IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කොවිඩ් සිරුරු භූමදානය ගැන අගමැති කීවේ එතුමාගේ අදහසයි

 

කොව්ඩ් - 19 වයිරසය ආසාදිත මරණ භූමදානය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ තමන්ගේ අදහස බවත් ඒ සම්බන්ධයෙන් තීරණ ගත හැක්කේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් පමණක් බවත් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
 
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (16) පැවති කැබිනට් මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීයකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් මේ බව කීය.
 
“අගමැතිවරයා එතුමාගේ අභිලාෂය ප්‍රකාශ කළා. භූමදානයට ඉඩදෙන්නැයි එතුමාගේ කැමැත්ත ප්‍රකාශ කළා. නමුත් ජනපතිවරයාටවත්, අගමැතිවරයාටවත්, ඇමැති මණ්ඩලයටවත් මේකට හරි පිළිතුරක් දෙන්න බැහැ. මෙහි නිසි බලධරයා වන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයායි. ඔහුගේ තාක්ෂණික නිර්දේශය ගැසට් මගින් නිවේදනය කළ යුතුයි.
 
ආණ්ඩු බලයට පත්වීමෙන් පසු ජනපතිවරයා චීනය සමග කළ සාකච්ඡාවේදී වරායේ ආරක්ෂාව පිළිබඳ පූර්ණ වගකීම නාවික හමුදාවට බාරදෙන බව ප්‍රකාශ කළා.
 
මම දැනටමත් කොරෝනා එන්නත ලබාගෙනයි තියෙන්නේ. ද්විත්ව පුරවැසියන් රටේ වගකිවයුතු තනතුරු නොදැරිය යුතුයි යන්න මගේ අදහසයි. මේක අද ඊයේ වෙනස් වූ දෙයක් නොවේ. අපි දිගටම ස්ථාවරයේ තමයි හිටියේ. මෙවර ආණ්ඩුව ලෙස ලැබිලා තියෙන්නේ පක්ෂ 15කින් සෑදුණු සංධානයකටයි. අපි හැමෝටම වෙනස් වූ මත තිබුණු නිසා තමයිවිවිධ පක්ෂ ගොඩනගාගෙන සංධානයක් ලෙස එකතුවෙලා ඉන්නේ.
 
ඒ අතරින් එකඟ විය හැකි කරුණු අරගෙන තමයි සෞභාග්‍යයේ දැක්මට එකතු කළේ. ඒකට සියලු දෙනාම එකඟයි. ඊට පරිභාහිර දේවල් ගැනනම් මත ගැටුම් අපි අතර ඇතිවෙනවා. පවුලක ගැටුම් ඇතිවෙනවා නම් රටක් පාලනය කරන කොට කොහොම ගැටුම් වෙනවාද? ඉතින් දවස ගානේ ගැටුම් ආවත් පුදුම වෙන්න දෙයක් නැහැ. මොනවා වුණත් ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම තියෙනවා.“යැයි සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා මේ බව පැවසීය.



අදහස් (27)

කොවිඩ් සිරුරු භූමදානය ගැන අගමැති කීවේ එතුමාගේ අදහසයි

Nuwan Tuesday, 16 February 2021 01:56 PM

නුදුරේදී කොළඹ පුරපති චීනෙක් පත්නොවුණොත් තමයි පුදුමේ.

:       9       66

anura fernandoTuesday, 16 February 2021 07:33 PM

චීනෙක් නොවෙයි.. හම්බන්තොට පැත්තේ වැඩ කරන චීන්නු ගම් වල මෝඩ කෙල්ලන්ව යාලු කරගෙනලු. මේ විදිහට ගියොත් තව අවුරුදු 10 න් චීන්නු වැහි වහීවි හැමතැනම. මේ මෝඩයින්ට මේවා පහදා දිය යුතුයි. කෙසේවෙතත් චීන්නුන්ව මෙහෙන් පන්නන සංවිධානයක් පටන් ගන්න කාලය ඇවිත්. තව පරක්කු වුනොත් අපි අමාරුවේ.

:       0       0

Prase Wednesday, 17 February 2021 02:14 AM

චීන වුණාට කමක් නැහැ. මුස්ලිම් පුරපති කෙනෙක්ට රටම දෙන්න වෙයි. එයාලා ඉල්ලන ඒවා ඔහොම දෙන්න ගියොත්..

:       4       0

BamunuarachchiWednesday, 17 February 2021 02:20 AM

කොවිඩ් ආදාහනයයි, ඔබේ චීන කතාවෙයි තිබෙන සම්බන්ධය මොකක්ද? අනේ මෙහෙමත්...

