IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ගෝඨාභයට සහය පළකරමින් පොහොට්ටුවෙන් සමුළු මාලාවක්

(නාලක සංජීව දහනායක) 
ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහය පළකරමින් විවිධ ක්‍ෂේත‍්‍ර නියෝජනය වන පරිදි  හෙට (24) සිට ඉරිදා (29) දක්වා සමුළු මාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණයකර ඇත.
 
විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ හා ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ, ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී මෙම සමුළු පැවැත්වීමට නියමිතය.
 
ඒ අනුව සමූපාකාර නියෝජිතයන්ගේ සමුළුව, විශ‍්‍රාමිකයන්ගේ, මැදපෙරදිග හා විදේශ රටවල නියුතු පවුල්වල සමාජිකයන්ගේ සමුළුව, රණවිරු පවුල්වල සාමාජිකයන්ගේ සමුළුව, ධීවර නියෝජිත සමුළුව, ව්‍යාපාරික හා සංචාරක සංවිධාන සමුළුව, දහම්පාසල් /පිරිවෙන් ගුරුවරුන්ගේ සහ සංස්කෘතික ක්‍ෂේත‍්‍ර නියෝජිතයන්ගේ සමුළුව, එළවළු වගාකරුවන්ගේ සමුළුව සහ ඇඟළුම් ක්‍ෂේත‍්‍ර නියෝජිතයන්ගේ හා රූපලාවන්‍ය ශීල්පී ක්ෂේත‍්‍ර නියෝජනය කරමින් එම සමුළු පැවැත්වේ.



අදහස් (13)

ගෝඨාභයට සහය පළකරමින් පොහොට්ටුවෙන් සමුළු මාලාවක්

wimal Monday, 23 September 2019 11:08 AM

ජය වේවා ! 70% පනින්න ඕන මේ ගමන ඡන්ද ප්‍රතිඵල.

:       2604       2454

LionMonday, 23 September 2019 12:27 PM

වැරදි 99% ක් පන්නනවා.නොවැරදීම ඔය ජනහමුවලට නඩු තියෙන හැම කෙනෙක්ම සහභාගිිී කරවගන්න ඕනේ.

:       1       0

Hafeel Monday, 23 September 2019 11:20 AM

අතුරුදන් කළ මාධ්‍යවේදීන්ගේ සමුළුව නැද්ද?

:       1064       535

maxMonday, 23 September 2019 12:52 PM

රිචර්ඩ් ද සොයිසා, ප්‍රේමකීර්තිද අල්විස්, තේවිස් ගුරුගේ, විජය කුමාරතුංග වගේ කට්ටිය ගැනද හෆීල් කිව්වේ...?

:       0       0

Dhammasiri himiMonday, 23 September 2019 10:48 PM

තියෙනවා. ඒකට රනිල්, අනුර කුමාර දෙන්නටත් ආරාධනා කරනවා. රිචඩ් ද සොයිසා, ප්‍රේමකීර්ති ද අල්විස් , තේවිස් ගුරුගේ, සාගරිකා ගෝමස් යනාදී අයගේ ඝාතන ගැනත් විශේෂ දේශනයක් තියෙනවා. කැමති නම් සහභාගී වෙන්න. දිනය පසුව දැනුම් දෙන්නම්.

:       0       1

samTuesday, 24 September 2019 03:19 AM

ඒක ඉතින් යුඑන්පී එකටත් කියන්න.

:       0       0

sirimal Monday, 23 September 2019 11:58 AM

ඉතාම කාලෝචිත වැඩ සටහනක්. ඒ වගේම රතුපස්වල විරෝධතා දක්වූවන්ගේ සමුළුව, මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ගේ සමුළුව, ලසන්ත වික්‍රමතුංග, ශ්‍රීපති සුරියආරච්චි, තාජුදීන්, කිරිවෙහෙර නායක හිමියන් සිහි කර පින් පැමිණවීමේ සමුළුව, ආණ්ඩුවෙන් මුදල් ලබාදුන් තවුහිත් ජමාත් 26 දෙනාගේ සමුළුව, මාතර සැප මාලිගාව පිළිබඳ සමුළුව, ගාලුමුවදොර අක්කර 20, යටියන්තොට අක්කර 50, පැලවත්තේ අක්කර 1200, උල්හිටියේ අක්කර 1500, සෝමාවතිය වනාන්තරයේ අක්කර 5000, මොනරාගල අක්කර 5000, හම්බන්තොට අක්කර 5000 පිළිබඳ සමුළුව, කොළඹ යාචකයින්ගේ සමුළුව, ග්‍රීක බැඳුම්කරය, මිග් යානා හුටපටය, හෙජින් ගනුදෙනුව, ඊපීඑෆ් සෙල්ලම, ගල් අඟුරු සෙල්ලම පිළිබඳ සමුළුව යනාදිය පවත්වන්නේ කවදාද අපේ මහත්තයෝ...? එවාටනම් නොවරදවාම සහභාගී වෙනවා. මොකද හරි රසවත් කතා ටිකක් අහගන්න ලැබෙයි. ඒකයි.

