IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ගෝලීය ප්‍රවණතාවලට බිය විය යුතු නැහැ - රවී කරුණානායක

හර්ෂණ තුෂාර සිල්වා
 
ගෝලීයව ඇති වී තිබෙන නව ප්‍රවණතාවලට ශ්‍රී ලංකාකියන් බිය විය යුතු නැතැයි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අද (28) පැවැසීය. 
 
ඉන්දියානු සාගර කලාපයේ මතුවෙමින් තිබෙන ගැටලු සහ විදේශ ප්‍රතිපත්තිය යන මැයෙන් ලක්ෂ්මන් කදිරගාමර්  ජාත්‍යන්තර සබඳතා සහ උපායමාර්ග අධ්‍යයන ආයතනයේ පැවැති සමුළුවේ ආරම්භක දේශනය කරමින් විදේශ ඇමැතිවරයා ඒ බව පැවැසීය.
 
ආරම්භක දේශනය සිදු කරමින් විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රධාන කොටස් තුනක් පිළිබඳව අවධානය යොමු කළේය. 
 
 වෙනස් වෙන ලෝකය, වෙනස් වන ලෝකයේ නව ප්‍රවණතාවලට ශ්‍රී ලංකා විදේශ ප්‍රතිපත්ති කෙසේ ප්‍රතිචාර දැක්විය යුතු ද යන්න සහ ලෝකයේ නව ප්‍රවණතාවලට සාපේක්ෂව මෙරට විදේශ ප්‍රතිපත්තිය කෙසේ වෙනස් විය යුතු ද යන කොටස් තුන යටතේ අමාත්‍යවරයා අදහස් දැක්වීය.
 
දින දෙකක් මුළුල්ලේ පැවැත්වෙන මෙම සමුළුවේ පළමු සැසිවාරයේදී ඉන්දියානු සාගර කලාපයේ මතුවෙමින් තිබෙන ගැටලු යන්න ප්‍රධාන මාතෘකාව විය. එහිදි කලාපයේ මතුවෙමින් තිබෙන ආරක්ෂක ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි. ඉන්දියානු සාගර කලාපයේ සාම්ප්‍රදායික ආරක්ෂාව සහ ලෝක බලවතුන් කලාපය සම්බන්ධයෙන් දක්වන ලැදිකම්, සාම්ප්‍රදායික නොවන ආරක්ෂක තර්ජන යන මාතෘකා යටතේ ද අදහස් දැක්විණි. 
 
දෙවැනි සැසිවාරයේදී සාගර කලාපය ආශ්‍රිතව ඇතිවන වාණිජ ආරවුල් නිරාකරණය, සාගර සම්බන්ධ නීති, වාණිජ සහ නීතිමය සංවර්ධනය සම්බන්ධයෙන් අදහස් පළ විය. 



අදහස් (8)

ගෝලීය ප්‍රවණතාවලට බිය විය යුතු නැහැ - රවී කරුණානායක

kasun Wednesday, 28 June 2017 07:26 PM

අපිටනම් ගෝලීය ප්‍රවණතා වලට නම් බය නැහැ, එත් ඔබතුමාගේ කියුම් කෙරුම් වලට තමයි අපට බය හිතෙන්නේ !!

:       124       548

Edward Paranawithana. Wednesday, 28 June 2017 09:58 PM

රවී කරුණානායක කියන දෙකයක් කිසිවිටකත් පිළිගත නොහැකි. රටක මුදලක් බාර අමාත්‍ය වරයා වශයෙන් රටට කල හානිය අපමනයි. රටේ වැදගත්ම අමාත්‍යංශ දෙකක් මෙවැනි කෙනෙකුට පැවරීම රටකට කරන බලවත් හානියක්. ජනතාව ඉතාමත් මෝඩයන් ලෙස සලකන මෙවැනි රටට අහිතකර පාලකයන් සිටිනතාක් මේ රට ගොඩ ගැනීම සිහනයක් පමණි.

:       279       541

නුමා Thursday, 29 June 2017 02:53 AM

ඔබතුමාගේ කතාව හරියටම හරි. අපිට ගෝලීය ප්‍රවණතා වලට බය වෙන්න වෙලාවක් නැහැ. මොකද අපි නිතරම බයෙන් ඉන්නේ ඔබතුමන්ලා ඊළඟට අපේ ඔලුවට අතාරින හෙණගෙඩිය මොකක්ද කියල. ණය මත්තෙම ජිවත් වෙන රටක් ගෝලීය ප්‍රවණතා වලට බය වෙන්න ඕන නැහැ. අනේ මංදා.

:       207       522

Senarath Thursday, 29 June 2017 03:28 AM

මේ වගේ කෙනෙක් මේ සභාවේ ආරම්භක දේශනය කිරීමම ලක්ෂ්මන් කදිරගාමර් මහතාට කරපු අවනම්බුවක්. එතුමා මේ රටට විශාල වැඩකොටසක් කරපු උත්තමයෙක්. කිසිදාක හොරකමක් කරලා නැහැ.

:       231       544

victor Thursday, 29 June 2017 08:12 AM

තමුන්ගේ ඇමතිකමේ වැඩේ හරියට කලානම් නේද හරි? ලොතරැයි මණ්ඩලය මුදල් අමාත්‍යාංශයට බාර දුන්නා නම් තවත් හොදයි නේද?

:       0       25

hewawitharna Thursday, 29 June 2017 11:29 AM

ගෝලීය ප්‍රවණතාවලට බිය නොවූවත් කියන එක්කෙනාගේ මුණ දිහා බැලුවහම බය හිතෙනවා.

:       0       22

menna Sunday, 02 July 2017 01:19 PM

මෙතුමා හැමදේම වාසනාවට වෙනවා කියල හිතන් ඉන්නවද දන්නේ නැහැ.. නේද?

:       0       0

de silva berlin Sunday, 02 July 2017 01:35 PM

මතකද ඔබතුමා ලංකාවේ පරණ වාහන අප්‍රිකාවට පටවන්න යෝජනා කළා? කෝ එ්ක හරි ගියාද? එ්කෙන්ම පෙනෙනවානේ දැනුමෙ තරම...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 281 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 388 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 65 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 530 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1499 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 3803 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site