IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ගුරුකන්ද නා හිමිගේ ආදාහන පුජෝත්සවයට අවසර

( සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංක)

අපවත්වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති  කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය එම විහාර භූමියෙන් පිටත යුද හමුදා කඳවුර තිබූ ස්ථානයේ අසළ මුහුදු තීරයේ සිදු කරන ලෙස මුලතිව් ප්‍රධාන මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා නියෝග කළේය.

ආදාහන පූජෝත්සවයෙන් අනතුරුව එම  ස්ථානයේ කිසිදු ඉදිකිරීමක් සිදුනොකරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා විහාරයේ දායක පාර්ශවය වෙත උපදෙස්දෙනු ලැබීය.

ගුරුකන්ද රජමහ විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාර නාහිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය එම විහාරයේ සිදුනොකිරීම සඳහා කටයුතු කරන ලෙසත් එහි කෝවිලක් තිබෙන බැවින් එයට අගෞරවයක් වන බවට පවසමින් විහාරස්ථානයේ පිහිටි නිරාවි පිල්ලයාර් කෝවිලේ පාලක පාර්ශවය හා මුහුදුබඩපත්තුව ප්‍රාදේශිය සභාව විසින් මුලතිව් පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුව මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය නඩු විභාගය කැඳවු අවස්ථාවේ මෙම තීන්දුව මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රකාශයටපත් කළේය.

( ඡායාරූප -සිතුම් චතුරංග) 



අදහස් (16)

ගුරුකන්ද නා හිමිගේ ආදාහන පුජෝත්සවයට අවසර

wimal Monday, 23 September 2019 08:20 AM

අපේ ආණ්ඩුව පාලනය කරන්නේ වැඩකට නැති ජාතියක්.

:       653       1290

vernonMonday, 23 September 2019 08:48 AM

ලංකාවේ සමහර පන්සල් ඇතුළේ දේවාල තිබෙනවා. දේවාලේ කපු මහතා මිය ගියහොත් පන්සල ඇතුලේ ආදාහනය කරනවාද?

:       0       0

NishanMonday, 23 September 2019 10:02 AM

අපිට වාසිදායක වෙන කොට නිතිය හොඳ වෙන්නයි අවාසි වෙනකොට නිතිය නරක වෙන්නයි බැහැ. රටේ නිතියට සැවොම ගරු කල යුතුයි.

:       0       0

Nandalal DE SILVA - France Monday, 23 September 2019 08:39 AM

බොදු ජනතාව විශාල වශයෙන් සිටින අපේ රටේ සඟරුවනක් අදාහන කිරීමට උසාවි තීරණයක් ගෙන පැරණි යුද හමුදා කඳවුරක එම අවසාන කටයුතු කිරීමට නියෝග කිරීම ඇත්තෙන්ම බොදුවන් ලැබූ අතුල්පහරක් නොවේද? අපේ රටේ පන්සල් සහ කෝවිල් අතර තිබෙන ආගමික සංහිඳියාව මේ තීරණයෙන් මොනවට පැහැදිලි වෙනවා!!! පන්සල් තිබෙන රටේ උසස්ම පුදබිම්වලත් කෝවිල් හැරෙන්නට මුස්ලිම් පල්ලි පවා තිබෙන බව අප දැක තිබෙනවා.. අපේ හිමියන්ට නීතිය එරෙහි වුණත් උතුම් නිවන් සැප ලැබේවායි පතමි..!

:       0       0

Amara Monday, 23 September 2019 08:50 AM

මධ්‍යම කඳුකරයේ විදුලිය මොවුන්ට දීම රට මැද අපට අගවුරවයක්.

