IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජනපති ඝාතන සිද්ධිය ගැන සීඅයිඩිය අටකගෙන් ප්‍රකාශ ගනී

(නිමන්ති රණසිංහ සහ තරිදු ජයවර්ධන)

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළැයි කියන දුරකතන සංවාද සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අධිකාරීවරයකු ඇතුළු අට දෙනෙකුගෙන් ප‍්‍රකාශ ලබාගත් බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඇල්පිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී නිහාල් තල්දූව, තංගල්ල සහකාර පොලිස් අධිකාරී ප‍්‍රසන්න අල්විස්, වරාකාපොල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක ජනකාන්ත, ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කිහිප දෙනෙක් ද මෙම ප‍්‍රකාශ සටහන් කරගත් අය අතර වෙති.

එමෙන්ම මෙම සිද්ධියේ නඩු භාණ්ඩය වූ නාමල් කුමාර යන අයට අත්ව තිබූ ජංගම දුරකතනය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ උසස් පොලිස් පරික්ෂක කේ. එම්. එම්. කුමාරසිංහ නිලධාරියා වෙතින් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇතැයි ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට නැගෙනහිර පළාතේදී සහකාර පොලිස් අධිකාරී ප‍්‍රසන්න අල්විස් මහතාට කොළඹදී ද අනතුරක් සිදුකරන්නැයිද පොලිස් කොමිසමේ නිලධාරින්ට හා පොලිස් නිලධාරින්ට අපහාස වන අන්දමින් සමාජ ඡාලා වෙබ් වෙබ් අඩවි වලින් සහ මුහුණු පොතින් තොරතුරු පලකරන්නැයි ද නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා තමාට පැවසූ බව නාමල් කුමාර නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිය පැමිණීල්ලෙන් දක්වා තිබිණී.

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා තමාට හිරිහැර සිදුකරන බවට සදහන් පැමිණීල්ලක් තංගල්ල සහකාර පොලිස් අධිකාරී ප‍්‍රසන්න අල්විස් මහතා විසින් ජාතික පොලිස් කොමිසන් සභාව වෙත පැමිණීලි කර ඇතැයි එම කොමිසම සදහන් කරයි.

එමෙන්ම, නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආර්. එල්. ලතීෆ් මහතා ද පොලිස් කොමිසමට පැමිණීල්ලක් සිදුකර තිබූ අතර, එය විමර්ශනය සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇතැයි ද එම කොමිසම සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යන මහත්වරුන්ගේ මග පෙන්වීම යටතේ මිනීමැරුම් විමර්ශන අංශය විසින් මෙහි වැඩිදුරටත් විමර්ශන පවත්වති.



අදහස් (2)

ජනපති ඝාතන සිද්ධිය ගැන සීඅයිඩිය අටකගෙන් ප්‍රකාශ ගනී

sirimal Friday, 21 September 2018 06:34 PM

"මේ සිද්ධියට සම්බන්ධ නාමල් කුමාර නැමැත්තා ඔහු සමඟ සිටි සගයින් පොලීසියට කොටුකර දී ලක්ෂ පහක් තෑගී ලෙස ලබාගෙන ඇති බව "අන්තර්ජාල වාර්තා වල සඳහන් වෙයි. ඒවායේ කියන්නේ "ගල්කිස්සේ රොහින්ග්‍යා සරණාගතයින්ට ප්‍රහාර එල්ල කළ අරඹේපොල රතනසාර හිමි, චින්තක සංජීව, ඩෑන් ප්‍රියසාද් හා ජනිත මීපගේ යන අය ගැන ඔත්තුදී ඔවුන් කොටුකර දීමෙන් ලක්ෂ දෙක හමාරක්ද, මහනුවර මුස්ලිම්වරුන්ට ප්‍රහාර එල්ල කළ සිදුවීමේදී මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ අල්ලා දීමෙන් ලක්ෂ දෙක හමාරක්ද මොහු විසින් පොලීසියෙන් ලබා ගෙන ඇති බවත් එම සිදුවීම් දෙකේදීම මොහු ඔත්තුදී ඇත්තේ දැන් චෝදනාවට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට" බවත්ය." මේ සිද්ධිය දඩමීමා කරගෙන ‌පොලිස්පතිවරයා ඉල්ලා අස්විය යුතු යැයි මතයක් ඒකාබද්ධය විසින් ජනගත කරමින් සිටිති. ඒ වත්මන් ‌පොලිස්පතිවරයා මහපාරේ නැටුවත් ‌හොරුන්ට විරුද්ධ පරීක්ෂණ අඩාල කිරීමට කටයුතු ‌නොකරන නිසා ය. නියෝජ්‍ය ‌පොලිස්පතිවරයෙකු වරදක් කළ විටෙක ‌පොලිස්පති ඉල්ලා අස්විය යුතු නම් ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා අල්ලස්ගෙන හසුවීම නිසා ඉල්ලා අස්විය යුත්තේ කවුරුන්ද?" යනුවෙන්ද එම වාර්තාවල සඳහන් වෙයි.

:       264       21

Senarath Sunday, 23 September 2018 08:31 AM

ඩග්ලස් නිමල්, පොලිස් නිලධාරියා මැරුණු විදිය සෙව්වා නම් ඉහත ප්‍රකාශයට පිළිතුරු ලැබෙනවා. එයට අමතරව නාමල් කුමාර කියන්නේ නිකම්ම ගොතපු කතාවක් නම් ඔහු මෙලහකටත් ඉන්නේ අත්අඩංගුවේ. මේ නියෝජ්‍ය පොලිස්පතිවරයා රැකියාවට පැමිණ ඇත්තෙත් බොරු සහතික දීමෙන් බව පසුගිය දිනක පලවුණා . ඒ වගේම පොලිස්පතිටත් ලක්ෂ 120 ක් ගත්තු බවට චෝදනා තියෙනවා. මේ පුරුදු නිසා තමා පොලිස්පති වූ ගමන් නීතිය නමනවා කිව්වේ. ඒ තරමට නීතිය නමලා පුරුද්දක් තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 104 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 236 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1017 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 128 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 319 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 297 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site