අංජුල මහික වීරරත්න
අසීමාන්තිකව ණය ගෙන ඒවා ගෙවා ගන්නට නොහැකිව දුක් විඳින කාලයකට නැවත ගමන් කරන්නට ජනතාවට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද (23) පැවසීය.
තඹ සතයක්වත් නැති රටක් බාරගෙන අනාගතයක් ලබා දීමට යහපාලන රජයට හැකියාව ලැබුණු බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය.
අග්‍රාමාත්‍යවරයා මේ බව කීවේ මෝදර ‘‘ මෙත් සඳ සෙවන‘‘ මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේදීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විනි.
ජනාධිපති , අගමැති සහ පාඨලී චම්පික රණවක මහතා අතින් නිවාස ඒකක 722 කින් යුතු නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
ඡායාරූප - ශාන්ත රත්නායක
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගෙවා ගන්න බැරි ණය ගත්තු කාලය ඉවරයි - අගමැති
Raveendra Wednesday, 23 May 2018 04:16 PM
ඇත්තෙන්ම මොනවද මේ දොඩවන්නේ? මේ රටේ "වැදගත් යයි " කියාගන්නා මිනිසුන් නේද මෙසේ පිස්සන් සේ නන්දොඩවන්නේ? අවංකව සිතය හැකි මහත්ම, මහත්මීන් (තම තමන් වන්දනා මාන කරන පක්ෂ ගැන නොසිතා) දන්නේ නම් මේ ඔලමොට්ටල කතා පිළිබඳව සත්‍ය, අසත්‍යතාවය අපගේ දැනගැනීම සඳහා දක්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
kolitha Wednesday, 23 May 2018 04:39 PM
දැන් අවුරුදු 3ක් ගෙවනවා නේද? හා කියමු බලන්න රටට කරපු එක දෙයක්.
gayanThursday, 24 May 2018 01:05 AM
විදේශ ණය ගැනීම් පහළ දැමීම සඳහ ආර්ථික කළමණාකරණයේ හා දේශපාලන ස්ථාවරත්වයේ අවශ්‍ය වෙනස්කම් සිදුව නොමැති තත්වයක් එතුමාගේ කථාව යථාර්ථයෙන් බාහිර ප්‍රකාශයක් බව පෙනුනත් ණයගැනීම් අවම කිරීමේ විසඳුම හැර අන් විසඳුමක් ජාතිය ඉදිරියේ නෑ. ඔබ දන්නව අපි ගන්න ද්විපාර්ශීය ණය වලින් 90% පමණ හා බහුපාර්රශවීය ණය වලින් 30% ක් පමණ රජයේ පරිභෝජන වියදම් ආවරණය කරනවා. වෙනත් විදියකට කිව්වොත් ව්‍යාපෘති ණය වලින් 58% පමණ හා ව්‍යාපෘති නොවන ණය වලින් 90% පමණ ඒ සඳහා යොදවනවා. විදේශ ණය වැඩිවන විට රජයේ ආයෝජනය අඩුවිමේ නැඹුරුවක් පෙන්වමින් තියෙනව වගේම රජයේ පරිබෝජන වියදම් අඛණ්ඩවඉහළ යනව .මේ නිසා විදේශ ණය වැඩිවන විට රටේ අයවැය පරතරය, දේශීය සම්පත් පරතරය හා විදේශ සම්පත් පරතරය පාලනය කළ නොහැකි වේගයකින් ඉහළ යනවා. 2000න් පස්සේ මේ තත්වය බරපතල වුනා 2006 න් පස්සේ එය ආර්ථික අර්බුදයක ඉමකරා තල්ලු වුනා. ඒක තමයි ඔය ලොකු ලොක්කො ආර්ථික අර්බුදය කියල කථා කරන්නෙ. ඒ කට ප්‍රධාන හේතුව තමයි අපරිපාලිත විදේශ ණය ඒත් රජයේ වියදම් පාලනය කරමින් දුශ්කරතා මැදින් යන ගමනකට ජාතිය පෙළ ගස්වන්න පවතින දේශපාලන අස්ථාවරත්වය ඉඩදෙන්නෙ නෑ.
RNG Thursday, 24 May 2018 01:30 AM
ඇයි මහ බැංකු හොරකම..ඒක ඇතිනේ ඉතින් අවුරුදු පහටම..
