IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කොළඹ වතුර කැපීම බරපතල තත්ත්වයක

කොළඹ ප්‍රදේශයේ කලාප 13 කට හෙට (14) පස්වරු 8 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි.

කොළඹ 01,02,03,04,07,08,09,10,11,12,13,14 සහ 15 යන ප්‍රදේශ වලට ජල සැපයුම කප්පාදු කරන බව එම මණ්ඩලය සඳහන් කරයි.

කොළඹ 05 සහ 06 යන ප්‍රදේශවලට අඩු පීඩන මට්ටමකින් ජලය සැපයීම සිදුකරනු ලැබේ.

 



අදහස් (10)

කොළඹ වතුර කැපීම බරපතල තත්ත්වයක

Warnakulasuriya Friday, 13 December 2019 12:19 PM

නාන්න ගියොත් වතුර නැත. කන්න ගියොත් ලයිට් නැත. ගමනක් යන්න ගියොත් පාරෙම ඉන්න වෙන ලෝකෙම්ම සුන්දර රට ශ්‍රී ලංකාවයි. කන්න ගන්න ගියොත් වසවිස ගන්න වෙන අපුරු රටකි. බෝට්ටුවක නැගලා හෝ වෙන රටකට පැනපු එකා වාසනාවන්තයෙකි. පිංවන්තයිනි, ගිය දිසාවකම ඉන්න. අත්දුටුවයි සත්‍යයි. ශ්‍රී ලංකාවේ දේශපාලකයෙක් හෝ ඔහුගේ කිට්ටුවන්තයෙක් වෙන්න හැකි නම් පමණක් ඔබ සුන්දර රටේ ජීවත් වෙන්න සිතන්න.

:       1400       697

සමන්තFriday, 13 December 2019 11:05 PM

නඩත්තු කටයුතු සදහා ජල කප්පාදු සිදුවෙනවා. මේක ලෝකයේ හැම රටකම වෙනවා. තමන් උපන් බිමට ගරහන්න එපා. රට පාලනය කරන්න පත් කරන්නේ වැරදි අයනම්. ඒකට රට වගකිව යුතු නැත.

:       55       39

Thiw Friday, 13 December 2019 03:19 PM

මෙයාලා මාසෙට වෙනස්වෙලා තියෙන තරමක්... පව් ඉතින්...

:       119       42

රවින් Friday, 13 December 2019 07:59 PM

මොකද... " සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියවූ අන්තිම සටනට එක්වෙයව්" කියන්නේ?

:       0       18

vidya Friday, 13 December 2019 11:42 PM

මෙච්ච්චර දොරේ ගලන්ඩ වැහලත් වතුර කපන්නේ ඇයි. වර්ණකුලසූරිය කියනවා වගේ ලංකාවේ සාස්තර කාරයන් කියනවා කේන්දර බලල පිට රට යන්න වාසනාව තියනවා කියල . මං හිතන්නේ මේ කැපිලි නිසා වෙන්න ඇති. පසු ගිය දවස් වල ඡන්දෙට ඇවිත් කෑ ගහපු සමහරු පිට රට වල ඉන්න අය තමයි . අපිට ආරංචි වුණා සමහර සිවුරුදැරූ අයත්. ඒම රට වල සියලු නිදහස භුක්ති විඳිමින් යසට ජීවත් වෙනවලු. ඒ ගොල්ලන්ට පිනටත් මුදල් ලැබෙනවලු. ඒ ගොල්ලන්ගේ කේන්දර හොඳ ඇති.

:       0       28

ajith Saturday, 14 December 2019 02:21 AM

මල්වානේ ජල සැපයුම නම් ඉතාම දුර්වලයි. පුර්ව දැනුම් දීමක් නැහැ, ඒගොල්ලන්ට හිතුනද කපනවා. නාලා සබන් ගාල බලන කොට වතුර කපල. පසුගිය පෝය (11)දවසෙත් වතුර නැහැ. වතුර කපන්නේ නිවාඩු දිනවලටමයි. ඇහුවහම හදිසි අලුත්වැඩියාවක් කියනවා. එවුණාට වතුර බිල අඩුවෙන්නේ නැහැ. මොකද හුලන් අදිනවිටත් වතුර මීටර් එක කැරකෙනවනේ.

:       76       105

saman Saturday, 14 December 2019 12:38 PM

එහෙම නම් ඉතින් වැසිකිළි යන්නට වෙන්නේ පරණ පුරුදු විදියට මුහුදු වෙරළටයි.

:       0       4

athula Saturday, 14 December 2019 09:24 PM

71 වසරක් ඔහොම දිව්වනේ තව 5 කුත් දුවලම බලන්න

:       0       6

mahinda Sunday, 15 December 2019 01:47 AM

ඔය අල්ල පනල්ලේ වතුර බිල වැඩි කරන්න ඕනේ කියලා බෙරිහන් දෙනවා. නමුත් මණ්ඩලේ අනවශ්‍ය වියදම් අඩුකරන්න කියලා මොර දෙන්නේ නැහැ.

:       0       0

දම්මික Monday, 16 December 2019 05:26 AM

කවුරුත් වතුර කපනවා/වතුර නෑ කියලා වෝටර් බෝඩ් එකට බනිනවා මිසක් තාම අපි සුද්දගේ කාලේ දාලා ගියපු වතුර පයිප්ප වලින් වතුර බිබී, සුද්ද හදපු කෝච්චියෙන් ගිහිල්ලා කතිරේ ගහලා අවුරුදු 70 ක් රට පාලනය කරන්න දුන්න අයගෙන් අහන්නේ නෑ අපිට බොන්න වතුර දෙන්න මොනවද කරේ කියලා............වෝට බෝඩ් එක පට්ට ගේමක් දීලා කැඩිච්ච පයිප්ප වලින් වතුර දෙද්දී ඒවා හදන්න සල්ලි නැති උනාට ඡන්දෙට නම් මිලියන් ගණන් වියදම් කරනවලු. ඒවා ගැන මිනිස්සු නිහඩ වෙලා අපිට වතුර නෑ කියලා වෝටර් බෝඩ් එකට බැනලා වැඩක් තියනවද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 448 1

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 166 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 228 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 267 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 392 1

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 901 5

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1689 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site