කොළඹ දිස්ත්‍රික්කයේ ඉතාමත් වටිනා ලේඛන තැන්පත් කර තිබෙන කොළඹ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ තත්ත්වය ඉතා කණගාටුදායක බවත්, මෙම කාර්යාලය හැකි ඉක්මණින් නවීකරණය කිරීමට කටයුතු කරන බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ හදිසියේම එම කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව අදහස් දක්වමිනි.
එම නිරීක්ෂණය සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ එස්.ටී.කොඩිකාර මහතා සහ රෙජිස්ටාර් ජනරාල් නීල් ද අල්විස් මහතා ද සහභාගී වී සිටියහ. අමාත්‍යවරයා කොළඹ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට පැමිණෙන බව එම කාර්යාලයේ නිලධාරීන් කිසිවෙකුත් දැන සිටියේ නැත.
එහි දී අමාත්‍යවරයා මෙසේ ද කීවේය.
''ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ තත්ත්වය ඉතා කණගාටුදායකයි. මේ ලේඛන තවමත් ගබඩා කර තිබෙන්නේ පැරණි ක්‍රමයකට. මේවාට කිසිම ආරක්ෂාවක් නැහැ.
ඇතැම් ලේඛන දුර්වර්ණ වෙලා පුස් බැඳිලා කොළ එහෙම ම දිරලා ගිහින්. කොළඹ තමයි ශ්‍රී ලංකාවේ වටිනාම ඉඩම් ටික තියෙන්නේ. ඒවා පුද්ගලයන් සතු ඉඩම්, සමාගම් සතු ඉඩම් ඇතැම් ඉඩම් සංවිධාන සතු ඉඩම් රජයේ ඉඩම් පවා තිබෙනවා.
අපේ ජනතාව තම ජීවිත කාලය පුරා හරි හම්බකරපු උපයපු වටිනාම වස්තුව මේ.නමුත් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ මේවා ආරක්ෂා කරන ආකාරය පිළිබඳ කිසිසේත්ම සෑහීමකට පත්වෙන්න බැහැ. මේ ගොඩනැගිල්ලේ තත්ත්වයත් ඉතාමත් කණගාටුදායකයි."
මාතලේ - විල්ගමුව පොලිසියේ මුර කුටියේ රාත්‍රී සේවය කරමින් සිටි පොලිස් නිලධාරියාගේ ගිනි අවිය අතුරුදන් වී මසකට පසු හමුවු බැවි විල්ගමුව පොලිසිය කියයි.
ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක
දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්
ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු
වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කොළඹ ඉඩම් කාර්යාලයේ ලේඛන පුස් කාලා - වජිර අබේවර්ධන