(අජිත්ලාල් ශාන්තඋදය)
මෙවර ගංවතුර සහ නාය යාම් වෙද්දී කලවාන සහ අයගම ප්‍රදේශවල ජංගම දුරකතන සේවා අඩාල වීම ගැන වහාම සොයා බැලිය යුතු බව සබරගමු පළාත් සභා මන්ත්‍රී නිලන්ත ජයකොඩි මහතා පළාත් සභාවට දැනුම් දුන්නේ ය. අද (30) පැවති මාසික රැස්වීමේ දී ඔහු මේ බව දැනුම් දුන්නේය.
ජංගම දුරකතන සන්නිවේදන කුළුණු ඉදිකිරීමට අවසර දීමේ දී අනුගමනය කළයුතු කොන්දේසි කඩ කිරිම නිසා මේ තත්ත්වය ඇතිවන්නට ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසුවේ ය.
මේ නිසා කලවාන සහ අයගම ප්‍රදේශ ජලයෙන් යටවී පස්කඳු කඩා වැටී විදුලිය ඇණහිට හුදකලා වු අවස්ථාවේ ජංගම දුරකතන සංඥා ද ඇණහිටීමෙන් කිසිදු තොරතුරක් ලබාගැනීමට නොහැකි වීමෙන් විශාල අපහසුතාවන්ට ලක්වූ බව කීවේ ය.
මෙම සන්නිවේදන කුළුනු තැනීමට අවසර දීමේ දී විදුලිය ඇණහිටිය ද, ඊට අවශ්‍ය විදුලි ජනක යන්ත්‍ර භාවිතා කර සන්නිවේදන පහසුකම් ලබාදීමට එකඟත්වයන්ට පැමිණ ඇති නමුත් කලවාන සහ අයගම ප්‍රදේශවලදී එම එකඟතාව කඩවී ඇති බව ඒ මහතා කීවේ ය.
දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්
කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.
යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර
බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය
මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව
ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජංගම දුරකතන සේවා අඩාල වීම ගැන සොයයි