IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජනපති සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි

තරිඳු ජයවර්ධන
 
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් ජනාධිපතිවරයා විසින් හෙට පස්වරු 05ට සර්වපාක්ෂික සමුළුවක් කැඳවනු ලැබ තිබේ.

 
පාර්ලිමේන්තුවේ දී පසුගිය දිනවල ඇතිවූ නොසන්සුන්තාවය සහ ගැටුම්කාරී තත්ත්වය අවසන් කර පාර්ලිමේන්තුවේ කටයුතු යහපත්ව පවත්වාගෙන යාමට සියලු දේශපාලන පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීමේ අරමුණින් මෙම හමුව කැඳවා ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලය කියයි.
 
ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙන මෙම හමුවට කතානායක කරු ජයසූරිය මහතාට ද ආරාධනා කර ඇතැයි දැනගන්නට තිබේ.
 
අද සවස ජනාධිපතිවරයා සහ දෙමළ ජාතික සන්ධානය අතර පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව ද අවලංගු වී ඇති බව එම පක්ෂයට සම්බන්ධ ආරංචි මාර්ග කියයි. එය අවලංගු වීමට හේතුව මෙම සර්වපාක්ෂික සමුළුව විය හැකි බව ද දැනගන්නට ඇත.



අදහස් (33)

ජනපති සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි

Kumar (Gulf) Saturday, 17 November 2018 05:55 PM

මෙයා දැන් අනිත් අයට කියනවා මේ ජරාව වහන්න උදව් වෙයල්ලා කියලා...

:       0       0

Sunil Saturday, 17 November 2018 06:03 PM

මොකටද දන්නෙ නෑ... පාර්ලිමන්ට් ජෝක්ස් නම් ජාත්‍යන්තර මාධ්‍ය ලස්සනට වාර්තා කරලා තිබුන පින්තූරත් එක්ක...

:       0       0

Rata Perata Saturday, 17 November 2018 06:10 PM

මේ මනුස්සයාට තවදුරටත් මේ රට කන්න දෙන්න එපා. කරුණාකරලා සිරිසේන එළවා දමන්න.

:       0       1

Sunil Saturday, 17 November 2018 06:18 PM

මෙයාට ඔය ඔක්කොම උපදෙස් දෙන්නේ " හිරගෙදරට යවන්න ඕනේ කෙනා මම රජ ගෙදරට යැව්වා" කියපු සරත් නන්ද.... එයා තමයි මේ මන්ත්‍රීලාගේ පැති මාරුවත් සාධාරණීය කළේ... චන්ද්‍රිකාගේ කාලේ මන්ත්‍රීලා පිරිසක් පැති මාරුකළාම... නැත්නම් මේ ව්‍යවස්ථාව යටතේමයි... ප්‍රේමදාස, ලලිත්, ගාමිණීලා පක්ෂෙන් ඉවත් කලේ.

:       0       0

sg Saturday, 17 November 2018 06:32 PM

මොනවා උනත් හරි දේ කරයි කියලා බලපොරොත්තු වෙනවා

:       0       0

Alex Saturday, 17 November 2018 06:58 PM

කාලය සහ මුදල් නාස්ති කරන්න එපා. ඔබ අපේ රට විනාශ කරලයි තියෙන්නේ. ජාත්‍යන්තරව ශ්‍රී ලංකාවේ අපකීර්තිය පැතිරී යාම ගැන අපට කණගාටුයි. දැන්ම ගෙදර ගිහින් ජනපතිවරණයකට ඉල්ලන්න.

:       0       0

sam Saturday, 17 November 2018 09:13 PM

පටු දේශපාලන අරමුණු සඳහා මුළුරටම අස්ථාවර කරලා... මිනිස් ජීවිත හානි, බරපතල තුවාල සිදු කර වෙන්න තියන ඔක්කොම නරක දේවල් සිදු වුණාට පස්සේ සර්ව පාක්ෂික සමුළු කැඳවීම සමාන කළ හැක්කේ "ලෙඩා මරලා ඊට පස්සේ බෙහෙත් කරන්න උත්සාහ කිරීම" වැනි ක්‍රියාවකටයි.

