IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ගෝඨාගේ නඩුවේ එකඟතා බිඳෙයි

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

වීරකැටිය මැදමූලන ඩී.ඒ .රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදලින් මිලියන 33.9 ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ඊට සම්බන්ධ වන ප‍්‍රතිශෝධන පෙත්සම් විභාගය අවසන් වන තුරු පවත්වාගෙන නොයන බවට ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ඇති කර ගත් එකඟතාවට අනුව කටයුතු  නොකරන බව නීතිපතිවරයා අද (21) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපතිවරයා වෙනුවෙන් මෙම දැනුම් දීම කරනු ලැබුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා විසිනි.

හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන්  ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ඇති කර ගත් එකඟතාව අනුව දිගටම කටයුතු කරනවාද නැද්ද යන්න පිළිබඳ නීතිපතිගේ ස්ථාවරය දැනුම් දීම සඳහා මෙම පෙත්සම ඊයේ අධිකරණය හමුවේ කැඳවනු ලැබිණි.

තමන්ට එරෙහිව නඩුව විභාග කිරීමට කොළඹ ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරුන් ඉදිරිපත් කළ  මූලික විරෝධතාව  මහාධිකරණය මගින් ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රතිශෝධන පෙත්සම ගොනු කර තිබිණි.

අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවිණි.

ඒ අනුව මෙම ප‍්‍රතිශෝදන පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 30 වැනිදා යළි කැඳවන ලෙසද නියෝග කෙරිණි.

පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පෙත්සමේ සඳහන් කර ඇත්තේ ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක  මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට තමන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බවත් එම නඩුව විභාග කිරීමට විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු  මූලික විරෝධතාවක් මතු කළ ද එම මූලික විරෝධතාව එම මහාධිකරණය මගින් ප‍්‍රතික්ෂේප කළ බව පෙත්සම්කරු කියා සිටියි.

එම මහාධිකරණ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා ඊට අදාළ ගොනු විශේෂ මහාධිකරණය වෙත බාර දෙනු ලැබුවද එය බාරගෙන ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම එම ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප‍්‍රතික්ෂේප කළ බවද එම පෙත්සමේ සඳහන් වේ.

එලෙස තම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට වෙත යොමු කිරීම ප‍්‍රතික්ෂේප කිරීමට විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගත් තීන්දුව නීති විරෝධී යැයි ප‍්‍රකාශ කරන්නැයිද පෙත්සමින් ඉල්ලා ඇත.

මෙම  පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ලබාදෙන තෙක්  විශේෂ ස්ථිර  ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ තමන්ට එරෙහිව පවතින නඩුව විභාගය කිරීම අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

මෙම කරුණටම අදාළව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන තිබෙන තවත් රිට් පෙත්සමක්   ලබන 30  වන දා  සලකා බැලීම සඳහා කැඳවන බවද අභියාචනාධිකරණය නියම කළේය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා , නීතිඥ සුගත් කල්දේරා සහ නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක යන මහත්වරු පෙනී සිටියහ.

ඡායාරූප - ලහිරු හර්ෂණ



අදහස් (11)

ගෝඨාගේ නඩුවේ එකඟතා බිඳෙයි

Kumar Tuesday, 21 May 2019 02:02 PM

TNA මන්ත්‍රීවරයෙක් වාහනයක් අනවශ්‍ය ආකාරයට පාවිච්චි කළාට හිරේ ගියානේද? එතකොට කෝටිගණන් මහජන මුදල් තමන්ගේ පුද්ගලික දෙයක් සඳහා යෙදවීම දඬුවම් ලැබිය හැකි වරදක් නොවේද?

:       0       0

sirimal Tuesday, 21 May 2019 02:39 PM

තව පෝය කීයද ඇදගෙන යන්න තියෙන්නේ? එතකොට ඔය එකඑක දවසට එකඑක නීති තර්ක අනිත් ගොල්ලන්ට ගෙනෙන්න ලැබෙන එකක් නම් නැහැ ඔන්න...

:       0       0

almeida Tuesday, 21 May 2019 03:38 PM

මහජන දේපල හොරා කාලා තව ටයි කෝට් දාගෙන එනවා...

:       0       0

Prabhath Tuesday, 21 May 2019 05:11 PM

ඇයි අනේ එඩිතරව නඩුවට මුහුණ නොදෙන්නේ! විරෝධතා නැත්නම් දැන් නඩුව තීන්දු කරලනේ. වරදක් නොකලා නම් නඩුවට බය ඇයි?

:       7       20

d.upul Tuesday, 21 May 2019 07:07 PM

මොනවා හරි කරමින් කාලය කනවා. අන්තිමට මේ නිලධාරීන්ට අපි පඩි ගෙවනවා.

:       51       73

Chanak los angeles Wednesday, 22 May 2019 03:10 AM

මෙයාවද රටේ නායකයා කරවන්න ඕනේ කියන්නේ ?

:       207       251

janahitha Wednesday, 22 May 2019 11:02 AM

ඔව්, ඇයි ප්‍රශ්නයක්ද?

:       0       0

Bamunuaarachchi Wednesday, 22 May 2019 01:31 PM

සමහර ගුණ මකුවන් ඔබතුමාගේ වටිනාකම දන්නේ නැහැ. සිංහල බෞද්ධ හැම කෙනෙකුගෙන්ම වැඳුම් පිදුම් ලැබීමට සුදුසු ඔබතුමා අපේ ඊළඟ ජනාධිපතිතුමා වන බව අපට විශ්වාසයි. ඔය බොරු නඩු ගණන් ගන්නේ කවුද? මේ රටේ සියලු දෙනාම ඔබතුමාට ණය ගැතියි.

:       313       322

chathuriFriday, 24 May 2019 01:45 PM

අපේ නම් කොන්ද පණ තියෙනකම් හොරුන්ට වචනයෙන් හෝ වන්දනා මාන කරන්නේ නැත. තමන්ට රැකියාවක් ලැබුණා කියලා. නූගත්කමට මුළු රටක් විනාශමුඛයට ඇදන් යන්න ඉඩ තියන්නේ නැහැ. මහින්ද, ගෝඨා, බැසිල් නැති දාට මේ කට්ටියත් ඉවරයි. ඇපල් ෆෝන් පාවිච්චි කරන්නේ.... නමුත් තවමත් ගල් යුගයේ ජීවත් වෙන මිනිස්සුත් ඉන්නවා..

:       1       1

sinna pora Friday, 24 May 2019 03:13 AM

මෙයාට විරුද්ධව නඩු දාන්න කාටවත් බැහැ.

:       1       2

sinna pora Friday, 24 May 2019 03:16 AM

මෙයාවද රටේ නායකයා කරවන්න ඕනේ කියන්නේ ? මම ඉඩ දෙන්නේ නැහැ. එතකොට මමවගේ සාන්තුවරයෙකුට කොහෙද අවස්තාව තව අවුරුදු 5 ක ට.

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 696 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 255 0

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 319 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 286 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 479 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 4076 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site