IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගෝඨාභය තලවිල ශාන්ත ආනා දේවස්ථානයට ගොස් දේවාශිර්වාද ලබාගනී

(පද්මා කුමාරී කංකානම්ගේ)

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා තලවිල ශාන්ත ආනා දේවස්ථානයට අද (22) පැමිණ දේවාශිර්වාද ලබා ගත්තේය.

දේවස්ථානයේ පාලක පියතුමන් වන ලයිලි ප්‍රනාන්දු පියතුමන් විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස උණුසුම් අයුරින් පිළිගත් අතර පැයකට ආසන්න කාලයක් ගෝඨාභය මහතා දේවස්ථානයේ පියතුමන්ලා සමඟ සාකච්ඡාවක නිරත වූහ.

අනතුරුව ශාන්ත ආනා දේවස්ථානය තුළ ආශිර්වාදාත්ම දේව මෙහෙයක් ද පවත්වමින් පාලක පියතුමන් විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ආශිර්වාද ගන්වන ලදී.

මෙම අවස්ථාවට පුත්තලම  දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත, ප්‍රියංන්කර ජයරත්න, අරුන්දික පෙරේරා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

 

 

 



අදහස් (20)

ගෝඨාභය තලවිල ශාන්ත ආනා දේවස්ථානයට ගොස් දේවාශිර්වාද ලබාගනී

ජයන්ත මිලානෝ Sunday, 22 September 2019 05:06 PM

හරිම අපූරුයි. කලින් හලාවත මුන්නේශ්වරම කෝවිලේ. ඊට පසු තලවිල මරියාගේ ආශීර්වාදය... ඊට පස්සේ දළදා මාලිගාවේ. දිනුවොත් එහෙම මේ දෙවිවරු ගහගනියි. ඔක්කෝටම කලින් මමයි දිනෙව්වේ... මමයි දිනෙව්වේ කියලා.

:       0       0

sirimal Sunday, 22 September 2019 05:33 PM

දැන්ද දෙයියන්, බුදුන් මතක් වෙලා තියෙන්නේ? හොඳට යාඥා කරන්න මහත්තයෝ. මොකද අර ඇමෙරිකන් පුරවැසි අවුල ආයෙත් මතුවෙනවා වගේ පෙනෙන්න තියෙනවා.

:       0       0

බද්රානි Sunday, 22 September 2019 05:57 PM

මම මෙතෙක් කලක් හිතාගෙන හිටියේ කතෝලික පල්ලිය දේශපාලකයින්ට ආවඩන ස්ථානයක් නොවන බවයි. එ්ත්, දැන් ඒ තත්වය වෙනස් වෙලා. කතෝලික සභාව, මේ රටේ සිටින සියලුම කතෝලිකයින්ගෙන් සමාව ගත යුතුයි. ඒ වගේම කතෝලික පල්ලිය දේශපාලන වේදිකාවක් කල පූජකවරුන්ට අපගේ බලවත් අප්‍රසාදය!! මේ කාරණාව එක දේශපාලකයෙකුට පමණක් නොවේ, සියලුම පක්ෂවල දේශපාලකයින්ට අදාලයි. ලැජ්ජයි!!

:       0       0

shirlykurera Sunday, 22 September 2019 08:04 PM

පල්ලියත් පන්සලගානට වැටිලා අනේ කතෝලික සභාවට ජේසුපිහිටයි.

:       60       254

ප්‍රීති Sunday, 22 September 2019 08:22 PM

දේශපාලකයින්ට පල්ලියේ විශේෂ පුටු තියලයි සලකලා තියෙන්නේ. අපි දන්නා කතෝලික දහමේ නම් පල්ලියට ඔය කවුරුත් එකයි. ඒ මදිවාට, ආරක්ෂකයෝ වෙන්න ඇති, අල්තාරය දෙසට පස්ස හරෝගෙන. දේශපාලකයින්ව පල්ලියට ලංකරගෙන කතෝලිකයින්ව පල්ලියෙන් ඈත් කිරීමටද පියතුමන්ලා මේ උත්සහ කරමින් සිටින්නේ?

:       105       323

Amila Monday, 23 September 2019 01:25 AM

ලැජ්ජා නෑනේ වද්දගන්න ... !

