චීනයේ සීමා ලිහිල් කිරීමෙන් පසු නගර කිහිපයකින් නැවතත් කොරෝනා වයිරස රෝගීන් වාර්තා වීමට පටන්ගෙන ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.
කොරෝනා වයිරස රෝගීන් මුලින්ම වාර්තා වූ වුහාන් නගරයෙන් සහ ඊසාන දිග ජිලින් පළාතෙන් මෙම නව රෝගීන් වාර්තා වී තිබේ.
වුහාන් හි අගුලු ලිහිල් කිරීමෙන් පසු පළමු රෝගීයා අප්‍රේල් 03 වනදා වාර්තා වී ඇති අතර අද(11) වනවිට අලුතින් රෝගීන් පස් දෙනකු වාර්තා වී තිබේ. ඔවුන් එකම නේවාසික පරිශ්රයකින් වාර්තා වන බව බලධාරීහු පවසති.
රුසියානු සහ උතුරු කොරියා දේශ සීමා ආසන්නයේ පිහිටි ජිලින් පළාතේ ෂූලන් නගරයෙන් ද අලුතින් රෝගීන් 11ක් වාර්තා වී තිබේ.
වහාම ක්‍රියාත්මක වූ බලධාරීහු නගරය අගුලු දැමූ අතර හදිසි නීතිය ද ප්‍රකාශයට පත්කළහ. සියලු පොදු ස්ථාන වසා දැමීමට නියෝග කර ඇති අතර අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට එක් පුද්ගලයෙකුට පමණක් පිටතට යෑමට අවසර දී ඇත.
කෙසේවුවද චීනය පසුගිය සතියේ පැවසුවේ රටේ සියලුම කළාප අඩු අවදානම් ප්‍රදේශ ලෙස නම් කරන බවයි.
අලුතින් රෝගින් වාර්තා වීමෙන් පසු අඩු අවදානමේ තිබූ ජිලින් පළාත මධ්‍යම අවදානම් මට්ටම දක්වා ඉහල දමා ඇත. පළාතේ පුළුල් ලෙස රෝගය පැතිර යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.
ජිලින් පළාත් බලධාරීන් පවසන්නේ රෝගීන්ගේ සෑම සමීප සම්බන්දතාවයක්ම හා සැක සහිත සෑම පුද්ගලයෙක්ම සොයා ගන්නා බවයි.
පසුගිය පැය 24 තුළ චීනයේ අලුතින් රෝගීන් 17ක් වාර්තා වී ඇති අතර එය අප්‍රේල් 28 වනදායින් පසු එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව වේ.
ඒ අනුව මේ වනවිට චීනයෙන් වාර්තා වන මුළු රෝගීන් සංඛ්‍යාව 82 918ක් දකුවා ඉහල ගොස් තිබේ.
චීනයේ කොරෝනා අසාදිත මරණ 4 633ක් සිදුවිය.
විශේෂඥයින් අනතුරු අඟවා ඇත්තේ සීමාවන් ලිහිල් කිරීමෙන් පසු මිනිසුන් නිදහසේ ගමන් බිමන් යන විට ආසාදන වැඩි වීමට ඉඩ ඇති බවයි.
(බීබීසී ඇසුරිණි - 085)
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
කන්කසන්තුරේ තිස්ස රජ මහා විහාරයට ඇතැම් ද්‍රවිඩ දේශපාලඥයන් වරින්වර පැමිණ වන්දනා නඩවලට අවහිරයක් වන අන්දමින් කටයුතු කිරීම ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජන
නරක් වූ මාළු කන්ටේනර් එකසිය දෙකක් රටට ගෙන ඒමේ සිද්ධිය අපරාධමය වරදක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස රජයේ මුදල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
චීනයේ සීමා ලිහිල් කිරීමෙන් යළි කොරෝනා හිස ඔසවයි
Chandika Monday, 11 May 2020 03:55 PM
රටට පිලිලයක්වූ දොස්තර මාෆියාවේ වැඩ...
Samitha Senaka Aluthgamage. Tuesday, 12 May 2020 04:54 AM
චීනය ගැන හොඳින් දත් ඕස්ට්‍රේලියානු ප්‍රවීණ මහාචාර්යවරයෙකු පැවසූ පුවතක් අද උදේ දැක්කා. ඒ කියන්නේ වයිරසය පිටවෙලා තියෙන්නේ චීන රසායනාගාරයකින්. කොහොමද වැඩේ. "දැනගෙන චීනා -- මිතුදම් වානා..."
lalith silva Thursday, 14 May 2020 10:00 AM
අපිත් රට අරින්න ටිකක් හදිස්සි වුණා කියලා හිතෙන්නේ නැද්ද?