IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ගායක රජීව් සෙබස්තියන් අල්ලන්න නියෝග

(ටි‍්‍රක්සි කොන්ස්ටන්)

සංගීත ප‍්‍රසංගයක් පැවැත්වීමට රුපියල් ලක්ෂ තුනක අත්තිකාරමක් ලබාගෙන එම ප‍්‍රසංගය නොපවත්වා මුදල් වංචාවක් සිදුකළ බවට ජනප‍්‍රිය ගායක රජිව් සෙබස්තියන්ට එරෙහිව වෙන්නප්පුව පොලිසිය අධිකරණයට දැක්වූ කරුණු සැලකිල්ලට ගත් මාරවිල මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනසුරු කේමින්ද පෙරේරා මහතා ගායක රජිව් සෙබස්තියන් වහාම අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන ලෙස තලංගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට පෙරේදා (15) නියෝග කළේය.

වෙන්නප්පුව හෝටල් පරීශ‍්‍රයකදී 2017 අගෝස්තු 04 වැනිදා ”සරඹ” නමින් සංගීත ප‍්‍රසංගයක් පැවැත්වීම සඳහා ප‍්‍රවීණ ගායන ශිල්පීන් වන සුනිල් පෙරේරා, ඇනස්ලි මාලේවන හා ඩෙස්මන් සිල්වා සහභාගි කරවන බවට පෙරොන්දු වී රුපියල් ලක්‍ෂ තුනක අත්තිකාරම් මුදලක් ලබාගෙන සංගීත ප‍්‍රසංගය පැවැත්වීම පැහැර හැරිය බවට එම ප‍්‍රසංගයේ සංවිධායකවරයෙකු වන වෙන්නප්පුව දුම්මලදෙණියේ එච්.ඞී. ටර්සියන් ක‍්‍රිස්ටි රත්නප‍්‍රිය මහතා වෙන්නප්පුව පොලිසියට පැමිණිලි කර තිබිණි.

මෙම මුදල ආපසු ගෙවීම සඳහා රජිව් සෙබස්තියන් පැමිණිලිකරුට රුපියල් ලක්ෂ තුනක චෙක්පතක් ලබා දුන් නමුත් එම චෙක්පත අගරුවී ඇති බවද පැමිණිල්ලේ සඳහන් විය.

මේ අනුව මුදල් වංචාව, සාපරාධී විශ්වාසය කඩ කිරීම, සාපරාධී සාවද්‍ය මුදල් පරිහරණය ඇතුළු චෝදනා කීපයක් යටතේ ණය අයකිරීමේ පනතේ 25 x 1 වගන්තිය යටතේ මොහුට එරෙහිව   අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව වෙන්නප්පුව පොලිසිය කීය.

වෙන්නප්පුව මූලස්ථාන පොලිස් පරීක්ෂක එල්.බී. අබේරත්න මහතාගේ උපදෙස් මත වෙන්නප්පුව පොලිසියේ නිලධාරීන් පිරිසක් මේ සිද්ධියට අදාලව විමර්ශන කටයුතු සිදු කළහ.

පැමිණිල්ල වෙනුවෙන් පොලිසිය සමඟ නීතිඥ ලලන්ත සරච්චන්ද්‍ර සහ නීතිඥ දීපිකා ජයකොඩි යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ.



අදහස් (8)

ගායක රජීව් සෙබස්තියන් අල්ලන්න නියෝග

Bandara Wednesday, 17 January 2018 05:11 AM

රටේ නායකයෝ හදන්නේ කොහොමද ගායකයෝ මෙහෙය කරනවානම්. මේ රට නම් මේ කපේදී හදන්න බැහැ...

:       1       109

සපුමල් බණ්ඩාර Wednesday, 17 January 2018 06:58 AM

රුපියල් ලක්‍ෂ 3ක් වංචා කළාට වරෙන්තු කළා නම් හොරු අල්ලන්නම් කියලා චන්ඳ ලක්‍ෂ 62ක් වංචා කරපු අයවත් ජනතා අධිකරණය ඉදිරියට ගේන්න වරෙන්තු කළ යුතුයි.

:       6       177

Nissanka Wednesday, 17 January 2018 07:28 AM

සපුමල් දවසේ හොඳම කමෙන්ට් එක​. හහ් හහ් හා...

:       6       56

Darshana Wednesday, 17 January 2018 07:29 AM

බිලියන 12 ක් වංචා කල අයට මෙහෙම වරෙන්තු නැහැනේ ...

:       0       6

පිටිගල මිලානෝ Wednesday, 17 January 2018 07:59 AM

මෙයා රටේ ජනප්‍රියතම ගායකයෙක් සහ ජාතික වස්තුවක් බඳු වූ ක්ලැරන්ස්ගේ ගීත ගයා බඩවියත තර කරගන්නා හොරෙකි. මොහු ලැජ්ජා නැතුව ඉතාලියටද පැමිණ මුදල් හම්බ කරගන්නම සැදී පැහැදී සංදර්ශන පවත්වන ආත්මාර්ථකාමීන් පිරිසක් සමගද මුදලට සින්දු කියනවා. ක්ලැරන්ස් ගැන හැඟීමක් නැති අය ඒවා බලන්නත් යනවා.

:       1       23

Sarath Silva Wednesday, 17 January 2018 08:41 AM

රජීව් හැංගිලා ඉන්නේ එංගලන්තයේ කියලයි ආරංචියේ හැටියට නම්..

:       0       14

Lapaya Wednesday, 17 January 2018 10:37 AM

ලක්ෂ 3 කටද නඩු? මහබැංකු ගේම වගේ බිලියන් ගාණක ගේමක් දුන්නා නම් අදටත් කිසි කරදරයක් නැතුව ඉන්න තිබුණනේ...

:       0       15

සපුමල් බණ්ඩාර​Wednesday, 17 January 2018 11:34 AM

ඕක මොකක්ද ලපයෝ​? සුනාමි සහන වංචා කරපු අය අවුරුදු 13ක් ගිහිල්ලත් තවම ඔය යහතින් ඉන්නේ...

:       59       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 23 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 883 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 435 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 244 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 168 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 303 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1507 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site