IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


චීන - ලංකා වෙළඳ ගිවිසුමෙන් දේශීය කර්මාන්ත අනතුරේ

(රංජන් කස්තුරි)
යෝජිත ශ්‍රී ලංකා - චීන නිදහස් වෙළඳ ගිවිසුම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වීමෙන් දේශීය කර්මාන්ත රැසක් විශාල අනතුරකට පත්වනු ඇතැයි ශ්‍රී ලංකා ඇසුරුම් නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරයි.

බලපෑම් හේතුවෙන් එම ගිවිසුම චීනයට අවශ්‍ය ආකාරයට සකස්කර තිබෙන බවද චීන භාණ්ඩ 6800 ක පමණ ප්‍රමාණයක් බදුවලින් නිදහස් කිරීමට ශ්‍රී ලංකා රජය එකඟවී ඇතැයිද එම සංගමයේ සභාපති ඇන්ටන් හේමන්ත මහතා කීවේය.
ආනයනික භාණ්ඩ මත පැනවෙන සෙස් බද්දද වසර පහක් තුළ සම්පූර්ණයෙන්ම අවලංගුවන ආකාරයට යෝජිත ගිවිසුමෙන් කොන්දේසි පනවා තිබෙන බව ද ඔහු පැවසීය.



අදහස් (14)

චීන - ලංකා වෙළඳ ගිවිසුමෙන් දේශීය කර්මාන්ත අනතුරේ

ajith Tuesday, 28 March 2017 08:49 PM

දොස්තර ලා දැන් කෝ

:       8       161

SusilThursday, 30 March 2017 04:16 AM

දොස්තලා වරාය ඉස්සරහ හිටගෙන ඉන්නවා ඉන්දියාවෙන් එන බඩු නවත්තන්න, හැබැයි ඉන්දියන් බඩු හොඳයි බාල චීන බඩුවලට වඩා.

:       50       100

Sudheera Wednesday, 29 March 2017 01:18 AM

අපි නිපදවන යම් භාණ්ඩයක්, විදේශීය රටක නිපදවල සියළුම බදුත් ගෙවල ලාබයකුත් සමග අප නිපදවන මිලට වඩා අඩුවෙන් ගෙන්වන්න පුළුවන් කම තියෙනවා නම් අප එය නොගේන්වීමෙන් පාඩු සිදුකරගන්නවා නොවේද. එසේම සුළුතර නිෂ්පාදකයෙක් ආරක්ෂා කරනවාද: නැතිනම් අති බහුතර පාරිභෝගිකයන් ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනවාද? මෙයට තිබෙන හොඳම විසඳුම නම් ලාබ ඉපයිය හැකි වෙනත් නිෂ්පාදනයක් හෝ සේවාවක් ඇරඹීමයි. මීට උදාහරණ මේ ලෝකයේ ඕනෑතරම් සොයාගත හැකියි.

:       228       513

NamalWednesday, 29 March 2017 06:03 AM

සුධීර මොන ආර්ථික විද්‍යා පන්තියටද ගියේ?

:       328       114

himalWednesday, 29 March 2017 08:34 AM

නාමල්, ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ නිරපේක්ෂ හා සාපේක්ෂ න්‍යායන් ගැන කියවන්න. එතකොට වැටහෙයි. දේශීය ළදරු කර්මාන්ත ‍රැක ගැනීම කියන තර්කයෙන් හැමදාම ආරක්ෂණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න බෑ. ඒවා දැන ගන්න ඕන කාර්යක්ෂමව විදේශ නිෂ්පාදන එක්ක තරඟ වදින්න. නැත්නම් වෙන්නේ දේශීය ජාවාරම්කරුවො පාරිභෝගිකයින්ව සූරා කන එක.

:       111       342

janahitha Monday, 17 April 2017 08:31 AM

භාණ්ඩයක මිල මතම පැවතීම කොයි තරම් භයානකද කියන එක තාම තේරුම් ගිහින් නැහැ වගේ... එහි ගුණාත්මක භාවය පිළිබඳව සොයා නොබැලීමේ ගුණය ශ්‍රී ලාංකිකයන් අතරත් දැන් බොහෝදුරට පැතිරිලා... එකම හේතුව ඇසූපිරූ තැන් අඩු බවයි...

