IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජනපති අභිබවා ආරක්ෂක අංශ වලට නියෝග දෙන්නේ කවුදැයි සෝභිත හිමි අසයි

අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර
 
 
ආරක්‍ෂක විෂයබාර ජනාධිපතිතුමාගේ අනු දැනුමක් නැතුව ඒ අංශ ක‍්‍රියාත්මක් වනවා නම් එය රටේ අනාගත ආරක්‍ෂාව සම්බන්‍ධයෙන් බරපතල ගැටලූවක් මතුවන බව ඕමල්පේ සොභිත හිමියෝ කියති.
 
ඇඹිලිපිටියේ දී අද (20) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසූහ. එම මාධ්‍ය සාකච්ඡාවේ දී තවදුරටත් අදහස් දැක්වූ සොභිත හිමියෝ මෙසේ ද කීහ.
 
ගලබඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා සංදේශයක් ඉදිරිපත් කිරීමට භික්‍ෂුන් වහන්සේලා පිරිසක් පැමිණි අවස්ථාවේ සිදුවුණ ක‍්‍රියාවලිය අතිශයින් සංවේගදායකයි. පසුගියදා ජනමාධ්‍ය මගින් දුටු ඒ දර්ශනය හදවත අතිශයින් කම්පා කරවන එකක්. මේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති ඒ භික්‍ෂූන් වහන්සේලාගෙන කොටසක් ගෙන්වලා සාකච්ඡා කර තිබුණා. 
 
එතුමා ඒ සිද්ධිය දන්නේ නෑ කියලා සමාව ඉල්ලලා තිබුණා. භික්‍ෂූන් වහන්සේලාගේ ඉල්ලීම සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වන්න පොරොන්දුක් වෙලා තියනවා. ඒක ඉතාම හොඳයි. හැබැයි ඒ එක්කම ප‍්‍රශ්න රාශියක් පැන නගිනවා. 
 
නීතිය, සාමය යන විෂයන් සම්බන්ධ විෂයභාරව කටයුතු කරන්නේ ගරු ජනාධිපතිතුමා. එතකොට ගරු ජනාධිපතිතුමාගේ දැනුමකින් තොරව එතුමාගේ විෂය කේෂ්ත‍්‍රයෙහි බලතල ඉක්මවා, කටයුතු කරන්නේ කවුද කියන ප‍්‍රශ්නය පැන නගිනවා.
 
එතකොට එවැනි සිදුවීමක් ජනාධිපතිතුමාගේ අනුදැනුමකින් තොරව සිදුවනවා නම් එය රටේ නීතිය හා සාමය පිළිබඳව බරපතල ප‍්‍රශ්නයක් ඇති කරවනවා. වගකිවයුතු අමාත්‍යාංශයක අණ නියමය කිරීමකින් තොරව ක‍්‍රියා කරනවා නම් පොලීසිය, ආරක්‍ෂක අංශ කාගේ නියමයක් ද කාගේ අණක් ද, කාගේ අදහසක් ද මේ ක‍්‍රියාත්මක කරන්නේ කියන අදහස සාමාන්‍යයෙන් මධ්‍යස්ථ ජනතාව තුල පැනනගිනවා. මෙ වගේ කටයුතු වෙනවානම් ඒක රටේ ආරක්‍ෂාවට බරපතල ප‍්‍රශ්නයක්. 
 



අදහස් (17)

ජනපති අභිබවා ආරක්ෂක අංශ වලට නියෝග දෙන්නේ කවුදැයි සෝභිත හිමි අසයි

janatha anura Tuesday, 20 November 2018 01:02 PM

හාමුදුරුවනේ හදිසි අවස්ථාවකදී පොලිසියට ක්‍රියාත්මක විය හැකි වෙනවා. නීති කඩ කරන රටේ ආරක්ෂාවට තර්ජනයක් නම් ලෝකයේ ඕනෑම රටක පොලිසියට වහා ක්‍රියාත්මක විය හැක

:       3       3

Nimal Tuesday, 20 November 2018 01:41 PM

මේ නීතියක් නැති රටක් කියලා පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේ සිදු වුන දේවල් දිහා බැලුවම තේරුනේ නැද්ද?