:       217       357

dhammika perera Monday, 23 September 2019 01:53 AM

දේව ආශීර්වාදය කෙසේවෙතත් දෙවියන්ගෙන් සමාව ඉල්ලුවොත් හොදයි.

:       60       164

Saman Monday, 23 September 2019 02:24 AM

කියපු , හිටපු විදියට දැන් මෙහෙම නම්.. ඉස්සරහට මක්කමත් යයි වගේ..

:       51       190

Chanak Los Angeles Monday, 23 September 2019 02:38 AM

මටනම් පෙනෙන්නේ මේ ඔක්කොම ටික වැලිකඩ තුල රැඳවියන් වෙලා ඉන්නවා වගෙයි . මොන කරුමයක්ද මන්දා ? .

:       52       116

ගොටු බමුණා Monday, 23 September 2019 05:19 AM

නොපෙනෙන දෙයියන්ගෙන්ම ඡන්දෙත් දිනවල දෙන්න ඉල්ලන්න. මේ වගේ පන්සල් පල්ලි කෝවිල් ගානේ කන්නලව් කරන් කොහොමද රටක් හදන්නේ.

:       213       222

kamal koyrala Monday, 23 September 2019 05:34 AM

පන්සල් වනදනාවේ ගිහින් පන්සලුත් දේශපාලන මඩු ගරාගෙන දැන් පල්ලි යත් දේශපාලන මඩුවලට පත්කර ගෙන.

:       90       116

Uditha - London Monday, 23 September 2019 05:37 AM

මේ මහත්තයත් පන්සල් පල්ලි කෝවිල් දේවාල ගානේ ඇවිදිනවා හැම දාම. ඡන්දෙ කෙසේ වෙතත් ලංකාවේ සිද්දස්ථාන ටික නම් දෙවියනේ කියල වැඳ පුදා ගන්නවා. එකටම හරියන්න අපේ හෙන්චෙයල ටික.... දෙවියන්ටත් උබතෝකෝටික ප්‍රශ්නයක් වෙලා ඇති ලංකාවේ ප්‍රශ්න විසදන්නේ කොහොමද කියල හිතල...

:       89       58

Rata Perata Monday, 23 September 2019 06:07 AM

දැන් ඉතින් රටේ තියෙන පන්සල් පල්ලි ඉවර කරයි.

:       106       132

chamath Monday, 23 September 2019 08:24 AM

ලංකාවම ඉල්ලන අපේ නායකයාට ජය වේවා!

:       199       56

amali Monday, 23 September 2019 08:51 AM

පල්ලිය වඳින්න ආපු අහිංසක මිනිස්සු මැරුණට දුක නොහිතුන අයට දැන් ගොටාභය දැක්කම තරහ ගිහින්. හැබැයි ඒවාට වගකිවයුතු අය ළඟින් තියාගෙන දැන් අරය ඉන්නේ අපිත් එක්කයි එයා ඉන්නේ අපිත් එක්කයි කියන කොට සතුටට අප්පුඩි ගහනවා.

:       0       0

ලක්සිරි Monday, 23 September 2019 10:32 AM

කෝ අපේ කාදිනල්තුමා? එහෙම නැත්නම් කොහේවත් ගිහිල්ලා වත්ද?

:       0       0

indika Monday, 23 September 2019 11:40 AM

පියතුමන්ලා දෙපලගේ අසරණ මුහුණු දෙක අපට ගොඩක් දේ කියාදෙයි.

:       0       0

බිම්සර Monday, 23 September 2019 12:26 PM

ගෝඨා දින්නොත් බලගතු ඇමති කෙනෙක් ඉන්නවා කථානායක ලෙසත් බොරුවට රඟ පෑව....

:       1       0

janaki Monday, 23 September 2019 02:36 PM

ඔන්න දැන් පන්සල් වගේ, පල්ලිත් දේශපාලන ප්‍රචාරණ මධ්‍යස්ථාන වෙමින් යනවෝ..!!!

:       0       0

kamal Monday, 23 September 2019 02:37 PM

පන්සල් විනාශකරලා දැන් පල්ලිත් විනාශ කරන්න වගේ යන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1090 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1077 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 612 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1605 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 80 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2683 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1544 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site