IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජනපති සිය ධුරයේ වැඩ අරඹයි

ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා  මහා සංඝරත්නයේ ආශිර්වාද මැද  ජනාධිපති ලේකම් කාර්යාලයේදී  අද ( 19)  සිය ධුරයේ  වැඩ කටයුතු   ආරම්භ කළේය.
 
ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා  අනුරාධපුර රුවන්වැලි මහා සෑ රඳුන් අභියසදී ඊයේ ( 18) දිවුරුම් දුන්නේය.
 
හිටපු ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේහි සභාපති මහාචාර්ය ජී එල් පීරීස් යන මහත්වරුන්ද , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහින්ද අමරවීර, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, ඇතුළු  විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

(ඡායාරූප ජනාධිපති මාධ්‍ය අංශය ) 

 

 

 



අදහස් (43)

ජනපති සිය ධුරයේ වැඩ අරඹයි

Denesh Tuesday, 19 November 2019 05:36 AM

ඔබතුමාට තුණුරුවන්ගේ ආශීර්වාදය .... අපේ රටවැසියන් හරිම අසරණයි. මේ රටේ එකම නිතිය ස්ථාපිත කරන එක රටේ පළවෙනි පුරවැසියාගේ ඉඳලා අන්තිම පහළ ඉන්න කෙනාත් සමාන වෙන්න ඕනේ. මේ මත් උවදුරෙන් රට ගලවාගන්න. අපේ මිනිස්සු, අනාගත පරම්පරාව විනාශ වෙලා. හැමතැනම බාර්. මේවා සීමා කරන්න මුළු රටම එක නීතියක් යටතේ විනයගරුක කරන්න. පස්පව් වලින් වැළකී සිටින සමාජයක් බිහි කරන්න. ඔබතුමාට ධෛර්යය ශක්තිය ලැබෙන්න ඕනේ. මේ රට නැවත ධර්මදීපයක් කරන්න හැකිනම්.....

:       283       1515

NadiraTuesday, 19 November 2019 06:02 AM

වැඩ පටන් ගත්තේ දූෂිතම රාජ්‍ය නිලධාරින් පත්කරමින්.....

:       1165       2282

sanjeewaTuesday, 19 November 2019 06:27 AM

ඔහු නිකන් බැනුම් ඇහුවේ 2000 දී රනිල් ආණ්ඩුවෙන් කරපු රක්ෂණ සන්තව හා කොළඹ වරායේ ඉඩමක් විකිණීම පිළිබඳව. ඒවා තීරණය කළේ එකල ආණ්ඩුවෙන් නිසා ඒවා ක්‍රියාත්මක නිලධාරියෙක් වශයෙන් ඔහු ඊට වගකිව යුතු නැහැ. එකල අගවිනිසුරු සරත් නන්ද සිල්වාට වැටුප් වැඩිවීමක් අනුමත නොකළ නිසා එතන පළිගැනීමක් තිබුන කියලා වාර්තා වුණා.

:       493       167

ranjanTuesday, 19 November 2019 06:36 AM

සරත් නන්ද සිල්වා , දයාන් ජයතිලක කියන්නේ එච්චර ලං කරගන්න හොඳ දෙන්නෙක් නොවෙයි

:       3       310

wasikaTuesday, 19 November 2019 06:49 AM

එම උසාවි තීන්දුව පසු කාලෙක අභියාචනාවකින් වෙනස් වුනා.

:       121       150

ranjaneeTuesday, 19 November 2019 07:45 AM

මේ වෙලාවේ පාර්ලිමේන්තුව විසුරවනවද නැද්ද කියන තීරණය ගන්න අගමැති යටතේ ඇති ආණ්ඩුවට දවස් 3 ගිහිනුත් බැරිවෙලා. මොවුන් රටක් පාලනය කරන්නේ කෙසේද ? වෙනස ඉතා පැහැදිලියි.

:       153       384

KaluTuesday, 19 November 2019 08:24 AM

තවමත් කුහකකම අඩුවෙලා නැහැ නේද? වැඩ බාරගනීමට පවුලේ සාමාජිකයන් නැහැ. ගාලුමුවදොර පාර වහලා ජනතාව අපහසුවට පත් කළේ නෑ. රජයේ ආයතන තුල තමාගේ පින්තුර නෑ. අපේ මවුබිමට ජයවේවා !

:       326       662

ලියනගේ Tuesday, 19 November 2019 12:00 PM

මෙතුමා ජනාධිපති වුවත් තිබෙන නඩුවලට පෙනී සිටීමට උසාවි යාමට සිදුවේ. අධිකරණයේ ස්වාධීනත්වය එලෙසම තිබේද කියා ශ්‍රී ලාංකිකයන් බලා සිටි බලයට, තනතුරුවලට, බයට නිතිය නැවේවිද කියා අපි බලා සිටිමු.

