IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


කෝට්ටේ සංඝ සභාවත් ව්‍යවස්ථාව එපා කියයි

(ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක)

මේ අවස්ථාවේ ව්‍යවස්ථාවක් සෑදීමට වඩා රටේ වෙනත් ප්‍රශ්න තිබෙන බවත් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැතැයි තම සංඝ සභාව තීන්දු කළ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ කෝට්ටේ පාර්ශ්වයේ අනු නායක බෙල්ලන්විල විමලරතන හිමියෝ පැවසූහ.

අද(22) කෝට්ටේ රජමහා විහාරයේ දී එම සංඝ සභාවේ කාරක සභාව රැස්වී සාකච්ඡා කිරීමෙන් පසු ඒ හිමියෝ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව පැවසූහ.

‘‘කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි සංඝ සභාව රැස්වී ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳ සාකච්ඡා කළා. මෙහි ඇති සමහර දේවල් ගැන අපි පොදුවේ ප්‍රකාශයක් කරනවා. අපේ සංඝ සභාව ඒකමතිකව තමයි දැනට ඉදිරිපත් කර තිබෙන ව්‍යවස්ථා කෙටුම්පත ඉවත් කළ යුතුයි කියන්නේ.

මහා නායක හිමියනුත් අපේ ඒකමතික තීරණයට අනුමැතිය දෙනවා. සංඝ සභාවේ තීරණයක්. අපිට දේශපාලනයක් නෑ. රට පිළිබඳ ප්‍රශ්නයක් ආවාම අපේ මතය මීට පෙරත් ප්‍රකාශ කර තිබෙනවා. අපි පැහැදිලිවම කියනවා මේක කෙටුම්පතක්වත් පනතක්වත් නොවන බව දන්නවා. නමුත් කෙටුම්පතක් හදන්න යෝජනා මාලාවක් මේ තියෙන්නේ. හදන්න ඉස්සරවෙලා අපේ අදහස් පළ කළේ ඒවා ප්‍රයෝජනයට ගන්න. මේ වෙලාවේ ව්‍යවස්ථාවක් අලුතින් හදන්න යන එක කාලෝචිත නෑ.

උතුරු නැගෙනහිර පළාත්වල සිටින ජනතාවට තිබෙන ප්‍රශ්න ගැටලු වෙනම අප විසඳිය යුතුයි. ඒක කවුරු බලයේ හිටියත් කළ යුතුයි. ඒක ව්‍යවස්ථාවේ වාක්‍ය දෙක තුනකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ ප්‍රශ්න විසඳන්න කියලා ව්‍යවස්ථාවක් හදන්න ගියොත් තව ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. රටේ තව කොතෙකුත් ප්‍රශ්න තිබෙනවා. ඒවා විසඳන්න කටයුතු කළ යුතුයි. ව්‍යවස්ථාවේ අඩු පාඩු තිබෙනවානම් ඒවා හදගත යුතුයි.‘‘ යැයි ද උන්වහන්සේ කීහ.

 



අදහස් (65)

කෝට්ටේ සංඝ සභාවත් ව්‍යවස්ථාව එපා කියයි

deva Sunday, 22 October 2017 02:25 PM

ඇයි මේ කට්ටිය සිංහල තේරෙන්නේ නැහැ වගේ වැඩ කරන්නේ?

:       35340       10432

GihanMonday, 23 October 2017 03:41 AM

මේන් සිංහල දන්න කෙනෙක් ඇවිත්.

:       0       46

MuhanFriday, 10 November 2017 10:44 AM

මෙම පුවත බලලා තියෙන්නේ 5678. දේවගේ අදහසට 35388 ක් විරුද්ධ වෙලා. කොහොමද එ්ක එහෙම වෙන්නේ?

:       0       215

sahan Sunday, 22 October 2017 02:42 PM

රටේ ව්‍යවස්ථාව ගැන කතාකරන්න පෙර තමන්වහන්සේලා අතර ඇති නිකාය, දේශපාලනය, කුල භේද ඉස්සෙල්ලම විසඳා ගන්න.

:       6916       2942

රුවන්Sunday, 22 October 2017 03:34 PM

ඒක වෙන කථාවක් මේක වෙන කතාවක්. පටලවා ගන්න එපා. මොන දේ කරන්නත් රටක් තියන්න ඕනෑ. නිකාය භේදයක් තිබ්බා කියලා ව්‍යවස්ථාවකින් රට බෙදනකන් බලන් ඉන්න කියලද ඔයා කියන්නේ..?

:       1131       5801

PerakumMonday, 23 October 2017 02:06 AM

ව්‍යවස්ථාව මොන පාටද කියලවත් දන්නේ නැතුව මොනවද මේ කතා?

:       242       74

aseMonday, 23 October 2017 05:34 AM

මේ අය ආපු වාහන දැක්කම ආදරය මොකටද කියලා පේනවා. දේශප්‍රේමිකම දොරේ ගලනවා.

