IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජනක බණ්ඩාර - ලොහාන් ශ්‍රීලනිප තනතුරු වලින් දොට්ට

(අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය ජ්‍යෙෂඨ උප සභාපතිවරයකු  ද වන හිටපු  ඇමැති ජනක බණ්ඩාර  තෙන්නකෝන්  මහතා දඹුල්ල ආසන සංවිධායක ධුරයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී  ලොහාන් රත්වත්ත මහතා පාතදුම්බර ආසන සංවිධායක ධුරයෙන් ද ඉවත් කර  ඇත.

දඹුල්ල ආසනයේ සම සංවිධායකවරුන් ලෙස පළාත් සභා මන්ත්‍රී  ඩබ්ලිව්.එම් යසමාන්න මහතා සහ දඹුල්ල වෙළඳ සංගමයේ  සභාපති යු.ආර්. දයානන්ද සිරි මහතා  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබ සිටිති.

ලොහාන් රත්වත්ත ඉවත් කිරිමෙන් පුරප්පාඩු වු  පාතදුම්බර  ආසනයේ  නව සංවිධායක ලෙස පාතදුම්බර  ප්‍රාදේශිය සභාවේ  හිටපු  සභාපති ඩබ්ලිව්.එම්.සමරජීව බණ්ඩාර වෙලගෙදර  මහතා පත්කර ඇත.

ලොහාන්  රත්වත්තේ මහතා ශ්‍රී ලංකා නිදහස්  පක්ෂයේ  හිටපු  ජාතික සංවිධායක, හිටපු ඇමැතිවරයකු  වු අනුරුද්ධ රත්වත්තේ මහතාගේ පුත්‍රයෙකි. 

මහියංගනය ආසනයේ ශ්‍රී ලනිප සංවිධායක පළාත් සභා මන්ත්‍රී අතර  විදානගම මහතා  ඉන් ඉවත්කර  ඒ වෙනුවට  කේ.ජි.ගුණවර්ධන මහතා පත් කර ඇත.

ඔවුනට පත්වීම් ලිපි  ප්‍රදානය ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතා  අතින් ජනාධිපති  කාර්යාලයේ දී  අද (25) පිරිනැමිණි.

මීට අමතරව දිස්ත්‍රිත් සංවිධායකවරු 13 දෙනෙක් ද පත් කරනු ලැබ සිටිති. නිශ්ශංක හේරත්, අසංක දොඩම්වල, අසේල ඒකනායක, ලින්ටන් විජේසිංහ යන මහත්වරු මහනුවර දිස්ත්‍රික් සංවිධායකවරු ලෙස පත් කරනු ලැබ සිටිති.

කුසුම්සිරි ආරියරත්න සහ සුසිල් ප්‍රේමරත්න යන මහත්වරු මාතලේ දිස්ත්‍රික්කයටද සලිත කරුණාරත්න, ශාන්ත රත්නායක, නික්ෂන් සුරියකුමාර් යන මහත්වරු රත්නපුර දිස්ත්‍රික්යට පත් කරනු ලැබ සිටිති. 

එස්.අගිල්දාස්, බී. ගෝපාල් ක්‍රිෂ්ණන් සහ කන්දසදාමි කරුණාකරන් යාපනයටද එන්.අරුණතිලගන් මුලතිව් දිස්ත්‍රික්යට ජනපති අතින් පත්වීම් ලබා ගත්හ.



අදහස් (22)

ජනක බණ්ඩාර - ලොහාන් ශ්‍රීලනිප තනතුරු වලින් දොට්ට

saman Tuesday, 25 April 2017 09:49 AM

මෙලෝ රහක් නැති මිනිස්සු පත් කරගෙන පුලුවන්ද ඡන්ද දිනන්න.

:       150       313

dickTuesday, 25 April 2017 01:14 PM

කාටද දිනන්න ඕනේ? ඕනේ කරන්නේ එජාපෙ දිනවල මේ පක්ෂේ නැති කරන්න

:       23       110

Indrajith Tuesday, 25 April 2017 09:50 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උන්නතිය රටේ යහපතට වඩා වටිනේය .

:       126       48

Perera Tuesday, 25 April 2017 10:26 AM

දැන්වත් එකතුවෙලා හරි පක්ෂයක් හදාගෙන එස්සරහට අවනම් නරකද ?

:       2       7

wasantha rathnayaka Tuesday, 25 April 2017 10:28 AM

අනේ , කවදාවත් අහල නැති කට්ටියක් ??????????????

:       4       50

lalithsjm Tuesday, 25 April 2017 10:31 AM

මොනකලත් වෙන දේ බලන්නකෝ චන්දෙන් පස්සේ.

:       1       5

පිටිගල මිලානෝ Tuesday, 25 April 2017 10:58 AM

මේ දෙන්නා කිසිම වැඩකට නැති දෙන්නෙක්.

