IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජනතාවගේ බලාපොරොත්තු ඉටුකළ නොහැකි වූ බව අගමැති පිළිගනී

අලුත් නායක පරපුරක් බිහි කිරීමට කැපවී සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 
 
වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ අද අරලියගහ මැදුරේදී එජාපයේ මැති ඇමැතිවරුන් කිහිප දෙනකු සමඟ පැවැති සාකච්ඡාවකදීය. ඉතා කෙටි කාලයක් තුළ රට ඉදිරියට ගෙන යෑම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ගැනීමට අදාළ යෝජනා සහ අදහස් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා  විය.
 
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය. 
 
‘පසුගිය කාලය තුළ අපි ගෙන ගිය වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනතාවගේ කැමැත්තක් නැති බව පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල මගින් පැහැදිලි වෙනවා. ලෝකයේ බොහෝ රටවල මෙවැනි ඡන්ද පවත්වන්නේ ජනතා මතය දැන ගැනීමටයි. ඒ අනුව ජනතාව තම වැඩපිළිවෙලට සහයෝගය ලබාදෙනවා ද, නැතිනම් එයට විරුද්ධ වෙනවා ද කියා මැන බැලිය හැකියි. මේ කටයුත්ත ඇමරිකාවේ නීතියෙන් සිදුවෙනවා. එරට ජනාධිපති පත්කර ගැනීමෙන් පසු වසර දෙකක් ගතවන විට මහජන මන්ත්‍රී මණ්ඩලය යලිත් තෝරා පත්කර ගන්නවා. වෙනත් රටවල පළාත් හෝ පළාත් පාලන මැතිවරණ පාලන කාලය මැද භාගයේ දී පවත්වනවා. පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵලය මේ වන විටත් අපි පිළිගෙන තිබෙන බව කිව යුතුයි. 
 
ආණ්ඩුවක් ලෙස ජනතාවගේ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම ඉටුකර දීමට නොහැකි වූ බව අපි පිළිගත යුතුයි. නමුත් ගතවූ කාල පරිච්ඡේදය දෙස බලන විට අපි වැඩකටයුතු නොකළා කියා කාටවත් කියන්න බැහැ. අපි වැඩකටයුතු කර තිබෙනවා. ඇතැම් ඒවායේ වේගය පිළිබඳව සෑහීමකට පත් විය නොහැකියි. තවත් සමහර කටයුතු ගැන ප්‍රශ්න තිබෙනවා. ඒ නිසා මේ මැතිවරණ ප්‍රතිඵල දෙස අවධානය යොමු කර ඒ අනුව වැරදි හා අඩුපාඩු සකස් කර ඉදිරියට යෑමට අප තීරණය කර තිබෙනවා. 
 
ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් ආණ්ඩුවේ අමාත්‍ය විෂයන්වල වෙනසක් සිදුවන බව කිව යුතුයි. මේ වෙනස්කම් සිදු කෙරෙන අතරම ආණ්ඩුවේ ප්‍රතිපත්ති කෙරෙහි ද අපේ අවධානයට යොමු කළ යුතුයි.  ආණ්ඩුවේ වැඩකටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යන ගමන් එක්සත් ජාතික පක්‍ෂයේ අපි කැපවී සිටින්නේ අළුත් නායක පරපුරක් බිහිකිරීමටයි. ඒ නායක පරපුර ඇමැතිවරු අතරත් සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරත් සිටිනවා. පළාත් සභා මෙන්ම පක්‍ෂය තුළ ද සිටිනවා.
 
ප්‍රථමයෙන්ම ආණ්ඩුවේ ප්‍රතිපත්ති දෙස අපි බැලිය යුතුයි. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ඇමතිවරු හා නියෝජ්‍ය ඇමතිවරු අතරින් මේ පිරිස අද මෙම ස්ථානයට කැඳවා තිබෙන්නේ අපේ ප්‍රතිපත්ති හා ආණ්ඩුව ගත් පියවර දෙස අවධානය යොමු කර අනාගතය සඳහා ඇති කළ සංශෝධන මොනවාද, අපි රැඩිකල් මාවතක ගමන් කළ යුතු ද කියා සාකච්ඡා කර තීරණය කිරීම සඳහායි.  සම්ප්‍රදායික වශයෙන් එම වැඩකටයුත්ත භාර දෙන්නේ ජ්‍යෙෂ්ඨ අයටයි. නමුත් මේ අවස්ථාවේ අපි අළුත් නායක පරපුරක් බිහිකිරීමට යන නිසා මේ ඇමතිවරු අතර අනාගතයේ පක්ෂය ඉදිරියට ගෙන යන පිරිසකට ඔවුන්ගේ අදහස් ලබාදෙන ලෙස මා භාරදී තිබෙනවා. 
 