:       307       96

bamunuMonday, 23 October 2017 07:11 AM

රුවන් මෙතන සහන් පැටලිලා ඉන්නේ වෙන මුකුත් නිසා නොවෙයි., දෙමළ කෙනෙක් සිංහලයෙක් වගේ රඟපාන්න ගිහිල්ලා. නැතිනම් මොන සිංහලයාද හලෝ කැමති වෙන්නේ වෙනම රටක් ඉල්ලන මිනිසුන්ට දශමයක හෝ ඉඩ දෙන්න? දැනටමත් 9.5% ඉන්න හම්බ මිනිස්සු නැගෙනහිර ඉල්ලන්නේ නැත. නමුත් 12%ක් ඉන්න දෙමළ අය උතුර, නැගෙනහිර දෙකම ඉල්ලනවා. ඒ අයගේ ඉල්ලීම් දෙන්න ඕනේ නම් අපි අවුරුදු 30ක් යුද්ධ කරන්න ඕනෙයැ?

:       1       908

bamunu Monday, 23 October 2017 12:37 PM

"මේ අය ආපු වාහන දැක්කම ආදරය මොකටද කියලා පේනවා. දේශප්‍රේමිකම දොරේ ගලනවා". ඔබේ නමින් ඔබ මොන ජාතිකයෙක්ද කියා සිතා ගන්න බැරිය. ඔබ මේ හාමුදුරුවරු පැමිණි වාහන දැක්කාද? කොහොම උනත් හාමුදුරුවරුන්ගේ වාහනයි සිංහල රට දෙමලාට යාමෙන් වලක්වා ගැනීමයි අතර සම්බන්දය මොකක්ද? වාහන තිබෙන අයට රට බෙදා දෙන්න පුළුවන් නමුත් වාහන තිබෙන අයට රට බේරාගන්න කතා කිරීමට බැහැ ඒකද ඔබේ තර්කය? අපොයි මෙහෙම මිනිස්සු

:       0       888

erdi Sunday, 22 October 2017 02:59 PM

මේ සේරම මහින්දට කඩේ යන ජාතිවාදියෝ. සමහරවිට සිංහලයාගෙන් දානෙත් නැති වෙන පොටක් නිසා ව්‍යස්ථාව භීතියක් මවනවා. නව ව්‍යස්ථාවක් එපා කියලා ආණ්ඩුව ගැන බොරු අප්‍රසාදයක් ඇති කරන්නේ මේක දැකපුවත් නැති අයයි.

:       7662       2009

ChandraSunday, 22 October 2017 03:53 PM

එර්ඩි (erdi) මයාණෙනි, ඔබ කඩේ යන්නේ කාටදැයි අපට වැටහේ. තමන් එක පැත්තකට කඩේ යන නිසා එයට විරුද්ධව සියළු දෙනාවම මහින්දට කඩේ යනවා යැයි කීම විහිළුවකි.

:       2111       9224

erdi Sunday, 22 October 2017 04:52 PM

Chandra මහතාණෙනි. මගේ අදහස් දැක්වීම එක එකාට කඩේ යාමක් නොව මගේ නිදහස් මතයකි. අනුන්ගේ අදහස්වලට හරස්වෙන්නෙ නැතුව ඔබේ මතය ප්‍රකාශ කරන්න

:       1351       293

RatnamalalaSunday, 22 October 2017 05:31 PM

එර්දි මහත්තයෝ, ඔබතුමා මේ කෙටුම්පතවත් දැකලද ඔහොම කියන්නේ? ඔබතුමාට තරම් මෙහි තිබෙන අර්ථය තේරුම් ගන්න බැරි තරමට සංඝයා වහන්සේලාගේ දැනුම මදි කියලද හිතන්නේ?

:       26       1013

bamunuTuesday, 24 October 2017 12:53 AM

එර්දි මහතා ඔබේ නමින් ඔබ මොන ජාතිකයෙක්ද කියා සිතා ගන්න අමාරුයි. ඔබට කෙසේ වෙතත් මොලේ කළදක් තිබෙන කෙනෙකුට වෙන්න යන විපත හඳුනා ගන්න විපතේ වැටෙන්නම ඕනේ නැත. සිංහලයින්ට මේ අවස්ථාවේ ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යද? අයිතිවාසිකම් ඉල්ලන්නේ කව්ද? ඉඩම් බලතල පොලිස් බලතල ඉල්ලන්නේ කව්ද? ව්‍යවස්ථාව ගෙන එන්නේ කගේ උවමනාවටද මෙම ව්‍යවස්ථාවෙන් උපරීම ප්‍රතිපල ලබන්නේ කවුරුන්ද කියා දන්නා අපිට, බිහිකරන්න යන්නේ කාට වාසිවෙන ව්‍යවස්ථාවක් ද කියා අපිට අමුතුවෙන් කියා විය යුතු නැත.

