(අප්සරා යෝසිත් විජේසූරිය)
රත්නපුර දිස්ත‍්‍රික්කයේ පවුල් 331 ක 1250 ක් සාමාජික පිරිසක් අධික වැසි ගංවතුර සුළං හා නායයාම් හේතුවෙන් දුෂ්කරතාවයන්ට මුහුණ පා ඇතැයි රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පවසයි.
දිස්ත්‍රික්කයේ නිවාස 2 පූර්ණ හානියට පත්ව ඇතිබවත් සහ අර්ධ හානි සිදුවූ නිවාස 52ක් බවත් දිස්ත‍්‍රික්ක ලේකම්වරිය ප‍්‍රකාශ කළ අතර, වැසි සමඟ ඇතිවූ අධික සුළං තත්වයෙන් ගස් කඩා වැටීමෙන් පූර්ණ හානිය පත් නිවාස දෙක කහවත්ත වැල්ලඳුර සහ දුරෙක්කන්ද, ඉළුක්වත්ත ප‍්‍රදේශයේ දිඹුල්විටියේ පිහිටි ග‍්‍රාමීය නිවාස බවත් සඳහන් කළේය.
දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාස 10ක ග‍්‍රාම නිලධාරී වසම් 51ක ජනතාව ගංවතුර සුළං හා නායයාම් අවදානම් තත්වයන් මත ආපදා තත්වයට මුහුණදී විවිධ දුෂ්කාරතාවයන් ඇතිව තිබෙන බව රත්නපුර දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන කාර්යාලය පවසයි.
පූර්ණ හානි සිදුවූ නිවාස දෙක කහවත්ත සහ රත්නපුර ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි අතර, එම නිවාස දෙකම හානියට පත්ව ඇත්තේ අධික සුළං නිසා එම නිවෙස් මත ගස් කඩාවැටීමෙන්ය. නිවාස හානි ආපදා හේතුවෙන් දුෂ්කරතාවයන්ට මුහුණදී සිටින පිරිසට සහන සැලසීමට සුරක්‍ෂිත මධ්‍යස්ථාන තුනක් ක‍්‍රියාත්මක වෙයි. දුරෙක්කන්ද ඥාණාධිවංශරාමය, අමුණුතැන්න බෝධිරුක්ඛාරාමය යන විහාරස්ථානවලද, ගලබඩ පල්ලියේ ද ක‍්‍රියාත්මක එම ආපදා සුරක්‍ෂිත මධ්‍යස්ථානවල පවුල් 8ක පිරිස 47ක් රැඳී සිටින බවට දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයට තොරතුරු ලැබී ඇතිබවත් දිස්ත‍්‍රික් ලේකම්වරිය පැවසුවාය.
රත්නපුර දිස්ත‍්‍රික්කයේ ගංවතුර ආපදා තත්වය පහව යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන අතර, රත්නපුර ඇතුළු දිස්ත‍්‍රික්ක හතකට නිකුත්කර ඇති නායයාම් අවදානම් තත්වය අද (19) පස්වරු දක්වා බලපැවැත්වෙන බව ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගංවතුරෙන්- නායයාමෙන් රත්නපුරයේ පවුල් 331 ක් දුෂ්කරතාවයට