:       481       482

RaveendraTuesday, 19 November 2019 07:13 AM

ස ඇත්තෙන්ම ඔබගේ අදහස් සමග අපද එකග වන්නෙමු. ලක් අම්මාගේ නව නායකයා නොහොත් නව මුල් පුරවැසියාට අප හදවතින්ම සුභ පතන්නෙමු. ඔබත් අහිංසක පුරවැසියන්ගේ බදුමුදල් වලින් සියලු පහසුකම් සහිතව වැටුප් ලබන්නෙක් බැවින් ඒ අහිංසක මිනිසුන්ගේ බලාපොරොත්තු එලෙසම ඉෂ්ඨ කිරීම ඔබගේ වගකීම බවත්,අපගේ මාතෘ භූමියේ ආරක්ෂාව, සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව දියුණුව වෙනුවෙන් අවංකව සේවය කිරීමට මොහුට ලැබේවා යන්නත් අපගේ එකම ප්‍රාර්ථනයයි. රටේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු තීරණ ගැනීමේදී මිට පෙර සිටි පතෝල ,වැටකොළු මුදලාලිලා සේ වැනි වැනි නොසිට , "මට හිවලුන්ගේ ඡන්ද නැති වේද යන අනිත බිය නොමැතිව" ගැනීමට හැකිවේවා !! අප සැමවිටම හොද දෙය අගය කිරීමට නිහතමානි වෙන්නෙමු. එය කලේ කවුද යන්න අපට නම් අදාලම නැත. එලෙසව වැරදි දෙයක් නම් එය කළ කෙනාද අපට අදාළම නැත අප එයට විරුද්ධ වන්නෝය.අප එය කිසිදු බියක් ද නොමැති බව අපගේ නවතම මුල්පුරවසියාට අවංකවම සදහන් කරන්නෙමු. රටේ හැම අංශයක්ම කඩා වැටි ඇති බැවින් ඒවා නිසිමගට ගෙන ඒමට ඔබට හැකි වේවා !! තීන්දුවක් නැවත වෙනස් කළ නොහැකි බව බයියන්ට මතක් කරනු කැමැත්තෙමි. අභියාචනාවක් ඉදිරිපත් කළ නොහැකිය.

:       76       82

RaveendraTuesday, 19 November 2019 07:48 AM

තීන්දුවක් නැවත වෙනස් කළ නොහැකි බව බයියන්ට මතක් කරනු කැමැත්තෙමි. අභියාචනාවක් ඉදිරිපත් කළ නොහැකිය.

:       52       55

ranjaneeTuesday, 19 November 2019 08:11 AM

ඔයාගේ දැනුම ගැන දුකයි . පරණ පුවත් වාර්තා ටිකක් පරිශීලනය කරන්න. ශ්‍රේස්ටදිකරණයේ තීන්දුවක් ඊට වඩා වැඩි විනිසුරු පිරිසකගේ තීන්දුවකින් වෙනස් කල හැක. (කලින් විනිසුරුවන් 3යි පස්සේ 5යි )

:       2       67

karolisTuesday, 19 November 2019 09:06 AM

මට නම් තාම හිතා ගන්න බෑ වටේට ඉන්න අය එක්ක ජනාධිපතිතුමා කොහොම මේක කරයිද කියලා...............

:       15       418

max Tuesday, 19 November 2019 05:51 AM

සාමාන්‍ය පුද්ගලයෙක් වශයෙන් මමත් එතනින් මගේ වාහනයෙන් ගමන් කළා. පාර වසා තිබීමක් හෝ මාර්ග බාධක දමා තිබීමක් තිබුනේ නැ. ජනාධිපතිවරයා තමන්ගේ වැඩේ කරනවා, රට සාමාන්‍ය විදිහට යනවා. නියමයි නව ජනාධිපති තුමනි. ඔහොම යමු. කොයි දේටත් විරුද්ධ වන කුහක විරුද්ධවාදීන් මොනවා කිවත්, ඔබතුම මේ රට නිසි මගට ගන්න. චිරන් ජයතු.

