(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මරා වළ දමා තිබූ කෝටිපති ව්‍යාපාරිකයකුගේ සිරුර සම්බන්ධ පශ්චාත් මරණ පරික්ෂණය පුත්තලම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වරයා වෙත ඉදිරිපත් කරන ලෙස පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා පුත්තලම මූලස්ථාන පොලිසියට අද (15) නියෝග කළේය.
මෙසේ මරා දමා තිබුණේ පුත්තලම නල්ලන්දළුව ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වූ 36 හැවිරිදි ඒ.ආර්.එම්. සෆිස් නැමති දෙදරු පියකු බව පොලිසිය පවසයි.
මරණයට පත් ව්‍යාපාරිකයා පොල් ඉඩම් හිමිකරුවකු සේම පොලි පදනම මත මුදල් දීම සිදුකරන අයෙකු බවද කියයි.
අදාල ව්‍යාපාරිකයා පසුගිය 11 වන දින සවස සිට නිවසින් අතුරුදහන් වී ඇති බවට ඥාතීන් පුත්තලම පොලිසියට කරන ලද පැමිණිලි මත සිදුකරන ලද දිර්ඝ විමර්ශන වලදී අදාල ඝාතනය සම්බන්ධව හෙළිවූ තොරතුරක් මත අද (15) දින සවස මෙම ව්‍යාපාරිකයා මරා වල දමා තිබූ ස්ථානය සොයා ගත් බව පොලිසිය පැවසීය.
අදාල ව්‍යාපාරිකයා පසුගිය 11 දින සවස 2.30 ට පමණ ඔහුගේ යතුරු පැදියකින් පොලියට මුදල් දී තිබූ තැනැත්තෙකුගෙන් පොලි මුදල් ලබා ගැනීමට ගොස් තිබියදී ඝාතනයට ලක්ව ඇති බවට මූලික පරීක්ෂණ වලදී හෙළිවි තිබේ.
පොලියට මුදල් ලබා ගත් තැනැත්තා හා ව්‍යාපාරිකයා අතර බහින් බස් වීමක් සිදුවීමේන් පසුව මෙම ඝාතනය මුදල් ලබා ගත් තැනැත්තාගේ නිවසේදී සිදුව ඇති බව දැනට ලැබී ඇති තොරතුරු වලින් සනාථ වී තිබේ.
ඝාතන සම්බන්ධයෙන් පොලි මුදල් ලබා ගත් සැකකරු හා ඔහුගේ මිතුරෙකු බව කියන අයකු ද ප්‍රශ්න කිරීම සඳහා අද (15) දින පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබුණී.
මෙසේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබුණේ අදාල ව්‍යාපාරිකයා සැකකාර පොලියට මුදල් ලබා ගත් තැනැත්තාගේ නිවස ගමන් කරන සීසීටීවී දර්ශන ස්ථාන කිපයකදී සොයා ගැනීමේන් පසුව බවත් එයට අමතරව දුරකථන ඇමතුම් සම්බන්ධව ලබා ගත් තොරතුරුත් මත කියයි.
මෙම සැකකරුවන්ගෙන් කළ දිර්ඝ ප්‍රශ්න කිරීම් වලින් පසුව පොලිසිය මෙම සැකකරුවන් ව්‍යාපාරිකයා වල දමා තිබූ පුලිදිවායල් වෙට්ටුකාඩු ප්‍රදේශයේ ඉඩමේ අදාල ස්ථානය පුත්තලම දිසාවිනිසුරුවරයා ඉදිරියෙදී කැණීම සිදුවූ අතර එහිදී අදාල සිරුර ඉටි කවරයක බහා අඩි පහකට ආසන්න ගැඹුරක වලක් කපා වල දමා ඉන් පසුව කිසිවකුට සැක නොසිතන ලෙසට එම වල පොල් අතු හා පොල් කොට දමා වසා දමා තිබුණී.
අදාල සිරුර පුත්තලම දිසා විනිසුරු ඉදිරියේ ගොඩ ගැනීම සිදුවූ අතර එම අවස්ථාවට පුත්තලම මූලික රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය නදිකා අබේවික්‍රම මහත්මිය ද එක්වී තිබුණි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කෝටිපති ව්‍යාපාරිකයකු මරා වළදාලා
kolam boss Thursday, 15 August 2019 05:23 PM
වල පෙන්නුවා නම් තව නඩු මොනවටද ? ණයට ගද්දි දෙකට නැමීගෙන ආවට පොලි ඉල්ලන්න ගියහම රටේම චන්ඩි වගේ රඟන්නේ. ගෙවල් , කඩ කුලියට ගන්න ගොඩක් අයත් මෙහෙම තමයි ..
Shafraz Friday, 16 August 2019 06:22 AM
කිසිම දුකක් නැහැ පොලීකාරයෙක් නිසා
upali Friday, 16 August 2019 06:54 AM
මේ කෝටිපති ව්‍යාපාරිකයාට වාහනයෙක් ගන්න සල්ලි නැත්ද? යතුරු පැදියකින් ගිහිල්ලා තියෙන්නෙ.
Paankiriththaa Saturday, 17 August 2019 07:17 PM
ෂුවර් එකටම පොහොට්ටුවේ කප්පම් කාරයෙක්ගේ වැඩක් වෙන්න ඇති...