IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කොවිඩ් සිරුරු භූමදානයට ඉඩදෙන බව අගමැති කියයි

බන්දුල ඉලේපෙරුම

කොවිඩ් 19 ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ සිරුරු භූමදානයට ඉඩදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද(10) පාර්ලිමේන්තුවේදී පැවසීය.

 

අගමැතිවරයා සභාවේ නැගී සිටිමින් එසේ කියා සිටියේ එස්.එම්.මරික්කාර් මන්ත්‍රීවරයා නැගූ පැනයකට පිළිතුරු වශයෙනි.


ජලයෙන් කොවිඩ් 19 ‍බෝ නොවන බවට සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමැතිවරිය පාර්ලිමේන්තුවේදී පැවසූ බවත් එසේ නම් මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු භූමදානයට ඉඩ නොදෙන්නේ මන්දැයි අසමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා අද පාර්ලිමේන්තුවේදී විමසා සිටි අවස්ථාවේ එය රීති ප්‍රශ්නයක් නොවන බව කියමින් කථානායකවරයා ඔහු වාඩි කළ නමුත් එහිදී එකවරම නැගී සිටි අගමැතිවරයා කොවිඩ් 19 වැළඳීමෙන් මිය යන අයගේ සිරුරු භූමදානයට ඉඩ දෙන බව කියා සිටියේය.

 

 



අදහස් (24)

කොවිඩ් සිරුරු භූමදානයට ඉඩදෙන බව අගමැති කියයි

Marikkar Wednesday, 10 February 2021 06:28 AM

තවත් නාට්‍යයක අවසානය.. මේ කතාව කියන්න තිබුණේ ගිය අප්‍රේල් වල....

:       0       0

hasan Wednesday, 10 February 2021 07:00 AM

ඔව් ඉතින් දැන් වෙන කරන්න දෙයක් නැහැ.. ජිනීවා එකට උත්තර දෙන්න එපායැ..

:       0       0

දිමුත් Wednesday, 10 February 2021 07:00 AM

ජිනීවා වාර්තාවට බයවෙලාද?

:       0       0

Nuwan Wednesday, 10 February 2021 07:07 AM

දිනූ නිදහස සාමකාමීව සමරන්න පින්වතුනි..!!! 

:       0       0

Rata Perata Wednesday, 10 February 2021 07:15 AM

දැන් අපේ රටේ වැඩ වෙන්නේ කිසි පරිපාලන ක්‍රියාදාමයකට අනුව නෙමෙයි. අයියටයි, මල්ලිටයි ඕන විදිහට. මේවා තමයි ලොකුම විහිළු. බයියන්ටම හොඳයි.

:       0       0

ni Wednesday, 10 February 2021 07:26 AM

පාරවල්, පාලම් හැදීම නවතා, එම සල්ලි ජර්මන් ටෙක් වැනි වසරකට ලක්ෂයක් පුහුණුවිය හැකි ආයතනයක් හදන්න. රටේ ණය ලැබෙන විදේශ විනිමයෙන් ගෙවිය හැක. ගම්වල කාන්තාවන් හෙදියන් ලෙස රැකියා අවස්ථා ලබාගැනීමට ආයතන හදන්න. ඒවා ආයෝජනයයි.

:       0       0

naushi Wednesday, 10 February 2021 07:34 AM

ස්තුතියි, ගරු අගමැතිතුමනි..,

:       0       0

නස්නීන් Wednesday, 10 February 2021 07:42 AM

අගමැතිතුමනි, භූමදානය අනුමත කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කරන්න..

:       0       0

ලුම්බිණි Wednesday, 10 February 2021 07:56 AM

කලින්ම මේක කළා නම් බොහොම හොඳ වෙන්න තිබුණා නේද අගමැති තුමා..?

:       0       0

Sugath Wednesday, 10 February 2021 08:01 AM

එක රටක්, එක නීතියක් කියන්නේ මේකද? ආණ්ඩුවේ අවසානය අතළඟ..

:       0       0

JPH Wednesday, 10 February 2021 08:36 AM

ඕකනෙ තමුන්නැහැලාට කිව්වේ... බොරුවට නිකන් ජාතිවාදය ඇවිස්සුවා...

