IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ජනපති ජාත්‍යන්තර සහාය ඉල්ලයි

ශ්‍රී ලංකාවේ ඇති වී ඇති තත්ත්වය මර්දනය සඳහා ජාත්‍යන්තර සහාය ඉල්ලා සිටීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.  ලංකාවේ සිටින සියලූ විදේශ තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් කැඳවා රටේ වත්මන් තත්ත්වය පැහැදිලි කර  ජාත්‍යන්තර සහාය ඉල්ලා සිටිමටද තීරණය කර ඇත.

පාස්කු ඉරිදා සිදුවූ සිදුවීම් පසුපස ජාත්‍යන්තර ත‍්‍රස්තවාදී සංවිධාන සිටින බවට බුද්ධි අංශ වාර්තාකර ඇති බැවින් ඔවුන් මර්දනය කිරීම සඳහා මෙලෙස ජාත්‍යන්තර සහාය ඉල්ලා සිටීමට නියමිතය.

මේ අතර කතෝලික දේවස්ථාන සඳහා ආරක්ෂාව අවශ්‍ය සියලූ ස්ථානවලට විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් සකසන්නැයි ද ජනාධිපතිවරයා ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබේ.

රට තුළ ඇතිව තිබෙන තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම ඉදිරි ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට පොලීසියට සහ ත්‍රිවිධ හමුදාවටත්, ආරක්ෂක අමාත්‍යාංශයටත් උපදෙස් දී ඇත. 



අදහස් (16)

ජනපති ජාත්‍යන්තර සහාය ඉල්ලයි

Raveendra Monday, 22 April 2019 11:22 AM

දැන් එතකොට අපේ පතෝල මුදලාලි තිරුපතිද? කොහෙද ගියේ... දිව්‍යලෝකේ සහාය ගන්නද? නැත්නම් අපායේ සහාය ගන්නද?

:       0       340

Ruhunu Monday, 22 April 2019 11:49 AM

කතෝලික දේවස්ථාන විතරක් නෙවෙයි, එළඹෙන වෙසක් උත්සව වෙනුවෙන් බෞද්ධ ස්ථාන වලත් ආරක්ෂාව සපයන්න ජනපතිතුමනි

:       11       221

sugath Monday, 22 April 2019 11:52 AM

මොකටද අමතර සහයක්. තීරණයක් අරන් හමුදාවට බලය දෙන්න. හමුදාව කරලා පෙන්නයි. ඊළාම් යුද්ධේ කලේ මුළු ජාත්‍යන්තරේම විරුද්ධ වෙද්දී කියල අමතක කරන්න එපා.

:       34       649

Dhammika Monday, 22 April 2019 11:55 AM

ජාත්‍යන්තරේ නෙමෙයි ද මේ බව කලින්ම අපේ බුද්ධි අංශයට දැනුම්දුන්නේ.

:       0       293

තිලිණි Monday, 22 April 2019 12:03 PM

අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීම වගේ. අසාර්ථක පාලනය තමයි මේ සේරම ප්‍රශ්න වලට මුල .

:       1       410

එම්. ඒ. ජේ Monday, 22 April 2019 12:05 PM

ඔබතුමන්ලා විසින් කරපු දේ ඔබතුමන්ලා දන්නවා නේද? ජාත්‍යන්තර සහය ඉල්ලන්නේ ඇයි?

:       2       375

Thilina Monday, 22 April 2019 12:35 PM

ලෝකෙම තිබුණු භයානකම ත්‍රස්ත්‍රවාදී සංවිධානය වන එල්.ටී.ටී. ය පරාද කරපු දේශපාලන නායකයන් සහ හමුදාවක් ඉන්න රටක් බව අමතක වෙලා..

:       7       133

සේන Monday, 22 April 2019 12:56 PM

අවංකව අපේ හමුදාවන්ට වැඩේ බාර දෙන්න. පැය 48 න් වැඩේ කරලා පෙන්වයි. හැබැයි රජයේ ඉන්න ගැත්තන්ට කියන්න අපේ හමුදාව හිරේ දාන්න එපා කියලා.

:       2       227

කිර්ති Monday, 22 April 2019 01:35 PM

රටට හමුදා පාලනයක. අවශ්‍යතාව තියෙන්නේ දැන්!

:       1       32

චමින්ද Monday, 22 April 2019 01:46 PM

මේ රටේ ආරක්ෂක කවුන්සිලයට අගමැති නොකැඳවා විපක්ෂ මන්ත්‍රීන් කැඳවන්නේ ඇයි?

:       29       51

rasikaMonday, 22 April 2019 03:31 PM

අගමැති දන්නේ නැහැ කියන්න බැහැනේ.. හරීන් දන්නවා, ලෙඩ ඇඳේ ඉන්න හරීන්ගේ තාත්ත දන්නවා... මෙතන තියෙන්නේ බරපතල විදියට රටේ ජාතික ආරක්ෂාව දුර්වල වෙලා. සංහිඳියාව කියලා අන්තවාදී කල්ලිවලට ඕනේ විදියට වැඩ කරන්න දීලා, නැගෙනහිර මොනවද වෙන්නේ කියලා බලන්නවත් බැහැ.. අර කලඑළි කරන්නේ රටේ නීතිය ගැන කිසිම තැකීමක් නැහැ..

:       0       0

Keppetipola Monday, 22 April 2019 02:52 PM

ආරක්ෂක අංශ පවා දැන් අගමැති කෙනෙක් ඉන්න අපේ රටේ ආරක්ෂාව ගැන කතා කිරීමට අගමැති යයි කියා ගන්නා කෙනාට අයිතියක් නැත. මොහු වහාම ඉල්ලා අස්විය යුතුයි.

:       0       40

sanka Monday, 22 April 2019 03:03 PM

මේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික බුද්ධි අංශ අනතුරු සඟවා තිබියදීත්, ආරක්ෂක කවුන්සලයේ ප්‍රධානියා හැටියට මෙතුමා නිසි පරිදි ක්‍රියා නොකළේ මන්ද යන්න රටට හෙළි කරන්නේ නම් මැනවි...

:       0       41

Bamunuarachchi Monday, 22 April 2019 03:51 PM

මොන සහයක්ද ඉල්ලන්නේ. හැබැයි ඇමරිකාව ප්‍රබාකරන්ව අල්ලා දෙන්නම් කියන සහයවත් අපි ගත්තේ නැහැ. එහෙම කල අපිට මේ ටික අල්ලන එක වැඩක්ද? ඒ කාලේ ත්‍රස්තයෝ මැඩලීම සම්බන්දව අපෙන් උප්දෙස් ගන්න ආවා. අද අපි ලෝකේ සහය ඉල්ලනවා. කොහොමද අපි ලබපු වෙනස?

:       0       2

Nimal Monday, 22 April 2019 05:17 PM

කොහෙද දන්නේ නෑ නේද අර මානව අයිතිවාසිකම් අප්පුහාමිලා හාමිනේලා ටික. ඒ අයගේ ඇස් වැහිලාද දන්නේ නෑ මේ දවස්වල.

:       0       4

Samarasinghe Monday, 22 April 2019 09:52 PM

නම්බුකාර විදියට ඉල්ලා අස්වෙන්න. දැන් සියල්ල හමාරයි. ත්‍රස්තවාදයෙන් රට බේරාගත් වීරයෙක් ජනාධිපති වෙන්න තව ටික දවසයි තියෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 123 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 472 1

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 142 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 172 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 430 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2908 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1700 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1545 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site