IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කෝටි 26කට දළදා මාලිගාවට අලියෙක් අරං

(මනෝප්‍රිය ගුණසේකර) 
 
විවෘත වෙළඳ පොළෙන් රුපියල් කෝටියත් එකහාමරත් අතර මිලකට අලියෙකු මිලදී ගැනීමට හැකියාව තිබියදී දළදා මාලිගාවට මියන්මාරයෙන් අලියෙකු මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි විසිහයාමාරකට අධික මුදලක් වැය කිරීමෙන් විශාල වංචාවක් සිදු කොට ඇති බව ඒක පුද්ගල විමර්ශන කමිටුවක් මඟින් තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාට දැනුම් දී ඇත.
 
ඉන්වොයිස් පත්‍රවල අලියාගේ වටිනාකම විශාල ලෙස වැඩියෙන් සඳහන් කොට 2007 වසරේදී දළදා මාලිගාවට මියන්මාරයෙන් අලියෙකු මිලදී ගෙන ඇති බව පෙන්වා දෙන එම ඒක පුදගල කමිටුව මෙම වංචාව පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකර මෙයට වගකිවයුතු සියළු දෙනාට දඬුවම් නියම කිරීමටද නිර්දේශ කොට ඇත.
 
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් යුත් ඒක පුද්ගල විමර්ශන කමිටුව විසින් සිය වාර්තාව මඟින් අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාට මේ බව දැනුම් දී ඇති අතර අමාත්‍යවරයා එම වාර්තාව පාර්ලිමෙන්තුවට යොමු කොට ඇත.
 
රේගු දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ සමන්ත ගුණසේකර මහතා කළ පැමිණිල්ලකට අනුව විමර්ශන කමිටුව පත් කර තිබේ.



අදහස් (52)

කෝටි 26කට දළදා මාලිගාවට අලියෙක් අරං

naradha Sunday, 22 October 2017 10:44 AM

එකත් එකටම මේ අලියා "ඉහල" කුලයේ අලියෙක් වෙන්ට ඇති !

:       89       4160

samjay Sunday, 22 October 2017 10:50 AM

මේවගේ උතුම් තැනකට වංචා කරන්න පුළුවන් අය, පුළුවන්කමක් තිබේ නම් ඕනෑදෙයක් විකුණන් කයි.

:       3681       1151

DonSunday, 22 October 2017 12:13 PM

ඕවාවලට තමයි නියම ගැහිලි කියන්නේ ... ගහන එක ගහල තියෙනවා අය මදියි නොකියන්න...

:       3430       481

Kumari Sunday, 22 October 2017 10:51 AM

අපිට ඉතුරුවෙලා තිබුණු දළදා මාලිගාවත් මේ මිනිස්සු විකුණගෙන කයිද?

:       3136       577

darshanaSunday, 22 October 2017 01:34 PM

කුමාරි නංගි.. මේක වෙලා තියෙන්නේ 2007 මහා රජාගේ කාලේ.

:       2927       2068

BuwaSunday, 22 October 2017 04:16 PM

ඔක්කොම කුණු බේරේ වැවට.

:       1       4

sarath Sunday, 22 October 2017 11:01 AM

ආගමත් විකුණන්කන දේශපාලකයෝ සහ හෙන්චයියෝ. මේ රට මේ වසර 70 තුල විනාශ කරපු හැමෝටම සාප වෙයි.

:       10       113

බද්රානි Sunday, 22 October 2017 11:22 AM

අද ඉතින් ආගම, දහම කියන්නේ හොඳ බිස්නස් එකක්නේ. එතකොට සොච්චම් මුදල් ගනුදෙනු එතන වෙන්න විදිහක් නැහැනේ. හැබැයි ඉතින් කවුරු හරි ඇත්ත හෙළි කලෝතින් එහෙම පණපිටින් අපා ගත වෙනවා. අම්මෝ ඕවා ගැන කතා කරන්නේ බලාගෙනයි.