:       448       784

ranjiTuesday, 19 November 2019 07:55 AM

වැඩ බාරගන්න බිරිද එක්කගෙන ආවේ නැහැ . ලොකු වෙනසක්

:       2       268

lakshitha Tuesday, 19 November 2019 05:52 AM

අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාට අපගේ උණුසුම් සුභ පැතුම්! විශේෂයෙන්ම පහත දැක්වෙන ශිර්ෂ යටතේ ඔබතුමාගෙන් මේ රටටත් මුළු මහත් ජනතාවටත් සෙතක් වේ යයි විශ්වාශ කරන බැවිනි. 1 නීතයේ ආධිපත්‍ය රට තුල නැවත ස්ථාපිත කිරීම 2 රටට සහ ජනතාවට පිඩාවක් ගෙන දුන් හිංසාකාරී ප්‍රජාතන්ත්‍රවාදය අතුගාදමා රට නිවැරදි දිශානතියකට ගෙන යාහැකි එඩිතර දුරදර්ශි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම. 3 ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් සිදුකෙරෙන ජනපිඩක වෛද්‍ය, ශිෂ්‍ය , ප්‍රවාහන, මාධ්‍ය, රාජ්‍ය සේවක, ගුරු සංගම් මෙකි නොකී වර්ජන වලට නොබියව නොසැලී තිත තැබීම. මේ සඳහා මෙරට ජනතාවගේ ආශීර්වාදය නොඅඩුවම ඔබතුමාට ලැබෙනු ඇත. 4 ව්‍යවස්ථාවෙන් සහතික කළ සියලු වරප්‍රසාද සියලුම පුරවැසියනට ලබාදීම 5 බෞද්ධ ආගමට මුල්තැන. 6 රටේ සංවර්ධන කටයුතු වේගවත් කිරීම 7 උද්ධමනය අඩුකොට ඒක පුද්ගල ආදායම වර්ධනය කිරීම. 8 දුෂණය දුරුකොට රටතුල සංහිඳියාව ඇති කිරීම. මේ පණිවුඩය සජිත් ප්‍රේමදාස අප පක්ෂය ගැන නොතකා ඔහු ගැන පමණක් කියමින් රග දැක්වූ ඒක පුද්ගල පාලනයකට තිත තැබීමට තීරණය කළ පිරිසිදු එජාප පාක්ෂිකයන්ගෙනි.

:       410       830

Rasika PradeepTuesday, 19 November 2019 06:25 AM

රටක් විදියට විය යුත්ත සිදුවෙමින් පවතින බව ඔබගේ අදහසත් සමගම අපට වැටහෙනවා. ඔබ වැනි පුරවැසියන් වැඩි වැඩියෙන් මගේ රටට බිහිවෙවායි පතනවා. මේක අපිට එකට රටක් විදියට ගොඩ යන්න ලැබුන හොදම අවස්ථාව. රටට හිතකර දේශපාලන වාතාවරණයක් ඇතිවෙමින් තියෙන මොහොතේ අප සංවාද කලයුත්තේ පුරවැසියන් විදියට අපේ දායකත්වය කුමක්ද යන්න පිලිබදවයි. පට පක්ෂ ආගම ජාති කුල බේදයකින් තොරව සැවොම මගේ රට වෙනුවෙන් කැපවෙමු.

:       432       664

chamath Tuesday, 19 November 2019 05:54 AM

ජයවේවා ජනපති තුමනි !

:       154       235

mewan Tuesday, 19 November 2019 06:18 AM

තෙරුවන් සරණින් මගේ රට ආරක්ෂා වේවා! රට සෞභාග්‍ය වේවා!! ඒ සඳහා ඔබතුමාට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබී චිරාත් කාලයක් වැජඹේවා!!!

:       82       171

bule Tuesday, 19 November 2019 06:22 AM

සුභ පැතුම්.! විභාගයකින් පසු සුදුසුකම් ඇති... විභාගය සමත් වන අය පමණක් පාර්ලිමේන්තුවට යා හැකි නීති කඩිනමින් ගේන්න. සමස්ත ජනතාවගේ එකම පැතුම මෙයයි.

:       8       203

H.M.Anurasiri Herath Tuesday, 19 November 2019 06:25 AM

හැරවුමක ඇරඹුම. ජයවේවා ජනාධිපති තුමනි යෝධබල වෙර විරිය ලබාගෙන මවු බිමට මගේ වාසනා...

:       4       61

Bandara Tuesday, 19 November 2019 06:31 AM

තෙරුවන් සරණයි !

:       1       35

Shehan Tuesday, 19 November 2019 06:38 AM

සියලු බාධක මැඩගෙන එඩිතරව රට ඉස්සරහට ගෙනියන්න අවස්තාවාදීන්ට හොදින් උත්‍තර දී සියලුම රටවැසියන්ට සෞභාග්‍ය ලගා කිරීමට ශක්තිය වාසනාව ලැබේවා. තුනුරුවන්ගේ ආශීර්වාදය, සියලු දෙවි දේවතාවුන්ගේ ආශිර්වාදය ලැබේවා!

