IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


චෛත්‍යයක නැග ඡායාරූප ගත් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට

 

(දයාරත්න ඇඹෝගම)

 

මිහින්තලය රජමහා විහාර පුද බිමේ මැද මළුවේ කන්තක චෛත්‍ය අසල පිහිටි පරිවාර චෛත්‍යයක නැග සිටි තරුණයන් දෙදෙනෙකු අද (14) අත්අඩංගුවට ගත්බව මිහින්තලය පොලිසිය කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මුතුර් ප්‍රදේශයේ පදිංචි 18 හා 20 හැවිරිදි ජාතික තරුණයන් දෙදෙනෙකි.

මෙම තරුණයන් දෙදෙනා තිහාරියේ ආරාබි භාෂාව උගන්වන ආයතනයක ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකි.

මොවුන් දෙදෙනා මිහින්තලය පුදබිමේ මෙම චෛත්‍ය මත හිට ගෙන සිටිනු දුටු පුරා විද්‍යා නිලධාරින් විසින් අල්වා ගෙන මිහින්තලය පොලිසියට බාරදි තිබේ.

මොවුන් දෙදෙනා අද (14) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.



අදහස් (36)

චෛත්‍යයක නැග ඡායාරූප ගත් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට

kule Thursday, 14 February 2019 09:53 AM

සියලුම ආගම්වලට සියලුම ජාතීන්ටද සියලුම භාෂාවන්ටද ගරුකලයුතු බව ලෝක වැසී සියලුම දෙනාටම කුඩා කාලයෙදී පටන් ඉගැන්විය යුතුයි

:       1       163

විකි Thursday, 14 February 2019 10:12 AM

මේ අය සෞදි සිසුන් නෙමේ. ලංකාවේ ළමයි.

:       1       117

මෝඩ රට Thursday, 14 February 2019 10:14 AM

දිනෙන් දින පිරිහෙන, තරුණයන්ට වද දෙන, මෝඩ රට, මෝඩ ජාතිය, කුමක්ද ?.

:       945       139

BamunuarachchiThursday, 14 February 2019 11:01 AM

මෙහෙම කියන්නේ වෙන කෙනෙකු නොව මේ මෝඩ රටේම මෝඩ පුරවැසියන් තමයි.

:       63       508

NiroshanprincipalThursday, 14 February 2019 11:09 AM

මේ මුස්ලිම්වරුන් හිතාමතා කරන වැරැද්දක්. මේවාට එරෙහිවීම වදදීමක් නොවේ.

:       148       470

nisarThursday, 14 February 2019 11:44 AM

බමුණුආරච්චිලා අපට කියන්නේ මිථ්‍යා දෘෂ්ටිකඅයන් කියලයි. ඉතින් මිථ්‍යා දෘෂ්ටිකයන්ට බෞද්ධ සිද්ධස්ථාන තහනම් කෙරුවා නම් ඉවරයිනේ. මේක හැමදාම සෙල්ෆි ගහලා හිරේ යන වැඩ කරන්න බැහැනේ...

:       315       175

NuwanThursday, 14 February 2019 12:30 PM

ඔය කියන දේ අපි කියන්න ගියොත් අවුරුදු සිය ගණනක් මේ රටේ ඉන්න දීපු බෞද්ධ අපිට ජාතිවාදී කියල කියනවනේ.

:       0       102

janatha anura Thursday, 14 February 2019 12:47 PM

අප කිසිවිටෙකත් එසේ නොකියමු අනෙකුත් මනුෂ්‍ය වාසීන්ගේ විශ්වාසයන්ට අප ගරු කල යුතුය යන්න බුදු දහමේ ඉගැන්වේ ඔබගේ විශ්වාසයන්ට අප ගරු කරන්නෙමු එසේම ශ්‍රී ලාංකිකයන් සැවොම 2500 වරක ඉතිහාසය සහ එම සංස්කෘතියට ගරු කල යුතුය

:       0       132

AkalankaThursday, 14 February 2019 12:57 PM

කියමනක් අහල තියෙනවද අතිසාරේට අමුඩේ ගහනවා කියල? අන්න ඒ වගේ අදහසක් තමා ඔබගේ කොමෙන්ටුවේ තියෙන්නේ.

