(මීරිගම පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ගම්පහ තිලකරත්න දිසානායක)
මැතිවරණ රාජකාරියේ යෙදී සිටි ඡන්ද ස්ථානාධිපතිවරු දෙදෙනෙකු අද (5) පස්වරුවේ හදිසියේ ක්ලාන්තවීමෙන් ප්‍රතිකාර ලබාදීමට සිදුවී ඇති අතර කනිෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් මගින් එම ඡන්ද මධ්‍යස්ථානයන්හි ඉදිරි කටයුතු සිදුකළ බව මැතිවරණ කටයුතු භාර නිලධාරියෙක් පැවසීය.
වත්තල නගරෙය් සහ අත්තනගල්ල මැතිවරණ කොට්ඨාසයේ වටද්දර ඡන්ද මධ්‍යස්ථාන බාරව කටයුතු කළ ස්ථානාධිපතිවරුන් මෙසේ රෝගී වී ඇත. එක් ස්ථානාධිපතිවරයෙක් රාගම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු යළි රාජකාරියට වාර්තා කළ බවද එම නිලධාරියා ප්‍රකාශ කළේය.
අනෙක් ස්ථානාධිපතිවරයා බාහිර ප්‍රතිකාර පමණක් ලබා ඇත. ඔවුන් රෝගී වූ වහාම කනිෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් ගේ මාර්ගයෙන් ඉදිරි කටයුතු සාර්ථකව සිදුකළ බවද මෙම නිලධාරීන් බොහෝ වෙලාවක් මුඛ ආවරණ දමාගෙන සිටීම හේතුවෙන් මෙසේ රෝගී වන්නට ඇතැයි සැකකරන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඡන්ද ස්ථානාධිපතිවරු දෙදෙනෙකුට ක්ලාන්තය හැදිලා