IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


චීන ගුවන් මගීන් වෙනම පර්යන්තයකින් කටුනායකට

(ටී.කේ.ජී.කපිල)
 
චීනයේ සිට පැමිණෙන ගුවන් මගීන්, වෙනම ගුවන් මගී පර්යන්තයක් ඔස්සේ, ගුවන් තොටුපළ වෙත ඇතුළු කර ගන්නා බව ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරීවරයා සඳහන් කරයි.
 
බෙයිජිං, ග්වැන්ෂෝ, චෙංඩු සහ කැන්ටන් යන ගුවන් තොටුපළවල සිට දිනපතා ගුවන් යානා හතරකින්, මගීන් දහසකට අධික පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබේ.
 
ඉන්පසුව එම මගීන් කොරෝනා වෛරසය පිළිබඳව විශේෂ පරීක්ෂාවකට ලක් වන බවද ඔවුන්ගේ සිරුරුවල උෂ්ණත්වය මෙන්ම අනෙකුත් කොරෝනා වෛරසයට අදාළ රෝග ලක්ෂණ ද නිරීක්ෂණය කරන බවද හෙතෙම පවයි.
 
මෙම පරීක්ෂා කිරීම් සඳහා ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරීහු, ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීහු සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍යවරු ද සහභාගී වී සිටිති. චීනය සහ ශ්‍රී ලංකාව අතර චීනයට අයත් ගුවන් සමාගම් ද , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා ද මෙහෙයුම් කටයුතු සිදු කරයි.
 
මෙම පරීක්ෂා කිරීම්වල දී , කොරෝනා වෛරස සහිත රෝග ලක්ෂණ ඇති  ගුවන් මගීන් අනාවරණය වුවහොත්, ඔවුන් අංගොඩ උණ රෝහල වෙත කඩිනමින් යැවීමට ගිලන් රථ ද ගුවන් තොටුපළ පරිශ්‍රයේ සූදානමින් තබා තිබේ.



අදහස් (10)

චීන ගුවන් මගීන් වෙනම පර්යන්තයකින් කටුනායකට

eresh S kumara Monday, 27 January 2020 08:09 AM

ගුවන්තොටුපල කාර්යමණ්ඩලය ඉතා ආරක්ෂාකාරී වියයුතුයි...

:       0       42

lalMonday, 27 January 2020 10:41 AM

වෙන රටවල් චිනයේ අයට එන එක තහනම් කරලා. අපේ රට අඔ ඇටයක් විතර තියන් දහස් ගනණ චින්නු ගෙන්නා ගන්නේ...... හැදුනොත් මුළු රටම වැනසෙනවා. බෙහෙත් නැති ලෙඩක් ලෝකේ පැතිරෙන කොට ඒ අයට ගෙන්න ගන්නේ කවුද? අං ඇති අතගාලා බලන්න.

:       34       475

dama Monday, 27 January 2020 08:25 AM

චීන්නුන්ට එන්න එපා කියපල්ලකෝ ටික දවසකට... ඉවරයිනේ වැඩේ... ඒ අය ආවත් කරදර තමයි. ලෝන් ගහන්න, කොමිස් ගහන්න බලාගෙන ඉන්න දේශපාලකයින් ඉන්න රටක්නේ...

:       26       146

Hafeel Monday, 27 January 2020 08:56 AM

එකනේ චීන අය දැන් අපිට වෛරසය දෙනවනේ.

:       3       49

Nandana Monday, 27 January 2020 09:24 AM

චිනේ සිට වෙන රටවල් වලට ගොස් එන අය ගැනත් බලන්න, ආගමන විගමන නිලධාරීන් ට පාස්පෝර්ට් එක චෙක් කරාම පුළුවන් නේ

:       0       46

sharm warn Monday, 27 January 2020 09:40 AM

මම හිතන්නේ චීනෙන් එන අයට එරටින්ම සහතිකයක් අරන් එන්න කියනවා නම් වඩාත් සුදුසුයි.. අපේ රෝහල්වල අපේ රෝගීන්ටත් ඉන්න ඉඩ මදිවෙලා ඉන්නකොට තව විදේශිකයින්ව අඬගහලා ඇතුළත් කර ගන්න වගේ වැඩ පිළිවෙලක් නම් කොහෙත්ම හරි යන්නේ නැහැ.. මේකෙන් වෙන්නේ අපි ලාබෙට කොරෝනා ගන්න තත්වයක්..

