IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


ගුවන්තොට සංචාරකයන්ට විවෘත කිරීම පමා වෙයි

( තිළිණි ද සිල්වා)

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංචාරකයන් සදහා විවෘත කිරීම ප්‍රමාද විය හැකි බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අගෝස්තු 1 වෙනිදා කටුනායක ගුවන් තොටුපළ විවෘත කිරීමට සියල්ල සුදානම් වුවද විදෙස්ගත ශ්‍රමිකයන් විශාල පිරිසක් දිවයිනට පැමිණීමට ඉල්ලුම් කර ඇති බැවින් ඔවුන් සියලු දෙනා රැගෙන ඒමට තවත් කාලයක් ගතවීම ඊට හේතුව බව ද ඇමැතිවරයා කියා සිටී.

වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමැතිවරයා මෙසේ ද කීවේය.

“මේ වන විට 50,000කට ආසන්න විදේශගත ශ්‍රමිකයින් පිරිසක් ලංකාවට එන්න ඉල්ලලා තියෙනවා. ඒ අය තානාපති කාර්යාලවල ලියාපදිංචි වෙලා ඉන්නවා. ජනාධිපතිතුමාගේ අදහස තමයි ඒ සියලු දෙනා ලංකාවට ගෙන්න ගන්න ඕනේ කියන එක. ජනාධිපතිතුමා කිව්වේ ඒ අය ගෙනාවත් රටේ ජනතාවත් ආරක්ෂා විය යුතු බවයි. ඒ නිසා අපි ඉතා පරිස්සමින් තමයි මේ කටයුත්ත කරන්නේ. ඉදිරියේ දී ඒ අය දිගින් දිගටම ගෙන්වන්න අපි කටයුතු කරගෙන යනවා. මේ එන සියලු දෙනා පි.සි.ආර් පරීක්ෂාවකට ලක් කිරීම අනිවාර්යයි. පි.සි.ආර් පරීක්ෂාවෙන් පස්සේ ප්‍රතිඵලය ලැබෙන්න පැය කීපයක් යනවා. ඒ නිසා මේ වැඩේට අපිට හිතුවට වඩා කාලයක් ගත වේවි.

අපේ ඉලක්කය වුණේ අගෝස්තු 01 වෙනි දා වන විට සංචාරකයන් ලංකාවට ගේන්න. ගුවන් තොටුපළ විවෘත කරන්න. නමුත් මේ තත්ත්වය තුළ අපිට අගෝස්තු 15 න් පස්සේ හෝ අගෝස්තු අග වන විට තමයි ගුවන් තොටුපළ සම්පූර්ණයෙන් ම විවෘත කරන්න වෙන්නේ. නමුත් අගෝස්තු 01 වෙනි දා ගුවන් තොටුපළ විවෘත කිරීමේ උත්සාහය අපේ සම්පූර්ණයෙන් ම අතහැරලා නෑ. ඒත් පවතින තත්ත්වය තුළ එය තරමක් ප්‍රමාද විය හැකිය.



අදහස් (10)

ගුවන්තොට සංචාරකයන්ට විවෘත කිරීම පමා වෙයි

නඳුන් Sunday, 28 June 2020 01:59 PM

ශ්‍රමිකයින්ට PCR. තානාපති කාර්යාලයේ නම් අවුලක් නෑ.

:       0       0

de silva Sunday, 28 June 2020 02:00 PM

ඉස්සෙල්ලාම අපේ පුරවැසියෝ ලංකාවට ගෙන්වාගන්න ඕනේ. දැනට වහලා දමලා තියෙන සුළු සහ මධ්‍ය පරිමාණයේ සංචාරක හෝටල් භාවිතා කරලා මොවුන් නිරෝධායනය කරගන්න පුළුවන් ... අපට ගුවන් යානා පහසුකම් තිබෙනවා. නමුත් 50000 ඉල්ලුම් කරලා තිබෙනවා නම් මේ ගොල්ලන් සියලු දෙනාම අගෝස්තු 15 වැනිදා වෙනකොට ලංකාවට ගෙන්වාගන්න බලාපොරොත්තු වෙනවා නම් දිනකට 1500ක් විතර ලංකාවට ගෙන්වා ගන්න ඕනේ නේද? නමුත් තවම එහෙම වැඩසටහනක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඇමැතිලා එක එක පරස්පර විරෝධී ප්‍රචාර කරන බව නම් පෙනෙනවා.

:       0       0

ck Sunday, 28 June 2020 03:00 PM

මේක නම් හොඳ දෙයක් නෙමේ...