:       0       10

පුෂ්පකුමාර Tuesday, 20 November 2018 01:53 PM

කවුරු නියෝග දුන්නත් වැඩේ ඉතාම සාධාරණයි.

:       0       8

සමන්ත Tuesday, 20 November 2018 03:01 PM

අනේ මේ... ඔය හාමුදුරුවෝ කවුද කියලා අපි දන්නවා. සිරිසේනට කඩේ යන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නවද? මෙච්චර කාලයක් කලේ රටේ යහපත වෙනුවෙන් කරපු වැඩ නෙමේ. ගිනි තියන එක. බය නැතුව මේවා මම කියන්නේ තමුන්නාන්සේ ගැන දන්නා හින්දයි. තවත් ගිනි නොතියා ඉන්නවද? බුදු බණ පැත්තක තියලා වැදි බණ කියන්න හදන්න එපා.

:       0       8

athula Tuesday, 20 November 2018 03:44 PM

බොහොම හොඳයි හාමුදුරුවනේ... ඔය ශ්‍රද්ධාව එදා අර ඇඹිලිපිටියේ හිටපු ඒ එස් පී අහිංසක දරු දෙදෙනෙකුගේ තාත්තා කෙනෙක් මරපු වෙලාවේ තිබුණා නම් කොච්චර හොඳයිද...? එම අසරණ දරු පවුලක් අනාථ කරලා .. අසරණ වෙච්ච එම තරුණ මව සහ දරුදෙන්නා ගැන .. සොයා බලන්න තරම් ශ්‍රද්ධාවක් තිබුනේ නැහැ එ් වෙලාවේ අපි නම් දැක්කේ ඒ.එස්.පී. ට ආරක්ෂාව සපයනවා.. ඔය චීවරය දාගත්තටම හාමුදුරුනමක් වෙන්න බැහැ. අද ඕක වැඩි පුරාම යොදවන්නේ අපරාධ, දූෂණ, තක්කඩිකම් වලට නිසා ශාසනයම කාලයි තියෙන්නේ... ඔය හිරේ ඉන්න කෙනත් බණක් කියලම ගත්තොත් තමයි හොඳ ආ..ඔය කණ්ඩායමෙනේ ඉන්නේ දුමින්දගේ කට්ටිය.. එයාවත් නිදහස් කරන්න කියලා කිව්වේ.. අනෙක් කෙනා ක‍ිව්වේ ජනබලයට මත් වතුර බීවට එ්කේ වරදක් දකින්නේ නැහැ කියලයි.. ඉතින් බුද්ධාගමට දෙවියන්ගේම පිහිටයි.. හොඳේ..

:       0       6

පොලෝසිය Tuesday, 20 November 2018 05:11 PM

ගරුතර ස්වාමීන්වහන්ස, මෙම සිදුවීම සිදුවුයේ අධි ආරක්‍ෂිත කලාපයක වන අතර එම අවස්ථාවේ උද්ඝෝෂණයේ ස්වභාවය අනුව මැඩ පැවැත්වීමට ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳ පොලිස් නිර්නායකයන් පවතී. ඒ පිළිබඳව අදාල අමාත්‍යවරයාගෙන් හෝ ගරු අගමැතිවරයාගෙන් හෝ ගරු ජනාධිපතිවරයාගෙන් එම අවස්ථාවේ විමසීමක් හෝ අවසරයක් නොගනී. ඔබ වහනේසේ බුදුදහම වැනි අතිශය වැදගත් ධර්ම කාරණා පිළිබඳ මතයන් පලකිරීම සුදුසු වන අතර මෙවන් සමාජ පරිපාලන කාරණාවලට අත දැමීමෙන් අකලට නිවන්සුව ලැබීමට සිදුවිය හැකි බව ශාසනාලයෙන් යුතුව දැනුම් දෙමි...