:       0       0

nishan Saturday, 17 November 2018 09:32 PM

ද්‍රවිඩ සන්ධානය කියන්න ඇති අපිට එන්න බෑ කියලා. කෙසේ වුවත් සියල්ල අනාගෙන ඇති බවක් පේනවා. මෙයා එක එක දේවල් කරලා වටේ යනවා අනිත් අයවත් වටේ යවනවා කල යුතු එකම දේ නොකර.

:       0       0

Chanak Los angeles Saturday, 17 November 2018 10:09 PM

මුළු රටටම ගිනි තියලා දැන් එන්නලු . ලෝකයේ කිසිම නායකයෙක් කිසියම් ප්‍රශ්නයකදී කියනවාද මම ගියොත් යන්නේ ඔක්කොම ගිනි තියාගෙන කියලා ? මේවගේ පුද්ගලයන්ට රට භාරවෙන්නේ ජනතාවගේ අභාග්‍යයටයි.....

:       0       0

Ruwani Saturday, 17 November 2018 11:33 PM

බොරැ කතා මොකටද? කාලය වටීනවා වහාම ජනාධිපති වරණයක් පවත් වන්න,

:       0       0

Saranapala Saturday, 17 November 2018 11:40 PM

තමුන් කරපු ගුණමකු වැඩේ ගෙන සාධාරණය කරන්න වෙන්ට අැති. මොලේ නරක් වෙලා. අවුලපු ගින්න ලිහා ගන්න විදියක් හොයනවා. පිස්සු නටන හැටි ලෝකෙම දන්නවා.

:       0       0

jaya Saturday, 17 November 2018 11:47 PM

රටම විනාශ කළා.

:       0       0

Bamunuarachchi Saturday, 17 November 2018 11:59 PM

ජනාධිපතිතුමා කරුණාකර මේ පක්ෂ මහජන ඡන්දයකට යන්න කැමති කරවා ගන්න. එජාපය ඡන්දයක් ගැන හිතන්නවත් බයේ ඉන්නේ...

:       0       0

රවින් Sunday, 18 November 2018 12:02 AM

මොන සමුළුද? පිස්සු බලු රෝගෙට බෙහෙත් දෙන පශු දොස්තර මහත්තුරු ඔක්කොම දහනම වෙනිදා උදෙන්ම දියවන්නාවට එන්න කියන්න. අපට 100% ක් සහතික වෙන්න පුළුවන් ලංකාවේ ඉන්න සියලු සදාචාරාත්මක පශු ෙෙවද්‍යවරු මෙම පුණ්‍ය කටයුත්තට ස්වේච්චාවෙන්ම සහභාගි වෙන බව. අවශ්‍යයි හැගේනම් දරුණු මානසික රෝගීන්ව බල ගෙන පළපුරුදු උපස්ථායක මහත්වරුන්ට කිවත් ඔවුනුත් ස්වේච්චාවෙන්ම ඉදිරිපත්වේවි. මෙය අපේ රටට කරන මහත්පල මහා අනුහස් ගෙනදෙන කටයුත්තක් වනු නොඅනුමානයි.

:       0       1

jayath Sunday, 18 November 2018 01:50 AM

කෝටි දෙකක ජනතාව රවට්ටන්න. බොරුවට "සුපිරිසිදුයි " කියලා පෙන්නගෙන හිටපු ජාතික ඇඳුමේ දැන් අසූචි ගිහින්... ඒ විතරක් නෙමෙයි ඒවා හත් පොලේ ගාගෙන!!! දැන් දතකට මූට්ටුවෙලා අනේ මෙහෙම නායකයෝ අපට කොයින්ද මහතීර් මොහොමඩ්ල, ලීක් වාන් ල පුටින්ලා! මට නම් බය තියෙන්නේ මේ පින්කෙත දෙරණේ යලි උපදීවි කියලා...

:       0       0

champika Sunday, 18 November 2018 01:59 AM

සියලුම නීතිගරුක පුරවැසියනි, නීති විරෝධී ව හැසිරුණ සියලුම මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගන්න බලකරමු.

:       0       1

maal Sunday, 18 November 2018 02:06 AM

මේ අයගෙන් වැඩක් වෙයිද? මොකද මෙච්චර දවස් මුළු ලෝකෙටම ලංකාව පීචන් කරලා දාපු විදියට... ලැජ්ජයි ලැජ්ජයි මරුසිරා සිරිසේන...

