IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඡන්දෙ කල්දාන්න නඩු දාලා - ටිල්වින්

(විනීතා එම්  ගමගේ) 
 
මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමට ඉතා ආසන්නයේ අධිකරණමය උපක්‍රමයක් මගින් මැතිවරණය කල් දැමීමට දරන උත්සාහය මහජනතාව සමඟ එක්වී පරාජය කරන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය. 
 
ඒ වෙනුවෙන් ජනතාව සමඟ පාරට බසින්නට සුදානම් යැයි ද අවශ්‍ය වුවහොත් පාරට බැස උද්ඝෝෂණ කිරීමෙන් එම උත්සාහය පරාජය කරන බව ද හෙතෙම සඳහන් කළේය. 
 
ජවිපෙ ලේකම්වරයා මේ අදහස්  පළ කළේ එම පක්ෂ මුලස්ථානයේ අද (20) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.  එහි දී තව දුරටත් අදහස් දැක්වූ ජවිපෙ ලේකම්වරයා මෙසේ ද කීය.
 
‘පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ උත්සාහයක ආණ්ඩුව දිගින් දිගටම නිරත වෙමින් සිටිනවා. දැනටමත් වසර දෙකකට වඩා ප්‍රමාද වෙලයි තියෙන්නේ. මැතිවරණය කල් දැමීමට අදාළව තිබූ බාධා සියල්ල අවසන් කර තිබියදී ආණ්ඩුවේ යම් පාර්ශ්වයක් මේ ලෙස කටයුතු කිරීම සදාචාර විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී දෙයක් හැටියට අපි හෙළා දකිනවා. 
 
අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිඛෙන පෙත්සම් හයෙන් පහක්ම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිලට සම්බන්ධ අය විසින් ඉදිරිපත් කර තිඛෙන බව සොයාගෙන තිඛෙනවා. මේකට හේතුව ඇත්ත ප්‍රශ්නයක් නම් ඔවුන්ට අධිකරණයට යන්න පසුගිය අවුරුද්දේ ඔක්තෝබර්වල සිට අවුරුද්දකට වඩා කාලයක් ඉතිරිවී තිබුණා. 



අදහස් (5)

ඡන්දෙ කල්දාන්න නඩු දාලා - ටිල්වින්

purawasiya Monday, 20 November 2017 02:34 PM

අපිට ඕනැත් මැතිවරණයක් තමා. අපේ ඡන්දෙත් ජනතා විමුක්ති පෙරමුණට දෙනවා.

:       232       1099

Bawa Monday, 20 November 2017 03:02 PM

නියමයි, අපට තවත් විරෝධතා ඕනෑ... සයිටම් නම් දැන් ඉවරයි. තව එකක් ආපහු පටන් ගමුකෝ...

:       83       2

සමන්ත Monday, 20 November 2017 03:43 PM

රෙද්දක් ඇඳගෙනද දන්නේ නැහැ මේ කතා කතාකරන්නේ. පළාත් සභා ඡන්ද කල්දාන්න එජාපය එකත් එක්ක ඡන්දේ දීලා දැන් ජනතාව රවටන්න බයිලා කියනවා.

:       0       0

minipe Monday, 20 November 2017 04:54 PM

ඉවසන්න දරුව, ලගදීම අලුත් විරෝධතාවයක් එනවා.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ගැන.

:       0       0

nanda Tuesday, 21 November 2017 03:54 AM

චන්දය ට කුර්ටුගාමියාවෝ ආයිත් මහජන ප්‍රතිචාරය බලා ගත හැකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 138 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 356 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 912 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1190 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 411 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 194 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site