IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ගුරු- විදුහල්පතිවරු අඛණ්ඩ වර්ජනයකට සූදානම් වෙති

(මුදිතා දයානන්ද )

අද වැඩ වර්ජනය සාර්ථකව ක්‍රියාත්මක වු බවද තවමත් ගුරු විදුහල්පති ගැටලුවලට විසඳුම් නොලැබීම නිසා මාර්තු 16 වැනිදා සිට දින පහක අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තිරණය කළ බවද ලංකා ගුරු සේවා සංගමයේ  ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා අද (26)  පැවසීය.

හෙට සිට ගුරුවරු අමතර රාජකාරිවලින් ඉවත්විමටද තිරණය කර ඇති බවද ඔහු පැවසීය.

වැටුප් විෂමතා ඉවත් කරන තෙක් ලබාදීමට එකග වු අතුරුවැටුප් චක්‍රලේඛය මෙතෙක් නිකුත් නොකිරිම ඇතුලු ඉල්ලීම් රැසක් මුල් කරගනිමින් අද දිවයින පුරාගුරු විදුහල්පති සංගම් 30ක් එක්ව ලෙඩ නිවාඩු වාර්තා කිරිමේ වෘත්තිය ක්‍රියාමාර්ගයට එළැඹුණහ.

එයට සමගාමීව පැලවත්ත බුද්ධදාස ක්‍රිඩාංගනය අසළ සිට පා ගමනින් ඉසුරුපාය දක්වා උද්ඝෝෂණ පා ගමණින් පැමිණි ගුරුවරු එහිදි පැය තුනකට අධික කාලයක් උද්ඝෝෂණයේ නිරත වූහ.

උද්ඝෝෂණය අවසන් වන තෙක් අධ්‍යාපන අමාත්‍යවරයා හෝ අමත්‍යාංශයේ කිසිදු නිලධාරියෙක් වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරිමටවත් නොපැමිණි බවද ජයසිංහ මහතා පැවසීය.

විසඳුමක් ලබාදීමට තබා ඒ සඳහා උත්සාහ ගන්නා බවක් වත් මේ නොසළකා හැරිම තුළ දක්නට ලැබෙන බවද ඒ අනුව අද වෘත්තීය ක්‍රියාමාර්ගය හා එක්වු ගුරුසංගම් සියල්ල එක්ව ඉහත තින්දුව ගත් බවද ජයසිංහ මහතා පැවසීය.



අදහස් (4)

ගුරු- විදුහල්පතිවරු අඛණ්ඩ වර්ජනයකට සූදානම් වෙති

ranga Wednesday, 26 February 2020 11:11 AM

තම අයිතිවාසිකම් දිනාගතයුතු බව ඇත්ත. නමුත් රටේ දරුවන්ගේ අධ්‍යාපනයට වෙන පාඩුව පිරිමසන්න මෙතුමාලා ගන්න පඩියට හැකිවේද? ම දන්නා තරමට වැඩිම නිවාඩු ප්‍රමාණයක් හිමිවෙන වෘත්තීය ගුරු වෘත්තිය නේද?

:       102       560

නිශානාත්Wednesday, 26 February 2020 01:39 PM

තම වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීම සඳහා සටන් කරන ඕනෑම වෘත්තිකයින්ගෙන් ඒ සේවාලාභීන්ට යම් යම් අපහසුතාවන් වෙන එක සාමාන්‍ය දෙයක්.. ඔබ දන්නේ ගුරුවරුන්ට වැඩි නිවාඩු ප්‍රමාණයක් හිමිවන බව පමණක්ද? ගුරු වෘත්තියට අමතරව ලිපිකාර වෘත්තීය කළමනාකාර වෘත්තීය මාසික පරීක්ෂණ අඛණ්ඩ ඇගයීම් ව්‍යාපෘති පොත් බෙදාදීම පන්ති කළමනාකරණය ශිෂ්‍ය උපදේශන විෂය බාහිර ක්‍රියාකාරකම් හැඳුනුම්පත් සකස් කිරීම අමතර පන්ති ක්‍රීඩා කටයුතු වාර විභාග කටයුතු ඒ මාර්ක්ශීට් මෙකී නොකී දහසක් කටයුතු තිබෙන බව නොදන්නේද නිකන් නොදන්න කතා නොකර ඉන්න...

:       23       95

Rohana Wednesday, 26 February 2020 11:18 AM

එතකොට අධ්‍යාපන ඇමතිවරයා ගුරු ඉල්ලීම් දැනටමත් ලැබී ඇති නිසා වර්ජන තේරුමක් නැති බව කියන හතර බීරි කතාව කුමක්ද...?

:       0       6

කපුරුහාමි Wednesday, 26 February 2020 01:02 PM

ගුරුවෘත්තිය සේවයක් විදියට සලකපු කාලයක් තිබුණා. මේ වෙනකොට ගුරු සේවය අද ඔවුන් විසින්ම හෑල්ලුවට ලක්කරගෙන...

:       14       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 47 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 367 1

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 1807 5

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 199 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 669 5

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 1010 6

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 313 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1695 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1539 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site