IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කෝටි 232,500ක චීන අයෝජන ලංකාවේ

(හර්ෂණ තුෂාර සිල්වා)

ඉකුත් වසර අවසන් වනවිට චීන සමාගම් ශ්‍රී ලංකාව තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 15ක (ආසන්න වශයෙන් රුපියල් කෝටි 232,500ක්) යටිතල පහසුකම් ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇතැයි මෙරට චීන තානාපති ෂෙන්ග් ෂියුවාන් මහතා කොළඹදී අද (23) ප්‍රකාශ කළේය. 

“සහශ්‍රයේ සිට  නව යුගයකට - ඒකාබද්ධව තීරයක් සහ මාවතක් ගොඩනගමු - ශ්‍රී ලංකා සිහිනය වැළැඳගමු” යන මැයෙන් මෙරට චීන තානාපති කාර්යාලය සංවිධානය කළ සමුළුවේදී අදහස් දක්වමින් චීන තානාපතිවරයා එම කරුණු පැවැසීය.

පසුගිය 2017 වසර අවසන් වනවිට චීන සමාගම් ප්‍රවාහන, ජල, විදුලිබල, වරාය සහ තවත් ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි ශ්‍රී ලංකාව තුළ  එක්සත් ජනපද ඩොලර් බිලියන 15ක (ආසන්න වශයෙන් රුපියල් කෝටි 232,500ක්) යටිතල පහසුකම් ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇතැයි සමුළුවේ මුඛ්‍ය දේශනය කරමින් මෙරට චීන තානාපතිවරයා කීය.

කොළඹ චීන තානාපති කාර්යාලයේදී මෙම සමුළුව පැවැත්විණි. 

එහිදි තවදුරටත් අදහස් දැක්වූ චීන තානාපති ෂෙන්ග් ෂියුවාන් මහතා මෙසේ ද කීය.
“ශ්‍රී ලංකාවත් චීනයත් අතර ආර්ථික, සංස්කෘතික සබඳතා වසර සිය දහස් ගණනක් ඈතට යනවා. සාමය, සංවර්ධනය සහ එකිනෙකාගේ යහපත උදෙසා එකිනෙකාගේ අවබෝධය ඇතිව ශ්‍රී ලංකාව සහ චීනය එක්ව කටයුතු කර තිබෙනවා. 

ශ්‍රී ලංකාවට ජාතික සංවර්ධනය උදෙසා අවස්ථාව ලැබෙන ඕනෑම අවස්ථාවකදී චීනය ශ්‍රී ලංකාවට උපකාර කරනවා. ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ සුවිශේෂී භූගෝලීය පිහිටීමක. ඒ වගේම ශ්‍රී ලංකාව පුළුල් සංවර්ධන අවස්ථාවක් සහ අනාගතයක් තිබෙනවා. ජාතික වර්ධනය, ජාතික සංවර්ධනය, වාර්ගික සමගිය, ආගමික සහයෝගීතාව යනාදි ශ්‍රී ලාංකික සිහිනයක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සහ ජනතාව සතු වෙනවා. එම සිහිනය චීනයේ එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතිය සමඟින් හොඳින් පෑහෙනවා. මානව වර්ගයාගේ පොදු යහපත උදෙසා අප සියලු දෙනාට එක්ව වැඩ කළ හැකියි. ශ්‍රී ලංකාව චීනයේ එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතියේ වැදගත් පාර්ශවකරුවෙක්”. 


ඡායාරූප චතුර එස් කොඩිකාර



අදහස් (9)

කෝටි 232,500ක චීන අයෝජන ලංකාවේ

Raveendra Wednesday, 23 May 2018 03:07 PM

ඉදිරියෙන්ම "රට ඇම්ඩන්ලාගෙන්" කෙනෙක් ඉන්න නිසා මේ "ලැබෙනවා කියන" යෝජනාවලින් රටට වැඩක්වේද යන්න සැක සහිතයි.

:       41       164

Kumar Wednesday, 23 May 2018 04:25 PM

ලංකාව දැන් සුරපුරයක්.