:       0       108

සුසන්තSunday, 22 October 2017 05:02 PM

ඔබගේ කතාවෙන් තේරුම් යන්නේ ඔබ බෞධයෙක් නොවන හැඩයි හා ඒවගේම තමන් උපන් රටට වින කරන නිකමෙක් බවයි !!

:       23       1175

srimala Sunday, 22 October 2017 03:03 PM

රට යන අත එතරම් හොඳ නැත.. අාගමික නායකයින් මෙසේ දේශපාලනය කිරීම එතරම් යෝග්‍ය නොවේ. මෙසේ රාජ්‍ය පාලනයට අත පෙවීම යනු ලංකාව මූලධර්මවාදී ලක්ෂණ ඇති රාජ්‍යයකට ගමන් කිරීමේ පෙර නිමිත්තක් .

:       6500       1572

ජයරත්න Sunday, 22 October 2017 04:04 PM

එක පැත්තකින් මුස්ලිම් විරෝධී වෙන ගමන් අනෙක් පැත්තෙන් දවසින් දවස අරාබි රාජ්‍යයක ලක්ෂණ පෙන්නුම් කරනවා. පහුවෙන කොට මේවා පටන් ගත්ත අයටත් පාලනය කරගන්න බැරි වෙනවා. අරාබියට වෙලා තියෙනවා වගේ.

:       84       484

joseph Sunday, 22 October 2017 03:18 PM

මේ හදන්නේ මෙරට ගොඩනගන එක නවත්තන්න. මේ කරන්නේ බඩේ ඉන්න ළමයට හඳහන් හදන එකයි.

:       5589       783

NilameMonday, 23 October 2017 03:47 AM

නාගදීපයේ සහ දඹකොළ පටුන විහාරවල කඨිනෙට යන්න බැරිවුණාට ලන්ඩන් කඨිනෙට යන රටක් නේද?

:       261       149

jayasekaraMonday, 23 October 2017 04:54 AM

ඔව් ජෝසේෆ්..... එක කකුලක් රෝමයේ තියාගෙන අනෙක් කකුල ලංකාවේ තියාගෙන අය‍ට රට ගැන කැක්කුමක් නැහැ. පෙර රජ දවස පටන් රට බේරගන්න පෙරමුණ ගත්තේ අපේ ගරුතර මහා සංගයා වහන්සේලා මිසක් වෙන අය නෙමේ ......

:       15       1092

kapMonday, 23 October 2017 08:32 AM

ඔයා රජ දවසයි, අද දවසයි මාරු කර ගන්න එපා. ඒවා සන්සන්දනය කරන්න යන්නත් එපා. කාලය විසින් සියල්ල වෙනස්කර ඇත.

:       1018       1

Perakum Sunday, 22 October 2017 03:33 PM

ව්‍යවස්ථාව මොනවගේද කියලවත් දන්නේ නැතුව ඇයි අපි මේ කලබල වෙන්නේ? එසේ නැතුව ව්‍යවස්ථාවට ඇතුලත් වියයුතු සංශෝධන, යෝජනා ආදිය ඉදිරිපත් කිරීම නේද වඩා උචිත?

:       6144       2395

indikaMonday, 23 October 2017 05:02 AM

මේ ගොල්ලෝ ජනතාවට කොලේ වහලා තමයි ඔක්කොම කරන්නේ. මතකයි නේද ප්‍රභාකරන් එක්ක ගිවිසුම් ගහපු හැටි. තමන්ගේ ඇමැති මණ්ඩලේටවත් නොකියා තමයි ඒක අත්සන් කළේ. ඔය කියන විදිහට බලන් හිටියොත් සාම ගිවිසුම කරපු ලෙසටම තමයි මේකත් කරන්නේ.

:       10       1106

bamunu Monday, 23 October 2017 12:29 PM

වඩාත් උචිත දේ තමයි මේ කියන්නේ. අපේ යෝජනාව අලුත් ව්‍යවස්ථාවක් එපා " දන්නා යකා හොඳයි නොදන්නා සුර දූතියට වඩා"

:       0       126

Kamal Sunday, 22 October 2017 03:43 PM

දේශපාලනය කරන්න ඕනෑනම් සිවුර පැත්තක දාලා ඡන්දය ඉල්ලන්න. නැතිනම් තමන් නොදන්නා දේවල් කතා නොකර ඉන්න.

:       12338       5937

රුවන්Sunday, 22 October 2017 07:37 PM

සිවුර සහ රාජ්‍ය පාලනය කියන එක අවුරුදු දෙදහසකටත් පෙර ඉදලම එකට බද්ධ වෙලා තියන දෙයක්. ලංකාවෙ ඉතිහාසය ගැන අබ අැටයක හරි දැනුමක් තියන කෙනෙක් ඔය දේ දන්නව. ඔබ ඔය ගලවන්න කියන සිවුර තිබ්බෙ නැත්තන් ලංකාව ඉන්දියාවෙ ප්‍රාන්තයක් වෙලා ගොඩක් කල්. ඔබ ඔබ ගැනම ලැජ්ජා වෙන්න ඕනි මේ ප්‍රකාශය ගැන.

