IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජනපති පිලිපීනයේ සහල් පර්යේෂණායතනයේ චාරිකාවක

පිලිපීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) පිලිපීනයේ ලොස් බානෝස් හි පිහිටි ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.
 
ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනය වෙත ගිය ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ එහි අධ්‍යයන කටයුතුවල නිරත ශ්‍රී ලාංකික සිසුවියන් දෙදෙනෙකු විසිනි. 
 
නියඟයට, ජල ගැලීම්වලට ඔරොත්තු දිය හැකි අන්දමින් වී වගාව සිදු කරන අන්දම මෙන්ම විවිධ උෂ්ණත්වයන් තුළ බීජ රෝපණය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමකට ද ජනාධිපතිවරයා මෙහිදී සවන් දුන්නේ ය. 
 
එමෙන්ම බෝග කළමනාකරණය පිළිබඳ හැදින්වීමක් ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණු අතර මෙම පර්යේෂණායතනයේ තැන්පත් කර ඇති ශ්‍රී ලංකාවට ආවේණික බිජ වර්ග ද නිරික්ෂණයට ලක් විය. 
 
ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනය සහ ශ්‍රී ලංකාව අතර පස් අවුරුදු ක්‍රියාකාරි සැලැස්මට ජනාධිපති සහ ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මැතිව් මොරෙල් මහතා  ඉදිරියේ එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා විසින් අත්සන් තැබීය.
 
කෘෂිකර්මාන්තය කෙරෙහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන   මහතාගේ කැපවීම අගයමින් ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතන භූමියේ එක් පරිශ්‍රයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නමින් නම් කිරීමට පියවර ගෙන තිබේ.

(28535)

ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය


 



අදහස් (17)

ජනපති පිලිපීනයේ සහල් පර්යේෂණායතනයේ චාරිකාවක

Sapumal. Friday, 18 January 2019 01:00 PM

සහෝදර සමාගමට හාල් කොන්ත්‍රාත් එක වැඩකරයි වගේ. ජාතික ඇඳුමට ගොල්ෆ් කැප්එක නොගැලපෙන බව උපදේශකයන්ටවත් පෙනුනේ නැතුවා වගෙයි. පිලිපීනය වගේ රටකින් ඔය හිතන තරම් වාසි බලාපොරොත්තු වෙන්නට බැහැ. මේ රට සවාරිවලට යන මුදල් අපරාදේ වගෙයි පේන්නේ.

:       141       313

Nandalal DE SILVA - France Friday, 18 January 2019 01:04 PM

පහළම තිබෙන පින්තූරය දැක්ක ගමන් මට හිතුනේ අරයා අල්ලන් ඉන්නේ මීහරකෙකුගේ නාස් ලණුවක් කියලයි. ටිකක් ලංවෙලා බලනකොට එය මීහරකෙක්වත්, නාස් ලණුවක්වත් නොවන බව තේරුණා. සමාවන්න...

:       188       259

Hafeel Friday, 18 January 2019 01:50 PM

ඇගයීමට තරම් මෙතුමා කෘෂිකර්මාන්තය වෙනුවෙන් මොනවද කරලා තියන්නේ? තාම දේශීය ගොවියා අසරණයි.

:       23       110

Kumar (Gulf)Friday, 18 January 2019 06:51 PM

ඒ මොකෝ...? තරහ හිහිල්ලා කුඹුරු ගිනිතියලා තියෙන්නේ...

:       0       19

sirimal Friday, 18 January 2019 02:12 PM

ඩඩ්ලි මලයා එක්කන් ගියේ නැද්ද?

:       20       112

Sapumal.Saturday, 19 January 2019 07:39 AM

ඒ වෙනුවට වෙන්න ඇති මුතුහෙට්ටි බස් මුදලාලිවයි ඩිලාන් වයි එක්කන් යන්න ඇත්තේ. මේ වගේ වැඩකට නැති මිනිසුන්ව රට සවාරි එක්කන් යන්නේ තාත්තගේ බූදලේ සල්ලි වලින් කියලා වෙන්න ඇති හිතන් ඉන්නේ. අනේ ! මේ රටේ ජනතාවගේ මුදල් වලට වෙන නස්පැත්තියක්...

:       0       65

chandima Friday, 18 January 2019 04:22 PM

දශක ගණනාවක් අපේ විද්‍යාඥයින්... මහඉලුප්පල්ලමෙයි, බතලගොඩයි, පර්යේෂණ කරලා වැඩි දියුණු කරපු වී වර්ග ටිකත් නැතිවෙලා යයි වගේ.

:       0       18

vidya Friday, 18 January 2019 05:18 PM

හිඟන්නාගේ පාත්තරේ පොලන්න වැටිලා වගේ... ඔය වියදම් කළ මුදලින් කැබිතිගොල්ලෑවේ ළිං කීයක් හාරන්න තිබුණාද?

