(ටී.කේ.ජී. කපිල)
කාර්මික රසායනික ද්‍රව්‍ය බවට රේගුවට ප්‍රකාශ කරමින් රුපියල් දෙකෝටි විසි ලක්ෂයක් පමණ වටිනා එතනෝල් මධ්‍යසාර තොගයක් අඩංගු බහාලුමක් කොළඹ වරායට ගෙනැවිත් තිබියදී රේගු මධ්‍යම විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (8) එම තොගය අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම බහාලුම ඉකුත් 2020 වසරේ අගෝස්තු මස 9 දින කොළඹ, රාජගිරිය ප්‍රදේශයේ පිහිටි, 2016 වසරේ සිට ව්‍යාපාරික කටයුතු වලින් ඉවත් වී සිටින ආනයනය සමාගමක නමට සිංගප්පූරුවේ සිට කොළඹ වරායට ගෙනැවිත් තිබිණි.
රේගු නිලධාරීන් මෙම බහාලුම නිෂ්කාශනය කර ගැනීම පිළිබඳව මෙම ආනයන සමාගම වෙත ලිපි මගින් දැනුම් දීම් සිදු කළ ද, ඒවාට ප්‍රතිචාර නොදැක්වීම නිසා මෙම බහාලුම විවෘත කර පරීක්ෂා කිරීමට රේගුව තීරණය කර තිබේ.
මෙම බහාලුම තුළ කාර්මික රසායනික ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 12,220 ක් ඇති බවට රේගුවට ප්‍රකාශ කර තිබූණ ද , මෙම බහාලුම තුළ එතනෝල් මධ්‍යසාර ලීටර් 15,200 ක් ලීටර් 200 බැගින් වූ බදුන් 76 ක් තුළ අසුරා ඇති බව රේගු නිලධාරීන් සිදු කළ රසායනාගාර පරීක්ෂණයකින් අනාවරණය කර ගෙන තිබේ.
මෙම එතනෝල් තොගය කෙසේ හෝ කොළඹ වරායෙන් පිට කරගෙන ගොස් ඒවායින් මත්පැන් නිෂ්පාදනය කළහොත් සුරා බදු සහ රේගුවට ප්‍රකාශ නොකිරීම නිසා රජයට අහිමි වන මුළු බදු ආදායම රුපියල් කෝටි 06 ක් බව ද රේගු අධ්යක්ෂ ජනරාල්වරයා පැවසීය.
ශ්‍රී ලංකාවට එතනෝල් ආනයනය කිරීම ආනයන අපනයන පාලන පනත අනුව රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස මෙන්ම සුරාබදු පනත යටතේ ද තහනම් කර තිබේ.
ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම විමර්ශන ඒකකයේ නිලධාරීන් මෙම එතනෝල් අඩංගු බහාලුමේ සැබෑ හිමිකරුවන් සොයා විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කෝටි දෙකක එතනෝල් අල්ලයි
Perera Monday, 08 March 2021 05:39 PM
ඕවට දැන් මොකද වෙන්නේ කියලා මාධ්‍ය බලාගෙන හිටියොත් හොඳයි කුරුණෑගල පැත්තට යැව්වොත් අපිටත් පොඩ්ඩක් දන්වන්න.
Binkunndaa Monday, 08 March 2021 05:45 PM
ෂුවර් එකටම දේශපාලයෙක් පිටුපස ඇති.
Puppa Tuesday, 09 March 2021 12:47 AM
පොහොට්ටුවට සම්බන්ධ ලොකු පොරක් නම් බඩු එළියට එන එක සක්කරයාටවත් නවත්තන්න බැහැ දෙයියෝ...
Ananda Tuesday, 09 March 2021 07:12 AM
කොයි ඇමැතිද ගේන්න ඇත්තේ?
විපරමා Tuesday, 09 March 2021 10:28 AM
දේශපාලුවන්ගේ පිහිටෙන් වැඩ සිද්ද වෙනවා වගේ.. අල්ලපු එතනෝල් එහෙමත් කුරුණෑගල පැතිවලට වාෂ්ප වෙනවද කවුද දන්නේ..?