කොරෝනා ආසාදිත පොකුරක් හඳුනාගැනීමත් සමඟ උතුරු නැගෙනහිර චීනයේ නගරයකට අර්ධ ‘ලොක්ඩවුන්’ සීමා පැනවීමට නගර බලධාරීහු අද (13) පියවර ගත්හ.
මේ තත්ත්වයත් සමඟ චීනය තුළ දෙවැනි රැල්ලක් ඇතිවීමේ බිය වැඩි වී තිබේ. කොරෝනා ආසාදිත පොකුර හඳුනාගැනීමත් සමඟ නගරයේ ප්‍රවාහන කටයුතු සීමා කිරීමටත්, නගර සීමා වසා දැමීමටත් බලධාරීහු පියවර ගත්හ.
මෙසේ අර්ධ වශයෙන් වසා දමා ඇත්තේ ජිලින් පළාතේ, දෙවැනි විශාලතම නගරය වන ජිලින් නගරයයි. ජිලින් පළාත උතුරු කොරියාවේ සහ රුසියාවේ දේශසීමාවට මායිම් වේ. ජිලින් නගරයේ ලක්ෂ 40කට වැඩි පිරිසක් ජීවත් වෙති.
කොරෝනා ආසාදිත පොකුර හඳුනාගැනීමත් සමඟ මඟී බස් ප්‍රවාහන සේවා නවතා දැමීමට නගර බලධාරීහු පියවර ගත්හ. නගරයෙන් පිටතට යා හැක්කේ ‘කොවිඩ්-19’ පරීක්ෂාව කර වයිරසය ආසාදනය වී නැතැයි තහවුරු අයට පමණි.
ඇති වී තිබෙන තත්ත්වය හේතුවෙන් ‘‘දැඩි ස්වයං-නිරෝධායන’’ සීමා පැනවීමට ද ජිලින් නගර බලධාරීහු පියවර ගෙන ඇත.
නගරයේ සිනමා ශාලා, ගෘහස්ත කායවර්ධන මධ්‍යස්ථාන, අන්තර්ජාල කැෆේ සහ අනෙකුත් පොදු ස්ථාන සියල්ල වහාම ක්‍රියාත්මක කරන පරිදි වසා දැමීමට ද නගර පරිපාලනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
කෙසේ නමුත් ඖෂධහල් විවෘත කර තබන්නැයි ද උණට ලබාදෙන බෙහෙත් අලෙවි කරන්නේ නම් ඒ සම්බන්ධ සියලු තොරතුරු වාර්තා කරන්නැයි ද නගර පරිපාලනය ඖෂධහල්වලට දැනුම් දී ඇත.
ජිලින් නගරයෙන් කොරෝනා ආසාදිත පොකුර හමු වී ඇත්තේ පසුගිය ඉරිදා (10) ය. ජිලින් නගරයේ ෂුලාන් ප්‍රදේශයෙන් මෙම ආසාදිතයන් හමු වූ බවත් තවදුරටත් වයිරසය පැතිර යෑමේ දැඩි අවදානමක් ඇති බවත් ජිලින් හි උප නගරාධිපතිවරයා පැවැසීය.
ඊයේ (13) දිනයේදී නගරයෙන් තවත් ආසාදිතයන් 6 දෙනකු වාර්තා වූ අතර ඒ අනුව නගරයෙන් වාර්තා වී ඇති ආසාදිතයන්ගේ සම්පූර්ණ ගණන 21කි. නගරයේ රෙදි සෝදන මධ්‍යස්ථානයක සේවකයකුගෙන් ඔවුන් සියලු දෙනාටම වයිරසය ආසාදනය වී ඇත.
මේ අතර ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය ව්‍යාප්ත වීම ආරම්භ බව සැක කෙරෙන චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් පසුගිය දින කිහිපයේදී ආසාදිතයන් වාර්තා වීමත් සමඟ එම නගරයේ සියලු දෙනා ‘කොවිඩ්-19’ පරීක්ෂණවලට යොමු කිරීමට චීන බලධාරීහු පියවර ගත්හ. නගරයේ ජනගහනය ලක්ෂ 110කි.
ඒ.එෆ්.පී.
055
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
චීනයේ නගරයකට අගුළු දමයි
sam Thursday, 14 May 2020 09:07 AM
උතුරු නැගෙනහිර නෙමෙයි යකෝ ... ඊසාන