:       0       0

maal Sunday, 18 November 2018 02:19 AM

රට විනාශ මුකයට යනකම් රැස්වීම්. මොනවද මේ ජනපති කරුණාකරලා පළමුව ප්‍රජාතන්ත්‍ර වාදය යනු කුමක්දැයි තේරුම් ගන්න. මිනිසා විසින් මිනිසා සඳහා මිනිසාගේම පාලන තන්ත්‍රයක් බව නොදන්නෙහිද. දැන් වැඩකරන්නේ හරියට තමන් විසින් තමන් සඳහා තමන්ගේම පාලනයක් වගෙයි නේද.?

:       0       0

Alankara Sunday, 18 November 2018 03:36 AM

අලුත් ඡන්ද, විශ්වාස භංග, සාර්ව පාක්ෂික සමුළු ආදී එක්කවත් හරි යයි කියලා හිතන්න අමාරුයි. මෙවැනි දේවල් වලින් අනිවාර්යයෙන් වෙන්න පුළුවන් දේ නම් ජනතාව අමාරුවෙන් සපයපු මුදල් යම් ප්‍රමාණයකින් හෝ විනාශ වෙන එකයි. නැවතත් මුලටම ගිහිල්ලා රට කරවන සෑම අයගෙන්ම මූලික සුදුසුකම් හරියට සලකලා බලලා ඒ අනුව සුදුසු අය පමණක් තෝරාගෙන හරි ආකාරයට පටන් ගත යුතුව ඇත. මේ වෙනස කරන්නේ නැතුව නිදහස ලැබිලත් දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටේ මේ තියන දුකට පත් බවේ වෙනසක් වේවි කියල හිතන්න අමාරුයි. ප්‍රර්ථනා කරනවා අප රටට මුළු සිතින් සහ හදින් ආදරය කරන සහ ඒ අනුව ක්‍රියාත්මක විය හැකි නායකයෙක් බිහි වෙන්න කියලා! ඒ වගේම රටේ සැම දෙනාටම මේ සරල දේ තේරුම් ගෙන ක්‍රියා කරන්න හැකි වෙන්න කියලත් ප්‍රර්ථනා කරනවා!

:       78       102

Nuwan Sunday, 18 November 2018 03:40 AM

ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණයකට යන්නේ නම් දැනට විශ්වාසභංග දෙකකින්ම අවලංගු වී ඇති රාජපක්ෂගේ සුළුතර කැබිනට් මණ්ඩලය යටතේ නොව ඔක්. 26 ට පෙර පැවැති බහුතර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය යටතේ මැතිවරණ දෙකම පැවැත්විය යුතුය. ඒ ගැන බරපතල මතභේදයක් ඇති විය නොහැක්කේ අවලංගු වූ කැබිනට් මණ්ඩලයේ විශාල පිරිසක් 26ට පෙර සිටි කැබිනට් මණ්ඩලයද නියෝජනය කරන බැවිනි.

:       3590       4068

Buddika Sunday, 18 November 2018 08:56 AM

ඔක්කොම ප්‍රශ්න හැදුවේ, ඇනුවේ, නාගත්තේ මෙයා.. දැන් මොන මගුලකටද සර්ව පාක්ෂික හමුවක්...

:       577       1170

සෙනෙවි Sunday, 18 November 2018 09:32 AM

ජවිපෙ නොයාම නිවැරදියි.

:       592       761

MISHAL-MATARA Sunday, 18 November 2018 09:33 AM

මමයි ජනාධිපති, රනිල් අගමැති මම ජනාධිපති බලතල අහෝසි කරමි (මැතිවරණයේදී)... ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන රනිල් අගමැති තනතුරට පත්කිරීම - මෛත්‍රිපාල සිරිසේන අගමැති මහින්ද රාජපක්ෂ (මැතිවරණයේදී විරුද්ධ අපේක්ෂකයා) - මෛත්‍රිපාල සිරිසේන මමයි අගමැති - රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරෙන් බලහත්කාරව මාව එළවන්න බෑ - මහින්ද රාජපක්ෂ ව්‍යවස්ථානුකූලව අගමැති තනතුර දුන්නොත් බාරගනිමී, පස්ස දොරෙන් නොව - සජිත් ප්‍රේමදාස රනිල්ට යළි අගමැති ධුරය නොදෙන බව කියයි. මෛත්‍රිපාල සිරිසේන මේ සියල්ලටම වගකිව යුත්තා සිරිසේනයි... (ඔහුගේ මුරණ්ඩු ගතිය සහා තනි තීරණ ගැනීම නිසා...) මේ කිසිම දෙයකට කථානායක සම්බන්ධ නැත. සිරිසේන, ඔබට ස්තුතියි මගේ රටට මෙහෙම කළාට...

