බිඟුන් මේනක ගමගේ
රාජ්‍ය සේවයේ සියලූම සංවර්ධන නිලධාරීන්ට ගුරු සේවා තරඟ විභාගය සඳහා ඉල්ලූම් කිරීමේ අවස්ථාව ලබාදෙන්නැයි සංවර්ධන නිලධාරින්ගේ සංගමය අධ්‍යාපන ඇමැතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි.
එහෙත් උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ හා ඊට අනුයුක්ත ආයතනවල සිටින සංවර්ධන නිලධාරීන්ට පමණක් සීමාකර ඇති බැවින් සමස්ත සංවර්ධන නිලධාරින්ට එයින් අසාධාරණයක් වී ඇතැයි සංවර්ධන නිලධාරින්ගේ සංගමය පවසයි.
2012 වර්ෂයේ සිට උපාධිධාරීන් බඳවාගනු ලබන්නේ ඒකාබද්ධ සේවාවක් යටතේ වන බැවින් ඔවුන්ගේ පත්වීම් බලධරයා වන්නේ ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල්වරයා යැයි ද සංවර්ධන නිලධාරීන් ද එම ක්‍රියාවලියට අයත් බැවින් ගුරු සේවා තරඟ විභාගය සඳහා රාජ්‍ය සේවයේ සියලූම සංවර්ධන නිලධාරීන්ට අවස්ථාව හිමිවීම වඩා සුදුසු යැයි ද එම සංගමය පවසයි.
ගැසට් නිවේදනයට අනුව මෙම විභාගයට අයදුම්පත් බාර ගැනීමේ අවසාන දිනය ජූනි 22 බැවින් එය දීර්ඝ කර රාජ්‍ය සේවයේ සියලූම සංවර්ධන නිලධාරීන්ට තරඟ විභාගය සඳහා ඉල්ලූම් කිරීමේ අවස්ථාව ලබාදෙන මෙන් ඉල්ලා සිටින්නේ යැයි එහි ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා එම ලිපිය මගින් ඉල්ලා සිටියි.
එමෙන්ම රටපුරා පවතින තැපැල් දෙපාර්තමේන්තු සේවකයින්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රටපුරා සියලූම තැපැල් කාර්යාල අක්‍රීයව ඇති බැවින් දැනට හිමිකම් සහිත නිලධාරීන්ගේ පවා අයදුම්පත් බාර ගැනීමේ අවසාන දිනය දීර්ඝ විය යුතු යැයි ද ඒ නිසා මේ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගන්නා මෙන් ඉල්ලා සිටින්නේ යැයි ද එහි වැඩිදුරටත් සඳහන් වේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගුරුකමට දොර අරින්නැයි සංවර්ධන නිලධාරිහු ඉල්ලති
රවින් Tuesday, 19 June 2018 10:31 AM
තවත් ට්යුෂන් මාස්ටර්ලා වැඩිවෙන පොටක් .
deena Tuesday, 19 June 2018 11:02 AM
ඔන්න ළඟදීම සංවර්ධන නිලධාරීන් වර්ජනයේ ? (ඒකාබද්ද අනුග්‍රහය යටතේ)