IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ග්ලයිෆොසෙට් ගැසට්ටුව සංශෝධනය කරන්න උපදෙස්

(අජන්ත කුමාර අගලකඩ)

තේ සහ රබර් යන බෝග සඳහා පමණක් ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා වෙත අද (16) උපදෙස් දුන් බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා ලංකාදීපයට පැවසීය.

ඒ අනුව නව ගැසට් නිවේදනය හෙට (17) වනවිට නිකුත් කෙරෙනු ඇතැයි ද ඇමති  අමරවීර මහතා සඳහන් කළේය.

ග්ලයිෆොසෙට් සම්පුර්ණයෙන්ම තහනම් කරමින් රජය 2015 වසරේ ඔක්තොම්බර් මස 23 වැනිදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

තේ සහ රබර් යන වගාව සඳහා  ග්ලයිෆොසෙයිට් භාවිතයට අවසර දෙන්නැයි කළ ඉල්ලීමකට අනුව අමාත්‍ය මණ්ඩලය තේ සහ රබර් යන බෝගවලට පමණක් ග්ලයිෆොසෙයිට් තහනම ඉවත් කිරීමට තීරණය කර තිබිණි.

මේ අතර සියලුම බෝග සඳහා පනවා තිබූ ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරමින් පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් ඉකුත් 11 වැනිදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.



අදහස් (13)

ග්ලයිෆොසෙට් ගැසට්ටුව සංශෝධනය කරන්න උපදෙස්

සතයපාල Monday, 16 July 2018 12:48 PM

මේ වගේ නාඩගම් නටන ආණ්ඩුවක් තුන් ලෝකයේම නැතිව ඇති. එක සැරයක් තහනම් කරනවා තව සැරයක් තහනම ඉවත් කරනවා තව සැරයක් බාගෙට තහනම් කරනවා.

:       0       188

jayatissa Monday, 16 July 2018 01:25 PM

රටවැසියෝ හැටියට අපිටත් ලැජ්ජාවේ බැහැ. ගැසට් ගහනවා වෙනස් කරනවා. ජනපති දන්නෙත් නැතිලු. ඉන්න නිලදාරී වැඩේ අවුල් කරනවා වගේද මන්දා. ඒගොල්ලන්ට උවමනා විදියට ගැසට් ගහන්නේ.

:       0       107

casmir Monday, 16 July 2018 01:51 PM

මේ මිනිසුන්ට තේරෙන්නෙම නැද්ද? ලංකාවේ මිනිසුන්ගේ වල ලංකාවේ මිනිස්සුම කපාගන්නවා කියලා. කෘමිනාශක සහ වල්නාශකවලින් ලෝකේ රටවල් ඈත් වෙනවා... අපේ මිනිසුන්ට බුද්ධියක් ඇත්තේම නැහැ... තනිකරම සල්ලිවලට යටවෙලා. ජාතියම ඉවරයි.

:       1       30

Lal Monday, 16 July 2018 02:52 PM

දැන් පේනවා නේද මේ රජයට වැඩ බැහැ. බැංකු මංකොල්ල කන්න දක්ෂ වුණාට රටක් පාලනය කරන්න දක්ෂ අය කවුරුවත් නොමැත. දැන් ඉතින් කැපුවත් අපි කොළපාට කියන මේනියා එක අයින්කරලා රටට යහපතක් කරන නායකයෙක් 2020දී පත්කර ගන්න අපි කොළපාට කියන සිංහළ ජනතාවට ආරාධනා කරමු.

:       64       212

athuraTuesday, 17 July 2018 03:21 AM

ඇයි කොලපාට විතරක් මහත්මයා. මේ ආණ්ඩුවේ ඉන්නේ කොලපාට අය විතරද?

:       0       0

Chandima Monday, 16 July 2018 03:32 PM

සමහර නිලධාරියෝ රජයේ බලධාරීන්ට කියනවලු ග්ලයිපොසේට් කියන්නේ බිව්වත් මැරෙන්නේ නැති දෙයක් කියලා... බයවෙන්න දෙයක් නැහැ කියලා. ඒ නිසාලු ඔය තහනම ඉවත් වෙන්නේ. හැබැයි ඔය ග්ලයිපොසේට් වල තියෙන බැර ලෝහ අඩංගු සංයෝගය ජලයට මිශ්‍ර වෙලා ටික ටික මිනිසුන්ගේ ශරීර ගතවුණාම වකුගඩු විනාශවෙලා නියත මරණය සිදුවන බව මේ අය කොලේ වහලා හංගනවා.