:       2359       326

sampath Sunday, 22 October 2017 11:35 AM

ඒක පුද්ගල විමර්ශන කමිටුවේ පුද්ගලයාගේ ශාසන ඉතිහාසය ගැන දැනීමක් නැති බවයි පෙනී යන්නේ. දළදා කරඬුව වැඩම කරවන්න ඕනෑම ඇතෙකු යොදා ගැනීමක් කරන්න බැහැ. එම ඇතුන්ගේත් මංගල ලක්ෂණ තිබෙන්න ඕනේ. උස ප්‍රමාණය, දල දෙකේ විශාලත්වය, කන්පෙති වල විශාලත්වය කිහිපයක් පමණි. මෙම මංගල ලක්ෂණ ඇති මංගල හස්තියෝ සිටින ඇත් කුලයන් තිබෙනවා. හැම ඇතෙක්ම යොදාගන්න පුලුවන් නම් ලංකාවේ කැලේකිනුත් කිසිම වියදමක් නැතුව අල්ලගන්න පුළුවන්... උදාහරණයක් විදියට අයාලේ ඇවිදින සුනකයන් මෙන්ම ලක්ෂ ගණන් වටිනා සුනඛයන් අපිට වෙළඳපොලේ දැකිය හැකියි....

:       279       7904

PerakumSunday, 22 October 2017 12:40 PM

සම්පත්ගේ පැහැදිලි කිරීම හරි. නමුත් මෙතන තියෙන්නේ මට පේන විදියට පාරදෘෂ්‍ය භාවය නැතිකමයි. අපට ඉක්මනින් දැනගන්න ලැබේවි.

:       61       108

UpulSunday, 22 October 2017 01:54 PM

ඒ අනුව ඔය කියන උසස් ඇත් ලක්ෂණ වලට මියන්මාරයේත් ඉල්ලුමක් තියෙන පාටයි. එ්කනේ ඔය තරම් ගණන්.

:       48       17

sampathMonday, 23 October 2017 07:40 AM

උපුල්, නොදැනුවත්ව හෝ ඔබේ කියමන හරි. තායිලන්තයේ සහ මියන්මාරයේ ඇතුන් අතර බොහෝ සෙයින් උසස් ඇත් ලක්ෂණ සහිත ඇත් කුලයන් සිටිනවා. සමහර අවස්ථාවල එම ඇතුන්ගෙන් සුදු ඇත් පැටවුන් (ඇලි) පවා බිහිවීම් අනන්තවත් දක්නට ලැබෙනවා. එම නිසා තායිලන්තයේ සහ මියන්මාරයේ එම ඇත් කුලයන්ගේ ඇතුන්ගේ මිල ඉතාම අධිකයි.

:       0       20

පිටිගල මිලානෝ Sunday, 22 October 2017 11:48 AM

2007 කාලේ මේ වගේ වංචා නොවුනා නම් තමයි පුදුමේ. ඕවා සෝඩා බෝතලේ ඇරියා වගේ සද්දේ විතරයි වැඩ නැහැ. කවුරුත් හිරේ යන්නේ නැහැ. අපිට නම් දැන් ඔක්කොම හොරු.

:       1669       242

kumar (galf) Sunday, 22 October 2017 11:48 AM

මේකෙන් ඔප්පු වෙනවා දළදා මාලිගාවත් නිකම්ම ගඩොල් ගොඩක් විතරයි කියලා, නැතිනම් ඔය කියන විදිහේ බලයක් තියෙනවා නම් මේවායේ හොරුන්ට දඬුවම් දෙන්න එපායැ !!!

