IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ගලෙන් බිඳුණුවැව ගොවිමහතාගේ මතයට කීට විද්‍යාඥවරියගේ අවධානය

(උපුල් හේරත්)

දුම්කොළවල හට ගන්නා කෘමි උවදුරට යොදා ගන්නා කාබනික දිලීර නාශකයක් යොදා  සිය  බඩ ඉරිඟු වගාවේ  සිටි සේනා දළඹුවන් විනාශ කිරීමට හැකි වූ බව  ගලෙන්බිඳණු වැව  , තෝඩාමඩුව, යකල්ලේ ගොවි මහතෙකු  කියයි.


සේනා දඹුවා සිය වගාවෙන් මර්දනය කර  දැමු බව ගලෙන්බිඳුණු, තෝඩාමඩුව, යකල්ලේ පදිංචි ගොවි මහතකු වන  බී විජේසිංහ ගොවි මහතා   අවධාරණය කරයි. 


මෙම ගොවි මහතා පවසන කරුණ සම්බන්ධයෙන් විමසීමේදී  මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ ආයතනයේ කීට විද්‍යාඥ නිශාන්ති ගුණවර්ධන මහත්මිය   සඳහන් කළේ  විදේශ රටකින් සංක්‍රමණය වූ බවට සැලකෙන මෙම සේනා දළඹුවා වැනසීමට කෘමි නාශක වර්ග 12ක් සොයගෙන  ඇති බවයි.


නමුත්  එම  කෘමිනාශක වලින්  කෘමින් විනාශ වුවත් , සේනා දළඹුවාගේ බිත්තර වලින්  හටගන්නා කෘමීන් විනාශ කිරීමේ හැකියාවක් නොමැති බව  ගුණවර්ධන මහත්මිය සඳහන් කළාය.


කෙසේ වුවද බී.විජේසිංහ  ගොවි මහතා  පවසන මෙම කතාවේ සත්‍යතාව පිළිබඳව  සොයා බලන බවද  ගුණවර්ධන මහත්මිය පැවසුවාය.


(85515)

 



අදහස් (10)

ගලෙන් බිඳුණුවැව ගොවිමහතාගේ මතයට කීට විද්‍යාඥවරියගේ අවධානය

Asoka Monday, 14 January 2019 11:35 PM

මීට පෙරත් එක වගා කරුවෙකු කියල තිබුණ අළු සහ වැලි කලවම් කරලා වගාවට ඉස්සාම මේ දළඹුවා ගෙන් ආරක්ෂා කරගන්න පුළුවන් බව. ඊට අමතරව තවත් විද්වත් මහත්මයෙකුත් කියල තිබුණ අළු/ දහයිය අළු වලට මේ සතා විනාශ වෙනවා කියල. ඇයි මේ වගක් නිලධාරීන්ට ඇහෙන්නේ /පෙනෙන්නේ නැත්තේ? කෘමි නාශක නාවලා මේවා දෙන්නේ මිනිස්සුන්ට කන්න නේද ?

:       0       27

td Tuesday, 15 January 2019 12:25 AM

ලෝකයේ බඩඉරිඟුවගාව ප්‍රබල වශයෙන් කරන රටවල් වන කැනඩාව සහ ඇමරිකාවලත් තිබෙන මෙම උවදුර එම රටවල් සාර්ථකව පාලනය කර ඇති නිසා එමරටවලින් උපදෙස් ලබා ගැනීමට රජය කටයුතු කිරීම වැදගත්ය.

:       2       13

Vipula Tuesday, 15 January 2019 12:38 AM

ප්‍රයෝගික අත්දැකීම් න්‍යායාත්මක දැනුමට වැඩ ප්‍රයෝජනවත් බව පෙන්වාදුන් විජේසිංහ ගොවි මහතාට ස්තුතියි.

:       52       31

Kumar Tuesday, 15 January 2019 03:09 AM

ලංකාවේ පමණක් නොවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සේනා දලබුවෝ ගොවිතැන් විනාශ කරනවා වග කියන්න ඕනෙ. එම දලඹුවන් විනාශ කරන දිලිර නාශකය මිනිස් ශරීරයටත් අහිතකර බව අමතක කරන්න එපා. මෙවැනි විෂවර්ග ශරීර ගත වීමෙන් අනාගතයේ වකුගඩු සහ අක්මාව වැනි ශරීරයට නැතිවම බැරි ඉන්ද්‍රියන් විනාශ විය හැක. මේ වැනි අවස්තාවලදී කල හැක්කේ රජයෙන් ගොවීන්ට වන්දි ගෙවා ඵලදාව විනාශකර දැමීම පමණි. තැනට නුසුදුසු රසායනික පාවිචිය තහනම් කිරීම යෝග්‍යි.

:       0       15

sarath Tuesday, 15 January 2019 03:59 AM

බඩ ඉඟුරු පලාතෙන් පලාතට ප්‍රවාහනය තාවකාලිකව නතර කරන්න.. ගොවීන්ට වන්දි මුදලක් දීම අපහසු කාරණයක් නොවේ.

:       1       32

Vishwa Tuesday, 15 January 2019 04:04 AM

මොනවාද තවත් බලන්නෙ ඒ ගොවි මහතා කියන දිලීර නාශකය මිනිසුන්ට විස නොවේ නම් දළඹුවොත් මර්දනය වෙනවා නම් තවත් බල බලා ඉන්නේ මොකද ..

:       139       16

ජෝර්ජ් ගුණසේකර Tuesday, 15 January 2019 04:28 AM

කරුණාකර යෙදු බෙහෙත ගැන දැනුවත් කරන්න

:       33       41

sam Tuesday, 15 January 2019 06:03 AM

දුං කොළ වලට ගහන කෘමිනාශක ගහලා බඩ ඉරිඟු වගාව බේරා ගත්තා උනාට ඒ බඩඉරිඟු ආහාරයට ගන්නා මිනිසුන්ටත් බේරෙන්න පුළුවන් වෙයිද කියලත් හොයා බැලුවානම් හොඳයි.

:       21       145

ROSHAN Wednesday, 16 January 2019 02:39 AM

එම මහතා යොදන්නේ කාබනික , රසායනික නොවන ස්වභාවික දිලීර නශකයක් . තවත් බලාගෙන ඉන්නේ මොකටද ?

:       3       60

saliya Wednesday, 16 January 2019 12:01 PM

මම දැනට වසර 35ක් පමණ පරීක්ෂණ කරලා අඩු වියදම් සෞඛ්‍ය ආරක්ෂක විදියට නිවසේ මදුරුවන් පලවාහරින ක්‍රමයකට පේටන්ට් එක අරන් තියනවා. කරන්නේ පැඟිරි තෙල් නැනෝ ලේයරයක් අප නිවාස තුල හදනවා. මේකට කෘමින් හරි සංවේදී වෙනවා. මාසයකටම මධ්‍යම පාන්තික නිවසකට වැයවන්නේ අවුන්ස 1/2ක් පමණි. රජයට ඕනේ නම් බිත්තර දාන්න කලින් කෘමියා පලවා හරින්න මේ ක්‍රමය පාවිච්චි කරන්න උපකරණ හදල දෙන්න මට පුළුවන්. එතකොට වකුගඩු රෝග වලින් මගේ ජාතිය බේරගන්න පුළුවන්.

:       0       1128

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 89 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 209 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 935 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 113 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 300 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 275 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site