:       2       15

රජින්ද Monday, 16 July 2018 06:22 PM

අනේ අපොයි රටකට වෙච්ච දෙයක්! උදේට එක නීතියක්, හවසට ඒකේම තවත් වෙනස් එකක්... ආයෙත් මාසෙකට පස්සේ ඒ නීතියම සම්පුර්ණයෙන්ම වෙනස් කරලා කලින් තිබුණු ඔක්කොම ඒවාට වඩා වෙනස්ම එකක් හදනවා. මොන රටක්ද මේක? පහේ පන්තියේ දරුවන්ට පුළුවන් මීට වඩා හොඳට මේ රට කරගෙන යන්න. හතර වටෙන්ම රාජ්‍ය ආයතන විකුනනවා චීනය සහ ඉන්දියාව වගේ තමන්ගේ හුස්ම ගන්න තියෙන වායුවත් දුෂණය කරගෙන ඉන්න රටවලට මෙහෙ පැල්පදියම් වෙන්න දෙනවා.

:       1       130

LiptanTuesday, 17 July 2018 12:22 AM

ලංකාවේ තේ වලට වසර 150 කටත් වැඩියි....... මේ සමාගම මෙවැනි නිෂ්පාදනය කළේ 20 වැනි සියවසේ අග භාගයේදී කියලවත් දන්නේ නෑ.....

:       0       0

MAHESHIKA Monday, 16 July 2018 09:46 PM

රට වැසියට තේරුණා දේ පාර්ලිමේන්තුවේ ඉන්න ගොන් රැළට තේරෙන්න ගිය කල්. මේ මී හරක් රංචුව තව දුරටත් අපේ වියදමින් නඩත්තු කරනවද?

:       0       0

ලුම්බිණි Tuesday, 17 July 2018 02:34 AM

ආණ්ඩුව කෙමෙන් කෙමෙන් පරිහානිය කරා ගමන්කරන්න පටන් අරගෙන.

:       0       0

රාජුන් Tuesday, 17 July 2018 02:56 AM

මගේ ප්‍රතිචාරය ග්ලයිෆොසෙට් ගැන නෙවෙයි. ලංකාවෙ ආණ්ඩුකාරය කවුද? ලංකාව පාලනය කරන්නෙ කවුද? කියන එක. කවුරුහරි දන්න කෙනෙක් අපව දැනුවත් කරනවා නම් පිං සිද්ධ වෙයි.

:       0       0

දිලුම් Tuesday, 17 July 2018 03:23 AM

මෙව්වට කියන්න ශිෂ්ඨ වචන නැත. හිතට එන වචන කියා දැම්මොත් ලංකාදීපය මේ කොමෙන්ට් පලකරන්නේද නැත. ඒ නිසා මෙහෙම හරකුනි සිටින තවත් රටක් ලෝකේ කොහේවත් නැති බන විතරක් කියා නවතිමි. 225 අපායෙන් මේ රට ගැලවෙන්නේ කවදාද එතෙක් මේ රට පවතීද කියා නොදනිමි.

:       0       0

Indika Tuesday, 17 July 2018 03:44 AM

මේ ආණ්ඩුවට ගැසට් එකක්වත් එකපාර හරියට ගහගන්න බැහැනේ!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 45 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 70 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 217 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


රොෂාන් රණසිංහත් ජනපති සටනට
2024 අප්‍රේල් මස 23 841 0

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ


රාජකාරියකට ගිය ජී.එම්.ආර්. හදිසියේ මිය ගිහින්
2024 අප්‍රේල් මස 23 1230 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23දා) උදෑසන අනුරාධපුර පිහිටි දුම්රිය සංචාරක බ


තායිවානයේ භූ කම්පන වැලක්
2024 අප්‍රේල් මස 23 957 0

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1615 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1505 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site