:       62       74

Daham Tuesday, 19 November 2019 06:42 AM

ලොකුම හොරෙක් හිටපු සහ අලුත් ජනාධිපති ළඟටම වෙලා ඉන්නේ..............

:       89       615

arunaTuesday, 19 November 2019 07:56 AM

යමක් මධ්‍යස්ථව බලන්න පුරුදු වෙන්න.

:       15       35

GuneTuesday, 19 November 2019 08:34 AM

අරුණ ඔබ හරියටම හරි, දහම් හරියටම මධ්‍යස්තයේ (මැද්දේ) ඉන්න එක්කෙනා ගැන තමයි කියල තියෙන්නේ.

:       2       51

padmini Wednesday, 20 November 2019 12:48 PM

පිරිස දැක්කම වමනේටත් ආවා. සමා අවසර

:       1       1

RUWAN Tuesday, 19 November 2019 06:53 AM

ලොකුම හොර සෙට් එක පිටිපස්සේ ඉන්නවා පේනකොට අප්පිරියයි.

:       216       1101

wisramikaya Tuesday, 19 November 2019 07:00 AM

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අපගේ ගෞරවණිය ශුභාශිංසනය මෙයින් පුදකරමු. ජනාධිපතිතුමනි ඔබතුමා අද දින රාජකාරි කටයුතු ආරම්භ කිරීම අපි දුටුවෙමු. මේ වනවිට රාජ්‍ය සේවය අන්තයටම පිරිහී ඇත. රජයේ දෙපාර්තමෙන්තුවකින් සාමාන්‍ය වැසියෙකුට සේවයක් ලබාගැනීම ඉතාම දුෂ්කර කාර්යක් බවට පත්වී ඇති බව ඔබතුමා නොදන්නවා විය නොහැකිය. මේ අතරින් රජයේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ප්‍රධාන තැනක් ගනී. එහි රාජකාරි කරන්නවුන් කටයුතු කරන්නේ ඔවුන් කවදාවත් විශ්‍රාම නොයන්නවුන් ලෙසයි. සතියේ දිනක ඔබතුමා හදිසියේ එහි ගියහොත් විශ්‍රාමිකයින් කොපමණක් තම අවස්ථාව එන තෙක් එහි රැදී සිටිනවාදැයි දැක ගතහැකිය. විශ්‍රාම ගොස් විදේශ ගතව ආපසු පැමිණි විශ්‍රාමිකයින්ට කරන කෙණෙහිලි අපමණයි. අවුරුදු ගණන් ඔවුන්ගේ විශ්‍රාම වැටුප නොගෙවා සිට, නොයෙකුත් හේතු දක්වමින් විශ්‍රාම වැටුප පමා කරන අතර නැවත නැවතත් නොයෙකුත් අනවශ්‍ය ලියකියවිලි ඉල්ලමින් එය නොගෙවීමට මගක් පාද ගැනීමට කටයුතු කරයි. රාජ්‍ය සේවයෙන් නියමිත කාර්ය ලබා ගැනීමට නම් වහාම ජංගම දුරකථන රාජකාරි ස්ථානයට රැගෙන යාම , ඇමෙරිකාවේ මෙන් තහනම් කළ යුතුයි. ඔබතුමන්ගේ කාරුණික අවධානය මේ ගැන යොමු වේවා !

:       1       465

රජින්ද Tuesday, 19 November 2019 07:02 AM

ඇතැම් අය පී.බි. ජයසුන්දර ගැන විරුද්ධ මතයක් දරනවා. ඇත්තෙන්ම මාත් ඒ අතරින් අයෙක්. නමුත් මට හිතෙන්නේ ගෝඨා යන්න හදන පාර වෙනම එකක් කියලයි. අපිට මතකයි ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ලේකම් ධුරයේ සිටි කාලයේදීත් ජයසුන්දර පිළිපැද්දේ එවක අමාත්‍යවරයාගේ නියෝග පමණි. එසේනම් ගෝඨාට මේ මොහොතේ අවශ්‍ය තමන්ගේ ඍජු නියෝග පිළිපදින ලේකම්වරයෙක් බව හැගේ. කොහොම නමුත් අපි බලා සිටිමු.. ගෝඨා ගැන ඇති ගෞරවය එලෙසම රකිනු ඇතැයි විශ්වාස කරමු.

:       107       228

බිලිමොරියා Tuesday, 19 November 2019 07:38 AM

ආපු ගමන් හොරු ලං කරගෙන......