:       21       136

Kumar (Gulf) Friday, 18 January 2019 06:55 PM

මේ සහල් පර්යේෂණායතනය ලංකාවට "කොළඹ ක්‍රමය" යටතේ දෙන්න හදනකොට අපේ සිරිමාවෝ මැතිණිය, මේක අධිරාජ්‍යවාදී ආයතනයක් කියලා ලංකාවට එපා කිව්වා. පස්සේ එක පිලිපීනයට හිමිවුණා. සමාජවාදී උණේ ප්‍රතිඵල...

:       0       19

Perera Friday, 18 January 2019 07:06 PM

මේ දළඹුවා පිලිපීනයත් වනසන්නද යන්නේ?

:       7       109

ratna P Friday, 18 January 2019 11:46 PM

මේ චාරිකාවට අපේ ගොවි රාල කෙනෙක් යැව්වනම් වියදමත් අඩුයි, ගොවියන්ට සහ රටට වැඩකුත් වෙනවා.

:       0       110

chandima Saturday, 19 January 2019 12:07 AM

කොළඹ ක්‍රමය දෙන්න හැදුවේ නිකම්ම නෙමෙයි. විවෘත ආර්ථිකය, රුපියල පා කිරිම ඇතුළු කොන්දේසි ගණනාවක් එක්කල. එව්වට අකමැතිවෙලා විදේශ විනිමය පිටරට යන එක වලක්වන්න ගත පියවර නිසා සහල් පොලු, රෙදි සලාක, ආදී අමාරු තත්ත්වයක් ඇති වුණ. නමුත් සිරිමා එලවල ජේ. අාර්. බලයට ඇවිත් නැවත ඒ කොන්දේසි වලට කැමති වෙලා ආර්ථිකය විවෘත කරලා පටන් ගන්න කොටම ඉන්දියාව යුද්ධයක් හඳුන්වදිලා ලංකාව ඉදිරියට යන එක නැවැත්තුව. එදා ඉන්දියානු සහය ලැබූ වාමාංශික ව්‍යාපාර රට අකර්මන්‍ය කළා. අන්තිමේ ඉන්දියාවට අනුකුලව රට කරවපු නිසා සිරිමා සාමකාමිව එහෙත් ඉන්දියාවේ අතකොළුවක් මෙන් රට කරගෙන ගියා. මේ සැම දෙයකම පසුබිම ඉන්දියානු බුවල්ලයි. අපේම මිනිස්සුන්ට බැනල වයිරය පතුරුවල වැඩක් නැහැ. අදත් රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙලට උතුර වෙන්කර දීම වැනි නොකෙරෙන කොන්දේසි දමමින් අපව අනාත කරනවා. අද ලංකාවට චීනය පසුපස යාමට සිදුව ඇත්තෙත් ඉන්දියාවේ ක්‍රියාකලාපය නිසාමයි. සත්‍යය තේරුම්ගන්න.

:       1       41

pjSaturday, 19 January 2019 09:19 AM

කොයි සත්‍යයද තේරුම් ගන්නේ?

:       0       1

janaka Saturday, 19 January 2019 03:15 AM

මේ වගේ අය... මහඉලුප්පල්ලම පර්යේෂණායතනය දුන්නා බංගලිදේශයට, පැල්වෙහෙර දුන්නා සීඅයිසී එකට, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයිති සියලුම ගබඩා ටිකයි ගොවිපොළවල් ටිකයි පර්යේෂණායතනයි විකුණගෙන කාපු අය දැන් මෙහෙමද පර්යේෂණ කරන්න හදන්නේ?..

:       0       104

saman Saturday, 19 January 2019 03:49 AM

ඇති, ඇති, දැන් ඔය චාරිකා ගියා, ණය හම්බවුණානම්, ණයට ගත්ත සල්ලි ඉවර වෙනකල් චාරිකා කරන්නේ නැතුව අපහු එන්න. නෝනා අරහේ කෙහෙල් කොළ කපාගෙන බලන් ඉන්නවා බත් මුල බඳින්න.

:       0       0

Buddika Saturday, 19 January 2019 10:17 AM

ජිල්බෝලයි, කිරිහොදියි වගේ. ගැලපීමක් නැහැ. ජාතික ඇඳුමට ගැලපෙන තොප්පියක් දාගන්න නොදී වෙන්න ඇති. ජනාධිපති විපක්ෂයේ මන්ත්‍රීලා එක්ක සංචාරයේ යන එකම රට ලංකාව වෙන්න ඇති. මරු රාජ්‍යතාන්ත්‍රිකයෝ ටිකක් ගෙනිහින්... යකෝ මේ රවුම් ගහන්නේ රටේ සල්ලිවලින්.

:       0       1

iron Saturday, 19 January 2019 01:59 PM

මල්ලිට අරන්දෙන්න වෙන්න ඇති බලන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 802 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 150 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 992 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1028 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1336 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1197 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site