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 10 February 2021 08:38 AM

රටේ අගමැති වුණාට මෙතුමාට මරික්කාර් පාර්ලිමේන්තුවේ බිරුවාට රටට හානිකර, මහජන සෞඛ්‍යයට හානිකර දේ ගැන මීට වඩා ගැඹුරින් සිතා බැලිය යුතුයි. ‍ප්‍රනාන්දුපුල්ලේ කිව්වා හෝ නොකිව්වා, කෝවිඩ් මෘතදේහ භූමදානය කළයුතු වන්නේ වෛද්‍ය විශේෂඥයින්ගේ මතය ගැන විමසා බැලීමෙන් අනතුරුවයි. එසේ නොමැතිව වෛද්‍ය විද්‍යාව හරිහැටි නොදත් දේශපාලකයන් වෙත රටේ ජනතාවගේ ජීවිතය හා සම්බන්ධ දේ ගැන එසේ හිතුවක්කාරී තීන්දු තීරණ එළඹීම කිසිසේත් අනුමත කිරීමට බැහැ. දේශපාලකයින්ගේ වැඩේ ඔවුන් කරගෙන සිටිනවා වෙනුවට වෛද්‍ය අංශවල වැඩේ ගැන තීන්දු තීරණ ගැනීමට ඉඩදීම වැදගත්. සිදුවිය යුත්තේ එයයි. ඒත්, සිදුනොවන්නේද එයයි...

:       0       0

බද්රානි Wednesday, 10 February 2021 09:16 AM

එතකොට, පහුගිය කාලේ නටාපු අය දැන් නටන්නේ කොහොමද? කෝ දැන් ඒ බඩ ගෝස්තරවාදී පුහු දේශප්‍රේමීන්? ආ... සමහරවිට ඒ ගොන්නු නැට්ට බඩ යට ගහගෙන, අර කපාපු ගස්වල කොළ අතු කනවා ඇති?

:       0       3

fairoos Wednesday, 10 February 2021 09:23 AM

ඉවරයි, අගමැතිතුමා නින්දෙන් නැගිටලා වගේ...

:       0       4

ravi Wednesday, 10 February 2021 10:57 AM

එතකොට ජාති ආලයෙන් බලෙන් ආදාහනය කරපු මියගිය දේහයන්වලට සාධාරණයක් කරන්නේ කොහොමද?

:       0       2

නාරද Wednesday, 10 February 2021 11:03 AM

රටේ අහිංසක මිනිස්සුන්ට පෙන්වන චන්ඩි පාට්, ලෝකෙට පෙන්වන්න ගිහින් දැන් හොඳටම ඇනගෙන ඉන්නේ. නියම ප්‍රතිඵල තවම නැහැ. මානව හිමිකම් කොමිසමෙන් බෙල්ල හිරකරලා, ලංකාවට එන පෙට්‍රෝලියම් නැව් බ්ලොක් කළොත් රටම ඉවරයි. මෝඩ උද්දච්ච ගෝත්‍රිකයින් දැන්වත් ඉල්ලා අස්වෙලා රට කරන්න පුළුවන් කෙනෙකුට බාරදිය යුතුයි.

:       2       4

eresh S kumara Wednesday, 10 February 2021 11:29 AM

කේස් එකක් දාන්න ඇති ...

:       0       2

Binkunndaa Wednesday, 10 February 2021 11:29 AM

ඔක්කොම බොරුවට උඩ පැන්නට, රජ්ජුරුවෝ එයාගේ පවුලේ මුල් ආගමට අනුව සිරුරු භූමදානයට ඉඩ දුන්නා.

:       0       5

chandaniThursday, 11 February 2021 05:39 PM

ඇත්තමයි, ලොක්කගේ පවුලේ ඔක්කොම ඉන්දුනිසියන්ලා වගේ.

:       0       0

Bamunuarachchi Wednesday, 10 February 2021 12:38 PM

සියලුම ආගම්වලට තම ආගමානුකූලව අවමංගල්‍ය කටයුතු කිරීමට ඉඩ ලැබෙනු ඇත.

:       3       1

මුණසිංහ Wednesday, 10 February 2021 12:52 PM

කණගාටුයි! අගමැතිතුමා මේ යන ගමන රටට අහිතකරයි!

:       1       2

Dhammasiri Himi Wednesday, 10 February 2021 01:32 PM

සිංහලයන් රවටා බලය ලබාගෙන, අන්තවාදීන් නලවන පරපුරේ භූමදානය ආරම්භ වූ වගයි.

:       0       4

Prasad Wednesday, 10 February 2021 02:32 PM

එක රටක්... එක නීතියක්..

:       0       4

Nuwan Friday, 12 February 2021 02:56 PM

ජාත්‍යන්තර ෆොර්බ්ස් සඟරාවට අනුව ඩොලර් බිලියන 15ක වත්කමක් ඇති අගමැති තුමෙක් අපට ඉන්නේ. නරකද ඔය සල්ලි වලින් රටේ ණය ටිකක් බේරලා දැම්මා නම්. කොහොමත් ඕවා රටේ කරපු සංවර්ධනේ හින්දනේ ලැබුණේ..!

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 153 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 322 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1409 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 206 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 415 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 372 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site