:       1929       497

sajithSunday, 22 October 2017 08:07 PM

කුමාර (ගල්ෆ්), ඔයා මෝඩයෙක් වුණාට අපිට කමක් නැහැ. ඒත් මේ වගේ වැදගත් දෙයක් ගැන කතා කරද්දී මෝඩකම ප්‍රදර්ශනය නොකර ඉන්න. ඔක්කොටම කලින් රටේ වෙන දේවල් දැන ගන්න ලංකාවේ ඉන්න. අනුන්ගේ රටවල් වලට ගිහිල්ලා වළං හෝද හෝදා මේ රටේ මුදුන් මල්කඩ වෙන දළදා හාමුදුරුවන්ට අපහාස කරන්නේ නැතුව ඉන්න. එහෙම අපහාස කරන අයට ගමේ භාෂාවෙන් නම් කියන්නේ අං දෙකක් තියෙන ගොනුන් කියලා තමයි.

:       0       72

GihanMonday, 23 October 2017 12:49 AM

මාලිගාවට බෝම්බ දාපු අයට වෙච්ච දේ දැක දැකත් උම්බෑ කියන්න එපා. එක්කෙනෙක් සමාව ගත්තු නිසා තවම ඉන්නව. නැත්තන් එයාටත් අනිත් අයට වෙච්ච දේම තමයි.

:       0       41

ජයරත්න Sunday, 22 October 2017 11:59 AM

දේශපාලනයයි, ආගමයි අතර ලොකු වෙනසක් නැහැ. කියන දේ සහ කරන දේ අතර තියෙන්නේ ලොකු පරතරයක්.

:       1516       109

Wimal Sunday, 22 October 2017 12:15 PM

බෞද්ධ විරෝධී ප්‍රතිචාර දාන මාෆියාවක් ඉන්නවා පාඨකයන් අතර. භද්‍රානි, චානක ලොස් ඇන්ජලිස් ඒ අතර ප්‍රධානයි.

:       474       1828

ජයරත්න Sunday, 22 October 2017 12:57 PM

නිවටයන් නිසා දුප්පත් මිනිස්සු තව තවත් මිථ්‍යාවට යට වෙනවා. දේශපාලකයෝ, පුජ්‍ය පක්ෂය සහ ව්‍යාපාරිකයෝ බලය, ධනය, වරප්‍රසාද ලබනවා. භද්‍රානි කතා කරල තියෙන්නේ සියලු ආගම් ගැන මිසක් එක ආගමක් ගැන විතරක් නෙමෙයි. ඇත්ත මාෆියාව මොකක්ද කියලා ප්‍රතිචාර දාන විදියෙන්ම තේරෙනවා. ඕක ශතවර්ෂ ගණනක් පරණ මාෆියාවක්.

:       1282       222

Samarasinghe Sunday, 22 October 2017 01:11 PM

මාර කෙනෙක් තමයි පැමිණිල්ල කරලා තියෙන්නේ. මගෙනුත් පගාව අරන් තියෙනවා.

:       9       21

kalpa Sunday, 22 October 2017 01:22 PM

ලක්ෂ 20ට කාර් එකක් ගන්න තියෙද්දී ලක්ෂ 60කට කාර් එකක් ගත්තා වගේ කතාවක් කියලා හිතෙනවා.

:       1569       44

kalpa Sunday, 22 October 2017 01:26 PM

මේ කතාව මඩ ගැහිල්ලක් මෙවැනි පුවත් පලකලාම බුදු දහමට අපහාසයක් වෙනවා නේද?

:       171       216

Don Sunday, 22 October 2017 01:44 PM

අලියව ගන්න ඉස්සෙල්ලා බලන්න මියන්මාර් යන්න කට්ටියගේ වියදම් රුපියල් කෝටි 2. අලියාගේ මිල රුපියල් කෝටි 5 යි. අලියව ගත්ත තැන ඉඳල මියන්මාර් ගුවන්තොටුපොළට ගෙන්න රුපියල් කෝටි 1 යි. එහෙ සිට කටුනායකට ගුවනින් ගෙන්න රුපියල් කෝටි 5 යි. රේගු බද්ද කෝටි 5 යි .. කටුනායක සිට මහනුවරට අලියව ගෙනියන්න ලොරියට වියදම කෝටි 1 යි . එහෙදි අලියව නාවා පිරිසිඳු කර සෙන් පවුඩර් ගැසීමට වියදම රුපියල් කෝටි 1 යි .. එකතුව මුළු වියදම රුපියල් කෝටි 20 යි .. එ්ත් කෝටි 6 කට වෙච්ච දෙයක් නෑනේ ..

