IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඝාතන කොන්ත්‍රාත්තුවේ සැකකාරිය රිමාන්ඩ්: සැකකරුට ඇප

(ඩි.ජී.සුගතපාල)

රුපියල් විසි ලක්ෂයක කොන්ත්‍රාත්තුවකට   උණවටුන ප්‍රදේශයේ  කාන්තාවක් ඝාතනය කිරිම සඳහා සැළසුම් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන්  රිමාන්ඩ් බන්ධනාගාර ගත කරසිටි සැකකරු සහ සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකාරිය තව දුරටත් 24 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමටත් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය අද (10) නියෝග කළාය.
 
සැකකරු රුපියල් 20,000  මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂය බැගින්වු ශරිර ඇප දෙකක් මත මුදා හැරියේය.
 
එයට අමතරව ඝාතන කොන්ත්‍රාත්තුව සඳහා ලබා ගන්නා ලද රුපියල් විසි ලක්ෂය කිසිවෙකුටත් මුදා නොහැර රඳවා තබා ගන්නා ලෙසටද අතිරේක මහේස්ත්‍රාත්වරිය  හික්කඩුව බංකුවට නියෝගයක් නිකුත් කළාය.  මෙසේ තව දුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ අම්බලන්ගොඩ කුලිගොඩ පදිංචි දිසෙන්තුවා හන්දි දිලානි මංජුලා කුමාරිද සිල්වා නමැති ප්‍රාදේශිය සභා මහජන සම්බන්ධතා නිලධාරිණියකි.
 
 ඇපමත මුදා හරිනු ලැබුවේ ගෝනාපිනුවල බේරතුඩුව පදිංචි සොබනා හන්දි ලිලාරත්න නමැති විශ්‍රාමික හමුදා සෙබලෙකි.
 
ඝාතනය කිරිමට නියමිත කාන්තාව සොයාගිය සැකකරු  ඇය මැරිමට තමාට කොන්ත්‍රාත්ත්‍රවක් ලැබි ඇති බවත් එහෙත් තමා එයට විරුද්ධ බවත් පවසා ඇති අතර .පසුව  ඇය විසින් සිද්ධිය ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැන්වා ඇත. පසුව නියෝජ්‍ය පොලිස්පති වරයා  ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශණ අංශයට පරික්ෂණ බාරදි ඇත.
 
ඒ අනුව සැකකාරිය හා සැකකරු අත් අඩංගුවට ගෙන සිදු කරන ලද .පරික්ෂණවලදි අනාවරණයවි ඇත්තේ විදේශගතව සිටින ව්‍යාපාරික කාන්තාවගේ සැමියා විසින් බිරිඳ ඝාතනය කිරිමේ කොන්ත්‍රාත්තුව සැකකාරියට ලබා දි ඇති බවයි. පොලිසිය විසින් සූක්ෂම ලෙස කරන ලද විමර්ශනයකින් පසු ඝාතනය කිරිමට නියමිතව තිබු කාන්තාව කාමරයක බැඳ දමා කොන්ත්‍රාත්තුව ලබාගත් කාන්තාව මගින් ඒ බව විඩියෝ ඇමතුමක් හරහා ස්විට්සර්ලන්තයේ සිටින සැමියාට පෙන්වු අවස්ථාවේ වහාම සැකකාරියගේ ගිණුමට රුපියල් ලක්ෂ විස්සක් බැරකර ඝාතනය කළ පසු තවත් ලක්ෂ දහයක් දෙන බවද පවසා තිබේ.
 



අදහස් (0)

ඝාතන කොන්ත්‍රාත්තුවේ සැකකාරිය රිමාන්ඩ්: සැකකරුට ඇප

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 50 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 147 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 703 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 74 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 240 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 235 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1708 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site