:       0       420

සුන්දර Monday, 23 October 2017 12:23 AM

කමල් කියන නම ඉරානයේත් තියෙනවා.

:       0       142

bamunu Monday, 23 October 2017 07:39 AM

ෂා දන්නා මිනිහෙක් කීව කතාව. හලෝ ඔබ සිංහලයෙක් නම් ඔබ මෙරටේ සිංහලයෙක් විදිහට ඉන්නෙත් හාමුදුරුවරු නිසා. ඉස්කෝලේ ගියානම් ගිය ඉස්කෝලෙක මේවා කියල දීලා නැද්ද? හාමුදුරුවරු දේශපාලනය කරන්න ඕනේ නැත. ආණ්ඩු වෙනස් කරන්න. හාමුදුරුවරුන්ට භය නැතිනම් මොකද අරය පත්තරයක් උස්සාගෙන පාර්ලිමේන්තුවේ කෑ ගැසුවේ.

:       0       192

KUMARA Sunday, 22 October 2017 04:31 PM

බුදුන් තෙවරක් වැඩි මේ දේශය ,දේශයේ මුර දේවථාවන්‍ සිටින තාක් කල් මේ සිංහල ධර්මද්වීපයට හිවලුන් කෙල හැලුවට තාමත් සිංහයින් සිටින බවයි මෙයින් තේරෙන්නෙ හිටං

:       0       644

weeera wickrama Sunday, 22 October 2017 04:31 PM

වැඩි දෙනෙක් ලංකාවේ ඉතිහාසය දන්නේ නෑ.රටේ අතිශයින් භයංකාර අවස්ථාවල මහා සංඝයා ඉදිරි පත් වුනා. .මේක ගතවූ වසර 2500 තුලම සිදුවූ දෙයක්.එකෙන් තමයි රටේ ඒකීය භාවය ආරක්ෂා වුනේ.බන භාවනා කර කර ඉන්න එකම නොවෙයි ලංකාවේ මහා සංඝයා වහන්සේලා කලේ.

:       0       644

wije Sunday, 22 October 2017 04:36 PM

කමල් , ශ්‍රීමාල් ඔයාලා වගේ පක්ෂග්‍රාහී අය නිසා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. එක එක්කෙනාට කඩේ යන්නේ නැතුව හරි මොකක්ද? වැරදි මොකක්ද කියලා කියන්න තරමට ඔයාලගේ කොදු ඇට පේලිය ශක්තිමත් කරගන්න. 1815දී ඔයාලා හිටියා නම් වාරියපොළ සුමංගල හාමුදුරුවන්ටත් කියාවි ආගමික නායකයින් දේශපාලනය කරන්න හොද නැහැ සුද්දගේ කොඩිය බිම දාන්න කලින් සිවුර පැත්තක දාලා එන්න කියලා.

:       0       737

asanka Sunday, 22 October 2017 04:43 PM

දැන් තියන ව්‍යවස්ථාව ඉතාම හොද ව්‍යවස්ථාවක් මේ වෙලාවේ හැටියට, ලංකාව ඒකීය රටක් විදිහට ව්‍යවස්ථාවේ තියෙන නිසා කිසිම කෙනෙකුට රට දෙකඩ කරන්න බැහැ. මොන දේ කරන්නත් රටක් තියෙන්න ඕනෑ. ජනාධිපති බලතලත් එසේම තිබිය යුතුයි. ඉතාම හොඳ තීරණයක් ඔබවහන්සේලාට හිසනමා ආචාර කරමි.

:       2       168

රවින්ද්‍ර Sunday, 22 October 2017 05:05 PM

අනේ හාමුදුරුවනේ ජනවාරි 8 වෙනිදා ලක්ෂ 62 ක් ඡන්දෙ දුන්නේ ඒකාධිපති විධායක ජනාධිපතිධූරය නැති කරලා පාර්ලිමෙන්තුවට බලය පවරන්න තමයි. ඒක කරන්න අලුත් ව්‍යවස්ථාවක් නැතුව බෑ නේද?

:       628       1

සෙනෙවි Sunday, 22 October 2017 05:57 PM

ව්‍යවස්ථාව හදන අන්ට පඩි ගෙවලා තියෙන්නේ ඒකට පක්ෂව පත්තර වලට අදහස් දාන්නත් එක්කයි.

:       0       571

ධම්මික Sunday, 22 October 2017 07:57 PM

රටේ මිනිස්සුන්ට ව්‍යවස්ථාවක් නෙවෙයි... එදා වේල කන්න නැතිව ඉන්නේ.