:       1772       78

asanka Sunday, 22 October 2017 02:17 PM

දැන් අස්‌ගිරි විහාරයෙන් සහ මල්වතු විහාරයෙන් මහානායක හිමිවරු ප්‍රමුඛ සංඝ සභාවේ ස්‌වාමින් වහන්සේලා නව ව්‍යවස්‌ථාවට ප්‍රබල විරුද්ධත්වයක් ප්‍රකාශ කර තිබෙන මොහොතක එම හිමිවරුන්ගේ කටවල් වහලා නව ව්‍යවස්‌ථාව ගේන්න හදන උපක්ක්‍රමයක්ද දන්නේ නැහැ. ඒ මොකද මේ විමර්ශන කමිටු වාර්තාව එන්න තිබුනේ මීට සෑහෙන කලකට ඉහතදීය.

:       1271       1154

nilame Sunday, 22 October 2017 02:23 PM

තනතුරු ගන්නකොට දොලපිදේනි දෙන්නේ අපිට ආදරයට නොවෙයි නේද?" මේ අදෘශ්‍යමාන අලියා පෙරහරේ යන්න ඇති නේද?

:       1477       3

wasanjaya Sunday, 22 October 2017 02:45 PM

මියන්මාරයෙන් හෝ වෙන කිසිම රටකින් අලින්ව ආනයනය කිරීමට අවශ්‍ය රටක්ද අපේ රට? හෙන ගහන වැඩනේ මේවා....

:       1225       237

sahan Sunday, 22 October 2017 02:52 PM

කෝ අපේ මහා සංඝරත්නය? මෙන්න අපේ රජතුමාට, බුද්ධාගමට පහර ගහනවා... ජනතාවනි එක්වෙන්න. මේවා ගැන කතාකරන ජාති ද්‍රෝහී, දේශ ද්‍රෝහී, ආගම් ද්‍රෝහී පිටරට සල්ලි වලින් යැපෙන්නන් ඉවත් කර දමන්න.

:       1713       29

ධනුෂ්ක Sunday, 22 October 2017 03:35 PM

මේ ඔක්කොටම මුල අද මිනිස්සු බුදුරදුන් පෙන්වා දුන් මාර්ගය අතහැර වෙනත් මගක යාම. තුන්පිටකයට අනුව නෙමෙයි වැඩ කරන්නේ. හරියට බුදු හාමුදුරුවෝ හඳ පෙන්නද්දි අඟිල්ල දිහා බලනවා වගේ. වෙසක් පෝය දවසට නගරයකට රෑට යන්න පුළුවන්ද? අාගම වෙනුවෙන් පණ දෙන්න කතා කළාට පන්සිල් පද පහවත් රකිනවද? පන්සලේ ප්‍රධාන දායකයෝ කවුද? මුදලාලිලා. එ් මොකද? මුදල් කෑදරකමට. බුදුහාමුදුරුවෝ වදාලේ ප්‍රතිපත්ති පූජාව පිළිබඳව. එ්ත් දැන් පස්සේ හදා ගත්ත අාමිස පූජාවට තමයි මුල් තැන දෙන්නේ. එ්ක ඔය හැමෝටම ලාභයි සහ ලේසියි. හැබැයි දර්ශනයක් නෑ. සැබෑ බෞද්ධයනි සැබෑ බෞද්ධ දර්ශනය රැක ගනිමු. සැබැ දර්ශනය (තුන් පිටකය) ඉගෙන ගනිමු. ධනවාදයෙන් පන්සල බේරා ගනිමු. නැත්තම් අනාගත පරපුර අාගම විදියට දකින්නේ මේ වැඩ. එවිට ඔවුන් බෞද්ධ දර්ශනයෙන් බැහැර වේවි.