:       0       0

max Monday, 23 September 2019 12:01 PM

බොහොම හොඳයි. ඒ වගේම සියලු ජාතික බලවේග ඒකරාශී කරගන්න. ජාතිකත්ව ධජය යටතේ සිංහල, දෙමල, මුස්ලිම් රටට ආදරේ හැම දෙනා එක් කරගෙන මේ දුර්දාන්ත ආණ්ඩුව ගෙදර යවමු. රට අනාරක්ෂිත කළ, ආර්ථිකය කාබාසිනියා කළ, අන්තවාදය පෝෂණය කළ, සංහිඳියාවේ නාමයෙන් වර්ගවාදයට උඩගෙඩි දුන්, දේශපාලන පලි ගැනීම් තම මූලික අරමුණ කර ගත් (උදා: දිල්රුක්ෂි මහත්මියගේ පාපොච්චාරණය), රණවිරුවන් මහපාරට දැමූ, විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර නෝක්කාඩු ඇති කරමින් ජාත්‍යන්තරය ඉදිරියේ විහිළුවක් බවට පත් වූ මේ ආණ්ඩුව පලවා හරින්න පෙරමුණ ගන්න.

:       0       0

iran Monday, 23 September 2019 02:30 PM

මාලාවක් නොව ගංගාවක් ගැලුවත් දිනුම සිහිනයක් වේවි..!!!

:       0       0

VPerera Monday, 23 September 2019 03:48 PM

රතුපස්වල අයගේ දෙමව්පියන්ටයි, තාජුදීන් - ලසන්තලාගේ අයටයි, කටුනායක ළමයාගේ කට්ටියටයි එන්න කිව්වොත් ලොකු පිනක්...

:       0       0

thanuja Monday, 23 September 2019 04:07 PM

කලබල නොවන්න.මාධ්‍යවේදීන්ගේ ඝාතන වලට එරෙහිව විරෝධතා මාලාවක්, අතුරුදහන් වූවන්ගේ පෙළපාලි මාලාවක්, විසි නවයක් බන්ධනාගාරයේදී ඝාතනය කළා කියා විරෝධතා මාලාවක්, මිග් ගණුදෙනු හා සමාන තවත් මහා පරිමාණ වංචා පිළිබද විරෝධතා මාලාවක්, රතුපස්වල වතුර, ධීවරයින්ට තෙල් මිල අඩු කිරීම වැනි කාරණා වලදී වෙඩි තැබීමට එරෙහිව පෙළපාලි මාලාවක්, යුධ හමුදා මූලස්ථානයේ අක්කර 8 කට වැඩි ඉඩම හා තවත් කොළඹ වටිනා ඉඩම් බලහත්කාරයෙන් පරවාගෙන චීනෙට කුණු කොල්ලෙට විකුණා කෝටි ගණන් මුදල් ඉපයීමට විරෝධතා මාලාවල්..................

:       0       0

Chanak los angeles Monday, 23 September 2019 04:51 PM

නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයා දමපු ගමන් ඡන්ද ටික නියමෙට කැඩෙනවා ඉතින් වෙන්නේ මොන සමුළු තිබ්බත් ගෝඨාගේ දරු පවුල ළඟට යන්නයි. හැබැයි එකත් විශ්වාස නැහැ. තිබෙන අපරාධ නඩු ඔප්පු වෙලා ජම්පරය අඳින්නත් ඉඩ තිබෙනවා.

:       0       0

Migida Monday, 23 September 2019 05:37 PM

හදිසිවෙන්න එපා.නාම යෝජනාවෙන් පස්සෙ බලමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 355 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 368 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 106 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1239 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 327 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 372 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site