:       0       0

Kalana Sunday, 28 June 2020 03:24 PM

සංචාරකයෝ නෙමෙයි, මැදපෙරදිග ඉන්න මිනිස්සුන්ට එන්න ඉඩ හැරපල්ලා. කවුද මේ තීරණ ගන්නේ...?

:       0       0

upali Sunday, 28 June 2020 05:08 PM

කොහේ ඉන්න සංචාරකයින්ද ඔය ගේන්න හදන්නේ? රට වැසියන්ව ගෙන්වාගන්න... සංචාරකයින් ආවොත් ඔවුන්ව සාදරයෙන් පිළිගමු. ප්‍රශ්නයක් නැත. ප්‍රශ්නය සංචාරකයින් ඒවිද කියන එකයි. රටේ ප්‍රශ්නයක් නෙවෙයි. කොරෝනා ප්‍රශ්නය නිසා...

:       0       0

Buruwa Sunday, 28 June 2020 11:49 PM

කියන්න ඉස්සෙල්ලා ඕක ගැන හිතන්න.. බොරු කියන්න එපා...

:       0       0

Silva Monday, 29 June 2020 05:45 AM

මොනවද ඔට්ටු, අගෝස්තු 05 පහුවෙනකම් ඕක යවන්නේ නැත. මොකද මැදපෙරදිග කට්ටිය ආවොත් 2/3 ඉවරයි.

:       0       0

සේන Monday, 29 June 2020 06:21 AM

ආර්ථික වශයෙන් පාඩු විය හැකියි. නමුත් ඔය එන්න හදන සංචාරකයින් කොවිඩ්19 ගෙනැවිත් නැවත රට තුළ පොකුරක් ඇති කළොත්! ඔව්. එය වළකාගත යුතුමයි. ලෝකෙ කිසිම රටක අපේ රටේ තරම් කෝවිඩ්19 පාලනය කරගත්තේ නෑ.

:       0       0

Muhammad rifai Monday, 29 June 2020 08:49 AM

පිටරට අසරණ වි සිටින ජනතාව හැකි ඉක්මණින් මව්රට වෙත ගන්නා ලෙස ජනාධිපතිතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. අපි මෙන් අපේ දරු පවුල්ද ශ්‍රී ලංකාවේ අසරණ වි සිටියි. මෙහි අපහට කිසිඳු දෙයක් කරගත නොහැකි තත්වයක පත්ව සිටියි. ජනාධිපතිතුමනි, මානසිකව වැටී සිටින ලාංකිකයින් හැකි ඉක්මණින් ලංකාවට ගන්නා මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

:       0       0

pradeepa Monday, 29 June 2020 02:49 PM

ප්‍රසන්න ඇමැතිතුමා කලින් කිව්වේ අගෝස්තු 01දාට කළින් සියලු විදේශ ශ්‍රමිකයින් ගෙන්වනවා කිව්වා. දැන් කියනවා වෙන කතාවක්... නමුත් අපේ සර් නම් ඔය වගේ කතා කියනවට කැමැති නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොස්තාපල් නිවෙසට පැන කතකගේ දත් 14ක් කඩලා
2024 අප්‍රේල් මස 16 1 0

දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් දාහතරක් කඩා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුව


පාලිත පැරණි දේශපාලන මිතුරන් 4කට අත වනයි
2024 අප්‍රේල් මස 16 332 0

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා ක


ග්‍රීස් ගහ කඩා වැටී හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 16 126 0

ගම්පොළ ගම්පලවෙල රජඇළගම ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක ග්‍රීස් ගස කඩාවැටීමෙන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


වේදිකාවට දුම්රිය ගෙනා රියදුරුගේ සේවය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 16 1011 1

හලාවත බලා ධාවනය කිරීමට සූදානම්ව තිබියදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේ ගැටුණු දුම්රියේ රියදුරුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය නිය


දුම්රිය අවුලෙන් මගීන් අමාරුවේ
2024 අප්‍රේල් මස 16 495 2

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් පිරිසක් රාජකාරියට නොපැමිණීම හේතුවෙන් අද (16) උදේ වරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය 11 ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව දුම


ජාතික රෝහලේ රෝගීන්ට දෙන කෑම ප්‍රමිතියෙන් තොරයි
2024 අප්‍රේල් මස 16 587 0

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ආහාර පිසීම සඳහා ලබා දෙන වියළි සලාක සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 139 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1419 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1344 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site