:       1233       1291

Saman Sunday, 22 October 2017 03:37 PM

ඒ කාලෙ කිව්වේ බුරුමෙන් තෑග්ගක් දුන්න කියලා නේද? තාත්තා රජතුමාගේ පාසැලේ එකම පන්තියේ වෙච්චි, පුතා දියවඩන නිලමෙ වෙච්චි ඉතින් තව මොනවද? දැන් බලාගෙන ඉඳිමු, පාර්ලිමේන්තුවේදි ගම්මන්පිල සහ විමලේ මේ ගැන කියන දෙය ගැන...

:       1540       201

Wana aliyaMonday, 23 October 2017 04:15 AM

ආචාර්ය නන්දා මාලනියගේ ගීතය මතකද?

:       0       1

minipe Sunday, 22 October 2017 04:28 PM

ඇතා ඉහල කුලයකට අයත් විය යුතු කියන එක මිථ්‍යාවකි.බුද්ධ ධර්මයට කුල බේදයක් නොමැත.මම පෙරහැරවල් බැලීමෙන් වැලකි සිටිමි.අලි ඇතුන් සම්බන්දවන හා එම සතුන් පාවිච්චි කිරීම ගැන මගේ විරෝධයක් ඇතා.අලි පස් දෙනෙක් ගියත් දෙසිය පනහක් ගියත්, වෙනස මට නොපෙනේ.බුද්ධ ධර්මය දැක්මෙන් හා චිත්‍ර වලින් ප්‍රධර්ශනය කරන්න නොහැක.බුද්ධ ධර්මය ඒ තරම් බොලද නැත.

:       0       0

බද්රානි Sunday, 22 October 2017 04:33 PM

හොරකම විතරක් නෙමේ, ඒ දිව්‍යමය හොරකම සාධාරණීකරණය කරන උම්මන්තක රැළකුත් අප අතරම ඉන්නවනේ. මෙච්චර අලි ඇත්තු ඉන්න රටේ මංගල හස්තිරාජයෙක් මියන්මාරයෙන්, බදුත් ගෙවලා ආනයනය කරන්න කරන්න සිදුවුණා කියපුවම අපිට නම් අර කොහෙන්ද මන්දා හිනායනවා. කොහොමත් වෙළඳ පොලේ ෆොරින් භාණ්ඩවලට හොඳ ඉල්ලුමක් තියන බව අපිත් දන්නවා. එ්ත් ඉතින්, දේශ ප්‍රේමේ ඉහවහා ගිය භික්ෂුන් ඉන්න රටේ ෆොරින් ඇතෙකුම දළදා වහන්සේ වැඩම කිරීමට යොදා ගන්න සිතුවේ, පින්වතුන්ගේ ඇස්දෙක හා මනස රවටන කොලිටිය ඒ ෆොරින් අත්තුන්ගේ තියන නිසාම වෙන්න ඇති. ශ්‍රී දළදා වහන්සේට කෙසේ වෙතත්, අලි ඇතුන්ට වැඳ නමස්කාර කරන සැදැහැවතුන් පිරිසක් නිර්මාණය කර තිබීම ගැන උන්වහන්සේලාට අපි කෘතඥ විය යුතුයි.

:       0       0

raheem Sunday, 22 October 2017 05:54 PM

අම්මපා 2007 දී ලංකාවේ අලි එකෙක්වත් හිටියේ නැද්ද? ආවුරුදු 10 ක් ගියාද අලියෙක් මෙච්චර වටිනවා කියලා ගණන් හදන්න?

:       0       0

Saman Sunday, 22 October 2017 06:43 PM

ඒ කාලෙත් මේව ගැන හෝඩුවාවල් තියෙන්න ඇතිනෙ, හැබැයි පත්තර මල්ලිල හිට්යෙ පන බයේනෙ, නැත්නම් ලසන්තට වුන දේ තමයි. නැද්ද ?

