IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


චන්ද්‍රිකාටවත් මහින්දටවත් ආයෙ එන්න බෑ - විජයදාස කියයි

 රංජන් කස්තුරි


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඉතාම  පැහැදිලිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හෝ හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට නැවත ජනාධිපතිවරණයට තරඟ කළ නොහැකි  යැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.


 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 (II)  වගන්තියට  අනුව ජනතාව විසින් දෙවරක් තෝරා පත් කර ගනු ලැබු තැනැත්තෙකු නැවත එකී ධුරයට තෝරා ගැනීම සඳහා සුදුස්සෙක් නොවන බව පැහැදිලිවම සඳහන් වන බවද ඇමැතිවරයා කීවේය.


 මීට අමතරව ජනාධිපති මැතිවරණ පනතට අනුව ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයකු  දුවුරුමක් අත්සන් කළ යුතු අතර එම දිවුරුම් දීම වැරැදි ලෙස ලබා දීම දණ්ඩනීතී සංග්‍රහයේ 190 වැනි වගන්තියේ අනුව අපරාධ වරදක් වන බවද එකී වරදට වසර තුනක සිර දඩුවමක් හිමි වන බවද ඒ මහතා පැවසීය. 



අදහස් (20)

චන්ද්‍රිකාටවත් මහින්දටවත් ආයෙ එන්න බෑ - විජයදාස කියයි

Bamunuarachchi Sunday, 19 August 2018 05:04 PM

ඔබලාගේ තීන්දු තීරණ, වාද විවාද කොපමණ විසිවී යනවාද ශ්‍රේෂ්ඨාධිකරණයේදී නේද? ඉතින් මෙයත් සුපුරුදු ලෙස ඔබ ඉදිරිපත් කළ තර්කයක් පමණයි අපිට...

:       1       46

sanath Sunday, 19 August 2018 05:08 PM

ලංකාවේ නීතිය අඳුරු පැල්ලම් සහිත පුළුල් පරාසයක් තුළ ක්‍රියාත්මක වෙන නිසා මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ දැක්වීම ඇමතිතුමාගේ නිගමනයට ප්‍රතිවිරුද්ධ වියහැකියි.

:       1       41

එර්දි Sunday, 19 August 2018 05:50 PM

කොහොමත් හිටපු ජනාධිපතිනිය නැවත දේශපාලනයට ඒම අවිනිශ්චිතයි. එහෙත් හිටපු ජනාධිපතිතුමා තම පවුලෙන් ගිලිහුණු අසීමිත බලය නැවත සොයා රට අකර්මණ්‍ය කරමින් සිටියි..

:       92       35

Aruna Sunday, 19 August 2018 06:08 PM

චන්ද්‍රිකා එන්නේ නැති බව දන්නවනේ, ඒත් මහින්ද එයිද කියලා බයයි නේද?

:       0       140

sam Sunday, 19 August 2018 06:50 PM

අම්මෝ ඇති යන්තන්. දැන් කාටත් නින්ද යනවා ඇති

:       69       1

Chanak Los angeles Monday, 20 August 2018 12:29 AM

ඕකම තමයි අර හිතෙන හිතෙන කතා කියන හිටපු අගවිනිසුරුත් එදා කීවේ ..මේකනම් මහා පුදුම තණ්හාවක් නේ .. ජනවාරි 8 වෙනිදා පැරදුනාට පසුව බලය දාල යන්න අධි මධි කරනවා කියා රටේ රාවයක් ගිය එක ඇත්තක් කියලම ඔප්පු වෙනවා

:       410       351

BamunarachchiMonday, 20 August 2018 01:24 AM

එයාගේ පැමිණීම ජනතා අපේක්ෂාව එබැව පුංච් චන්දෙන් පෙන්වූවා. දැන් කරන අය කොරලා පෙන්නලා තිබෙන්නේ.

:       285       425

lalMonday, 20 August 2018 02:25 AM

ඔයාගෙ අපේක්ෂාව වෙන්නැති. ජනතාවගේ අපේක්ෂාව එයා වෙන්න බෑ. එයා එපා කියලා ගෙදර ඇරියනෙ.

:       326       176

BamunuarachchiTuesday, 21 August 2018 01:34 AM

එපා කියපු අයම අනේ නැවත එන්න අපට 2015 දී ලොකුවරදීමක් උනා කියලා 2018 පෙබරවාරි මස කීව. ඒ දිනවල ඔබ ඉපදී සිටියේ නැද්ද? අනේ පව් දෙයියනේ.

:       0       0

M. A. A. R. Fernando Monday, 20 August 2018 12:41 AM

භය වෙන්න එපා! ආයේ එන්න බෑ! - ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න

:       182       55

BamunuarachchiMonday, 20 August 2018 12:58 AM

දෙමලෙන් ලීවොත් මොකද?

:       53       24

සිරි Monday, 20 August 2018 02:14 AM

විජේදාස මහත්මයා ඉඳල හිටල රටට වැදගත් දේවල් ගැනත් කියනවා.

:       79       1

ranga Monday, 20 August 2018 03:33 AM

බහුතර මතයට සියලු දේ වෙනස්කළ හැකියි.

:       1       63

sam Monday, 20 August 2018 04:39 AM

එතකොට මේ කියන විජේදාස ඇමතිතුමා ආපහු ආවේ කොහොමද.

:       1       4

එර්දි Monday, 20 August 2018 05:27 AM

මේ නහින දෙහින කාලේ මොන ජනපති වෙනවද? පිනක් දහමක් කරගෙන ඉන්නව මිසක්... දෙපාර දෙපාර හිටියා මදැයි... ඒ වෙන රටවල... අපේ රටේ පේනවනේ.. බනිනවා, ගුටි අනින්න යනවා, බලය නැතුව පිස්සො වෙලා..

:       125       2

pawanMonday, 20 August 2018 10:20 AM

ඕක රනිල්ට කියන්න. මහින්ද එක සැරයයි පැරදුනේ...

:       0       12

KANDEPOLA Monday, 20 August 2018 05:28 AM

මෛත්‍රිට එන්නත් බෑ, රනිල්ට එන්නත් බෑ. මොකද අපි ඡන්දෙ දෙන්නේ නැහැනේ.

:       0       60

සෙනෙවි Monday, 20 August 2018 10:07 AM

ඒ විතරක් නෙවෙයි විජේදාසටත් ලබන ඡන්දෙත් ඉවරම තමයි

:       0       55

tommy Monday, 20 August 2018 10:19 AM

ඉතින් ඔය කියන දෙන්න හැරුණු කොට, ලංකාවේ වෙන කිසිම කෙනෙක් ඇත්තෙම නැද්ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නට?

:       0       1

BamunuarachchiTuesday, 21 August 2018 01:38 AM

එතන තමයි ප්‍රශ්නය. ඇයි ගොඨාභය මහතා?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 49 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 125 0

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 208 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 632 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1024 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 847 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1686 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site