:       0       15

senaThursday, 14 February 2019 01:05 PM

නිසාර් මහත්තයෝ, බුද්දාගමේ කිසිවක් තහනම් කරන්නේ වත් කාටවත් මිත්‍යා දෘස්ටිකයෝ කියලා හෙලා දකින්නේවත් නැහැ, මේ රටේ ඉස්සර හිටපු බෞද්ධයෝ තමන්ට වන්දනා මාන කරන්න යම් යම් සිද්දස්ථාන හදලා තියෙනවා, (ඒවාට වදිනවා කියන්නේ ඒවාට බයේ වත් ඒවාගෙන් යමක් ඉල්ලනවා වත් නෙවෙයි), ඒක සිත පිරිසිදු කරගන්න කරන දෙයක්, ඉතින් ඒවගේ තැන්වලට අගරු කරනකොට ඒ ධර්මය පිළිපදින අයගේ හිත රිදෙනවා එහෙම උනාම වෙනත් රටවල විදිහට ගහන්නේ මරන්නේ නැතුව නිතිය ක්‍රියාත්මක කරන්න වෙනවා. අපි හිතමු කෙනෙකුට කඩදාසි කොළ ගොඩක් උඩ නැගලා සෙල්ෆි ගන්න තහනමක් නැහැනේ, නමුත් කඩදාසි වලින් හදපු ධර්ම ග්‍රන්ථයක් උඩ නැගලා සෙල්ෆි ගත්තොත් මොනවා වෙයිද? ඔයාලාට ඔය පේන ගඩොල් ගොඩවල් ඇතුලේ සමහර ධර්ම ග්‍රන්ථ තැන්පත් කරලා තියෙනවා සමහර ඒවාගේ ඉස්සර හිටපු රහතන් වහන්සේලා ආදාහනය කරපු අළු තැන්පත් කරලා තියෙනවා - කරන්න තියෙන හොදම දේ තමන් අදහන ධර්ම ග්‍රන්ථ වල ලියලා නොතිබුනත්, මේ වගේ තැන වල හැසිරිය යුතු විදිහ දන උගත් අයට පුළුවන් නොදන්නා අයට කියලා දෙන්න - හිරේ යන්නේ නැතුව ඉන්න පුළුවන්.

:       0       430

Sapumal.Thursday, 14 February 2019 02:44 PM

හොඳ හැදිච්ච මිනිසුන් කොයි ආගමේත්, කොයි ජාතියේත් සිටිනවා. එහෙනම් ලතීෆ් මහතා වැනි අය උදාහරණයකට ගන්න පුළුවන්. මොහිදීන් බෙග් බෞද්ධ ගීත ගැයුවා. ඒ ජේ කරීම්, අහමඩ් මොහිදීන් හා තවත් අයත් එහෙමයි. ඒ උසස් සංවර අය... පහත් පෙලේ නූගත් රස්තියාදුකාරයන් එහෙම නැහැ. කිසිම හැදියාවක් නැහැ. ඉතින් ඒ වගේ රස්තියාදු මදාවි කොල්ලන්ගෙන් මේ වගේ දේ හැරෙන්නට හොඳ දේ බලාපොරොත්තු විය නොහැකියි. මන්ද යත්, ඔවුන්ගේ හැටියට තමා හැසිරීම... සත්‍යය එයයි.

:       0       301

BamunuarachchiFriday, 15 February 2019 09:38 AM

ඔබලා මුස්ලිම් නොවන අපට කියන්නේ "කෆිර්ලා" හෙවත් බොරුකාරයන් කියලා නේද?

:       0       7

vijithaThursday, 14 February 2019 01:58 PM

මේක මෝඩ රටනම් යනවකෝ ආපු අතක් බලාගෙන මව් රටවල් වලටම.

:       0       257

දිමුත් Thursday, 14 February 2019 10:21 AM

මොවුන්ට අනිත් ආගම්වලට ගරු කිරීමට කියාදී නැහැ වගේ...

:       76       275

BamunuarachchiThursday, 14 February 2019 11:05 AM

කුරානය උගන්වන්නේ අන්‍යාගමිකයින් "කාෆර්" ලා හෙවත් බොරුකාරයින් හැටියටයි. එ් නිසා මොවුන් අනිත් ආගම්වලට ගරු කරන්නේ නැත..

:       332       638

SamareThursday, 14 February 2019 11:24 AM

බොරු කියන්න එපා. ඔබ ඔය දකින්නේ අන්තර්ජාලයේ යුදෙව්වන් විසින් පළකර ඇති බොරු කුරානයක් ඔවැනි "හදිත් " හෙවත් වැකි නියම කුරානයේ නැහැ , එහි නැහැ අන්‍යන් මරන්න කොටන්න කපන්න කියලා නමුත් නියම කුරානය තියෙන්නේ අරාබි භාෂාවෙන්

:       451       38

BamunuarachchiFriday, 15 February 2019 09:50 AM

හලෝ එහෙනම් මගෙන් ඉගෙන ගන්න"kafir" කියන්න දෙවියන් විශ්වාස නොකරන්නා කියන අරාබි වචනයයි. අන්තර්ජාලයේ විකිපීඩියාවට ගිහිල්ලා ඉගෙන ගන්න. මම ඉස්ලාම් ගැන කියවලා තිබෙනවා. ඔබ මුස්ලිම් වුනත් ආගම දන්නේ නැහැ වගේ....