:       1       553

desilva Sunday, 22 October 2017 08:48 PM

ව්‍යවස්ථාව නෙවේ... අපිට ඊට වැඩිය ලොකු ප්‍රශ්න තිබෙනවා.

:       0       518

leslyjayawardana Monday, 23 October 2017 12:25 AM

මේ කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය හොදයි කියලද ...අහෝ දුකකි

:       121       9

කමනි Monday, 23 October 2017 12:27 AM

නව ව්‍යවස්ථාවක් ගෙන ඒම, විධායක ජනාධිපති ක්‍රමය නැති කිරීම, ස්වාධින කොමිසම් ඇති කර රටේ නීතිය හා සාමය සුරක්ෂිත කිරීම ආදිය මේ රජය මැතිවරණයේදී ජනතාවට දුන් පොරොන්දු වේ. ඉතින් බහුතර ජනතාව එය අනුමත කර තිබෙනවා.

:       627       1

chandana Monday, 23 October 2017 02:50 AM

අද රටේ ප්‍රජාතන්ත්‍රවාදය පැවතීම පිළිබද බරපතල ප්‍රහේලිකාවක් තියෙනවා. බහුතර ජනමතය තුට්ටුවකටවත් මායිම් නොකරන තත්වයක් තමා තියෙන්නේ...

:       1       610

තරුණයා Monday, 23 October 2017 03:53 AM

බෙල්ලන්විල විමලරතන හිමියෝ හොඳ කෙනෙක් ලෙස පෙනුනට අනෙකුත් අය සිටින වැඩි පැත්ත ගැනීම හරිද? "යෝජනා මාලාවක් මේ තියෙන්නේ. මේ වෙලාවේ ව්‍යවස්ථාවක් අලුතින් හදන්න යන එක කාලෝචිත නෑ." බුදු හාමුදුරුවෝ කියලා තිබෙන්නේ ප්‍රශ්නයට විසදුම් දීම කල් දමන ලෙසද? ජවිපෙ 71, 88, එල්.ටී.ටී.ඊ. නිසා තරුණ මරණ ගණන? නැවත තරුණයින් මරමුද? ප්‍රශ්නයට විසඳුම් දී තරුණයින් ජීවත් කරමුද?

:       769       49

saman Monday, 23 October 2017 04:01 AM

එන්ජීඕ වලින් යැපෙන සහජීවන කුලී ඇම්බැට්ටයෝ භූමිතෙල් ගෑවුණු ගැරඬි වගේ දඟලනවා දැක්කහම අනේ කියල හිතෙනවා. හා නැද්ද?

:       1       828

jiffri Monday, 23 October 2017 05:28 AM

බැලුවෝ 3389 යි අන්ලයික් 15730 යි...

:       8       28

ranga Monday, 23 October 2017 06:24 AM

අරහත් ධජයේ සෙවන මෙරට සියලු ජනතාවට පමණක් නොව සියලු සත්වයාට ශාන්තිය සැලසු බව ශිෂ්ට සම්මත ලෝකයාගේ පිළිගැනීමයි. ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානය, ලංකාව බව පිළිගන්න මුළු ලෝකයේම බෞද්ධ ජනතාව උමතුවෙන් පෙළෙන බවද ඇතැම් අය නොකිය කියන්නේ. දේශපාලනය ගැන කතාකරන්න හාමුදුරුවන්ට අයිතියක් නැහැ කියන අය මෙරට ඉතිහාසය කියවා බලන්න. අඩුම තරමේ මෑත ඉතිහාසය, විද්‍යාලංකාර ප්‍රකාශය කියවා බලන්න. මේ රටේ සම්ප්‍රදාය මහා විහාර සම්ප්‍රදායයි.

:       132       1034

jayasekaraMonday, 23 October 2017 07:13 AM

රංග මහතාණනි ..ඔබගේ අදහහසට හිස නමා ආචාර කරමි..

:       94       337

bamunu Monday, 23 October 2017 07:19 AM

රංග, ඕවා තේරෙන්නේ ඔබ අපි වගේ සිංහලයින්ට නැතුව නමින් පමණක් සිංහල වුණු ද්‍රවිඩයින්ට නෑකම් කියන සිංහලයින්ට ඕවා තේරෙන්නේ නැත. ඒ ගොල්ලෝ හිතන්න අපි මහාවංශයේ කියන විජය කල්ලතෝනියාගෙන් පැවත එනවාය කියලා. නැහැ අපි විජයන් එනවිට මෙරටේ හිටපු සිංහල මිනිස්සු. බුදුන්ගේ කාලයේ ඉන්දියාවේ දෙමළ කියා ජාතියක්වත් සිටි බව අපි අසා නැත.