මෙලෙස ලබාගන්නා අදහස් ජනාධිපතිතුමා සමගත්, අනෙක් ඇමතිවරු සමගත් සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. කෙටි කාලයක් දී තිබෙනවා. එම කාලය තුලදී මෙම අදහස් හා යෝජනා ඇතුලත් වාර්තා අපි බලාපොරොත්තු වෙනවා. මෙය එක්සත් ජාතික පක්ෂය යන අළුත් මාර්ගයේ කොටසක් පමණයි. අපේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහාත් කණ්ඩායමක් ලබන සතියේදී පත් කරනවා. මාසයක් තුලදි මේ වැඩකටයුතු සිදුකර ඉදිරියට යෑම අපේ බලාපොරොත්තුව බව කිව යුතුයි. 
 
අද මෙම ස්ථානයට කැදවන ලද මේ කණ්ඩායම තවදුරටත් සාකච්ඡා කර මට වාර්තාවක් ලබාදීමට නියමිතයි. එය ලැබුණ පසු ජනාධිපති තුමා සමගත් අනෙක් අමාත්‍යවරු සමගත් සාකච්ඡා කිරිමට මා බලාපොරොත්තු වෙනවා. මෙය නවීකරණය සදහා අප ගන්න වැදගත් පියවරක් බව මා කියන්න කැමතියි. 

(ඡායාරූප ලහිරු හර්ෂණ)



අදහස් (32)

ජනතාවගේ බලාපොරොත්තු ඉටුකළ නොහැකි වූ බව අගමැති පිළිගනී

බන්ඩා Friday, 23 February 2018 04:44 PM

එජාපය රනිල් අල්ලගෙනද, රනිල් එජාපය අල්ලගෙනද?

:       0       0

Gihan Friday, 23 February 2018 04:46 PM

අයියෝ. කෝ මෙතන අනාගතය භාර ගන්න පුළුවන් නායකයෙක්. ඉන්නෙ පරාද වෙලා පීචන්ම වෙච්ච සෙට් එකක්. ජන බලය තියෙන උන්ව කපල, උන්ව කොනකට දාල කොහොමද ඉස්සරහට යන්නේ. කොහොම තිබුනු පක්ශයක්ද මේ කෑවෙ. දැන්වත් පව් නොදී පක්ශ නායකත්වයෙන් අයින් වුනොත් තව අවුරුදු 10කින් වත් හොඳ නායකයෙක් හැදෙයි. පක්ශයට හරි හමන් නායකයෙක් නෑ කියන්නේ රටට හරි හමන් නායකයෙක් නෑ කියන එක.

:       0       0

Jiwan Friday, 23 February 2018 04:49 PM

ඔය ඔතන ඉන්න සෙට් එක අයින් වුනා නම් ජනතා අභිලාශයන් නිකන්ම ඉශ්ථ වෙනව. සජිත් ගැන විතරයි තරමක් හරි බලාපොරොත්තුවක් තියන්න පුළුවන්.

:       0       0

අප්පුහාමි Friday, 23 February 2018 05:02 PM

කවුරු මොනවා කීවත් අන්තිම පොටෝ එකේ අකිල මහත්තයාගේ මූණ බැලුවම යූඑන්පී එකේ වර්තමාන තත්වය පේනවා.

:       0       0

Sunil Friday, 23 February 2018 05:07 PM

ඇඹුල් උන මුණු ටික චන්දෙ රස්නේ වැදීල වෙන්න ඇති. දැන් වත් ඉතින් ජනවාරි 8 ට කලින් දුන්නු පොරොන්දු ඉෂ්ට කරන්න. නැතිනම් ඉතින් 2020දි ??

:       0       0

TD Friday, 23 February 2018 05:27 PM

මාස්ටර් සර් අපේ හිමිතැන දෙනවාදෝ /// අනේ සර් අනුකම්පා නොසිතේදෝ //// මාස්ටර් සර් අපේ හිමි තැන දෙන්න //// අනේඒඒඒ සර් කරුණාවෙන් සලකන්න ////

:       0       0

Shoba Friday, 23 February 2018 05:31 PM

ජනතාවගේ බලාපොරොත්තු ඉටුකළ නොහැකි නම් ඉල්ලා අස්වෙන එක තමා වඩා හොද වෙන කෙනකුට බාරදිලා, මිනිස්සු පන්නන කල්ම හිටියොත් තව අවුරුදු 10-15 UNP ආන්ඩුවක් ලෑබෙන්නේ නෑ

:       0       0

රජින්ද Friday, 23 February 2018 06:48 PM

නායකකමින් ඉල්ලා ඇස නොවී...? දවසේ විහිලුව..