:       137       156

පිටිගල මිලානෝ Tuesday, 19 November 2019 09:13 AM

සහෝදරයින්, ඥාතිපුත්‍රයින් සහ හොරකම් කර ඇති පුද්ගලයින් ඔබේ මාර්ගයෙන් ඉවත් කර ගමන යන්න. මේ අය තවමත් ඔබ අසල ගැවසෙන බව අප දකිනවා. විශ්‍රාමික හමුදා නිලධාරීන්ගෙන් වැඩක් ගන්න බලන්න. මිනීමරුවන් සහ කුඩුකාරයින් කිසි විටක නිදහස් කරන්න ගොස් කළු පැල්ලම් තවරා ගන්න එපා. සුභ ගමන්...!

:       272       286

Sonali Tuesday, 19 November 2019 09:18 AM

හොරෙක් පිටිපස්සෙන් ළඟටම වෙලා ඉන්නවා දැක්කම පහුගිය දවස් දෙකේ තිබුන සතුට නැතිවෙලා ගියා.

:       306       287

Swarna Tuesday, 19 November 2019 09:41 AM

අපගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමු.

:       9       29

ධරනි Tuesday, 19 November 2019 09:59 AM

හැමෝම ලස්සනට බුදුන් වඳිනවා දැක්කම හිතට හරිම සැනසිල්ලක් දැනෙන්නේ.

:       1       22

sunil Tuesday, 19 November 2019 11:07 AM

සමහරු දැක්කම බඩ දඟලනවා.

:       133       151

suranjith Tuesday, 19 November 2019 11:27 AM

නියම සෙට් එකක් එකතුවෙලා ඉන්නවා. ඔහොම යන්.. ඔහොම යන්....

:       186       216

marikkar Tuesday, 19 November 2019 12:19 PM

ජනාධිපති ධුරය ගැන පුරෝකථනය කළ කේන්දර ස්වාමිවරුන් කොහේද? ඔවුන්ගේ ග්‍රහලෝකයේ විවේකීව සිටිය හැකිය.

:       1       1

Asela Tuesday, 19 November 2019 12:59 PM

මඩ ගහන්න විතරයි දන්නේ මෝඩ බයියෝ. තේරෙයි........ කල් යයි.

:       157       114

Verona saneera Tuesday, 19 November 2019 03:12 PM

ඔබතුමාත් ඔය ටික ලං කරගත්තොත් ඔබටත් වෙන්නෙ 2015 වෙච්ච දේම තමා.

:       13       18

DD Wednesday, 20 November 2019 12:11 AM

ඔබතුමා ටිකක් විවේක ගත්තොත් හොඳයි. ඔබට ජය.

:       1       14

Ranasinghe Wednesday, 20 November 2019 02:25 AM

ඔබතුමා ජනපති වූ ප්‍රථම කතාවදී කිවේ විශ්ව විද්‍යාල වල නව පර්යේෂණ කල යුතු බවය අපගේ විශ්ව විද්‍යාල විවිද අයගේ අතකොලු පමණයි. ලෝකයේ ශ්‍රේණිගතකිරීම් අනුව විශාල පසු බෑමක් ඇත බටහිර පරිදී අපේ විශ්ව විද්‍යාල ද වෙනස් විය යුතුයි.

:       1       48

Chathuri Wednesday, 20 November 2019 02:54 AM

ඇමතිලා 15 දෙනෙක් පමණක් තියා ගන්නවා කිව්වද. එහෙමවුනොත් මේ කට්ටිය මරා ගනියි නේද.? වැඩේ හොඳයි , යුද්දයක් වගේ තියෙයි , 55 අඩු උගතුන් විය යුතුයි.

:       45       5

sharm warn Wednesday, 20 November 2019 07:22 AM

වටේ ඉන්න හොරු හදුනාගෙන ඒ අයගෙන් මිදිලා ජනතාව වෙනුවෙන් නිවැරදිව කැප වෙන්න ඔබට හැකි නම් එයයි අපේ බලාපොරොත්තුව. අපිට තවත් හොරු රංචුවක් නම් එපා. එහෙම වුනොත් ඔබටත් අනිත් අයට අත් වුන ඉරණමම අත් වේවි. ඔබව තෝරාගත් ජනතාවගේ එකම සිහිනය ඉදිරියට යන රටක් විනා අගාධයට යන රටක් නොවේ. මේක සිංහල බෞද්ධ රටක්. ලෝකෙටම තියෙන එකම සිංහල බෞද්ධ රටයි මෙය. අපිට මේ රට මෙහෙමම තියෙන්න ඕන.

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1500 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 718 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 605 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 323 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 554 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 508 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site