:       105       1044

bamunu Monday, 23 October 2017 07:33 AM

තරුණයා ඔබ තාම තරුණයෙක් නිසා ඔබ හිතන විදිහ ගැන අපි පුදුම වෙන්නේ නැත. මොකද බොහෝ තරුණයෝ තරුණ කාල්දී රැඩිකල් විදිහර හිතනවා අත්දැකීම් අඩු නිසා. වයස මුහුකුරා ගියවිට කරපු ගොන්කම් හදා ගන්න බැරිබව තේරුම් යනවා. එවිට ප්‍රමාද වැඩියි. මේ ප්‍රශ්නය රටේ සිංහලයාගේ ප්‍රශ්නයක් බෙල්ලන්විල හාමුදුරුවන්ගේ ප්‍රශ්නයක් නොවෙයි. මේ රකින්න හදන්නේ බෙල්ලන්විල හාමුදුරුවන්ගේ හෝ මල්වත්තේ හමුදුරුවන්ගේ පන්සල නොවෙයි. නැතිවී යන සිංහල ජාතිය රැක ගන්නයි. දෙමල මිනිසුන්ගේ ක්‍රියා කලාප හැසිරීම් අවුරුදු 60 වඩා බලලයි මේවා කියන්නේ. මෙරට ෆෙඩරල් වුණු ගමන් මෙයාලා තමිල් නාඩුව සමග අත්වැල් බැඳ ගන්නවා. කියන්න තිබෙන දී බොහොමයි නමුත් ඔබ තාම තරුණයෙක් නිසා කියලා වැඩක් නැතිබව තේරෙනවා.

:       177       577

sahanMonday, 23 October 2017 01:46 PM

අනේ බමුණු ඔබ වගේ අය ඔය විදියට හිතන්නේ මොකද කියල අපිට තේරෙනවා. ඕකට කියන්නේ ඉරිසියාව කියලයි. පහුගිය අවුරුදු තිහේ කාලකණ්ණි යුද්ධය හින්දා ඔයාලට හිතේ හැටියට සතුටු වෙන්න බැරිවෙච්ච එකේ පලිය නේද ගන්න හදන්නේ? දැන් තව අවුරුදු තිහක යුද්ධයක් පටන් ගත්තොත් දැන් ඉන්න තරුණ පරපුරත් ඒ ජීවිතම ගෙවන්න ඕනෑනේ...

:       128       0

Jayampathi Monday, 23 October 2017 07:52 AM

ඉතිහාසයේ රජවරු සැම උපදෙසක්ම ගත්තේ සඟරුවනගෙන් බව ඇත්ත , අතීතයේදී යම්කිසි දැන උගත් කමක් තිබුනේ ඔවුනට පමණයි , වෙදකමක් හෝ පුස් කොළ පතක් හෝ ලියන්න කියවන්න පුළුවන් වුනේ හාමුදුරුවන්ට පමණයි , ගමක හිටපු එකම බලවතා තමයි මුළාදැනියා ඔහුගේ එකම සුදුසුකම වුනේ පෝසත් කමයි. නමුත් අපි දැන් ජීවත් වෙන්නේ 2017. දැන් කුඩා දරුවකු පවා ලෝකය ගැන තාක්ෂනය ගැන සමාජය ගැන ඉතා ගැඹුරින් දන්නවා. විවිධ විෂය ගැන ආණ්ඩුක්‍රම ගැන දන්නා උගතුන් විශාල පරිසක් සමාජයේ ඉන්නවා, උගත් දේශපාලකයින් ඉන්නවා , ලෝකයම එකම ගමක් වගේ ,දේශපාලන මහාචාර්යවරු පවා ඉන්නවා. ඉතින් සාපේක්ෂව බැලුකල දැන් පන්සල්වල වැඩ සිටින මහා සඟරුවනගේ රාජ්‍ය පාලනය ගැන දැනීම සීමිත බව මගේ හැගීමයි. ඉතින් නොදියුණු අතිතය්දී රට පාලනය කල කරන හැටි කියල දුන්නේ උන්වහන්සේලා බව ඇත්ත වුනාට , එම නොදියුණු අතීතයේදී සිදුවුණු දෙය මේවැනි සමාජයක , මෙවැනි කාලයකදී සිදුවිය යුතුද?

:       5468       1006

Naleen Rathnayaka Monday, 23 October 2017 08:09 AM

ජයම්පති මහතාණෙනි, ඔබගේ අදහස ඉතාමත් නිවැරදියි.

:       557       309

GihanMonday, 23 October 2017 12:49 PM

මේ අතිශයින් උගත් බුද්ධිමත් ජයම්පති මහතාට පොඩි කාරණයක් කියන්නන්. අපේ බෙල්ලන්විල විමලරතන හාමුදුරුවො ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද‍යාලයේ කුලපතිතුමන්. උන්වහන්සේ එක්සත් රාජධානියේ ලෑන්කස්ටර් විශ්වවිද්‍යාලයෙන් දර්ශනවිද්‍යාව සම්බන්ධයෙන් ආචාර්ය උපාධිය ලබා ගෙන තිබේ.