:       0       0

Bamunuarachchi Saturday, 24 February 2018 01:26 AM

එහෙනම් මොන මගුලකටද තවත් මේකේ ඉන්නේ දාල පලකෝ. මේ අවුරුදු 3 ට කරපු මගුලකුත් නැත ආර්ථිකේ පලුවකුත් නැත. ලොක්කම රටට කරපු දෙයක් නැහැ කියා පිළිගත්තාට හෙන්චයියෝ කියනවා රටට වැඩ ගොඩාක් කරලා තිබෙනවා.

:       0       0

Rohana Saturday, 24 February 2018 01:34 AM

පොහොර නොමිලේ දෙන්න,ජනතා සහනාදාර කපන්න එපා. අගමැතිතුමනි මෝඩ විදියට හැසිරෙන්න එපා. ලාමක වැඩ කරන්න එපා. මැති ඇමතිට කරන වියදම් කපා හරින්න. හොරකම් කරන්න එපාකියන්න. තමනුත් හොරකම් කරන්නේ නැතිව අදර්සමත් වන්න.

:       0       0

raterala Saturday, 24 February 2018 02:49 AM

වැඩි මනාපය ඔබ ගෙදර යනවා දැකීමයි . දැන් දුප්පත් ජනයාව කබලෙන් ලිපට දමා අවසානයි . වැඩ බැරි හොර පිරි අගමැති මහා ජන මතයට ගරු කොට ගෙදර යනු .

:       0       0

manju Saturday, 24 February 2018 04:14 AM

බැංකු මංකොල්ල කරුවන් සිටින්නේ කොහිද?

:       365       608

Chandima Saturday, 24 February 2018 04:20 AM

අනේ පින්වන්ත අගමැතිතුමනි, අර ඔබතුමා කියන ණය කන්ද ගෙවන්න කියලා අපේ රටේ තියෙන ජාතික සම්පත් ටික විකුණන්නයි, අවුරුදු සීයට බදු දෙන වැඩෙයි වෙනස් කර ගන්න බැරිද? මොකද අපි මැරිලා ගියාට ඊළඟ පරම්පරාවේ ඉපදෙන දරුවන්ට සිද්ද වෙන්නේ විදේශිකයෝ එක්ක රණ්ඩු කර කර ඉන්නයි. අනික කෝ අර මහේන්ද්‍රන්? අපේ පුරවැසියෙක් නොවන නිසා එයා ගෙන්නන්නත් ලේසි නැහැ නේද? ඔබතුමාට පින්.

:       108       302

RaveendraSaturday, 24 February 2018 05:40 AM

චන්දිම මයා වෙත, මානසික ලෙඩ්ඩුන්ට, හිඟන්නන්ට, තක්කඩින්ට, මහජන නියෝජිතයන් වැනි පල් හොරුන්ට ඔබතුමා, මෙතුමා, එතුමා, වැනි වැදගත් වචන භාවිතා නොකරන බව කාරුණිකව දැන්වීමට කැමැත්තෙමු. තවද අප එසේ එම වචන භාවිතා කරන්නේ නම් අපද එම වැදගත් වචනවලට නිගරු කිරීමට සහභාගි වන්නෝ වෙන්නෙමු. එබැවින් එසේ නොකරන මෙන් ඉතාමත්ම යටහත් පහත්ව ඉල්ලා සිටින්නෙමු.

:       5       531

saman k Saturday, 24 February 2018 04:23 AM

බොරුවට කිඹුල් කඳුළු හෙලන්නන් එපා උන්නැහේ. කිසිම දවසක ජනතාව ගැන හිතපුවත් නැති කෙනෙක් කොහොමද ජනතා බලාපොරොත්තු ඉෂ්ට කරන්නේ? බලයට ආපු ගමන් කලේ හිත මිතුරන්ට තානාන්තර දීලා ජනතාවගේ මුදල් කොල්ල කන්න සලස්වපු එක. සම්පුර්නෙන්ම කලේ රට බිලි දීපු එකනේ...

:       454       1558

sena Saturday, 24 February 2018 04:57 AM

වැඩක් නැහැ අරයා කකුලෙන් අදිනවා. මේ අවරුදු දෙකත් නිකම්ම ගෙවිලා යාවි!!!

:       121       276

Darshana Saturday, 24 February 2018 05:50 AM

ෆුට්නෝට් කල්ලියේ අයත් මෙතන ඉන්නවා නේද? ...

:       0       140

RaveendraSaturday, 24 February 2018 12:22 PM

ඔබගේ, අපගේ දුක්මහන්සි වී, දහදිය, ලේ කඳුලින් උපයාගත් මුදල් හොරකම් කල නිහීන ක්‍රියාව සාධාරණ කරන්නද හැදුවේ? දැන් හතරට ගැනගන්න බැරිවිදියටනේ ඉන්නේ.