:       0       36

BamunuarachchiFriday, 15 February 2019 01:10 PM

හලෝ මම ඉස්ලාම් ආගම ගැන හොඳට කියවපු කෙනෙක්... කුරානය තිබෙන්නේ අරාබි භාෂාවෙන් පමණක් නම් ඔබ කොහොමද "කෆීර්" කියන අරාබි වචනය පහදා දෙන්නේ...

:       0       0

BamunuarachchiSaturday, 16 February 2019 11:17 AM

නියම නමින් මොහොමඩ්ලා වෙන ඔබ අපිට අදහස් දමන්න "සමර" වුණා වගේම ඉස්ලාම් මූලධර්ම අන්තර්ජාලයෙන් ඉවත්කර බොරු චිත්‍රයක් පෙන්වූවාට. අරාබිකරයේ අවුරුදු 25ක් සිටි මම ඔවුන්ගේ කෙරුවාවල් හොඳට අත්දුටුවා.

:       0       0

HR Thursday, 14 February 2019 11:16 AM

මේක දැන් කලාවකට ගිහින් වගේනේ..

:       0       138

nihal ck Thursday, 14 February 2019 11:27 AM

අන්‍ය ආගම්වලට ගරු නොකරන්නෝ සංහිදියාවටද ගරු නොකරයි ඔවුන්ට සංහිදියාවෙන් සහ සාමයෙන් තෙරුම්කරදීමට නොහැකිය.

:       0       56

upul Thursday, 14 February 2019 12:37 PM

අනිත් ආගම් එක්ක මේගොල්ලෝ සංහිදියාවෙන් ඉදිද?

:       0       62

neil Thursday, 14 February 2019 02:01 PM

සිසුන් නෙමෙයි ගොන් හැත්තක්...

:       0       103

Sunil Thursday, 14 February 2019 02:23 PM

මේක අන්තවාදයේ මී පැණි කන්න අසාවෙන් ඉන්න අපේ දෙයියෝන්ට වඩා වෙන දෙවියෝ නැහැ කියන මානසිකත්වයෙන් විකෘර්ති ජාතියේ කට්ටිය තරගෙට කරන වැඩක්.

:       0       140

pujitha Thursday, 14 February 2019 02:26 PM

ලෝක උරුමයක් වූ බාමියන් බුද්ධ ප්‍රතිමාව මේ අන්තවාදය නිසා විනාශ කරලා අන්තිමට එම පුරාණ ප්‍රදේශය බලන්න ආපු සංචාරකයින් එන්නේ නැති වූ එකෙන් වුනේ ඒ ප්‍රදේශයේ මිනිස්සුන්ට අාදායමක් නැතුව බඩගින්නේ ඉන්න වූ එක... ලංකාවේත් බෞද්ධ සිද්ධස්ථාන වටේ කඩවල් අටවාගෙන ඉන්නේ අන්‍යාගමිකයින් තමයි...

:       1       142

samare Thursday, 14 February 2019 02:47 PM

1970 ගණන් වල මැද පෙරදිග සිදු වූ අන්තවාදී පෙරලිය නිසා එම කලාපයේ හැම අස්සක් මුල්ලක් පුරාම අන්තවාදය පැතිරුණා. මේ අන්තවාදී විප්ලව වලට කලින් ඇෆ්ගනිස්තානය, ඉරානය වගේ රටවල් සාමකාමී රටවල්... නමුත් දැන් ත්‍රස්තවාදී මන් පහරන්නන්ගේ පාරාදීස වෙලා... නමුත් හැමෝම දවසට 5 වතාවක් ආගම කියනවා. ගැහැණු හිසේ ඉඳන් දෙපතුලට වෙනකන් ලෝගු අඳිනවා. නමුත් අපරාධ වල අඩුවක් නැහැ...