:       0       46

gayan Monday, 27 January 2020 09:50 AM

චෙන්ග්ඩු කියන්නේ සිචුවාන් ප්‍රාන්තයේ. ග්වැන්ශෝ වල අය හැම ජාතියේම මස් කනවා. මේ දෙගොල්ලෝ අතරේ අාසාධිත අය ඉන්න පුළුවන්. චීන අලුත් අවුරුද්දට ගිය අය තොග පිටින් එන්න පටන් ගන්නවා. හරියටම පරීක්ෂා කලේ නැත්තන් ලොකු විනාශයක් වෙයි...

:       0       133

raviMonday, 27 January 2020 12:03 PM

චීන්නුන්ව අල්ලලා බඩකපලා බලන්න ඕනෑ මොන මස්ද කාලා තියෙන්නේ කියලා... බලාගෙන පණ තියෙන නයෙක් බඩේ හිටියොත්...

:       8       94

Jehaan Monday, 27 January 2020 07:52 PM

සංවර්ධනය සංචාරක කර්මාන්තය කියා ලෝකෙම තියෙන ලෙඩ මෙහෙට ගෙන්නාගෙන අන්තිමට අර කියාවි සංඛ්‍යයා ලේඛන දත්ත වලට අනුව ලංකාව කෝටි දෙකේ කොරෝනා වාර්තාව පසු කළා කියලා. අන්තිමට රට උඩින් යන අහස යානා වල ඉන්න උදවියත් බිමට බාලා මෙහෙ උණ රෝහලට යවන්න. දැන් බෙහෙතක් ගුවන් තොටේදී දීලා පටවලා යවන්නේ නැතිව මෙහෙ තියා ගන්න කියපු කෙනාගේ ගෙදරට ඔය ලෙඩාව ගිහින් දාන්න.

:       0       0

sunil perera Monday, 27 January 2020 10:54 PM

නැවත දැනුම් දෙන තුරු චීන ජාතිකයන්ට වීසා බල පත් නිකුත් කිරීම නවතා දැමීමට ශ්‍රීලංකා රජය වහා පියවර ගෙන ඇත.... කොළොඹ ගුවන් තොටුපලට පැමිණෙන චීන ජාතිකයන් හරවා යැවීමට ක්‍රියා කරනු ඇති. මෙවැනි තීරණයන්ට පැමිණීමට නොහැකිවීමෙන් ලංකාවේ ජනගහනයෙන් හරි අඩක් අඩුවීමටද කරුණු අනාගතයේ සිදුවිය හැක..

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සැකකරු උසාවි භූමියේදී පැන ගිහින්
2024 අප්‍රේල් මස 18 192 0

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාර


සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව පිම්මක්
2024 අප්‍රේල් මස 18 254 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්‍රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඊයේ (17)


ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය
2024 අප්‍රේල් මස 18 213 0

ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කෝටියක මුදල් ත්‍යාගයක්
2024 අප්‍රේල් මස 18 1235 0

දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමී


දරුවාගේ ගෙලට පිහියක් මවගේ ආභරණ කොල්ලකාලා
2024 අප්‍රේල් මස 18 633 0

දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.


ජනපති චමරිට කතා කරයි
2024 අප්‍රේල් මස 18 1107 2

දකුණු අප්‍රිකාවේ එක්දින ක්‍රිකට් තරගාවලියකින් නොදැවී ලකුණු 195ක් ලබා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ජනාධිපති රනිල් වික


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 199 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1490 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1397 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site