IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ජනපති කොමිසමට නීතීපතිගෙන් ලිපියක්

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
නීතීපතිවරයාට නියෝග දීමේ ව්‍යවස්ථාපිත හෝ නෛතික බලයක් ජනාධිපති විමර්ශන කොමිසමකට නොමැති බව නීතීපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දී ඇතැයි වාර්තා වේ.
 

 ජනාධිපති විමර්ශන කොමිෂන් සභා පනත යටතේ පිහිටුවනු ලැබු ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවකට අධිකරණයක් හමුවේ විභාග කෙරෙන නඩු කටයුත්තකට අදාළව නියෝග දීමේ හෝ වාරණය කිරීමේ නීතීමය බලයක් හෝ අයිතියක් නොමැති බවද නීතීපතිවරයා  ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවට ලිඛිතව කළ දැනුම් දීමේදී අවධාරණය කොට ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.
 
 නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆීලට් වසන්ත කරන්නාගොඩ සහ රියාද් අද්මිරාල් ඞී.කේ.පී. දසනායක යන මහත්වරුන්ට එරෙහිව ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පවරා ඇති නඩුව ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේ අවසන් නිර්දේෂ නිකුත් කරනතුරු ඉදිරියට පවත්වාගෙන යෑම වළකාලමින් ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව කළ දැනුම්දීම සම්බන්ධයෙන් පිළිතුරු සපයමින් නීතීපතවරයා ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවට මේ බව දැනුම් දී ඇත.
2015 ජනවාරී 08 වැනිදාත් 2019 නොවැම්බර් 16 වැනිදාත් අතර කාලය තුළ සිදුවී ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබදව පරීක්‍ෂා කොට කොට තොරතුරු ලබාගැනීම සදහා පත් කළ මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාමාජිකයින් වශයෙන් විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න (සභාපති) විශ‍්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක හා විශ‍්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප‍්‍රනාන්දු යන මහත්වරුන් කටයුතු කරයි.
 
මෙම කොමිසමට පසුගිය 22 වැනිදා පළමු පැමිණිල්ල ඉදිරිපත් කොට ඇති වසන්ත කරන්නාගොඩ සහ ඞී.කේ.පී. දසනායක යන මහත්වරුන් විසින් දේශපාලන බලපෑම් මත තමන්ට එරෙහිව නඩු කටයුතු ආරම්භ කොට ඇති බවට පැමිණිලි කොට ඇති බව දැනුම් දී තිබු අතර ඒ සම්බන්ධයෙන් 23 වැනිදාම විමර්ශනය කළ කොමිසම වසන්ත කරන්නාගොඩ සහ ඞී.කේ.පී. දසනායක යන මහත්වරුන්ට එරෙහිව ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පවරා ඇති නඩුව ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේ අවසන් නිර්දේෂ නිකුත් කරනතුරු ඉදිරියට පවත්වාගෙන යෑම වළකාලමින් නියෝගයක් නිකුත් කොට තිබිණි.
 
 ඒ සම්බන්ධයෙන් නීතීපතිවරයා ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවට ලිඛිතව පිළිතුරු සපයමින් නීතීපතිවරයා අධිකරණය හමුවේ නඩු පවරනු ලබන්නේ විමර්ශන වලදී ඉදිරිපත් වන සාක්කි පදනම් කරගෙන මිස වෙනත් පරිබාහිර කරුණු පදනම් කරගෙන නොවන බව දැනුම් දී ඇත.
 
මෙම විත්තිකරුවන් දෙදෙනා ඇතුළු විත්තිකරුවන් 14 දෙනෙකුට එරෙහිව ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩු පවරනු ලැබ්වේ සියළුම නෛතික ක‍්‍රමවේදයන් අනුගමනය කිරීමෙන් අනතුරුව තමන් වෙත පැවරී ඇති නීතීමය බලතල අනුව බව කොමිසමට පෙන්වා දී ඇති නීතීපතිවරයා තමන්ගේ ඉල්ලීමකට අනුව මෙම විත්තිකරුවන්ට එරෙහි නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කොට ඇති බවද පෙන්වා දී ඇත.
 