:       0       0

akila Wednesday, 29 March 2017 02:15 AM

අපේ දේශ පාලුවෝ කලොත් ඉතින් ඔයවගේ වැඩක් තමයි

:       69       184

ලුම්බිණි Wednesday, 29 March 2017 09:01 AM

වෙළඳ ගිවිසුන් අත්සන් තැබීමේදී ඉතාම පරික්ෂාකාරී විය යුතුයි (විශේෂයෙන් චීනය වගේ රට වල එක්ක). ගිවිසුම අප රටට වඩා චීනයට වාසි නම් අප අත්සන් නොකලයුතුයි. අනික මෙවැනි ගිවිසුම් ගැසීමේදී රජයේ නිලධාරීන්ට අමතරව වෙනත් දැනුමැති වියතුන් සහභාගී කල ගත යුතුයි.

:       59       212

ඉන්දික Wednesday, 29 March 2017 04:07 PM

ලංකාවේ මොනවද එහෙම නිපදවන්න පුලුවන් හැමදේම ඒ අයට දෙනකොට අපිට වෙන්නෙ ණය මතම යැපෙමින් ජිවත් වෙන්න චින බාල බඩු තමයි අඩුවට එන්නෙ ලංකාවෙ අය බලන්නෙ මිල ඔහේ ගන්නවා ගත්තැයින් පස්සෙ තමයි තේරෙන්නෙ බාල විත්තිය ලංකාවේ කොල්ලන්ට ජොබ් දෙන්නෙ කොහොමද ජොබ් මවනවද මුස්ලිම් වෙලෙන්දො පොසත් වෙයි ඒකයි වෙන්නෙ. නැතිව වෙන දෙයක් නොවෙයි

:       60       94

රවින් Saturday, 01 April 2017 05:23 AM

තර්ක කරලා පැරදුනාම ලේසියෙන්ම ඊළඟට ගන්න පුළුවන් මාතෘකාව තමයි ජාතිවාදය. ඕව කියලා මිනිසුන් ඇන්දුවා කාලයක්, අපි මෝඩ නැහැ තව දුරටත්. දේශීය දේශීය කියල වැඩි මිලට බඩු ගන්නවාද ? නැත්නම් පාරිභෝගික අවශ්‍යතාවයන් සහ අයිතීන් සුරකිනවද?. නැතිනම් කිව්වා වගේ වෙන්නේ 10-15 සුරාකන්නන් තවදුරටත් පොහොසත් වෙන එක තමයි...

:       45       71

dinuka Tuesday, 04 April 2017 04:41 AM

සියලු දේ පිටරටින ගෙන්වන්න ගියොත් රුපියල අවප්‍රමාණ වී මිලදී ගැනීමේ ශක්තිය බින්දුවට වැටේවි. චීනයට එම රට තුල සහ ඉන් පිට දැවැන්ත වෙළඳපොළක් තියනවා. එහි කර්මාන්ත මහා පරිමාණයෙන් සිදුකරන නිසා අඩු මිලට භාණ්ඩ නිපදවන්න පුළුවන්.( Economies of Scale ) . අපේ දරුවන්ට තමයි මේවගේ පව් ගෙවන්න වෙන්නේ.

:       12       1

sopi Thursday, 06 April 2017 07:19 AM

චිනයට ගිය ලෝකේ ..... අපිට අන්තිමට හුළං බොන්න වෙයි වගේ ...

:       0       0

vipula Tuesday, 11 April 2017 09:39 AM

මෙතරම් කාලයක් කරගෙන ගියේ පිටරටින් භාණ්ඩ ගෙන එක විතරයි . මෙතන කවුරුත් අදහස් දක්වල නැහැ ලංකාවේ මොනවාද චීනයට වඩා ලාබෙට හදන්න පුළුවන් දේවල්. නිකන් ලොකු කතා කියනවා විතරයි.

:       0       0

da silva berlin Friday, 21 April 2017 07:47 AM

චිනෙත් එක්ක සංසංදනය කරනකොට ලංකාවේ ශ්‍රමිකයෝ හරිම කම්මැලියි.. ඔවුන්ගේ වැටුපත් වැඩි, හැමෝම බලාගෙන ඉන්නේ පාරවල් හරස් කරන් උද්ඝෝෂණ කරමින් ඉල්ලීම් දිනාගන්න මිසක් මහන්සිවෙලා වැඩ කරලා මුදලක් උපාය ගන්න නොවේ. හැමෝගෙම ඔළුගෙඩි වල තිබෙන්නේ දේශපාලන වෛරස්, ඉතින් කොහොමද? ලෝක වෙළඳපලේ චීන නිෂ්පාදන සමග සටනක් දෙන්නේ? මෙහෙම ගියොත් අපට වෙන්නේ රටේ කොටස් විකුණ විකුණා කකා ඉන්න තමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 0 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 483 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 868 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 739 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 1000 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 778 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1684 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site