:       644       903

Thushara Sunday, 18 November 2018 10:00 AM

මෙයා තනි මතයට හතර අතට ගිනි තියලා වැඩ වරද්දගෙන දැන් හැමෝටම කතා කරනවා ගින්න. පක්ෂ, විපක්ෂ හැමෝම යන්න නරකයි... මෙයාගේ ඩීල්වලට ආයෙමත් රැවටෙන්න...

:       578       473

Amith Sunday, 18 November 2018 10:52 AM

හරිම ග්‍රාම්‍යයි ඔබතුමාගේ වැඩ. දැන් රටම අවුල්...

:       598       1659

Naamal Sunday, 18 November 2018 12:32 PM

ඇමරිකන් එම්බසියෙන් ඇමරිකන් සිටිසන්ලාට බත්තරමුල්ල රැලිය පැත්තේ ගැවසීමෙන් වළකින්න කියලා අනතුරු ඇඟවීමක් කළාම දෙන්නම නගුටවල් කකුල් දෙක අස්සේ ගහගෙන බත්තරමුල්ල මීටිම මගහැරියා.. දැන් මේ කාඩ්බෝඩ් වීරයන් බයෙන් ඉන්නේ ගමන් තහනම් පනවයි. පිටරට බැංකු ගිණුම් අවලංගු කරයි කියලා... ගෝඨා නිකන් බියගුළු ගැරඩියෙක් කියලා රටටම ඔප්පු වුණා..

:       0       310

Naamal Sunday, 18 November 2018 12:32 PM

කෝ දැන් දේශප්‍රේමී ගෝඨයි, මහමොලකරු බැසිල් හාමුයි?... ඇමරිකන් එම්බසියෙන් ඇමරිකන් සිටිසන්ලාට බත්තරමුල්ල රැලිය පැත්තේ ගැවසීමෙන් වළකින්න කියලා අනතුරු ඇඟවීමක් කළාම දෙන්නම නගුටවල් කකුල් දෙක අස්සේ ගහගෙන බත්තරමුල්ල මීටිම මගහැරියා.. දැන් මේ කාඩ්බෝඩ් වීරයන් බයෙන් ඉන්නේ ගමන් තහනම් පනවයි. පිටරට බැංකු ගිණුම් අවලංගු කරයි කියලා.. ගෝඨා නිකන් බියගුළු ගැරඬියෙක් කියලා රටටම ඔප්පු වුනා... වියත් මග අතරමග දාලා ගෝඨා දිව්වා ඇමරිකන් තර්ජනවලට බයේ...

:       576       1209

Dhammika Sunday, 18 November 2018 12:35 PM

මේ සාකච්ඡාවේදී ශීලාචාර පිලේ නායකයන් මොහුව කිසිසේත් විශ්වාස නොකළ යුතුය. තඹ දොයිතුවකට විශ්වාස නොකළ යුතුය. ඔහු තමා ජනාධිපති කළ 62 ලක්ෂයේ විශ්වාසය මේ වනවිටත් නින්දා සහගත ලෙස ලජ්ජා සහගත ලෙස කඩකර තිබේ. ඔහු දැන් කටයුතු කරන්නේ ඒ 62 ලක්ෂයටම දුන් බරපතලම පොරොන්දුව වන විධායක ජනාධිපති බලතල අහෝසි කිරීම අමු අමුවේම කඩ කරමිනි. ජනාධිපති ක්‍රමය අහෝසි කරනු වෙනුවට ජනාධිපතිට නැති බලතල පවා යොදාගනිමින් එම 62ලක්ෂයටම කුරිරු ලෙස පහර දෙමිනි. මේ 62 ලක්ෂයම දැන් මේ ගුණමකුවා දෙන පොරොන්දු ගැන විශ්වාස කරන්නේ නැත. මේ නිසා එම 62 ලක්ෂය නියෝජනය කරන, එම 62 ලක්ෂය සිරිසේන වෙනුවෙන් එක්රැස් කල ශීලාචාර නායකයින්ට සිරිසේන විශ්වාස කිරීමට සදාචාරාත්මක අයිතිවාසිකමක් නැත. ඊට අමතරව ඔක්තෝබර් 26 වැනිදා සිටද ඔහු කතානායකතුමාටත් ශීලාචාර පක්ෂවල නායකයින්ට හා විවිධ නියෝජිතයින්ටත් එසේම විදේශ නියෝජිතයින්ටත් දුන් පොරොන්දු දිගින් දිගටම කඩ කරමින් සිටියි.