:       2       601

bamunu Monday, 23 October 2017 05:40 PM

ගිහාන් ඔවා ජයම්පතිට බර වැඩීයි. පුංචි පුංචි දේවල් කියන්න. ඕව දිරවා ගන්න බැරි උනොත් ලොකු ප්‍රශ්නයක්

:       0       67

sathyayaa Wednesday, 25 October 2017 12:44 AM

අනුන්ට කියල නිබන්ධන ලියාගෙන ගත්ත උපාධි වලට එය ලබා ගත්ත විශ්ව විද්‍යාලයේ නම වැදගත් නැහැ. ජෝශප් ස්ටාලින් කියන්නේ ඝාතකයෙක්. ඒ වුනා ට සෝවියට් දේශයේ පාලකයා වීත් හිටියා. එහෙමයි කියල අපි ස්ටාලින්ට ගරු කරන්න ඕනෙද? ගර්හිතයා රටේ පාලකයා වෙලා හිටියත් විශ්ව විද්‍යාලයේ උප කුපති වෙලා හිටියත් ගර්හිතයාම තමයි. වැරැද්ද තියෙන්නේ එවැනි පාලකයින් වන්දනීය කරන ගැති මානසිකත්වයේයි.

:       25       3

kap Monday, 23 October 2017 08:34 AM

මේ ගොල්ලන්ගේ කාර් ටික වික්කොත්, ගම් 7කට අවුරුදු ගානක් කන්න දෙන්න පුලුවන්.. මේ අයගෙ සුඛ විහරණයත්, අර පාර්ලිමේන්තුවේ ඉන්න 225 වගේ තමයි. එකම වෙනස ඇඳුම....

:       661       217

චරිත්Monday, 23 October 2017 10:14 AM

එදා බුදු රජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ හිටපු සත්කාර අහිමි වූ අන්‍ය ආගමිකයන් කහවනු 54 කෝටියක් වියදම් කර සෑදූ ජේතවන විහාරයටත් ඔය කතාව ඔහොමම කිව්වා.

:       0       182

bamunu Monday, 23 October 2017 12:22 PM

චරිත් ඒහෙම කියලා තිබෙන්නේ මොන පොතේද කොතනද කියා කියනවද මමත් කියවලා බලන්න.

:       0       0

Sinhawansha Monday, 23 October 2017 11:18 AM

අපේ හාමුදුරුවරුන්ගේ නීතිය නොදන්නාකම, සැප වාහන, කුල හා නිකාය ගැන කතා කරමින් උන් වහන්සේලාගේ ජාතියට ඇති ඓතිහාසික වගකීම යටපත් වන අයුරින් අවතක්සේරු කරන්නේ එක්කෝ පරයින්.... නැතිනම් පරයින්ට සල්ලිවලටයි, සිංහලකම විකුණන, නෑකම් කියන සිංහල වේශධාරීන්. ඒ සැමටම මම අභියෝග කරනවා ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂුවගේ සමාජමය වගකීම මාතෘකා කරගෙන විවාදයකට එන්න කියලා. අපේ හාමුදුරුවරු නිසා තමයි සිංහල කියල ලෝකයේ පැරණිම සහ අදත් භාවිත වන භාෂාවක්, වෙනත් ජාතීන්ගෙන් වෙන් කර හඳුනාගත හැකි සංස්කෘතියක්, එකෙකුට එකෙක් එකමුතු නැති, කුල ක්‍රමයකට පදනම් වුණු ජාතියක් සහ ජාතියකට අයත් වුණු රටක් තියෙන්නේ. මෙම අදහස් ලියන බලන සිංහල සහෝදර සහෝදරියනේ, ඔබේ දරුවන් රෝහින්ග්‍යා අනාථයින් වගේ රටවල් ගානේ යවන්න කැමති නැතිනම් මොන භේදය තිබුණත් හාමුදුරුවරුන් සමග එක මතයකට එන්න.

:       1       577

sahanMonday, 23 October 2017 01:49 PM

අපි එක එක්කෙනාගේ වහල්ලු නෙමෙයි. සිංහල ජාතිය, බුද්ධ ධර්මය විකුණාගෙන ජීවත් වෙන පරාජිත දේශපාලකයන්වත්, පිරිත් නූල්කාරයන්වත්, හෙන්චයියන්වත් නොවේ.

:       152       93

bamunu Monday, 23 October 2017 05:36 PM

ඔබලා වගේ අය නිසා තමයි අපි අවුරුදු 30 යුද්ද කලේ. ඔබ සිංහලයෙක් බෞද්ධයෙක් නොවන බව මටනම් සහතිකයි.