:       5       0

Akbar Tuesday, 16 February 2021 02:17 PM

කවුරු මොනවා කිව්වත් ඒ අදහසම තමයි වෙන්නේ...

:       5       27

sfTuesday, 16 February 2021 05:56 PM

ළඟදීම අගමැතිතුමා ඉල්ලා අස්වී වෙනත් කෙනෙකුට අගමැතිකම දේවි වගේ.

:       0       0

prabashWednesday, 17 February 2021 09:22 AM

ඒක තමයි දැන් හැමෝම කතාවට කියන්නේ "අයියත් එක්ක නම් බෑ" කියලා..

:       1       6

pradeepa Tuesday, 16 February 2021 02:21 PM

දැන් අගමැතිතුමා පාර්ලිමේන්තුවේ කියන හැම දෙයක්ම එතුමාගේ පුද්ගලික අදහස්ද ප්‍රකාශ කරන්නේ..?

:       2       80

prabashWednesday, 17 February 2021 08:56 AM

එතැන මහජන නියෝජිතයන් රැස්වුණාට කතාවෙන්නේ පෞද්ගලික දේ තමයි.

:       1       9

රංජිත් දිසානායක Tuesday, 16 February 2021 02:54 PM

ඇත්තටම අපේ රටේ මිනිස්සුන්ට කතා කරන්න වෙන කිසිම දෙයක් නැතිවද මේ වගේ නායකයින් යයි කියාගන්න අය මෙහෙම කරන්නේ.. ?

:       3       50

MISHAL-MATARA Tuesday, 16 February 2021 02:58 PM

ලංකාවේ මහජනතාව ආදරේ කරන දේශපාලකයාට වූ දේ.. හරිම දුකයි මම අදත් එදත් ආදරය කරන දේශපාලකයෙක්...

:       44       12

Nihal Karunarathna Tuesday, 16 February 2021 04:41 PM

මාතර අය කවදත් බයියන්ට ආදරෙයි.

:       1       9

PrasadTuesday, 16 February 2021 04:46 PM

ඔයාට නම් විකාර...

:       0       3

Asela Tuesday, 16 February 2021 03:00 PM

තමන්ට හිතෙන හිතෙන දේ කියන්න නම් පාර්ලිමේන්තු එන්නේ නැතුව මැදමූලනට වෙලාම උන්නා නම් හොඳයි නේද..? පාර්ලිමේන්තුවට අගමැති කරන ප්‍රකාශ එච්චරම පහළ තැනකද තියෙන්නේ...? ජනාධිපති කටින් දෙන නියෝග චක්‍රලේඛ කියපු ජනාධිපති කෙනෙක් ඉද්දී මෙහෙම කතා ගැන පුදුම වෙන්න දේකුත් නෑ.

:       8       78

RUKANTHA GOMMANPILA. Tuesday, 16 February 2021 04:26 PM

මහත්මයෝ, ඔබත් නීතීඥයෙක් නේද? එතුමා වගේ ඔබත් හොරාට ඉගෙන ගෙනද?

:       1       7

shantha Tuesday, 16 February 2021 04:39 PM

ඔබ කියන්නේ අගමැතිවරයා පිස්සු කෙලලා කියලද...? එහෙම කියන්න අගමැති වරයා පෙළඹුණා. ජිනීවා ප්‍රශ්නයට බයේ. මේ පාර අනිවාර්යයෙන්ම කෙලවෙනවාමයි. සමහරවිට අගමැතිවරයාට වරෙන්තු නිකුත් කරන්නත් පුළුවනි. සමහරවිට සෑම හමුදාවකින් ඇවිල්ලා ලොක්කන්ව අල්ලාගෙන යන්නත් පුළුවනි. හොඳයි බලවත් රටකින් සේනාවක් ඇවිල්ලා ලොක්කාව අල්ලාගත්තොත් අපි මොකද කරන්නේ..? ගහන්නද..?

:       2       10

chandima Tuesday, 16 February 2021 04:55 PM

ආ.. මේ එතුමාගේ පුද්ගලික මතය... එ්ක මිසක්, මලයා මේ සේරම දමලා ගහලා ඇමෙරිකාවේ යන්න හිතාගෙන ආයෙත් ටයි, කෝට් අඳින්න පටන් ගත්තාම මට නිකමට හිතුණා ඕක කියයි කියලා අද, හෙටම...

:       0       0

Kumara Tuesday, 16 February 2021 11:04 PM

එතකොට රටේ අගමැති පාර්ලිමේන්තුවේ කියන ඒවා වලංගු නැද්ද..?