:       0       1

sanjeewa Sunday, 22 October 2017 08:02 PM

සුපිරි නාඩගම. හාමුදුරුවෝ ව්‍යවස්ථාවට විරුද්ධ වෙද්දී හාමුදුරුවන්ටත් මඩ ගහන්න හදන අපුරු යහපාලනය. මෙච්චරකල් හොයා ගන්න බැරි වුණු අලි දැන් තමයි යහපාලනයෙන් හොයා ගන්නේ. මේ කතා හොඳයි යහපාලනයට කඩේ යන පීචන් හෙන්චයියන්ටයි, කොන්ඩෙ බැඳපු චීන්නුන්ටයි, පොඩ්ඩක්වත් හිතන්න මොලයක් කියල නාමයක් නැති මෝඩයන්ටයි. මේ වගේ කතා වලට බහුතරයක් මිනිස්සු රැවටෙන්නේ නැහැ. මෝඩයො ටිකක් රැවටුණාට.

:       115       26

de silva Sunday, 22 October 2017 09:05 PM

බුදුහාමුදුරුවන්ගෙනුත් කොමිස් ගහන මිනිස්සු දැන් නම් ඉන්නේ...

:       0       0

නුමා Sunday, 22 October 2017 10:02 PM

ලංකාවේ ජනතාව නොමිලේ අවුරුදු 13 අධ්‍යාපනය ලැබුවත් බුද්ධිමත් නැහැ. කැපී පෙනෙන ලෙසම දේශපාලනය පිළිබඳ තීරණ ගැනීම සහ ආගම. බුද්ධිමත් වූවානම්, රටක් ලෙස මෙතරම් අරාජික වන්නට හේතුවක් නැහැ. නිදහසින් වසර 70 ගත්වන මොහොත වන විටත් යහපත් පාලකයින් පත්කරගන්නට බැහැ. ආගම(සියලුම) කියන තැනදී මිත්‍යාදෘශ්ඨිට මුල්තැන. ආගම යනු ජීවිතය යහපත්ව පවත්වාගෙන යාමට ඇති උපදෙස් මාලවක් පමණි. එය නැණ පමණින් විමසා බලා අනුගමනය කළ යුතු දෙයකි.

:       0       0

Thilak Monday, 23 October 2017 12:12 AM

සත්තකින්ම දඩුවමක් දියයුතුයි

:       0       0

leslyjayawardana Monday, 23 October 2017 12:31 AM

සාදු කියන්න පින්වතුනි ...මේ ඇතා තව්තිසාවේ රාවනගේ පුත් රුවනක්

:       0       0

ලුම්බිණි Monday, 23 October 2017 02:09 AM

ආනයනය කරන ලද උසස් කුලයේ මේ අලියද දැන් කරඬුව ගෙනියන්නේ? අවුරුදු 2500 ඉතිහාසයක් ඇති බුදු දහමෙන් පන්නරය ලැබූ රටකට අලියෙක් නැති හැටි කරඬුව ගෙනියන්න.

:       15       21

Padmini Monday, 23 October 2017 04:11 AM

මෙතන දමන ප්‍රතිචාර වලට පක්ෂව සහ අපක්ෂව පිළිතුරු කිසිසේත්ම සත්‍ය වෙන්ට බැහැ. එකම කෙනෙකු පිළිතුරු 4000, 5000, දෙනවා. මේ පිළිබඳ ලංකාදීපය දැනුවත් වන්න.

:       0       22

Asanka Monday, 23 October 2017 05:03 AM

බෞද්ධ දර්ශනය පිළිපැදිය යුතු බවත් ආමිෂ පුජා, ඔය අලි කතන්දර තවදුරටත් අනවශ්‍ය බවත් තේරුම්ගන්න තරම් බෞද්ධයින්ට මොලයක් නැහැ.