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 04 සී හා 105 වැනි වගන්තීන් අනුව අධිකරණ නියෝගයකින් තොරව තමන්ගේ රාජකාරී කටයුත්තක් වන පැමිණිල්ල මෙහෙයවීම නතර කිරීමට කොමිසමකට කිසිඳු නෛතික ප‍්‍රතිපාදනයක් නොමැති බව කොමිසමට පෙන්වා දී ඇති  නීතීපතිවරයා කොමිෂන් සභා පනතේ 16 වැනි වගන්තිය යටතේ පිහිටුවනු ලැබු ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවකට නීතීපතිවරයාට නියෝග දීමේ ව්‍යස්ථාපිත හෝ නෛතික බලතල නොමැති බවද වැඩිදුරටත් පෙන්වා දී ඇත.
 
 



අදහස් (9)

ජනපති කොමිසමට නීතීපතිගෙන් ලිපියක්

Mahee Tuesday, 28 January 2020 12:01 PM

දැන් මේ ගත් එඩිතර තීරණය හේතුවෙන් මම නීතිපතිවරයාට නැවතත් හිස නමා ආචාර කරනවා. මම කලිනුත් ලිව්වා දේශපාලන හෝ වෙනත් යම් බලපෑමක් වුනා නම් තැන් තැන්වල නොකියා අධිකරණය ඉදිරියේ ඒ බව සනාථ කිරීමට විත්තිකරුවන්ට ඕන තරම් අවස්ථා තිබෙන බව. එහෙම නොකර දැන් මේ කරන්න හදන දේට නම් කියන්න පුළුවන් දේශපාලන බලපෑමක් කියලා.

:       0       1

Hafeel Tuesday, 28 January 2020 12:01 PM

හොඳ වැඩ. නීතිය කාටත් එක හා සමාන විය යුතුයි කියලා අද කවුරුත් කතා කරනවා. නමුත් මෙතන කෝ නඩුවක් ? විභාග කරන්න දෙන්න එපැයි. කාටත් අධිකරණයට තමන්ගේ නිර්දොෂභාවය ඔප්පු කළ හැකියි.

:       0       1

ජයරත්න Tuesday, 28 January 2020 12:51 PM

කොමිසමේ විනිසුරුවන්ට අමතක වෙන්න ඇති තමන් ඉන්නේ අධිකරණයක නෙමෙයි කොමිසමක කියලා. වයසත් එක්ක වෙන්න පුළුවන් දෙයක්...

:       0       1

Prase Tuesday, 28 January 2020 02:11 PM

ගරු කරනවා.

:       2       195

Devinda Uduwara Tuesday, 28 January 2020 03:06 PM

නීතිය ඉන්හලින්ම තිබිය යුතුයි. ඒ සඳහා ඔබට ගෞරව කරමි.

:       0       0

Champa Tuesday, 28 January 2020 03:07 PM

පොඩි මතක් කිරීමක්. කෝ විජයකලාට විරුද්ධ නඩුව? ඒක යට ගැහැව්වා.

:       0       0

De Tuesday, 28 January 2020 10:12 PM

අපිට මේවා මුකුත් තේරෙන් නෑ මෙයා. උන් ම කියනවා උන්ම ඒවා වැරදි කියනවා. දැන් මේ රට පාලනය කරන්න ලංකාවෙන් නෙමෙවත්ද ? අපි කාටද මේවා කියන්න ඕනි ?

:       42       1

ලුම්බිණි Wednesday, 29 January 2020 12:04 AM

නීතියට අනුව හරි තීරණ ගැනීම අගය කලයුතු දෙයක්.

:       0       2

Amula Wednesday, 29 January 2020 04:05 AM

බොහොම හොඳයි නමුත්....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 47 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 92 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 500 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 423 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 146 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1532 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site