IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


කෝටි දෙකක් වංචාකළ ගණකාධිකාරීවරියක අත්අඩංගුවට


 
ගම්පහ සණස ප්‍රධාන කාර්යාලයේ ගණකාධිකාරීවරියක වශයෙන් සේවය කරමින් සිටිය දී රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි සැකකාරියක කෑගල්ලේදී අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය කියයි.
 
එම ගණකාධිකාරියගේ ගුවන් ගමන් තහනම් කර තිබිය දී අප්‍රේල් 18 වැනි දා ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළටට පැමිණි අවස්ථාවේ  ආගමන විගමන නිලධාරීන් ඇය අත්අඩංගුවට ගෙන ඇතත්   ඇය ඉන් මිදී  පළා ගොස් ඇතැයි පොලිස් ආරංචි පවසයි.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දුරකතන කුලුනු වාර්තා ඔස්සේ කළ විමර්ශනයෙන් පසු ඇය කෑගල්ලේ සිටින බව තහවුරු කරගෙන ඒ ඔස්සේ ගොස් සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.
 
සැකකාරිය අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (7)

කෝටි දෙකක් වංචාකළ ගණකාධිකාරීවරියක අත්අඩංගුවට

Nandalal DE SILVA - France Friday, 20 April 2018 08:19 PM

මෙතැනට අදහසක් දානවට වඩා උචිතයි කියා මා හිතනවා ප්‍රශ්න පත්තරයක් ඉදිරිපත් කලොත්: 1) කෝටි දෙකක් පිල්ලි ගහන්න මේ බවලතාට කොච්චර කාලයක් ගියාද? ඒ කාලය තුල ගම්පහ සණස ප්‍රධාන කාර්යාලයේ කිසිම ගණකාධිකාරි ආයතනයක් මගින් පරීක්ෂණයක් කර තිබුනේ නැද්ද? 2) ගුවන් ගමන් තහනම් කර තිබියදී මේ බවලතා ඩුබායි ගියේ කොහොමද? එයාට රට යන්න වරම් ලැබුනේ කාගේ පිහිටෙන්ද? එයාට විදේශ ගමන් බලපත්‍ර හෙවත් පාස්පෝට් කීයක් තිබුණාද? 3) "ආගමන විගමන නිලධාරීන් ඇය අත්අඩංගුවට ගත්තා" කියන්නේ පුංචි පහේ සංදර්ශනයක්ද? එයා නිලධාරීන්ගේ ඇස්වලට වැලිගසා පැනලා යන තරමට "ස්මාර්ට්" වෙනකම් ඔවුන් නිදි කිරමින් සිටියද? 4) ගෑණු මොළේ හැඳි මිටේ දිග තරමට යයි කියලා, අදටත් කියන්න පුලුවන්ද?

:       0       55

චානකSunday, 22 April 2018 01:22 PM

ආගමන විගමන නිලධාරීන් සේවයට එක්වී වසර දෙක තුනක් යනවිට ගෙවල් හදලා වාහන කිහිපයක් ගැනීම හා මෙවැනි සිදුවීම් අතර සම්බන්ධයක් තියෙන්න පුලුවනි.

:       0       0

Thilina Saturday, 21 April 2018 05:47 AM

සණස ආයතනයේ අභ්‍යන්තර විගණන පරීක්ෂණ අංශයක් ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? නැත්නම් ඒ අංශය අධීක්ෂණය ගණකාධිකාරී යටතේද ක්‍රියාත්මක වෙන්නේ? කණකොකා සණස උඩින් පියාසර කරන්න පටන් අරන් වගේ. අහිංසක සණස පාර්භෝගිකයාට දෙවියන්ගේ පිහිටත් නැතිවෙයිද?

:       3       1

naradha Saturday, 21 April 2018 11:16 AM

ගුවන් තොටුපොලේ ආගමන විගමන නිලධාරීන් ඇය අත්අඩංගුවට ගත් පසු, ඇය එතනින් පලා ගියේ කෙසේද? මේ සිද්ධියට ආගමන විගමන නිලධාරීන් වගකිව යුතු නැතිද?

:       0       4

Mahee Saturday, 21 April 2018 12:29 PM

ආගමන විගමන නිලධාරීන් මෙයාව කොහේ රඳවලා ඉන්දෙද්දීද පැනො ගියේ? පුදුම වෙන්න දේකුත් නැහැ.

:       0       3

sam Saturday, 21 April 2018 04:31 PM

රටට එනකොටම දැනගන්න පුලුවන් රටේ තරම ආගමන විගමන නිලධාරීන්ගෙන්.

:       0       1

බිනර ගුනසේකර Saturday, 21 April 2018 06:24 PM

සමූපකාර පනත මගින් ස්ථාපනය කර ඇති සණස බැංකු සමූපකාර කොමසාරිස් මගින් නිසි ක්‍රමවේදයක් මත පාලනය නොවීම මීට හේතුවක්. ඔය හුගක් දගලන සණස ආයතනවල වාර්ශික විගණනයක් සිදු කරත් එය වංචනික ස්වරූපයෙන් සිදුවන බව නොරහසක් . කරුණාකර මේ ආයතන විගනකාධිපති තුමා යටතට පත් කරන්න. නොඑසේ නම් මහ විනාසයක් විය හැකියි. ගම්පහ වටේ සණස ආයතන වලින් මේ ක්‍රියාවලිය ආරම්භ කරන්න

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරක්ෂක ලේකම්-රුසියානු ආරක්ෂක ලේකම් අතර හමුවක්
2024 අප්‍රේල් මස 24 16 0

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැ


කිරිපිටි මිල පහළට
2024 අප්‍රේල් මස 24 138 0

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.


රෝගය සුවකරගන්න ගිහින් ජීවිතය අහිමි වෙයි
2024 අප්‍රේල් මස 24 288 0

මදුරන්කුලිය මුක්කුතොඩුවාව ප්‍රදේශයෙ පවත්වාගෙන යනු ලබන රෝග සුව කරන බව පැවසෙන ස්ථානයකදී රෝගී තත්වයෙන් පසුවු කාන්තාවකට ජලය පානය කිරීමට දීමේන් පසු විජල


විල්ගමුව පොලිසියෙන් අතුරුදන් වූ ගිනි අවිය බුදු කුටියකින් මතුවෙයි
2024 අප්‍රේල් මස 24 288 0

මාතලේ - විල්ගමුව පොලිසියේ මුර කුටියේ රාත්‍රී සේවය කරමින් සිටි පොලිස් නිලධාරියාගේ ගිනි අවිය අතුරුදන් වී මසකට පසු හමුවු බැවි විල්ගමුව පොලිසිය කියයි.


වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 413 1

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 366 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 296 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1668 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site