IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජනපති - ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණ විමර්ශනය සීඅයිඩියට

 

(අජන්ත කුමාර අගලකඩ)

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා තමාත්, ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතනය කිරිමට කුමන්ත්‍රණය කළ බවට නැඟෙන චෝදනා සම්බන්ධ පරික්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (14) පැවසීය.

මේ පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය දැනටමත් පරික්ෂණ ආරම්භ කර ඇතැයි කී ජනාධිපතිවරයා එහි වාර්තාව ලැබීමෙන් පසුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාරදීමට බලාපොරොත්තු වන්නේ යැයි කීවේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොටුව ජනාධිපති මන්දිරයේ අද (14) උදේ පැවති පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුව අමතමිනි.

තමා මේ සම්බන්ධයෙන් අද (14) උදේ පොලිස්පතිවරයා ද කැඳවා විමසු බවත් අද  සවස ද පොලිස්පතිවරයා කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට නියමිතව සිටි බවත් ජනාධිපතිවරයා කීවේය.

එක්සත් ජාතික මහා මණ්ඩල සැසිවාරය හමුවේ තමා ලබන 25 වැනි දා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ යෝජනාවක් ඉදිරිපත් කරන බව කී ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසන් සභාව හමුවේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවලට එල්ල වී ඇති චෝදනාවලට මෙන්ම, යුද සමයේ දී දෙපාර්ශවය අතර සිදුවු බව පැවසෙන ඇතැම් සිදුවීම් පිළිබඳව ඉතිරි වී ඇති ගැටලු රැසක් විසඳා ගැනීමට එමගින් හැකිවී ඇති බවද කීවේය.

 

 



අදහස් (11)

ජනපති - ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණ විමර්ශනය සීඅයිඩියට

Nandalal DE SILVA - France Friday, 14 September 2018 01:34 PM

මුළු රටම හොල්ලන කතාවක් යලිත් වරක් ජනපති මුඛයෙන් පිටවුණා...! දේශපාලන නායක ඝාතනයක් කලකින් නොවුණු අපේ රටේ මේ චෝදනාව ඉක්මනින් හතර වටේ පැතිර යනවා නියතයි. කොහොම වුණත් මෙවැනි දේ සුළු කොට තැකිය හැකි දේවල් නොවේ. ඔඩු දුවා රට අස්ථාවර වීමට පෙර මෙවැනි දේවල්වලට කඩිනම් පිළියම් ගත යුතු වෙනවා...

:       184       376

Sampath Friday, 14 September 2018 02:43 PM

අන්තිමේදී ප්ලෑන් කරේ මඩකලපුවේදීනේ... එතකොට වැරදිකාරයා කියලා මිනිස්සු හිතන්නේ හිටපු ජනාධිපති තුමාව. එයාලා මිනීමරුවෝ වෙනවා. එතකොට දෙවැනි පුටුවේ ඉන්න කෙනා පලවෙනි පුටුවට එනවා. අදහස පැහැදිලියි.

:       446       380

dias Friday, 14 September 2018 02:55 PM

රටින් පැනීමට පෙර මොහු වහාම අත්අඩංගුවට ගත යුතුයි.

:       15       191

samSaturday, 15 September 2018 03:28 AM

ඩයස්, ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, ඉහල නිලධාරීන් අත්අඩංගුවට අරගෙන අපහසුතාවයට පත් කරන්න එපා කියලා ඊයේ පෙරේදා තිබුණු විශේෂ කැබිනට් සාකච්ඡාවේදී ජනපතිතුමා අවධාරණය කරලා තියෙද්දී මේ නිලධාරියාව කොහොමද අත්අඩංගුවට ගන්නේ?

:       32       3

BamunuarachchiSaturday, 15 September 2018 11:11 PM

මෙහෙම හිතන මිනිස්සු තමයි ලම්බෝගිනි බලන්න ආණ්ඩු පෙරලුවේ. මේ පොලිස්කාරයා කරන්න හදලා තිබෙන්නේ රටේ ජනාධිපති සහ අනාගත ජනාධිපති ඝාතනයක්. මෙයාව අත්අඩංගුවට ගෙන සිද්ධිය සොයා බැලිය යුතුයි.

:       105       187

සඳුන් Friday, 14 September 2018 03:30 PM

සමහරු ජීවත් වුණත් ඉන්නේ මැරිල වගෙයි. ඉතින් ඒවගේ අයව ඝාතනය කරන්න දෙයක් තියනවද?

:       604       610

Kumar (Gulf) Friday, 14 September 2018 07:13 PM

එනවසරේ ඡන්දෙ එනනිසා මේවා හොඳ සටකපට වැඩ පොපියුලර් වෙන්න.. අනුකම්පාව ලබාගන්න ඒ වගේම අනිත් අයගෙන් පලිගන්න.

:       379       151

GihanSunday, 16 September 2018 03:25 PM

ඔව් ඔව්. මැරෙනකන් ඔහොම කියකිය උඩ බලන් ඉඳිමු. සහජීවනේටත් හොඳයිනේ.

:       0       1

anura indiya Saturday, 15 September 2018 03:31 AM

වැරදි පිරිසක් අතට අප බලය පවරා තිබෙනවා ඉන්දියාවේ රෝ සංවිධානයේ උගුලට අපි අහු වුණා. අප චීනයට ගැතිවෙන්න යන බවට විපක්ෂය දුන් අත්තනෝමතික ඔත්තුව වැරදිබව දැන් ඔවුන් පිළිගෙන ඇත. පසුගිය රජය සූක්ෂම ලෙස චීනයේ ණය ගත්තත් ඉන්දියාව ආරක්ෂා වෙන ලෙස තීන්දු අරගත්ත බව දැන් ඔවුන් පිළිගෙන ඇත. වරාය විකිණීම තුළින් ඉන්දියාවේ ආරක්ෂාව කොමිස් මුදල්වලට පාවා දී ඇති බවත් රෝ සංවිධානය මෙය යැංකි පාලනයක් බවත් පිළිගෙන ඇත..

:       14       48

OMG Saturday, 15 September 2018 04:46 AM

කිසිම පුද්ගලයක් ඝාතනය කිරීම අනුමත කළ නොහැක. වැරදිකරුවෙකුට දඬුවම් දීම වෙන එකක්... ඝාතනය කිරීම තවත් දෙයක්. එමනිසා මාධ්‍ය සංදර්ශන නොමැතිව වැරදි කරුවන් සොයා දඬුවම් කළ යුතුයි.

:       1       151

sirimal Saturday, 15 September 2018 08:35 AM

විමර්ශනය කරන්න කියලා ඉල්ලන කට්ටියම විමර්ශනය කරන අයට දැන් දැන් "රණවිරුවන් දඩයමේ යනවා "කියලත් චෝදනාවක් කරනවා නේද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් දෝෂ දර්ශනයට ලක්කරමින් මේ වැඩෙත් ඒ ගොල්ලන්ටම බාරදෙන එකේ තේරුම මොකද්ද? මේ ගැන යම් දවසක නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගෙන් ප්‍රශ්න කරන්න උත්සාහ කලොත් අර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගෙන් ප්‍රශ්න කරන්න හදපු වෙලාවේ වගේ කාට හරි "තද වෙයි" වත්ද?

:       88       16

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 352 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1723 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1373 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 775 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1911 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 95 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site