:       0       3

BamunuarachchiThursday, 18 February 2021 05:07 AM

අගමැතිතුමා පාර්ලිමේන්තුවේ කියන ඒවත් වලංගුයි. ඊට විරුද්ධව පාර්ලිමේන්තුවේ කියන එව්වත් වලංගුයි. එතනයි ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන්නේ. 13 ප්ලස් දෙන්නම් වගේ තමයි...

:       4       0

ලුම්බිණි Tuesday, 16 February 2021 11:31 PM

ගම්මන්පිල මහතා කිසිම දවසක තේරුමක් ඇති දෙයක් කිව්වේ නැහැ. මේ කතාවත් ඒ වගෙයි.

:       0       4

පෙරේරා Wednesday, 17 February 2021 02:20 AM

දෙපැත්තට බෙදිලා වගේ ඔය කරන ප්‍රකාශ ඔක්කොම ඔය කතාකරගෙන කරන්නේ... තාම හම්බන්තොට අයියලාව තේරුම් ගන්න බැරි හැටි...

:       0       4

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 17 February 2021 02:21 AM

රටේ දෙවැනි පුරවැසියා වන අගමැතිතුමා බොහෝ කලක් රටේ ප්‍රධාන පුරවැසියා වශයෙන් හිටි කෙනෙක්. ඒවත් වගකීම් සහිත කෙනෙකු මෙසේ මෙවැනි ප්‍රකාශ කිරීම නුසුදුසු දෙයක්. මෙවැනි වදන් බන්දු සමරසිංහ හෝ ටෙනිසන් කුරේ වැනි කෙනෙකු කීවා නම්, ඒවා විකට වදන් ලෙස සැලකීමට තිබුණා. එ්ක එහෙමයි කියමුකෝ.. දැන් මොනවද රට රවටන්න මේ කේවට්ටයන් හා දේශපාලන විකටයන් ඒ ගැන කියනා කතා හා කෙස් පැලෙන තර්ක.. මේ කේවට්ටයින්ගේ හා පෙරහැරේ ඉදිරියෙන් සද්ද දාගෙන එන කසකාරයින්ගේ බොළඳ උප්පරවැට්ටි ගැන ජනතා සිත් සතන් හොඳහැටි දනියි. පවතින අවුල් වියවුල් වසා දමා වැඩකට නැතිදේ ගැන සංවාද මවා රටේ ප්‍රශ්න වලින් ජනතා සිත් වෙනතකට ගෙනයාමේ උප්පරවැට්ටියකි මේ. කට හුරතල් කොට කියනා බොරු හා බොළඳ බස් ගැන අපි හොඳින්ම දනිමු...

:       1       9

C.K.Lankaputhra Wednesday, 17 February 2021 05:16 AM

එතුමාගේ අදහස මේ රටේ අගමැතිගේ අදහස වගේම පාර්ලිමේනිතුවේ ආන්ණඩු පක්ෂ ප්‍රධානියාගේ අදහස.

:       0       7

wicky Wednesday, 17 February 2021 05:47 AM

මේ ප්‍රකාශය අගමැතිතුමා කලේ පාර්ලිමේන්තුවේදී නැතුව කාල්ටන් නිවසේදී නොවේ.

:       0       11

fairoos Wednesday, 17 February 2021 07:33 AM

ආණ්ඩුවට තියෙන විවේචනවලට මේකත් දුන්නොත් ඉවරයි. අනිත් ආගම්වල අයව නින්දා කරවන්න නාඩගමක් කරන්නේ.

:       0       8

Rata Perata Wednesday, 17 February 2021 08:00 AM

මේ වගේ සේවකයෝ එක්ක කොහේද රටක් පාලනය කරන්නේ..? නිකම් පුස් වෙඩිල්ලක් විතරයි. මේ දේශද්‍රෝහී රජයට විරුද්ධව නැගී හිටින්න කියලනේ.. නැතිනම් තව මාස 06කින් අපිට කියලා රටක් තියෙන එකක් නැහැ. දැන් අපේ තේ ටිකත් චීනෙන් තමයි විකුණන්න යන්නේ..

:       0       7

Perera Thursday, 18 February 2021 01:31 AM

බෙන්තර ගඟෙන් එහා පැත්තෙන් පූස් පැටියෙක් වත් ගන්න එපා කියද්දී.... වාඩිකෙරුවේ නැතෙයි රටේ ලොකු පුටුවක පූසෙකුටත් වඩා ලොකු එකෙක්ව...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 117 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 256 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1091 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 143 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 340 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 316 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site