:       0       112

pradeep Saturday, 24 February 2018 05:50 AM

දැන්වත් තේරුම් ගත්ත එක ලොකු දෙයක්, තවත් රටට අයහපතක් වෙන්න කලින් ගියොත් නේද හොඳ..?

:       0       126

Thushara Saturday, 24 February 2018 06:46 AM

ජනතාවගේ බලාපොරොත්තුව නම් ඔබතුමා විශ්‍රාම ගිහින් කරන්න පුළුවන් කෙනෙක්ව නායකත්වයට පත් කරන්න කියලායි. ඔබතුමා රටට තියා පක්ෂයේ නායකත්වයට වත් සුදුසු නෑ.

:       0       0

ajith Saturday, 24 February 2018 07:02 AM

අකිලගේ මූණ දැක්කම සංසාරේ කල කිරෙනවා

:       0       0

ramani Saturday, 24 February 2018 07:18 AM

මංජු බැංකුව ශුද්ද කරපු හොර නායකයෝ ඔය පින්තුර වල ඉන්නේ , ටයි කෝට් දාලා තමයි වැඩේ කලේ . ඒක නම්බුයි නේ ,

:       0       0

dias Saturday, 24 February 2018 08:18 AM

කෝ සජිත්... කෝ බුද්ධික... අපිට ඕනෑ අය නෙමේ ඉන්නේ. සාගල, අකිල අපට එපා.

:       52       118

BamunuarachchiSunday, 25 February 2018 12:49 AM

ලැවරිය විකුණන්නද ලැහැස්තිය?

:       0       100

siei Saturday, 24 February 2018 10:10 AM

ලොක්කා විකාර නම් කියවන්න එපා. කලකදී 'ඩෙනිම්,බ්‍රස්ලේට්? පසුගිය ඡන්දෙදි වයිෆයි... ජනතාව ඉල්ලුවේ ඕවද? මොලේ කොලොප්පන් නම් අදාල තැන්වලට යන එක නේද හොඳ? අදාල තැන කොතනද කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ...

:       183       577

prakaash Saturday, 24 February 2018 10:22 AM

මේ පිංගුත්තර පාලකයින්ගෙන් ජනතාවගේ අවශ්‍යතාවයන් කොහෙත්ම සිදු නොවේ. ඒ බව ජනතාව හොඳින් අවබෝධ කරගෙන ඇත. බොරු නාටක කයිවාරු ගැහුවාට කම් නැත. රට විනාශ නොකර ඉවත් වෙන එකයි සුදුසු. මේ රට පාවා දුන්නා ඇති... ලැජ්ජයි.

:       120       234

thilina Saturday, 24 February 2018 10:58 AM

ගාමණි දිසානායක ඇමතිතුමාගේ දේශපාලන භාවිතාවයි, නවීන්ගේ දේශපාලන භාවිතාවයි බලන කොට අහසට පොළව වගේ. මෙයා තාම පියාගේ ඒ භාවිතාවේ "අ" යන්න වත් ස්පර්ශ කරලා නැති වග තමා මට නම් වැටහෙන්නේ...

:       47       208

gamini Saturday, 24 February 2018 02:50 PM

සජිත් නායකයා කොට නවින් උප නායකයා කරලා බුද්දිකව ජාතික සංවිධායක කරමු. හරින් මැතිතුමා ගම්පහ නායකයා කරමු. සජිත් කොළොඹ ගෙන එමු.

:       0       0

samalka Saturday, 24 February 2018 08:30 PM

ආනේ ......එකට ෙමාකක්ද? , අපේ බලාපොරොත්තු ඉෂ්ට නොවුනට ඔයාලගේ බලාපොරොත්තු ඉෂ්ට උනානේ.

:       0       0

Nalaka Saturday, 24 February 2018 11:53 PM

හොරු ගෙදර තියාගෙන රැකපු සාගලත් එක්ක කරන සංවර්ධනය මොකද්ද අගමැතිතුමා?? ඔයාලනම් මේ කපේදී හැදෙන්නේ නෑ............

:       0       0

Lakvidu Sunday, 25 February 2018 01:44 AM

ජනතාවගේ කෙසේ ‍ වෙතත් හොරුන්ගෙයි විදේශ බලවේග වලයි බලාපොරොත්තු නම මහ ඉහළින් ඉටු වෙනවා............

:       0       0

Ramsi Sunday, 25 February 2018 01:47 AM

නාටක මාරයි - සල්ලි හමාරයි.......අලුත් හොරෙක් ඕනෑ......මල් වඩම් අනවශ්‍යයි....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1394 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 653 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 548 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 305 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 535 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 492 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site