:       0       6

disa Wednesday, 21 November 2018 12:26 AM

ජනාදිපති මේ ගැන දැනගෙන තියෙන්නේ පත්තරෙන්නේ අපේ හාමුදුරුවනේ ... !

:       0       9

ලසන්ත Wednesday, 21 November 2018 01:16 AM

නායක හාමුදුරුවනේ 2015 ජනවාරි 8 වෙනිදාට පෙර තිබුන තත්වය නැවතත් පටන් අරගෙන තියෙනවා. රාජ්‍ය මාධ්‍ය සියල්ලමත් ඒක පාර්ශිකවෙලා. ‍මේවා ජනාධිපති ‍නොදන්නවා කියනවා නම් 2015 දි ජනතාව ප්‍රතික්ෂේප කල දේ 2018 ඔක්තෝබර් 26 සිට නැවත පටන්ගෙන තියෙනවා. කියලා සිතන්න වෙනවා.

:       0       16

ශාන් Wednesday, 21 November 2018 01:53 AM

තාමත් ජනපති ගෙ කතා මිනිස්සු විශ්වාස කරනවනේ....

:       0       8

maiya Wednesday, 21 November 2018 02:49 AM

හපෝ දෙයියනේ... පන්සලේ කඨින පෙරහැර යනකොටද මේ ඇබැද්දිය වෙලා තියෙන්නේ?

:       0       9

rocky Wednesday, 21 November 2018 02:58 AM

ඊට ඉහල බලධාරීන් දැන් ඉන්නවා අපේ හාමුදුරුවනේ... අති ගරු විමල් වීරවංස, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව, ගම්මන්පිල, ඩලස් වගේ ඔය කොයිකාටත් දැන් පුළුවනි ඉහළින් යන්න!

:       0       12

Nuwan fernando Wednesday, 21 November 2018 03:28 AM

වෙන කවුද ඉතිං...

:       0       7

Chandra Wednesday, 21 November 2018 05:06 AM

කාට වුනත් රටේ නීතියක් තියනවා . රාජකාරි කරන අයත් වැඩකරන්න ඕන රටේ නීතියට. එකයි නීතිය ...... අපි මහජනයාත් නීතියට ගරු කල යුතුයි අපේ හාමුදුරුවනේ , එකය් ඇත්ත , ඇත්ත තමයි ධර්මය , ධර්මය පිළිපදින්නා ධර්මය විසින් ආරක්ෂා කරනවා . හොද නරක දෙකෙන් තමයි නීතිය සකස් වෙලා තියෙන්නේ. ගොනාගේ පසුපස කරත්තය එනවා වගේ හොද නරක පස්සෙන් එන එක කාටවත් වලක්වන්න බැහැ .

:       22       589

Chanak Los angeles Wednesday, 21 November 2018 05:07 AM

කව්ද ඉතින් ජනාධිපතිම තමයි .... අරයට මැදමුලනෙට යන්න මම හෙලිකොටර් දෙකක් දුන්න කියලා පසුව අහනවා නේද මමද ඒවා දුන්නේ කියලා ?

:       25       249

Hafeel Wednesday, 21 November 2018 07:31 AM

රාත්‍රී දහයෙන් පසු නම් ජනාධිපති දන්නේ නැහැ. මොකද එයා දහයට නිදි.

:       0       19

isurandi Wednesday, 21 November 2018 08:02 AM

තනතුරු තාන්න මාන්න දැන් බල්ලට ගිහින්. ඒකයි හැමෝම දැන් නිතිය අතට අරන් තියෙන්නේ.

:       0       7

vidya Sunday, 25 November 2018 01:17 AM

හාමුදුරුවනේ බණක් දහමක් කරගෙන, දෙනදෙයක් කාලා නිවනට යන්න බලන්න. පාලි, සංස්කෘත ඉගෙනගත්තා කියලා ලෝකය ගැන අවබෝධයක් නැති බව දැනගන්න. හැම එකටම කට දාන්න නිවිලම යන්න යාවි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 141 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 301 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1303 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 180 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 390 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 352 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site