IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිට හදිසි මාරුවක්

(තරිඳු ජයවර්ධන සහ නිමන්ති රණසිංහ)

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයට මාරු කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 

ඉහළින් ලැබුණු නීති විරෝධී නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම නිසා නෙවිල් සිල්වා මහතාට මෙම ස්ථාන මාරුව ලබා දී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසයේ ආරංචි මාර්ගවලින් පැවසේ.

මීට සතියකට පමණ පෙර හෙරෙයින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු මරා දමන ලෙස උසස් පොලිස් නිලධාරියකු උපදෙස් දුන් බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා මහතා සටහන් දමා තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 

එම නියෝගය ක්‍රියාත්මක නොකළ නිසා ඔහු ස්ථාන මාරු කරන බවට උසස් පොලිස් නිලධාරියකු තර්ජනය කළ බව ද කියැවේ.

ඔහුගේ ස්ථාන මාරු නියෝගයේ සඳහන් කර ඇත්තේ සේවා අවශ්‍යතා මත ස්ථාන මාරු කරන බවයි. එහෙත් නෙවිල් සිල්වා මහතා ස්ථාන මාරු කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් අවසර ගෙන නැතැයි එම කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් පැවසීය.

පොලිස් මූලස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී එච් ජානක මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ධුරයේ වැඩ බැලීමට පත් කර තිබේ.
මෙම ස්ථාන මාරුවට එරෙහිව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ජාතික පොලිස් කොමිෂන් සභාවට අභියාචනයක් කිරීමට නියමිත බව ද දැනගන්නට තිබේ.  


මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ ස්ථාන මාරුව ලබා දී ඇත්තේ සේවා අවශ්‍යතාවක් මත බවයි. සැකකරුවකු ඝාතනය කිරීමට උපදෙස්දීමක් ගැන මෙතෙක් වාර්තා වී නැති බව ද ඒ මහතා කීවේය.



අදහස් (9)

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිට හදිසි මාරුවක්

රවින් Thursday, 07 March 2019 07:16 AM

හා ඇත්තද? නෙවිල් සිල්වා මහත්තයා අළුගෝසු තනතුරට පත්කලාද? ඒ බව ඒ මහතා දන්නේ නැතුව ඇති. ඊයේ නේද පරවුර්තියක් තිබුනේ පොලිස් නිලදාරීන් නිත්‍යානුකුලව හා අවංකව වැඩ කලයුතුය කියලා. තව කසිප්පු ගැන කතා වකුත් තිබුනා වගේ මතකයි. සිල්වා මහත්තයා හෙට ගෙදර ගියත් තම හිතට එකඟව අවංකව වැඩ කලොත් තම දුදරුවන්ට හොඳ අනාගතයක් තියෙයි. නෙවිල් මහත්තයා , කරුණාකර නීති විරෝධී විධාන නිකුත්කළ නිලධාරියාගේ නම පොලිස් කොමිසමට දන්වන්න.

:       1       376

ජයරත්න Thursday, 07 March 2019 02:29 PM

රවීන් මහත්මයා, මේ රටේ බහුතරයක් දෙනා දැන් හැසිරෙන්නේ කතා කරන්නේ අලුගෝසුවෝ වගේ. තව ටික කාලෙකින් මිනී මස් කන්නත් පටන් ගනියිද දන්නේ නැහැ. මනුස්ස ජීවිතයක වටිනාකම දන්නැති සමාජයක්.

:       1       34

samadhi Thursday, 07 March 2019 07:47 AM

ඩයස්පෝරාවේ සල්ලිවලට කඩේ ගිහින් රණ විරුවෝ පවා දුන්න ගේබ්‍රියල් කුමන්ත්‍රණයේ කොටස් කරුවෙක්

:       450       201

Buddika Thursday, 07 March 2019 12:53 PM

මතක තියාගන්න පොලිසිය තියෙන්නේ ජනාධිපති යටතේ, එතකොට මාරු වීමට බලපෑම සම්බන්ධයෙන් එජාප ආණ්ඩුව නිදහස්

:       204       171

GihanThursday, 07 March 2019 02:12 PM

පොලිස් කොමිසම තියෙන්නේ එජාපය යටතේ. සියලු ඉහල මාරුවීම් පාලනය කරන්නේ ඔවුන්.

:       233       263

paranagamaFriday, 08 March 2019 05:59 AM

එහෙත් නෙවිල් සිල්වා මහතා ස්ථාන මාරු කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් අවසර ගෙන නැතැයි එම කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් පැවසීය.

:       1       1

Bandara Thursday, 07 March 2019 09:26 PM

ගිහාන් හරි

:       3       53

Sriyal Friday, 08 March 2019 05:03 AM

නෙවිල් සිල්වා මහතා තම සහෝදර නිලධාරීන් සමග එක්ව සුහදශීලී ආකාරයෙන් තම රාජකාරිය නිසි පරිදි ඉටු කරන මහත්මයෙකි. එම නිසා ඔහුට රාජකාරී වශයෙන් උසස් වීම් ද ලබා නොදුන්නේය. මහජනතාවට වෙස් මුහුණු දමාගෙන සිටින දේශපාලකයින් මොන කොමිසම තිබුනත් තම අවශ්‍යතාව සපුරා ගනී

:       2       78

visva Friday, 08 March 2019 05:14 AM

නෙවිල් සිල්වා මහතාට සුබ පැතුම්. පොලිසියේ ස.පො.අ. ලෙස ආරම්ඹ කල මෝඩ රාලලා හිතේ තියාගෙන ඉන්නේ උන් කියන හැම නීති විරෝධී දේම පොඩි එකා කලයුතු බවයි. කෝ පරීක්ෂක සංගමය මෙයට විරෝධය පාන්න බයද? නඩු දමන්න. තොරතුරු පොත බේරගන්න.

:       1       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 81 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 190 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 892 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 101 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 287 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 265 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site