:       0       309

Fernando Sunday, 18 November 2018 12:41 PM

මෙය ශ්‍රී ලංකාවට ශිෂ්ඨ ලෝකය වෙත පිවිසීමට ඇති අවසන් අවස්ථාවයි.. ඉදිරියේදී රාජපක්ෂවරුන් විසින් රාජ්‍ය බලය යොදා සිදුකරන මැතිවරණයකින් ලබන ජය කිසිදිනෙක ගිලිහීමට ඉඩ නොදෙනු ඇත.. ජනතාවට මහින්දගෙන් පසු නාමල්ට නාමල්ගෙන් පසු ඔහුගේ දරුවන්ට කත් ඇදීමට සිදුවනු ඇත.. මානව හිමිකම් යන වචනය ශබ්දකෝෂවලින් ඉවත් වනු ඇත.. අවසානයේ පාන් ගෙඩියක් ගැනීමට මුදල් කරත්තයක් රැගෙන යාමට සිදුවනු ඇත.. රාජ්‍ය සැප විදිමින් ඊනියා දේශප්‍රේමීන් මිනිසුන් බැටලු රැලක් සේ හසුරුවනු ඇත.. ශ්‍රී ලංකාව නැමති මාගේ ආදරණීය මවුබිම සාමදානයේ සැතපෙනු ඇත.. ලංකාවේ නම මහින්දදීප හෝ නාමල්දීප ලෙස වෙනස් වුවත් දුක් නොවනු මැන... ඊට ඉඩ හසර ලබාදෙන්නේ ශ්‍රී ලාංකික ඔබම වන නිසාය.. ඉතාම සිත් වේදනාවෙන් ඔබ වෙත තැබූ පණිවිඩය නිමයි.. ස්තුතියි..

:       204       457

sandy123 Sunday, 18 November 2018 12:54 PM

නොම්මර එකේ ඩීල් දාස. සියලුම අය සාකච්ඡාව වර්ජනය කළ යුතුයි.

:       22       66

niluka priyadarshanni Sunday, 18 November 2018 01:02 PM

කෝටි දෙකයි ලක්ෂ විස්සක් ඉන්න රටේ මොලේ තියෙන කෙනෙක් ජනාධිපති බවට පත්කර ගන්න.. අපිට නොහැකි වුණු එකේ ඵලවිපාක මේ ගෙවන්නේ...

:       7       115

Reality Check Sunday, 18 November 2018 02:53 PM

ඔබගේ අදූරදර්ශි ක්‍රියාවන්ගේ ප්‍රතිඵලවලින් සියලු රටවැසියන් කනස්සල්ලෙන් සහ දුකින් ඉන්නා මොහොතක.. ඔබේ ව්‍යාජ ජයග්‍රාහි සිනහව පිළිකුලෙන් හෙලා දකිමි. මුළු ලොවට හඬගා ඔබේ නොහැකියාව ප්‍රදර්ශනය කර ඇත. කරුණාකර ඉක්මනින්ම ඉල්ලා අස්වෙන්න.

:       0       136

K Perera Sunday, 18 November 2018 04:23 PM

ජනාධිපතිතුමනි! ඔබට කුහුඹියෙත් තරමට මොලයක් නැතිව බහුතරයක් නැති මන්ත්‍රීවරයෙක්ව අගමැතිකර මෙතරම් වින්නැහියක් රටට කරලා මොන සමළු කැඳවූවත් ඔබ නිර්දෝශි බව පෙන්වන්න බැහැ. පාර්ලිමේන්තුවේ බහුතරයට හිස නමන්න...

:       0       235

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 9 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 295 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 398 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 935 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 860 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 700 3

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site