IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කෝටි 225 මත්කුඩු මහබාගෙන් අල්ලයි

බිමල් ෂ්‍යාමන් ජයසිංහ     

මහබාගේ ප්‍රදේශයේ නිවසකදී රුපියල් කෝටි 225 කට අධික වටිනා හොරෙයින් මත්කුඩු කිලෝ 225 ක් සමග පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි .
     
එම සැකකරුවන් සමග මෝටර් රථයක් සහ කැබ් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත .
     
කිලෝ 10 යේ හාල් උරයක සහල් අතරේම  මත්කුඩු කිලෝ 1 බැගින් සඟවා ප්‍රවාහනය කිරීම සඳහා කැබ් රථයට සහ  මෝටර් රථයට  පටවමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි .
       
මෙම මත්කුඩු තොගය දකුණු පළාතේ ප්‍රබල පාතාල නායකයෙක් වන කොස්ගොඩ තාරක නැමැත්තාට අයිති බව මූලික පරීක්ෂණ වලදී තහවුරු වූ බව පොලිසිය සඳහන් කරයි .  



අදහස් (17)

කෝටි 225 මත්කුඩු මහබාගෙන් අල්ලයි

Samitha Senaka Aluthgamage. Friday, 15 May 2020 07:13 AM

බුදු අම්මෝ .... මේවා කොහෙන් ගෙනාවාද? කොහොම කාට බෙදනවාද? මේවා මෙහෙයවන මහ කෙරුමන් කව්ද ?

:       0       1

upali Friday, 15 May 2020 07:16 AM

වැලිසර නාවික හමුදා කදවුරට එල්ල වුනු ජීව අවි ප්‍රහාරය කුඩු නායකයන් විසින් කල දෙයක් වෙන්න බැරිද ? සියලු දෙනාම සුදුවැල්ල කුඩු කාරය පසුපස ගියාට වෙනත් ආකාරයකින් මෙම වෛරසය කදවුරු තුලට ඇතුළු කලද කියල සොයා බැලුවොත් හොදයි නේද? මොකද කුඩු ජාවාරම එච්චරට ප‍්‍රබලයි. පසුගිය කාලයේ කුඩු සම්බන්දව නාවික හමුදාව විශිෂ්ට කාර්ය භාරයක් කලා.... එය නවත්වන්නට කුඩු නායකයන්ට අනිවාර්යයෙන් අවශ්‍යයයි.

:       0       0

karu Friday, 15 May 2020 07:21 AM

අල්ලපු පොලිසියේ රාළහාමිලාට දෙයියන්ගේම පිහිටයි... ඔය පාතාලයා ගම්කබරයාගේ ගෝලයෙක්..

:       0       1

ravi Friday, 15 May 2020 07:30 AM

වැටලීම්නම් නැගලා යනවා.

:       0       1

Shan, Friday, 15 May 2020 08:03 AM

"ප්‍රබල පාතාල නායකයෙක් වන කොස්ගොඩ තාරක නැමැත්තාට අයිති බව " මුස්ලිම් ජාතිකයෙක් කියලා නැද්ද?

:       0       1

banda Friday, 15 May 2020 08:30 AM

හැමදාම අල්ලනවා... අහුවෙන්නේ කුඩු පැකට් කරන අය සහ බෙදාහරින රියදුරන් විතරයි .ලංකාවට ගේන මහා කෙරුමන් කිසිවෙක් අහුවෙන්නේ නැත .

:       0       0

beau Friday, 15 May 2020 08:42 AM

බොහොම හොඳා. තාරකට දැන් තරු පෙනී ඇත...

:       0       0

SL Friday, 15 May 2020 09:13 AM

මේ මත්කුඩු ගෙනාපු උන්ටම පොවන්න. රටේ අහිංසක තරුණයින් ලක්ෂ ගානකගේ ජීවිත ,දරුවන්ගේ දෙමාපියන් ,පවුල් පිටින් විනාශ කරන උන්ට පොවලා උන්ටත් ඒ අත්දැකීම ලබා දෙන්න.

:       0       0

kostharaka Friday, 15 May 2020 09:48 AM

එක්කො හොරුන්ට බයයි.. නැත්නම් හොරුන්ගෙම පැත්තෙ කියල තමයි හිතන්න වෙන්නෙ..

:       0       0

lalithm Friday, 15 May 2020 10:00 AM

ඔක්කොම දන්නවනම් ඔය කියන අයවලුන් අත්අඩංගුවට ගන්න බැරි දේශපාලන හේතුද? ඕව ඔක්කොම දකින අහන අයට විහිලු සැපයීමක් විතරයි. පොලිසිය තියෙන්නේ දන්නා කම පෙන්නලා නිකම් ඉන්න නොවෙයි අපරාධකරුවන් අල්ලලා දඬුවම් දෙන්න කියල අපි දන්නේ.

:       0       14

K Perera Friday, 15 May 2020 10:18 AM

මෙයාලව කුඩුවේ දමලා පූස්පැට්ටු වගේ තියාගන්න. මරණ දඩුවම නම් දෙන්න එපා. දුන්නත් ක්‍රියාත්මක කරන්නේ නැහැනේ !

:       2       2

සුපුන් Friday, 15 May 2020 10:40 AM

කොච්චර ඇල්ලුවත් ඕවා ආයේ මාකට් එකට එනවා කියලා හැමෝම දන්නවා. මාධ්‍ය කැඳවලා ප්‍රසිද්ධියේ විනාශ කලේ නැත්නම් වැඩක් නෑ.

:       0       20

ජනකSaturday, 16 May 2020 08:36 AM

නොදන්න රෙද්දවල් නොකිය ඉන්න..., මේ රටේ හැම ක්ෂේත්‍රයකම ඔය වගේ ලිං ගෙම්බෝ ඉන්නව නම් පුලුවන්, එක එකාගේ බයිල වලට රැවටෙන්නේ නැතිව නිදහස් ව හිතන කෙනෙත් වෙන්න...එහෙම කුඩු එලියට දමන්න පුලුවන්නම් හොදයිනේ...

:       0       0

Ranjith Friday, 15 May 2020 11:42 AM

මේකෙත් අල ගියතැන්, මුල ගියතැන් අල්ලන්න හමුදා බුද්ධි අංශයටම දෙමුද? නැත්තන් වාහන ටිකයි, කුඩු ටිකයි, අල්ල ගත්ත කොල්ලෝ හතරයි විතරමයි

:       0       17

Chandana-Australia Friday, 15 May 2020 12:11 PM

ගෝඨා දෙන මාධ්‍ය ගේම් එක්ක බලනකොට මේවයෙ තියෙන්නෙ ඇත්තම කුඩු කියල කාටද කියන්න පුළුවන්? අද හෙට පොලිසිය ලොකු මාධ්‍ය සංදර්ශනයක් තියල කුඩු ටික පිච්චුව කියල පෙන්වයි. කොස්ගොඩ තාරකය බලනවාද දන්නෙ නැහැ... මමත් නොදන්න මගේ කුඩු පොලීසිය අල්ලලා කියල.

:       22       64205

මාකඳුරේ මදුෂ් Saturday, 16 May 2020 09:41 AM

කොස්ගොඩ තාරක නේද මේ කමෙන්ට් එක දැම්මේ?

:       0       7

KumSaturday, 16 May 2020 11:47 AM

මේ ලිපිය බලල තියෙන්නෙත් 6345 දෙනයි ... හැබැයි ලයික්ස් තියනවා 64204... ඒ කියන්නේ කුඩුත් ඒ වගේද ?

:       0       19

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 296 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 181 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 801 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 54 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2153 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 400 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 226 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1540 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site