IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


කෝටි එකහමාරේ වංචාවකට කෝටි 2 ක වන්දියක්

 

(මනෝප්‍රිය ගුණසේකර)

‘පාර්ක් හොස්පිටල්’ ආයතනයේ සේවිකාවක වශයෙන් කටයුතු කරමින් එම ආයතනය සතු රුපියල් කෝටි 1 1/2කට අධික මුදලක් වංචනික අන්දමින් සිය ගිණුමට බැර කරගැනීමේ චෝදනාවට වරද පිළිගත් එහි ගිණුම් සහයකවරියකට වසර 02ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා පාර්ක් හොස්පිටල් සමාගමට රුපියල් කෝටි 2 වන්දියක් ගෙවීමට ද නියම කළේය.

ඊට අමතරව පාර්ක් හොස්පිටල් සමාගමේ අධ්‍යක්‍ෂ රෝලන්ඩ් ද එස්.මුණසිංහ මහතාට රුපියල් ලක්‍ෂ 40 ක වන්දියක් ගෙවීමට ද නියම කළ විනිසුරුවරයා විත්තිකාරියට නියම කළ බරපතල වැඩ සහිත සිරදඬුවම අවුරුදු 15ක කාලයකට අත්හිටුවීමට ද නියම කළේය.

වරද පිළිගැනීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ පාර්ක් හොස්පිටල් සමාගමේ ගිණුම් සහයකවරියක ලෙස සේවය කළ මල්වැන්න හේවගේ ඉනෝකා ජානකී වීරසිංහ නමැත්තියටය.

2014 වසර වනතුරු පාර්ක් හොස්පිටල් සමාගමේ ගිණුම් සහයකවරියක ලෙස සේවය කරමින් කූඨ උපක්‍රමයක් භාවිතා කරමින් සමාගම සතු රුපියල් ලක්‍ෂ 155ක මුදලක් සිය පෞද්ගලික ගිණුමේ තැන්පත් කරගත් බවට විත්තිකාරියට එරෙහිව වෙන වෙනම නඩු 05ක් නීතීපතිවරයා ගොනු කොට ඇත.

මෙම නඩු පහ අතුරින් එක් නඩුවක් විභාග කොට අවසන් කිරීමට ආසන්නව තිබියදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අරුණ ඉහළවිතාන මහතා අධිකරණය අමතමින් තම සේවාදායිකාව මෙම චෝදනාවන්ට වරද පිළිගෙන අවසන් කිරීමට කැමැත්තෙන් පසුවන්නේ යැයි කීය.

තම සේවාදායිකාව අතින් සිදුවු වරදට ඇය පසුතැවෙන බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වින්දිත පාර්ශවය සමඟ මෙම සිද්ධිය සමථයකට පත් කර ගැනීම සඳහා කතා කොට ඇති බවත් පැවසු විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අරුණ ඉහළවිතාන මහතා තම සේවාදායිකාවට බන්ධනාගාර ගත නොවන ආකාරයේ ලිහිල් දඬුවමක් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සෙනරත් ජයසුන්දර මහතා කරුණු ඉදිරිපත් කරමින් විත්තිකාරිය තම සේවාදායකයාගේ රෝහලේ සේවිකාවක් වශයෙන් කටයුතු කරමින් එහි රුපියල් ලක්‍ෂ 200 ක පමණ අලාභයක් සිදුකොට ඇතැයි කීය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලු විනිසුරුවරයා සුක්‍ෂම අයුරින් සැළසුම් කොට තමා සේවය කරන ආයතයෙන්ම වංචා කිරීමේ චෝදනාවන්ට ලක් වුවන්ට දැඩිව කටයුතු කිරීමට අධිකරණය පියවර ගන්නා බවත් සැළසුම් සහගතව, සුක්‍ෂම අයුරින් කරන වංචා හෙළිදරව් කරගැනීම මෙන්ම ඒවා විමර්ශනය කිරීමද දැඩි දුෂ්කර බව දැනුම් දුන් විනිසුරුවරයා මෙවැනි නඩු විභාග කොට අවසන් කිරීම ඊටත් වඩා දුෂ්කර බවද සිය තීන්දුවේ සඳහන් කළේය.

වංචනික අන්දමින් මුදල් ලබාගෙන දීර්ඝ කාලයක් පුරා ඒවා රිසිසේ භූක්ති විඳින වංචනිකයින් නඩු අවසන් වන අවස්ථාවලදී සහනදායි දඬුවම් බලාපොරොත්තු වන බවද නඩුවක විභාගය අවසානයේදී විත්තිකාරිය නඩු 05ටම අදාළව වරද පිළිගෙන නඩු අවසන් කරනු ලබන්නේ සද්භාවයකින් නොවන බවත් ඇයට අත්විය හැකි යම් අගතියකින් බේරිමට බව නීරීක්‍ෂණ කරන බවද සඳහන් කළ විනිසුරුවරයා අගතියට පත් පාර්ශවයට සිදුවී ඇති අලාභය යම් ආකාරයකට ප්‍රතිපුර්ණය කරගත හැකි වන ආකාරයකට දඬුවම් නියම කරන බවද සඳහන් කළේය.

ඒ අනුව එක් චෝදනාවකට වසර 02 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ විනිසුරුවරයා එම දඬුවම වසර 15ක කාලයකට අත්හිටුවීමට නියම කළේය.

ඊට අමතරව එක් චෝදනාවකට රුපියල් 10,000/- බැගින් රුපියල් 50,000/-දඩ හා රුපියල් ලක්‍ෂ 40 බැගින් රුපියල් ලක්‍ෂ 200 වන්දි නියම කළ අතර දඩ හා වන්දි මුදල් නොගෙවන්නේ නම් වසර 15ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතීඥ යසිඳු විජේරත්න මහතා පෙනී සිටියේය.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥ ප්‍රබෝධිනී මුණසිංහ මහත්මිය සමඟ නීතීඥ සෙනරත් ජයසුන්දර මහතා පෙනී සිටියේය.

විත්තිකාරිය වෙනුවෙන් නීතීඥ අරුණ ඉහළවිතාන මහතා පෙනී සිටියේය.

 



අදහස් (1)

කෝටි එකහමාරේ වංචාවකට කෝටි 2 ක වන්දියක්

Pradeep Tuesday, 25 August 2020 03:36 PM

හොරකම් කරන අයට තරාතිරම නොබලා මෙලෙස දඬුවම් කරනවා නම් අපේ විනිසුරුවන් කොපමණ හොඳද..?

:       0       60

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විල්ගමුව පොලිසියෙන් අතුරුදන් වූ ගිනි අවිය බුදු කුටියකින් මතුවෙයි
2024 අප්‍රේල් මස 24 133 0

මාතලේ - විල්ගමුව පොලිසියේ මුර කුටියේ රාත්‍රී සේවය කරමින් සිටි පොලිස් නිලධාරියාගේ ගිනි අවිය අතුරුදන් වී මසකට පසු හමුවු බැවි විල්ගමුව පොලිසිය කියයි.


වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 329 1

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 317 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 336 1

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 628 1

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 507 5

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1667 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site