මහත්මයා පැරදුනේ එයාගේ අාණ්ඩුවේ හිටපු අය කරපු වැරදි වැඩ නිසා දූෂණය අල්ලස වගේ දෙවල්... ඔයාල දෙන්නා කෑගහන්නේ ඩොලර් නිසා.. ඔයාලමනේ කෑගහගෙන මෛත්‍රී හොඳායි කියලා කිව්වේ.. දැන් බොරුවට කෑගහනවා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන ගැන කථා කරන්න ඉස්සෙල්ලා එ් වචනෙ තේරුම් කරලා දෙන්න අපිට. ඕක අපිට තේරෙන්නේ නැහැ. අපිට නිදහසේ ඉන්න මැතිවරණ නියමවෙලාවට පවත්වන ජනතාව ගැන හිතන රජයන් තිබුනාම අැති. ඩොලර් කුක්කන්ට සල්ලි ලැබෙන්නෙ කෑගහන තරමට වෙනටෑ මගෙ හිතේ...

:       731       1479

රණ්බණ්ඩා Wednesday, 12 December 2018 01:17 PM

මෙතුමා ගැන එක උදාහරණයක් දෙන්නම් .. කුලියාපිටියේ ඉතා දුෂ්කර පාසල් සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කළා ඔවුන්ගේ මානසික වර්ධනය උදෙසා .. මෙතුමාට ආරාධනය කලා ප්‍රධාන දේශනය සඳහා .. රු 35000 ඒ වෙනුවෙන් ඉල්ලුවා .. පැහැදිලි කරලා කිව්වා ඉතා දුප්පත් පාසල් වෙනුවෙන් මෙය ක්‍රියාත්මක කරන බව.. ඒත් අදාල මුදල් නැතුව පැමිණිය නොහැකි බව කිව්වා. මේ කතාකරන්නේත් මුදල් වෙනුවෙන්..

:       5       610

mangala Wednesday, 12 December 2018 02:02 PM

සරත් මහත්මයා කොහෙද හිටියේ? ඔබතුමා නැතිකාලේ මාර වැඩ වුණා. රවී මහබැංකුවට ගැහුවා. මහින්ද අාවා කිව්වම බය වුණාද? දැන්ද නැගිට්ටේ...?

:       192       596

a.b, sril Wednesday, 12 December 2018 02:04 PM

පුරවැසි බලයේ හා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මහත්වරු ඉස්සෙල්ලම ජනතාවගේ බදු මුදලින් තම සාමාජිකයින්ට ලැබුණු වරදාන ගැන උත්තරයක් දෙන්න පුළුවන් නම් හොඳයි. කෑගහන ඔය ප්‍රජාතන්ත්‍රවාදය තමුන්නාසේලා ලඟ තියනවද? මේ ව්‍යාපාරවල අරමුණු සුපිරිසිදුද කියලා අවබෝධ කරගන්න අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට එතකොට නම් පුළුවන්.. නැත්නම් තමුන්නාන්සේලාත් මාසේ පඩියට කෑගහන සෙට් එකක් කියලා තමයි අපි හිතන්නේ.

:       14       1009

Don Wednesday, 12 December 2018 02:05 PM

දැන් එයා ඒකාබද්ධ ගොහොරුවේ එරිලා ගොඩට ඒ ගන්න බැරිවයි ඉන්නේ...

:       476       92

මුනසිංහ Wednesday, 12 December 2018 02:38 PM

ඔය ටික කියනවට ඇමරිකන් ඩොලර් කීයක් ලැබුණාද?

:       16       553

lakmal Wednesday, 12 December 2018 04:29 PM

මෙතුමා, අසීමිත ලෙස රනිල් ඇතුළු කණ්ඩායමට කඩේ යනවා.. තමන්ගේ වෘත්තියට අගෞරව කරනවා.

:       0       0

p.d goonawardena Thursday, 13 December 2018 03:32 AM

තමුන්ලා තමා මේ සියල්ලටම වග කිව යුතු වන්නේ...

:       1       35

අශෙන්ඩ්‍ර Thursday, 13 December 2018 03:40 AM

ඔබ කියන කතාවත් සමග 110% එකග වෙමි.

:       0       2

Bandula. Thursday, 13 December 2018 04:25 AM

අනේ මෙච්චර දවස් කොහෙද හිටියේ? දැන්ද ඇහැරුනේ.?

:       1       36

mahesh Thursday, 13 December 2018 06:30 AM

හදවත කතනොකරයි, නමුත් සල්ලි කතාකරයි. ඇත්ත එකයි.

:       2       20

Bamunuarachchi Thursday, 13 December 2018 09:29 AM

ඔය 6 දෙනාටම ගෙවන්නේ ලොතරැයි මණ්ඩලයෙන්මද? පරිස්සම්වෙන්න එන පාට හොඳ නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 331 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 211 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 878 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 56 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2201 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 408 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 227 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site