LapayaThursday, 24 May 2018 02:08 AM
ඇයි ඔයයි මහ බැංකුව සුද්ධ කලේ....ඒක මදිද? අහනවා මොනාද කලේ කියලා..........හෙට අනිද්දට ඊපීඑෆ් එක සහ සමෘද්ධි බැංකුව සුද්ධ කරන්න ඉන්නේ.......නැද්ද හා..........
මල්ලි Thursday, 24 May 2018 03:54 AM
ණය වලින් හිර වෙලා ඉන්න කෙනෙක් අලුතින් දෙයක් කරන්ඩ යන්නේ නෑ... කරනවානම් අලුත් ණය අරන් තමයි රටට අවශ්‍ය නව ව්‍යාපෘති කරන්ඩ ඕනේ...
සමීර Wednesday, 23 May 2018 06:51 PM
මේ මහත්තුරු කරපු දේවල් නම් මොනාද කියල නම් දන්නේ නෑ. හැබැයි මෙහෙම දෙයක් නම් තියෙනවා. අපි ණයක් ගත්තොත් ඊලග මාසේ ඉදන්ම ණය ගෙවන්න ඕන. හැබැයි රජයක් වෙන රටකින් ණයක් ගත්තොත් සහන කාල සීමාවක් තියෙනවා ණය ගෙවන්න පටන් ගන්න. මහින්ද ආණ්ඩුවෙන් රටට දරන්න බැරි තරම් ණය ගත්තා. සහන කාල සීමාවේ නිසා ණය නොගෙවා වැඩත් ගොඩක් කරා. දැන් සහන අවුරුදු කීපය ඉවර නිසා ඒවා ගෙවන්න ඕන. දැන් මහින්ද මහත්තය හිටියත් පාරවල් පාලම් හදන එක නතර කරලා ණය ගෙවන්නම ඕන. ණය ගෙවන්න නම් බදු ගහන්නම ඕන.
lalithsjm Thursday, 24 May 2018 01:05 AM
දැන් තියෙන්නේ ගෙවාගන්න බැරි හොරකම් කරන අහන ඉන්න බැරි පම්පෝරි ගහන කාලයක් නේ.
td Thursday, 24 May 2018 01:08 AM
ලංකාවේ තිබෙන තිබෙන සීමිත ඉඩම් සහ නිවාස ප්රශ්නය විසදීමට ඇති එකම සහ ප්‍රයෝගික ක්‍රමය ශක්තිමත් මහල් නිවාස යෝජනා ක්‍රම ඇති කිරීමෙන් බොහෝ දුරට නිවාස ප්රශ්නය විසදිය හැකිය. රටේ දියුණුවත් සමග වැඩකරන ජනතාව නගරය කිට්ටුව පදිංචිවීම සිදුවේ. විශේෂයෙන්ම වතුකරයේ තිබෙන ඉතා කුඩා නිවාස ලයින් කාමර වෙනුවට සක්තිමත් මහල් නිවාස ඉදිකිරීමට රජය මැදිහත්විය යුතුය. වතුකරයේ නිතර ඇතිවන කාලගුණ විපර්යාස සහ කඳු නාය යාම් ඇතිවන නිසා සුදුසු පරිසරයක ඉක්මනින් මහල් නිවාස යෝජනා ක්‍රමයක් ඇතිකිරීම කාලෝචිත ක්‍රියාවකි. ඉන්දියාවෙන් ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණු නිවාස 10,000 වෙනුවට මහල් නිවාස යෝජනා ක්‍රම කීපයක් ඇතිකිරීම යෝග්‍යය. වතුවල සේවය කරන සේවකයන්ට එම සමාගම් මගින් නිවාස සංකීර්ණයේ සිට වතුවලට සේවයට යාම සදහා මගී සේවයක් ඇතිකලහැකිය. ඉතා කටුක ජිවිතයක් ගත කරන මේ අසරණ මිනිසුන් වෙනුවෙන් රජය සහ වතු සමාගම් එක්ව වතුකරයේ තිබෙන නිවාස ප්‍රශ්නයට විසදුමක් දීම වටී. රටට විසල අදායමක් ගෙනෙන තේ කර්මාන්තයේ තිරය පිටුපස සිට අවුව වැස්ස නොබලා කටුක අපහසුම රාජකාරියක නිරතවන වතුකර දෙමල ජනතව වෙනුවෙන් යමක් රජය විසින් කල යුතුව ඇත.
rahi Thursday, 24 May 2018 01:09 AM
එහෙමනම් මොකටද අපේ බැංකු පොලියටයි හැම දෙටමයි අමුතුවෙන් බදු ගහන්න පටන් ගත්තේ?