:       0       15

Kumari Monday, 23 October 2017 05:12 AM

මේ ලිපිය බැලුව සංඛ්‍යාව බලන්න. එ්ත් කැමැත්ත අකමැත්ත පලකල සංඛ්‍යාව බලන්න. එ්කත් හොරුන්ගේම වැඩක්. හොරුන්ටම ගිය රටක්...

:       0       17

dasun Monday, 23 October 2017 05:38 AM

"විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් යුත් ඒක පුද්ගල විමර්ශන කමිටුව" - එක පුලා කමිටුවට සභාපති කෙනෙක් ඉන්නවා. ලේකම් සහ භාණ්ඩාගාරික කවුද? මේ ඒකපුද්ගල කමිටුවේ වාර්තාව නිර්පාක්ෂිකද කියලා විමර්ශනය කරන්නේ කවුද?

:       0       0

Pushpa Monday, 23 October 2017 06:00 AM

දෙයියනේ මේකට අලියා කියන්නේ නිකන්ද?

:       0       1

ධනුෂ්ක Monday, 23 October 2017 06:56 AM

මම උඩ බෞද්ධ විරෝධි අදහසක් දාලා නෑ. මම කිව්වේ සැබැ බෞද්ධ දර්ශනය තියෙන්නෙ. තුන්පිටකයේ එ්ක ඉගෙන ගන්න එ්ක රැක ගන්න එ්ක අනුගමනය කරන්න. එ්කයි නියම දර්ශනය. හැබැයි මගේ අදහස වැරදි කියලා 1300 විතර කියනවා. මට තියන ගැටලුව ඔවුන් අබෞද්ධයින්ද නැත්තම්. ධර්මාවබෝධයක් නැති. අඳුරෙ අතපත ගාන, අර හඳ පෙන්නනොට අැඟිල්ල බලන බෞද්ධයෝද? එහෙම අයනම් ඔයාලා ටිකක් බෞද්ධ දර්ශනය ඉගෙන ගන්න.

:       0       2

kapila gamage Monday, 23 October 2017 07:11 AM

ලංකාවේ රජයෙන් දළදා මාලිගාවට අලි දෙන්නෙත් නැත්නම් පෙරහැර කරන්නත් තියෙනවා නම් කෝටි 26 නෙමෙයි, ඊට වඩා වැඩියෙන් වුණත් දීලා අලි ගන්න වෙනවා.

:       1       16

rohana kumaara mendis Monday, 23 October 2017 07:36 AM

අයියෝ ඔයිට කලින් ඔය නිලමේ එයාගේ මිනි කූපර් වාහනේ මාලිගාවේ රත්තරන් වලින් ආලේප කරගත්තා. ඔය ඉන්නේ යසට තාමත්....

:       0       2

Kandepola Monday, 23 October 2017 09:14 AM

කවුරුත් කලබල නොවන්න. මෙය විනාඩි 10න් ඇප දිය හැකි වරදකි.

:       0       0

Reks Tuesday, 24 October 2017 01:35 PM

ඔක්කොටම රුදාව පෙරහැරේ යන අලි ගැන විතරයි. රුපියල් කෝටි ගණන් දීලා පොලිසියට ගන්න අශ්වයෝ ගැන කවුරුත් කතා නැහැ. මම කියන්නේ මේ වැඩේ හරි කියල නෙවෙයි.

:       0       54

vidya Tuesday, 24 October 2017 04:45 PM

මොකද සද්දයක් නැත්තේ .

:       0       0

සෙනෙවි Wednesday, 25 October 2017 12:01 PM

යෝජිත ව්‍යවස්ථාවට විරුද්ධව සංවිධාන කටයුතු කලේ ‍යැයි සිතාගෙන දියවඩන නිලමෙට ඇටෑක් එකට ආණ්ඩුවෙන් ගහපු ගැටයක් කියලයි ආරංචි...

:       0       130

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 85 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 232 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 597 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 872 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 327 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 159 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 300 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site