IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


කොවිඩ් පාලනයට දිස්ත්‍රික් මට්ටමින් හමුදා නිලධාරීන් 25 ක්

(ඉන්දිකා රාමනායක)
 
කොවිඩ්-19 වෛරසයේ පාලන කටයුතු ශක්තිමත්   කිරීම සදහා දිවයින පුරා සියලුම පරිපාලන දිස්ත්‍රික් ආවරණය වන පරිදි යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 25 දෙනෙකු පත්කර ඇති බව හමුදාව පවසයි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානිල යුද හමුදාපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශය මත ජනාධිපති ලේකම් කාර්යාලය විසින්  අද (01) සිට   බලපැවැත්වෙන  පරිදි පත්කර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර්  චන්දන වික්‍රමසිංහ මහතා පැවසීය.

පත්වීම් ලද සම්බන්ධිකාරක නිලධාරීන්ට   කොවිඩ්-19 වසංගත රෝගී තත්ත්වයන් හේතුවෙන් සාමන්‍ය කටයුතුවලට ඇතිවන බලපෑම අවම කිරීම සඳහා, කොවිඩ්-19 වෛරස තත්ත්වයන් හා සෘජුවම සම්බන්ධවන රෝග ව්‍යාප්තිය පාලනයල නිරෝධායන කටයුතු කිරිම හා අවශ්‍යතා කළමනාකාරණය පිණිස ජනාධිපති කාර්යාලයල ආර්ථික පුනර්ජිවනය හා දිලිදුකම තුරන් කිරීමේ ජනාධිපති කාර්යසාධක බලකාය, සෞඛ්‍ය අමාත්‍යාංශයල ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය ආදී ආයතනයන්හි සම්බන්ධිකරණ කටයුතු සිදුකිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් වගකීම් පවරා ඇති බවද හමුදා ප්‍රකාශකවරයා කියා සිටියේය.

දිවයිනපුරා සියලුම දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන සම්බන්ධිකාරක නිලධාරීන් ලෙස පත්කර ඇති යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙසේය.
 
උතුරු පළාත
මේජර් ජෙනරල් ඩබ්ලිව් ජි එච් ඒ එස් බණ්ඩාර - යාපනය
මේජර් ජෙනරල් කේ එන් එස් කොටුවේගොඩ - කිලිනොච්චිය
මේජර් ජෙනරල් ආර් එම් පී ජි රත්නායක - මුලතිව්
මේජර් ජෙනරල් ඩබ්ලිව් එල් පී ඩබ්ලිව් පෙරේරා - වවුනියාව
මේජර් ජෙනරල් ඒ ඒ අයි ජේ බණ්ඩාර - මන්නාරම

උතුරු මැද පළාත
මේජර් ජෙනරල් ජේ සී ගමගේ - පොළොන්නරුව
මේජර් ජෙනරල් එච් එල් වී එම් ලියනගේ - අනුරාධපුර

වයඹ පළාත
මේජර් ජෙනරල් ඒ පී අයි ප්‍රනාන්දු - පුත්තලම
බ්‍රිගේඩියර් පී එම් ආර් එච් එස් කේ හේරත් - කුරුණෑගල

බස්නාහිර පළාත
මේජර් ජෙනරල් කේ ඩබ්ලිව් ආර් ද ආබෲ - කොළඹ
මේජර් ජෙනරල් එන් ආර් ලමාහේවා - ගම්පහ
බ්‍රිගේඩියර් කේ එන් ඩි කරුණාපාල - කළුතර

මධ්‍යම පළාත
මේජර් ජෙනරල් එච් පී එන් කේ ජයපතිරණ - නුවරඑළිය
මේජර් ජෙනරල් එස් එම් එස් පි බි සමරකෝන් - මහනුවර
මේජර් ජෙනරල් එස් යු එම් එන් මානගේ - මාතලේ

සබරගමුව පළාත
බ්‍රිගේඩියර් ජේ එම් ආර් එන් කේ ජයමාන්න - රත්නපුර
බ්‍රිගේඩියර් එල් ඒ ජේ එල් බී උදෝවිය - කෑගල්ල

නැගෙනහිර පළාත
මේජර් ජෙනරල් සී ඩි වීරසුරිය - ත්‍රිකුණාමලය
මේජර් ජෙනරල් ටි ඩි වීරකෝන් - අම්පාර
මේජර් ජෙනරල් සී ඩි රණසිංහ - මඩකලපුව

ඌව පළාත
බ්‍රිගේඩියර් ඊ ඒ පී එදිරිවිර - බදුල්ල
කර්නල් ඩි යු එන් සේරසිංහ - මොණරාගල

දකණු පළාත
මේජර් ජෙනරල් ඩි එම් එච් ඩි බණ්ඩාර - හම්බන්තොට
මේජර් ජෙනරල් ඩබ්ලිව් ඒ එස් එස් වනසිංහ - ගාල්ල
කර්නල් කේ ඒ යු කොඩිතුවක්කු - මාතර 
 



අදහස් (13)

කොවිඩ් පාලනයට දිස්ත්‍රික් මට්ටමින් හමුදා නිලධාරීන් 25 ක්

විජිත් Friday, 01 January 2021 11:30 AM

අපේ ලස්සන ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම හමුදා පාලනයකට යටත් වී අවසන්. දැන් ඉතින් උද්ඝෝෂණ කරනවා නම් ප්‍රවේශමෙන්. වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තියලා මරපු මිනීමරු, මිත්‍යාදෘෂ්ටිකයින් ඊගාවට මොනවා කරයිද...? ප්‍රවේශමෙන්...!!!