:       0       0

සේන Monday, 23 September 2019 08:59 AM

මේ මිනිසුන් ඉන්දියාවෙන් ලංකාවේ තේ දළු නෙළන්න ඇවිත් , දේශපාලකයින්ගෙ අදූරදර්ශි ක්‍රියා නිසා පුරවැසියන් වෙලා , (ඇතැමුන් තවම පුරවැසියන් නොවනවත් ඇති) කොහොමද නටන නාඩගම්. පාළකයන් කියලා පඹයන් ඉන්නකොට ජාතියටම හෙන වදිනවා

:       0       0

නදුන් Monday, 23 September 2019 09:08 AM

රටකට ගිය කලක්... නවන නීතිය, නැවෙන නීතිය අතරේ.. ආදාහනය කරන්නටත් උසාවි නියෝග.. ගන්න වෙලා..

:       0       0

indika Monday, 23 September 2019 09:14 AM

පන්සලෙන් පිටත ආදාහනය කරන්නේ ඇයි? ආණ්ඩුවට කෙලින් තීරණයක් ගන්න බැහැ...!

:       0       0

sharm warn Monday, 23 September 2019 09:14 AM

මුලින්ම විහාරේ නාම පුවරුව ගලවන්න කිව්වා.. දැන් නාහිමියන්ගේ දේහය පාරේ තියලා ආදාහනය කරන්න කියනවා... තව ටික දවසකින් කියයි පිරිත් කියන්නත් එපා කියලා.. මෙහෙ අපේ නායකයන් වෙන්න දඟලන අය තිරුපති යනවා...

:       0       0

සෙන්දිල්නාතන් Monday, 23 September 2019 09:22 AM

සත්‍ය සැමදා ජයගනී. මුහුදුබඩ පත්තුව ප්‍රාදේශිය සභාව සහ මුලතිව් පොලිසියට ස්තුතියි.. එම භූමිය කෝවිලේ ඉඩමක්...

:       0       0

max Monday, 23 September 2019 10:18 AM

කතාවට කියන්නෙත්, ව්‍යවස්ථාවේ තියනවා කියන්නෙත්, අලුතින් ගේන ව්‍යවස්ථාවේ නොවෙනස්ව තබනවා කියන්නේත් "බුදුදහමට ප්‍රමුඛතාව" දෙනවා කියලා. එ්ත් අපවත් වූ හාමුදුරුනමකගේ ආදාහනය වත් අදාළ පන්සලේ තියන්න ඉඩක් නෑ.

:       0       0

vijitha Monday, 23 September 2019 11:18 AM

දෙමළ ජනතාවට මිනිසුන් විදියට අපි ගෞරව කලාට ඔවුන් ඉන්දියානුවෝ කියල ඔහුන්ට අමතකවෙලා.

:       48       300

Chandima Fonseka Monday, 23 September 2019 11:53 AM

ඔන්න ඕක වෙන්නැති සංහිඳියාව කියන්නේ... කොහෙද ඉතින් දැන් විධායකයට වත් මුකුත් කරන්න බැහැනේ...

:       0       0

Jayaweera Monday, 23 September 2019 12:23 PM

ලංකාව පුරාම පන්සල් වල තියෙන ඔක්කොම දේවාල වහල දාන්න ඕනේ, සිංහල මිනිස්සු දේවාල කෝවිල් ගානේ යන ඒවත් වහාම නවත්තලා ලංකාවේ අනිත් පළාත් වල තියෙන දේවාල වල කපුවෝ මැරුනහමත් අපි උසාවි යන්න ඕනේ. බුදුන්ට පූජා කරපු රටේ බුද්ධ පුත්‍රයෙක්ක්ගේ අදාහන කටයුතු කරගන්ඩ බැරි අපි ලැජ්ජාවෙන්න ඕනේ.

:       52       1445

lankasri Monday, 23 September 2019 12:32 PM

අපේ හාමුදුරුවන්ට ගිය කල..... යුද්දෙකින් පරාද වෙලත් මෙච්චර හයියක් නම්.....

:       0       1

hiran ravi Monday, 23 September 2019 03:19 PM

අගමැති කතිරය වෙනුවෙන් ආගම ජාතිය පාවලා දෙන්නේ අදක ඊයෙක ඉදල නෙමේනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 153 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 325 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1419 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 211 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 418 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 373 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site