:       15       222

සිංහවංශ Tuesday, 24 October 2017 08:54 AM

ඔබ ඔය කියන විදියේ කෙනෙක් වුනත් ඔබේ පියා කවුද? පියාගේ පියා කවුද? ඔබ පැවතගෙන ආ පරම්පරා කීයක් ඔබට කිව හැකිද? කරුණාකර අධ්‍යනය කරන්න. අවසානයේ ඔබ මේ රටේ ඉපදුනේ මේ බෞද්ධ භික්ෂුන් රැකගත් පොලවේ බව වැටහේවි. ඔබ වර්තමානය නමැති බිත්තියෙන් වැසී තියෙන ඉතිහාසයට ගොස් බලන්න....

:       25       151

bamunu Monday, 23 October 2017 05:32 PM

මම ද්‍රවිඩයින්ට ඊර්ෂා කරන්නේ ඔවුනට මට වඩා මොකක් තිබෙන නිසාද? මිනිහෙකුට තිබෙන්න ඕන ලොකුම දේත් ද්‍රවිඩයින්ට නැති දේත් මට තිබෙනවා මගේ කියන්න රටක් මට තිබෙනවා. ඒක නැති කරන්න හදන අය එක්කයි මගේ වෛරය. සහන් රටක්‍ නැති ඔබලාට මේකෙන් කැලි දෙන්න අපි ලැහැස්ති නැත. මගේ මේ තරහ තිබෙන්නේ 1950 ගණන්වල පොඩි කොල්ලෙක් හැටියට දුටුගැමුණු රජතුමාගේ චරිත කතාව කියවූ දවසේ සිටයි. ඔබ කියන්නේ තව යුද්දයක් පටන් ගන්න කලින් රටෙන් කැල්ලක් දීල ඉන්න කියලාද.

:       0       205

Anura Tuesday, 24 October 2017 03:47 PM

තවමත් කොන්ඳ පන ඇති සිංහලුන් සිටින බව පේනවා මෙහි ඇති අදහස් වලින්.

:       0       3

upasaka Tuesday, 24 October 2017 06:36 PM

ඇතිවෙන්න යන විනාශයෙන් මිදීම සඳහා දිවයින පුරා පන්සල් වල අධිෂ්ඨාන පුජා පවත්වා යහපතක්ම වේවායි ප්‍රාර්ථනා කල යුතුයි. මෙමගින් පාලකයින්ගේ ඇස් විවෘත වනු ඇත.

:       0       77

mahinda Wednesday, 25 October 2017 06:05 AM

ව්‍යවස්ථාව හරි මොන මගුලක් හරි වෙනස් කරලා රටේ ඔඩුදුව ල ,තියෙන ගැටලුවක ට විසදුම් සොයන කොට අරයයි මෙයයි ඔක්කොම බලන්න ගියොත් කරන්න බැහැ. මේගොල්ලන්ට රට කන්න හදන ව්‍යවස්ථාව සංසෝදන කරන කොට නිදිමත හැදෙනවා

:       0       0

liyanage Wednesday, 25 October 2017 12:56 PM

මේ ව්‍යවස්ථාවේ හොඳයි කියන්න කිසිම දෙයක් නැද්ද ...

:       0       0

Wiki Thursday, 26 October 2017 05:00 AM

ඉදිරිපත් කරන ලියවිල්ල නොවේ අන්තිමට අනුමත වන්නේ.පල පළාත් පාලන පනතට උනෙත් එක!!!!!!!!!!!!

:       144       45

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොස්තාපල් නිවෙසට පැන කතකගේ දත් 14ක් කඩලා
2024 අප්‍රේල් මස 16 84 0

දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් දාහතරක් කඩා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුව


පාලිත පැරණි දේශපාලන මිතුරන් 4කට අත වනයි
2024 අප්‍රේල් මස 16 532 0

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා ක


ග්‍රීස් ගහ කඩා වැටී හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 16 254 0

ගම්පොළ ගම්පලවෙල රජඇළගම ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක ග්‍රීස් ගස කඩාවැටීමෙන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


වේදිකාවට දුම්රිය ගෙනා රියදුරුගේ සේවය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 16 1133 1

හලාවත බලා ධාවනය කිරීමට සූදානම්ව තිබියදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේ ගැටුණු දුම්රියේ රියදුරුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය නිය


දුම්රිය අවුලෙන් මගීන් අමාරුවේ
2024 අප්‍රේල් මස 16 546 2

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් පිරිසක් රාජකාරියට නොපැමිණීම හේතුවෙන් අද (16) උදේ වරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය 11 ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව දුම


ජාතික රෝහලේ රෝගීන්ට දෙන කෑම ප්‍රමිතියෙන් තොරයි
2024 අප්‍රේල් මස 16 629 0

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ආහාර පිසීම සඳහා ලබා දෙන වියළි සලාක සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 139 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1420 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1345 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site