:       0       0

Kasun Friday, 01 January 2021 01:43 PM

ආණ්ඩුව කරන ලොකු පුටුවල අයට පිස්සුව හොඳටම තදවෙලා වගේ... මට නම් දෙකොනින් හිනා මේවට...

:       0       0

Nilantha Friday, 01 January 2021 02:42 PM

හමුදා පාලනයක පෙර නිමිති. ටාසන්ට වැඩ බැරි වෙන කොට බේර ගන්න පුළුවන්ද මේ අයට? හැබැයි නියම හමුදා නිලධාරියෙක් තියා සෙබලෙක්වත් මේ වගේ ජරා දේශපාලන ඉත්තන් වෙන්නේ නෑ. ඔය හමුදා පාලනයට විරුද්ධව සැබෑ හමුදාවෙන් 75% ක් අවි ඔසවපු දාටයි තේරෙන්නේ දැන් කරන වැරැද්දේ බරපතලකම... එදාට පරක්කු වැඩියි. සොරිම තමයි.

:       0       0

Kirthi Premaratne Friday, 01 January 2021 03:50 PM

විශිෂ්ඨ අදහසක්... මේ ගැන මා සතුවත් අත්දැකීම් තියෙනවා.

:       0       0

කපිල Friday, 01 January 2021 03:57 PM

මෙය හොඳ උත්සාහයකි. මීට වඩා හොඳයි හදිසි නීතිය දාල නිරෝධායන නීතිය උල්ලංඝනය කරන අය අල්ලන්න හමුදාව දැම්මොත්... දැනට පොලිසියේ ධාරිතාව මදි.

:       0       0

siri Friday, 01 January 2021 04:24 PM

කිසිකෙනෙක් කලබල වියයුතු නැහැ. හමුදා පාලනයක් එනවා එහෙම නොවේ ඔන්න... මැතිවරණයේදී පොරොන්දු වූ ආකාරයටම "සෞභාග්‍යයේ දැක්ම" නියම ආකාරයට ක්‍රියාත්මක කරගන්න වැඩකරගෙන යන එකයි මේකේ නියම තේරුම. හරියැ?

:       0       0

BINKUNNDAA Friday, 01 January 2021 05:54 PM

කෝවිඩ්වලට පමණක් නොවේ.., මුලු දිස්ත්‍රික්ක පරිපාලනයම වංචා නැතිව මෙසේ කළ හැකියි. පළක් නැති පළාත් සභා අහෝසි කරනු.

:       0       0

ලුම්බිණි Friday, 01 January 2021 11:26 PM

මේජර් ජෙනරාල්ලාට දිස්ත්‍රික්ක දුන් පමණින් කොරෝනා මර්දනය කල නොහැක.

:       0       0

Kusum Saturday, 02 January 2021 12:57 AM

මෙන්න හමුදා පාලනයක් එනවෝ..

:       0       0

Manoj Saturday, 02 January 2021 02:00 AM

ඉස්සෙල්ලාම PHI ලා ටික නියාමනය කළානන් හොඳයි කියලා හිතෙන්නේ, එයාලා දැන් මේක business එකක් කරන්. එයාලට හම්බවෙන PCR කෝටා එක විකුණනවා. සමහර ආයතන වලින් සංතෝසම් අරන්, ඒවාගේ PCR කරන එක කල් දානවා.. නිරෝධායනය හරියට බලන්නේ නෑ..

:       0       0

w.l.leelananda Saturday, 02 January 2021 03:08 AM

ඒක ගොඩක් හොඳයි..

:       0       0

Raveendra Saturday, 02 January 2021 12:47 PM

සජිත්ලා සර් ෆේල් කිව්වට අපි හිතුවේ නෑ සර් මේ තරම් ෆේල් ඇති කියලා නම්. දැන් සර්ලම ෆේල් කියලා පිළි අරගෙන නිසා වෙන්න ඇති හමුදාවේ අයට වැඩ බෙදලා දීලා තියෙන්නේ. කොහොමත් හරි ගියොත් සර්ලා නිසා තමයි. වැරදුනොත් හමුදාවේ අයගේ කරපිටින් තියලා සර්ලා අගේට ඉඳියි.

:       0       0

පිටිගල මිලානෝ Saturday, 02 January 2021 01:07 PM

හමුදා පාලනයක් අත ළඟ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 26 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 346 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 275 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 74 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 311 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 240 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1626 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1511 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site