(ජී.ඩබ්ලිව්.කේ. ප්‍රේමතිලක ද සිල්වා)
ලෝක උරුමයක් වූ ගාල්ල කොටුව සංරක්ෂණය කිරීමේ වැඩ සටහනේ එක් කටයුත්තක් ලෙස ප්‍රධාන දොරටුව සංරක්ෂණය කිරීම වෙනුවෙන් මේ මස 28 වැනි දින රාත්‍රී 12 සිට පුරා මාසයක් එම ස්ථානය මහ ජනතාවට සහ කොටුවට පිවිසෙන වාහන වෙනුවෙන් වසා තැබෙන බව උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතියේ ගාල්ල කොටුව සංරක්ෂණ කටයුතු භාර ප්‍රධාන උපදේශක නිලාන් කුරේ මහතා අද (26) පැවසීය.
1873 බ්‍රිතාන්‍යයන් විසින් ඉදිකළ මෙම ප්‍රධාන කොටු දොරටුව ඉදිකිරීමෙන් පසුව මෙම කොටු දොරකඩ කිසිම සංරක්ෂණයකට භාජන වී නොමැත. ලන්දේසීන් විසින් ඉදිකර ඇති ගාල්ල කොටුව තුලට පිවිසීමට ගාල්ල බාලදක්ෂ මාවතේ පිහිටි පැරණි කොටු දොරකොඩ පමණක් පැවතීම හේතුවෙන් බ්‍රිතාන්‍යයෙන් මෙම කොටු දොරකඩ ඉදිකර තිබේ.
සංරක්ෂණය සඳහා වසා තබන මෙම කොටු දොරකොඩට ඉහළින් කොටු බැම්මේ පිහිටි පස් තට්ටුව තුළින් වැසි ජලය පහලට කිඳාබැස බිමට පතිත වීම හේතුවෙන් මෙම ස්ථානයේ බැම්මේ ශක්තියට හානි වී ඇති බව නිගමනය කිරීම හේතුවෙන් මෙම කොටු දොරකොඩ සංරක්ෂණය කිරීමට පියවර ගෙන තිබේ.
මෙම කොටු දොරකඩ අලුත්වැඩියා කටයුතු මාසයක් පුරා දිවා රාත්‍රියේ සිදු කිරීමට සැලසුම් කර ඇති බව ද ව්‍යාපෘති උපදේශක නිලාන් කුරේ මහතා වැඩිදුරටත් කීය.
ප්‍රධාන දොරටුව අලුත් වැඩියා කරන කාල සීමාව තුළ ගාල්ල කොටුවට පිවිසෙන ජනතාවට සහ වාහන වලට ගාල්ල බාලදක්ෂ මාවතේ පිහිටි පැරණි කොටු දොරකොඩ භාවිතා කිරීමට හැකියාව පවතී.
සංරක්ෂණය කිරීමට යෝජිත ගාල්ල කොටුවේ ප්‍රධාන දොරකඩ දැක්වෙන ඡායාරූප මේ සමග එවා ඇත.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගාලු කොටු දොරකඩ මාසයක් වහයි
Upali Friday, 26 February 2021 06:44 PM
කඩා වැටෙනකම් බලන් ඉඳලා, කඩා වැටුණාට පස්සේ දැන් පස් ගොඩක් වෙලා තියෙන තැපැල් කාර්යාලය සාදා, එය ලංකා තැපැල් කෞතුකාගාරයක් කරන්න.
Deepal Nirosh Saturday, 27 February 2021 05:00 PM
දැන් ඉතින් කොටුවට යන එන රජයේ හා පුද්ගලික සේවකයින් පාසල් ළමුන් රවුමක් ගහගෙන අාපල්ලකෝ. 28 වහනවා කියල කියන්නේ 26. අනේ, මෙහෙමත් හරක්... මේ වගේ තනතුරුවලට පත්කරන හැටි... අඩු ගානේ එක සතියක්වත් කලින් කියන්න බැරි හැටි? එහෙම කිව්වා නම් අායතනවලට සුදුසු වැඩ පිළිවෙලක් හදා ගන්න තිබුණා.