(අජන්ත කුමාර අගලකඩ)
ඉකුත් කාලයේ බලයට පත්වූ රජයන් විසින් විවිධ ක්ෂේත්‍ර සඳහා ක්‍රියාත්මක කරන ලද ඉන්ධන සහනාධාර වෙනුවෙන් ඛනිජතෙල් සංස්ථාවට රජයෙන් ලැබිය යුතු රුපියල් කෝටි 33,400 ක පමණ මුදලක් ලැබී නැතැයි ඛනිජ තෙල් සංස්ථා වාර්තා පෙන්වා දෙයි.
පසුගිය කාල සීමාව තුළ පත්වූ විවිධ රජයන් යටතේ ඉකුත් මාර්තු 31 වැනිදා දක්වා දෙන ලද ඉන්ධන සහනාධාර වෙනුවෙන් මෙම මුදල ලැබිය යුතුව ඇතැයිද එම වාර්තා සඳහන් කරයි.
ප්‍රවාහන , විදුලිබල සහ ධීවර යන ක්ෂේත්‍ර සඳහා භාවිතා කරන ලද ඉන්ධන වෙනුවෙන් මෙම සහනාධාර ලබාදී ඇති බවද එම වාර්තා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඛනිජ තෙල් සංස්ථාවට රජයෙන් කෝටි 33,400 ක පොල්ලක්
Perera Friday, 26 June 2020 07:44 PM
හැම රජයක්ම කරන්නේ ජනතාවට පොලු තියන එක... ජනතාවට බරපටවනවා. බලයට පත්වෙන අය යහතින් වැජඹෙනවා.
Hafeel Saturday, 27 June 2020 03:48 AM
අපි තාම සංවර්ධන වෙමින් පවතින්නේ ...
Malli Saturday, 27 June 2020 10:27 AM
හරි ලස්සන භාෂාවක්... මගේ පුතා අහනවා මොකක්ද මේ කියලා..?
Rathnayake Saturday, 27 June 2020 02:18 PM
ඉන්න හිතෙන රටක්...
isuru Saturday, 27 June 2020 06:08 PM
මේ හැදෙන රටක් නොවේ. කවදා හරි චීනෙට රටම වික්කා කියයි.. ළඟදීම ඒකටත් අප්පුඩි ගහන පිරිසක් ලංකාවේ සිටියි.
thilak Saturday, 27 June 2020 06:17 PM
මේ මුදලෙන් 3/4ක්ම හොරාකාලා පිටරටවල බැංකුවල ඇති මේ සල්ලි.
vidya Saturday, 27 June 2020 06:40 PM
විමල් වීරවංශට හරි, ගම්මන්පිලට හරි කිව්වා නම් මේවා ගැන හොඳට තේරුම් කරලා දෙයි..
සමිත සේනක අලුත්ගමගේ. Sunday, 28 June 2020 03:01 AM
අපූරු වැඩක්නේ.. මෙතෙක් පැවැති සියලු රජයන් කර තියෙන්නේ.. කෝටි 33,400ක ණයක් මෙතෙක් පැවති සෑම රජයක්ම එකතු වී තියලා.. එතකොට කොහොමද මේ ආයතනය ගෙනියන්නේ..? කොහොමද තෙල්මිල අඩු කරන්නේ..? පක්ෂ දේශපාලනයේ ඇලී ගැලී වෙලී සිටිනා කොයිදේටත් තමන් අදහන දේශපාලකයින්ගේ පාට දර්පණයෙන් ලොව බලනා අනුවණ මිනිසුනේ.. මඳකට ඔබලාගේ පාටපාට දර්පණ ගලවා රට දෙස පිවිතුරු සිතින් බලනු මැනවි...!!! මෙතෙක් පැවැති රජයන්ගේත්, කොළ, නිල් හා රතු, පොහොට්ටු, එකී මෙකී නොකී සියලු දේශපාලන බලවේග ගැන සැබෑ තත්ත්වය.. නිදහසින් පසු මේ සෑම දේශපාලකයාම හා පක්ෂ මේ හැරෙන්නට මොනතරම් සොරකම් කොට මේ රටේ ජාතියේ ලේ උරාබොන්නට ඇතිද?.. එහෙත් බොහෝ දෙනා පක්ෂ දේශපාලනයට ගැතිවී ඔවුන් පුදදෙන්නේ ඇයි? මේ සියලු දේශපාලකයින්ට වඩා ඔබටත්, මටත් මේ රට වටිනවා නොවේද? මා මගේ ඇති පාණ්ඩිත්වය පෙන්වීමට වෙර දරනවා නොවේ. අපේ රට වෙනුවෙන්, අපේ අනාගත පරපුර වෙනුවෙන් ඔබ දන්නා එහෙත්, ඔබ නොසිතන දෙය ඔබගේ බුද්ධියට හසුකර දුන්නා පමණි.
රොෂාන් Sunday, 28 June 2020 07:31 AM
කමක් නෑ.. ඒකත් අපේ එකවුන්ට් එකටම දාන්න. අපි ගෙවන්නම්...