:       0       151

chamath Thursday, 14 February 2019 03:09 PM

පුරා විද්‍යාත්මක වටිනාකමින් යුත් කිසිම පල්ලියක් ලංකාවේ නැත. නිකමට හරි මේ තියෙන පල්ලියක මුස්ලිම් නොවෙන කෙනෙක් මේ වගේ අශීලාචාර වැඩක් කලෝතින් මුළු ලංකාවම ගිනි තියලා හර්තාල් කරලා ජාත්‍යන්තරේටත් බොරු ලක්ෂයක් විතර කියලා සුළු ජාතීන්ට ඉන්න දෙන්නේ නැහැ කියලා මෙතන මහා විගඩමක් නටනවා. බෞද්ධ අපේ ඉවසීම මෝඩකමක් කියලා සෙල්ලමට ගන්න නරකයි...

:       0       165

SAMANTHA Thursday, 14 February 2019 04:37 PM

පාසල් අධ්‍යාපනය නිසි ලෙස දීමත් නියාමනය කිරීමත් රජයේ කාර්යයකි. විද්වතුන් මේවාට ඉදිරිපත් විය යුතුය.

:       0       75

de silva berlin Friday, 15 February 2019 06:18 AM

මේක දැන් ප්‍රසිද්ධ වෙන්න කරන මෝස්තරයක් වගේ, මේගොල්ලන්ව බරපතල වැඩ සහිතව අවුරුද්දක් දෙකක් හිරේ යැවුවා නම් මේ ප්‍රශ්නේ විසදේවි

:       0       11

Abdulla Friday, 15 February 2019 06:34 AM

මේ වගේ අපේ ජාතියම වනසන මේ මොඩයෝන්ට කිසිම නිදහසක් දෙන්න එපා. පුලුවන්නම් මාස 6 ටවත් හිරේ අරින්න පාඩමක් ඉගෙන ගන්න.

:       0       34

rama Friday, 15 February 2019 08:40 AM

ජාතකේ වැරැද්ද තමයි..

:       0       30

UPS Friday, 15 February 2019 11:47 AM

මේ තත්වය සමනය වෙනතෙක් හෝ ඒ අයගේ ව්‍යාපාර වර්ජනය කරන්න. එතකොට මේක පිළිවෙලක් වෙයි..

:       0       27

ruwan Friday, 15 February 2019 12:31 PM

සිරියාවේ වෙනම ඉස්ලාම් රාජ්‍යයක් නම් කළාම වටලප්පන් කාපු මිනිස්සු තමා මේ. ලංකාවේ හිටියට ඔලු තියෙන්නේ කාන්තාරේ...

:       0       18

Nalin Friday, 15 February 2019 12:39 PM

මේ මිනිස්සුන්ගේ සමාජ ජාල ගිණුම් වල තියෙන්නේ ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තයන්ගේ පින්තූර, වෙනම රාජධානි සංකල්පයි...

:       0       7

sanoja_UK Friday, 15 February 2019 01:08 PM

ඔය අරාබි මද්රාසා පාසල් වලින් කරන්නේ තනිකර අන්තවාදී අදහස්... ළමුන්ගේ ඔලුවට පොඩි කාලේ ඉඳන්ම දාන එකයි. ඒ පාසල්වල උගන්වන්නේ අරාබි සංස්කෘතිය වගේම අරාබි ඉතිහාසයයි. ඒ නිසා තමා අනිත් ආගම්වලට ගරුකරන විදිහ හා බුද්ධ ධර්මය පිළිබඳ කිසිම වැටහීමක් මේ අයට නැත්තේ... මම ඉන්නේ බ්‍රිතාන්‍යයේ. මෙහෙ වැඩසටහනක් කළා ඔය අරාබි පාසල්වල ඉගැන්වීම් කෙරෙන විදිහ ගැන. එ්කේ ළමයින්ට විද්‍යාවට, වතුරට ලුණු එකතු වෙලා ලුණු රස වෙනවා කිව්වට පිළිගත්තේ නැහැ. මොකද ඒ ගොල්ලන්ගේ ආගමික ඉගැන්වීම අනුව ලුණුයි, වතුරයි කලවම් වෙන්නේ නැහැලු. තව පරිණාමය බොරුවක්ලු මිනිස්සු මැව්වේ ඒ ගොල්ලන්ගේ දෙවියන්ලු. මේ කරපු වැඩසටහන අන්තර්ජාලේ තියෙනවා බැලුවොත් තේරේවි මේ අය කොච්චර අන්තගාමිකයිද කියලා...

:       0       4

Nihal Friday, 15 February 2019 02:39 PM

මොනවා වුනත් අල්ලා ඊශ්‍රායෙල් ජාතියට හොඳට සලකනවා..

:       0       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 167 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 521 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 512 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1320 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2772 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1816 1

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1453 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site