:       1       70

SUNIL WIJESENA Tuesday, 25 April 2017 11:15 AM

රත්නපුරේට අරක්කු මාමගේ කට්ටිය දාල වගේ

:       1       4

SUNIL WIJESENA Tuesday, 25 April 2017 11:18 AM

කොහොම හරි එජාපය දිනවමු

:       5       3

Vijitha Tuesday, 25 April 2017 11:55 AM

හරිම හොඳ වැඩක්. මෙයාල දෙන්නම දැන් මිනිසුන්ට වහ කදුරු වගේ.

:       0       84

ලපයා Tuesday, 25 April 2017 12:11 PM

ඔය කියන නමින් දැන් පක්ෂයක් තියන වද ????????? ලපයා

:       39       27

රජින්ද Tuesday, 25 April 2017 12:27 PM

රටක් වෙනුවෙන් තීන්දු තීරණ ගන්නවා වෙනුවට 'පක්‍ෂය' බදාගෙන 'පාක්‍ෂිකයා' ගැනම පමණක් හිතන ලාංකීය 'ප්‍රජාතන්ත්‍රවාදී' දේශපාලනයට අනාගතයක් ඇත්තේ නැත. එනිසා, රටට අනාගතයක් ඇත්තේද නැත.

:       11       24

sisira paris Tuesday, 25 April 2017 12:31 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොදුනරටියෙන්ම කඩල දාලා පක්ෂය අන්සබාග කරන්න හදන්නේ පක්ෂය කඩල කෑලි කරලා විනාස කරපල්ලා ජනාදිපති වරණයේ දී පිට චන්ද වලින් පතිවෙලා පක්ෂ නායක කම බලෙනං අරන් අනුන්ගේ කොන්තරාත්තු වලට දැන් පක්ෂය විනාස කරනවා අලුතෙන් පත් කරන අයට ඇපත් නැතිව ගියාම ඇස් ඇරෙයි

:       286       253

Priyan Tuesday, 25 April 2017 12:38 PM

කමක් නැ. එලෙව්වට යන්න සුපිරි ගෙයක් තියෙනවනේ..

:       0       27

සිරි Tuesday, 25 April 2017 05:12 PM

පක්ෂයක සාමාජිකත්වය සහ තනතුරු දරන අය පක්ෂ නායකත්වයට අවනත නැත්නම්, විරුද්ධව ක්‍රියා කරනවානම් හෝ ක්‍රියාශීලී නැතිනම්ඒ පක්ෂයේ විනය පවත්වාගෙන යන්න බැහැ, එහෙම අය එක්කො යන්න ඕනෙ නැත්නම් යවන්න ඕනෙ.

:       3       242

parakkrama Tuesday, 25 April 2017 06:31 PM

මෙතෙක් කල් වැඳුම් පිදුම් කළ බුදුගේ දිහා බල බල, බුදුගේ දෙපැත්තේ ඇති මෑතකදී පිහිටුවා ගනු ලැබූ දේවාලවලට මහත් වූ ඉක්මන් පිහිටක් පතා මල් පොහොට්ටු පුජා කරන්න පෙළඹුනාම සමහරුන්ට ඔහොම වෙන බව තේරෙනකොට ප්‍රමාද වැඩියි.

:       1       0

siri Tuesday, 25 April 2017 08:49 PM

මට හිතෙන විදියට හෙට අනිද්දා වෙනකොට චන්දෙන් පැරදිලා ඇමතිකම් ගත්ත කට්ටියටත් ඔය තනතුරු ලැබෙයි.මේ අර අදින්නේ මොකටද කියන එක හරියට "ගොනා හැරෙන්නේ පොල් පැලෙටයි"වගේ.

:       0       0

nimal rajapaksha Tuesday, 25 April 2017 09:21 PM

හිතවත් ලොහාන් , අපි බොහොම මිතුරන් උනත් මේ මොහොතේ ඔබට මේ තීරණය අකමැත්තෙන් උනත් ගන්න වෙනවා ,මොකද දරුවන් වෙනුවෙන් සමහර දේ අපට අත හරින්න වෙනවා , මොනවා කලත් අපට ඔබට වඩා පක්ෂය වටිනවා , අපි ඔබට සුබ පතනවා ,

:       0       29

sara Tuesday, 25 April 2017 10:15 PM

පිටිගල මිලානෝ වගේ අය තමා වෙදකට ඇති අය

:       0       0

nishan Wednesday, 26 April 2017 12:31 AM

දැන් අප්පච්චි වගබලා ගනී නේ මෙතුමාලගේ අනාගතේ

:       0       0

Nipunika Wednesday, 26 April 2017 01:22 AM

මේ වගේ කටිටිය එලවල පක්ෂය ප්‍රති සංවිදානය කරන එක කොඉතරම් හොඳද ?මේ එළවල තියෙන්නේ රටට හෝ ජාතියට තඹ සතේක වැඩක් කරලා නැති දෙන්නෙක්.ටි කියල. එත් පත්කරලා තියෙන අයගෙ නම් අපි කවදාවත් අහල නැහැ. එතන යම් ප්‍රශ්නයක් තියෙනවා.

:       0       35

jim kuru Wednesday, 26 April 2017 04:41 AM

දෙන්නම හොරු

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 3 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 310 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1034 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2470 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1668 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 979 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1445 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site