සඳුන් Thursday, 24 May 2018 02:18 AM
එක්කො මේ අයට පිස්සු. එහෙම නැත්නම් හරියට කියනව නම් මේ අයව පත්තර ගන්නා මහජනයාට පිස්සු.
ajith Thursday, 24 May 2018 02:55 AM
ගිය ආණ්ඩුවේ වැඩනේ අවුරුදු 3ක් ගිහිල්ලත් විවෘත කරන්නේ . තාම විවෘත කරපු නැති එත් වැඩ ඉවර කරපුව තව ගොඩක් තියෙනවා.
sam Thursday, 24 May 2018 02:57 AM
ඔව් දැන් මොන යකාද අපිට නය දෙන්නේ ?
Bamunuarachchi Thursday, 24 May 2018 03:04 AM
අපට ගෙවා ගන්න බැරි එකම ණය ඕගොල්ලෝ. ඕගොල්ලෝ චුතවෙලා යනවානම් අපි ලොකු නයක් ගෙව්වා වගෙයි
prakaash Thursday, 24 May 2018 03:45 AM
ඔව් ඉතින් නුඹලා ණය ගෙවන එකක්යැ...... රටේ ජනතාවනේ වන්දියත් ,ණයත්,පවත් ගෙවන්නේ.
vipula Thursday, 24 May 2018 07:27 AM
එහෙම නම් ඉතින් ඔය ණය ටික ගෙවන්න මෙතරම් ලොකු අමාත්‍ය මණ්ඩලයක් ඕනෙද ?
saman Thursday, 24 May 2018 07:51 AM
පහුගිය කාලේ මහා විශාල පාරවල්, ගුවන් තොටුපළවල් වරායවල් හැදුවේ රජතුමාගේ සල්ලි වලින් වත් ජනතාවගේ බදු මුදල් වලින්වත් නෙමෙයි ගත්තු ණය වලින්.
ramaniFriday, 25 May 2018 02:33 AM
ණය අරන් හදපු පාරවල යන්නේ නැතුව එහෙමනම් ගෙදරට වෙලා ඉන්න. ණය අරන් ඉවර කරපු යුද්දෙත් අයිමත් පටන් ගන්න කියන්න. හැබැයි ණය අරන් ඇමතිවරුන්ට කෝටි ගණන් වටින වාහන අරන් දුන්නට මුකුත් කියන්න බැහැ වගේ නේද. මොකෝ ඒවා ගත්තේ අගමැතිතුමාගේ සහ ඇමතිවරුන්ගේ සල්ලි වලින්ද?
anura Thursday, 24 May 2018 07:58 AM
එහෙනම් කිව්ව තරම් ලොකු ණය කන්දරාවක් නොතියෙන්න ඇති. සියළුම මහජනතාවට දැන ගන්න ඔබ තුමාට කියන්න පුළුවන්ද, කොයිතරම් ණයක් තිබුනාද, එය ඔබතුමන්ලා කියන මේ තත්වයට ගෙන ආවේ කෙසේද කියලා.
appuhamy Thursday, 24 May 2018 08:14 AM
අනේ පව්! අපේ හිටපු මුදල් ඇමති තුමා තෙමිච්ච කුකුලෙක් වගේනේ. ඇයි මේ? ඔබ තුමා ඉන්නකෝ ටිකක් හුස්ම අරගෙන පපුව පුම්බල එඩිතරකම පෙන්නගෙන.
raheem Thursday, 24 May 2018 09:54 AM
හැමෝම අලුත් ආණ්ඩුවක් හැදුවම කියන්නේ භාණ්ඩාගාරය හිස් . දැන් ණය ඔක්කොම ගෙවල ඉවරද? එතොකොට දැන් ගන්න ණය ගෙවන්න පුළුවන් ඒවාද? තව ආණ්ඩුවක් ඉසරහට ආවමත් කියයිද මේ කතාවම? දැන් අමාරු ණය ගෙවල ඉවරනම් මහජනතාවට සහන දෙන්න පුළුවන්නේ?