:       3       82

සතයපාල Wednesday, 23 May 2018 05:08 PM

මේ ඩොලර් බිලියන පහලොවෙන් බිලියන කීයක් ඩුබායි ෂි සෙල්ස් හා සිංගප්පූර් බැංකු වල ඇති ලංකාවේ දේශපාලකයන්ගේ ගිණුම් වල හිරවෙලා ඇත්ද. ඩොලර් බිලියන පහලොවක වත්කම් මේ රටේ පෙන්වන්න 2005 සිට අද දක්වා රට පාලන කල දේශපාලකයන්ට හැකිද ?

:       53       28

BamunuarachchiThursday, 24 May 2018 12:13 AM

කතාවෙන් තේරෙනවා මොලේ කලඳක් නැතිබව. දෙසපාලුවෝ බලය ගන්න කියපු බොරු ටික ඔවුන් බලය ගත්තාට පසු අත්හැර දමලා.

:       0       0

sirimal Wednesday, 23 May 2018 05:44 PM

ඉන්දියානු සාගර කලාපයේ රටවල් රාශියක චීනය සිය ආධිපත්‍යය තහවුරු කරගැනීමේ දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් ඉන්නා බව ඉතාම පැහැදිලියි. මේ රටවල් අතර ශ්‍රී ලංකාව ඉතාම වැදගත් සන්ධිස්ථානයක් ලෙස පිහිටා තිබෙන බැවින් ලංකාවේ මොන ආණ්ඩුවක් පත්වුවත් චීනය තමන්ගේ අවශ්‍යතාවය සඳහා සහායකයෙකු ලෙස මැදිහත්වීම නවත්වන එකක් නැහැ. මත්තල ගුවන්තොටුපල සහ මාගම්පුර වරාය මේ ක්‍රමවේදයේ හොඳම උදාහරණයි. චීන රජය විසින් එවැනිම ව්‍යාපෘති බංග්ලාදේශය, පකිස්තානය, යේමනය, එරිට්‍රියාව, සෝමාලියාව, කෙන්යාව, ටැන්සානියාව, මොසම්බීක් වැනි රටවලද ක්‍රියාත්මක කරඇත.

:       1       30

Bamunuarachchi Thursday, 24 May 2018 12:22 AM

ඒ සැරේ මුළු රටම චීනට විකුණන්න වගේ.

:       0       0

Raveendra Thursday, 24 May 2018 02:28 AM

ඔබ විසින් නිවැරදි අදහස් ඉදිරිපත් කිරීම ගැන ඔබට ස්තුති වන්ත වෙන්නෙමු. ඉන්දියාවත්, ලෝක පොලිස්කාරයත් වැඩියෙන්ම මාන බලන්නේ තිකුණාමලය ප්‍රදේශය අශ්‍රිතව බවත් කිවයුතුය.

:       0       0

prakaash Thursday, 24 May 2018 03:52 AM

ඔය ඔතන ඉන්න අය කොච්චර පිල්ලි ගහල ඇත්ද?නීල හොරෙක්

:       0       0

ravi Thursday, 24 May 2018 05:20 AM

මේ ලංකා ඉතිහාසයේ ශ්‍රී ලංකාවට උදව් කරපු සහ කරන එකම රට චීනයයි. අනිත් රටවල් වලින් අපේ රටට ඇවිත් ඉන්න අය අපිට උදව් කරන මුවාවෙන් මොනවද කරන්නේ? ලංකාවට ආපු දවසේ ඉඳලම කුඩු ජාවාරම් වල සහ මැණික්ගල් ජාවාරම්. ඒක නිසා අපි මේ චීන ජාතිකයන් සමග අපේ රට ඉදිරියට ගෙනයා යුතුයි. ඇමෙරිකාවට සහ අනිත් රටවල්වලට වඩා. චීනයත් සමග අපේ ආර්ථික සහ කර්මාන්ත දියුණු කරගැනීම අපේ රටට අතිවිශිෂ්ට මුල පිරීමක් .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 546 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 209 0

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 266 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 258 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 465 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 3924 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site